Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අනාගතේට එන්ට තියෙන අරුම පුදුම Corner Shot යුද අවිය.

    cs.jpg


    මේ ගැනනම් ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. ඇමරිකන් කාරයා මේ අලුත් බාන්ඩේ දැනටමත් හදලා තියෙන්නේ. තව පොඩ්ඩක් විතර වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න. මෙයාගේ විශේෂත්වය තමයි දෙකට හරවලා වෙඩි තියන්න පුලුවන් කම. ඒ කියන්නේ අපිට හැරෙන්න නැතිව තුවක්කුව විතරක් හරවලා සතුරට පහර දෙන්න පුලුවන් කියන එක.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    [ලෝකයේ විශාලම නැව හැදීමට යයි

    bs.jpg


    තමන් ලෝකයේ විශාලතම නෞකාව තැනීමට යන බව ෂෙල් සමාගම විසින් හෙළිදරව් කර තිබේ.
    පාවෙන ස්වාභාවික වායු ගබඩාවක් ලෙස ඉදිකිරීමට යෝජිත මෙම නෞකාවේ ද්‍රව බවට පත්කරන ලද වායු ගබඩා කරනු ඇත.
    දකුණු කොරියාවේ සැම්සුන් හෙවි ඉන්ඩස්ට්‍රීස් තථාංගනයේ ඉදි කිරීමට යෝජිත මෙම නෞකාව සම්පූර්ණ වශයෙන් බර පටවන විට එය ටොන් ලක්ෂ 6 ක බරකින් යුක්ත වනු ඇතැයි විශ්වාස කෙරේ. ලෝකයේ දැනට විශාලතම එක්සත් ජනපද ගුවන්යානා ප්‍රවාහන නෞකාව‍ට වඩා මෙය 6 ගුණයක් විශාල වනු ඇති අතර දිග මීටර් 488 ක්ද පළලින් මීටර 75ක්ද උසින් මීටර 105ක්ද වනු ඇත.
    2017 වනවිට තනා නිම කිරීමට අපේක්ෂිත නෞකාව ඕස්ට්‍රේලියාවට උතුරු දිග මුහුදේ නැංගුරම් ලා ගොඩට ගන්නා ස්වාභාවික වායු සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 161කට ශීත කිරීමෙන් පසු ගබඩා කර ගනු ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    [ලෝකයේ විශාලම නැව හැදීමට යයි

    bs.jpg


    තමන් ලෝකයේ විශාලතම නෞකාව තැනීමට යන බව ෂෙල් සමාගම විසින් හෙළිදරව් කර තිබේ.
    පාවෙන ස්වාභාවික වායු ගබඩාවක් ලෙස ඉදිකිරීමට යෝජිත මෙම නෞකාවේ ද්‍රව බවට පත්කරන ලද වායු ගබඩා කරනු ඇත.
    දකුණු කොරියාවේ සැම්සුන් හෙවි ඉන්ඩස්ට්‍රීස් තථාංගනයේ ඉදි කිරීමට යෝජිත මෙම නෞකාව සම්පූර්ණ වශයෙන් බර පටවන විට එය ටොන් ලක්ෂ 6 ක බරකින් යුක්ත වනු ඇතැයි විශ්වාස කෙරේ. ලෝකයේ දැනට විශාලතම එක්සත් ජනපද ගුවන්යානා ප්‍රවාහන නෞකාව‍ට වඩා මෙය 6 ගුණයක් විශාල වනු ඇති අතර දිග මීටර් 488 ක්ද පළලින් මීටර 75ක්ද උසින් මීටර 105ක්ද වනු ඇත.
    2017 වනවිට තනා නිම කිරීමට අපේක්ෂිත නෞකාව ඕස්ට්‍රේලියාවට උතුරු දිග මුහුදේ නැංගුරම් ලා ගොඩට ගන්නා ස්වාභාවික වායු සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 161කට ශීත කිරීමෙන් පසු ගබඩා කර ගනු ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නිලධාරීන් නොමැතිව ගිනස් පොතට යන්න හදපු ප්‍රදීප්

    pradeep.jpg


    පැය 3කට අධික කාලයක් පොලොව යට වැළලී සිටි අයෙකු පිළිබඳ පුවතක් අඹේපුස්සෙන් වාර්තා විය.
    40 හැවිරිදි දෙදරු පියෙකු වූ ප්‍රදීප් කුමාර ජයසිංහ නැමැත් එම දක්ෂතාවය නැරඹීමට අඹේපුස්ස කිනදෙණිය ශ්‍රී වර්ධනාරාමයට ප්‍රදේශවාසීන් ඊයේ සවස රැස් වූහ.
    ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් අඩි 3ක් ගැඹුර අඩි 6ක් පළල වලක් තුළ පැය 3ක කාලයක් ගත කිරිමට ඔහු සූදානම් විය.
    නමුත් එම ගිනස් වාර්තාව නිරික්ෂණය කිරිමට අදාළ නිලධාරීන් නොපැමිණිය ද අදාළ උත්සාහය අතහැරීමට ජයසිංහ සූදානම් නොවීය.
    ආගමික වතාවත්වලින් නිරතවීමේන අනතුරුව ජයසිංහ සිය හැකියාවන් පෙන්නුම් කළේය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දිගම බස් නැවතුම්පළ විවෘත කෙරේ

    galle.jpg


    ගාල්ල මධ්‍යම බස් නැවතුම්පළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරිණි.
    එය මෙරට ඉදිකෙරුණු දිගම බස් නැවතුම්පළ වේ. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් වි‍ජයලාල් ද සිල්වා පැවසුවේ මෙය දකුණු පළාතට ස්වර්ණමය සිහිවටනයක් වනු ඇති බවය.
    ගාල්ල බස් නැවතුම්පළේ දිග මීටර් 161ක් වන අතර පළල මීටර් 10ක් වේ. දෙමහල් බස් නැවතුම්පළක්වන මෙහි බිම් මහල වර්ග මීටර 1,255ක් වන අතර උඩු මහල වර්ග මීටර 2,152කින් යුක්ත වේ.
    උඩු මහල තුළ කාමර 16ක් ඇති අතර බස් නැවතුම්පළේ පුවත්පත් වෙළෙඳසැල් 04ක් හා එක් ආපනශාලාවක්ද ඉදිකර තිබේ.
    මේ අතර ස්වයංක්‍රීය බැංකු ටෙලර් යන්ත්‍ර 4ක්ද තිබේ. ‍එයට අමතරව ගැහැණු / පිරිමි විවේකාගාර 2ක් හා අබාධිත විවේකාගාර 1ක්ද ඉදිකර තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කැතම බලු සම්මානය යොඩාට

    balu.jpg


    නිල වශයෙන් ලෝකයේ වෙසෙන අවලස්සනම බල්ලා ලෙස විරුදාවලිය ලබාගැනීමේ ඉඩක් ලබාගැනීමට ඉතාමත් විකට පෙනුමක් සහිත යොඩා නම් සුනඛයා සමත්ව තිබේ. වාර්ෂිකව පැවැත්වෙන සොනෝමා මරීන් ප්‍රදර්ශනයේ අවලස්සනම බල්ලා තේරීමේ තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමත් සමග 14 හැවිරිදි යොඩාට මෙම අවස්ථාව හිමිව ඇති බව සඳහන්ය. යොඩාගේ හිමිකාරිණිය වන කැලිෆෝනියාවේ ටෙරී ෂුමාචර්ට මෙම සුනඛ සුරතලා ලද ජයග්‍රහණය වෙනුවෙන් කුසලානයක් මෙන්ම ඩොලර් 1000 ක ත්‍යාග මුදලක්ද හිමිව ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ව්‍යාංජන සුවඳැති සුවඳ විලවුන්

    curry.jpg


    පිසින ලද ව්‍යාංජන සුවඳ හමන අපූරු සුවඳ විලවුන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට සුවඳ විලවුන් නිෂ්පාදන සමාගමක් සමත්ව තිබේ. කෝමා, ටික්කා මසාලා, මැඩ්රස්, වින්ඩලෝ සහ රොගන් ජෝශ් යන ආහාර වර්ගවල සුවඳින් යුතු කාන්තාවන් සහ පුරුෂයින් සඳහා වන විලවුන් වර්ග 05 ක් මෙම සමාගම විසින් නිෂ්පාදනය කර ඇත. මෙම එක් එක් වර්ගයේ ව්‍යාංජන වර්ගයේ සුවඳ ලබාගැනීම සඳහා එම ව්‍යාංජන සඳහා යොදන අමු ද්‍රව්‍ය ද භාවිත කිරීම තවත් විශේෂත්වයකි. මෙවර ගිම්හාන ඍතුවෙන් පසුව මෙම ව්‍යාංජන සුවඳැති විලවුන් වෙළඳපොළට නිකුත්වීමට නියමිත බව ද සඳහන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සුපර් සොනික් පැත්තකට විසි කරමින් එන හයිපර් සොනික් යානා

    ss.jpg


    ශබ්දයේ වේගය අභිබවා පියාසරන සුපර් සොනික් ජෙට් යානා ලොව දැනට පවතින වේගවත්ම මගී ගුවන් යානා ලෙස සැලකෙනවා. සුපර් සොනික් යානා ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයකින් පියාසර කළද, එය ඉදිරි අනාගතයේදී ප‍්‍රමාණවත් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසයි.
    මේ නිසා ගුවනේ මීළඟ විප්ලවය ලෙස ඔවුන් සැලසුම් කර ඇත්තේ සුපර් සොනික් යානාවල වේගය මෙන් දෙගුණයක වේගය සහිත හයිපර් සොනික් ජෙට් යානාවයි.
    යූරෝපීය ගුවන් තාක්ෂණ ආයතනය මගින් සැලසුම් කර ඇති මෙම හයිපර් සොනික් යානාවේ වේගය පැයට සැතපුම් 3125 ඉක්මවනු ඇති බව සදහන් වෙනවා. මගීන් සිය දෙනෙකු රැගෙන පැරීසියේ සිට ටෝකියෝ බලා ගමන් කිරීමට ඊට ගතවනු ඇත්තේ පැය දෙකහමාරකට අඩු කාලයක් ලෙස සැලකෙනවා.
    අනාගත මගී ගුවන් යානය ලෙස සැලකිය හැකි හයිපර් සොනික් යානය මුළුමනින්ම පරිසර හිතකාමී වන අතර, ඊට ඉන්ධන ලෙස යොදා ගැනීමට නියමිතව ඇත්තේ ජීව ඉන්ධන, හයිඩ‍්‍රජන් සහ ජලයයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඔළුවට ගිය උපත් පාලන කොපු

    cndm.jpg


    භාවිත කරන ලද උපත් පාලන කොපු යොදාගනිමින් කොණ්ඩා පටි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් දකුණු චීනයේ ක්‍රියාත්මක කෙරෙන බව AFP පුවත් සේවය වාර්තා කරයි.නමුත් මෙම කොණ්ඩා පටි භාවිතය නිසා ලිංගික රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා පෙන්වාදී තිබේ.

    එරට බොහෝ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන හා වෙළඳ මධ්‍යස්ථාන වලින් මෙම නිෂ්පාදනය මිලදී ගැනීමේ හැකියාව පවතින අතර මෙම හානිකර නමුත් ලාභදායි රබර් කොණ්ඩා පටි සඳහා එරට වෙළඳපොළ තුළ ඉහළ අ‍ලෙවියක් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි. මෙම නිෂ්පාදන සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද උපත් පාලන කොපු යොදාගත්ත ද ඒවායේ හානිකර වෛයිරස් හා බැක්ටීරියා අන්තර්ගත විය හැකි බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඉන්දියාවේ වයස්ගතම සිරකරුවා නිදහස් කෙරේ

    sira.jpg



    ඉන්දියාවේ සිටි වයස්ගතම සිරකරුවා නිදහස් කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබේ.

    එකසිය අට හැවැරිදි බි‍්‍රජ් බිහාරි පාන්ඬේ නැමැති මෙම හින්දු පූජකවරයාට, පුද්ගලයන් සිවුදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනා යටතේ 2009දී සිරදඬුවම් හිමිවී තිබිණි.

    බොහෝවිට අහිතකර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ පාන්ඬේ මානුෂීය හේතූන් මත නිදහස් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව මිටිම මිනිසාගේ වාර්තාව ජැන්රේ බැලොවින් අලුත් කරයි

    mtm.jpg


    ලොව මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තා අතරට එක්වීමට දකුණු පිලිපීනයේ ජැන්රේ බැලොවින් සමත්විය.වයස අවුරුදු 18ක් වන ඔහුගේ උස අඟල් 23.5කි.
    මීට පෙර ලොව මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තා අතර සිටියේ අඟල් 26ක උසකින් යුතු නේපාල ජාතිකයෙකි.
    ජැන්රේ බැලොවින්ලොව මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තා කමිටුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ඔහුගේ 18වැනි උපන්දිනය දවසේදීය.
    ලොව මිටිම මිනිසා ලෙස ගිනස් වාර්තා අතරට එක්වීමට නම් අදාළ පුද්ගලයාගේ වයස අවුරුදු 18ක් හෝ ඊට වැඩි වියයුතු බව ගිනස් වාර්තා කමිටුව පවසයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව දිගම අධිවේගී දුම්රිය මග විවෘත වෙයි

    ltr.jpg


    ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගය 2011 ජුනි 13 චීනයේදි විවෘත කෙරිණි.
    චීනයේ ඉතා වැදගත් නගර දෙකක්වන බෙයිජිං හා ෂැන්හයි නගර යා කරමින් ඉදිකර ඇති එම දුම්රිය මාර්ගය දිගින් කිලෝමීටර් 1,318කි.
    පැයට කිලෝමීටර් 300ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි එම මාර්ගය විවෘත කිරීමත් සමඟ නගර දෙක අතර සංචාරය සඳහා ගතවන කාලය පැය 05 කටත් වඩා අඩුවනු ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සැබෑ කාරයක ප්‍රමාණයේ කේක් කාර් එකක්

    cakecar.jpg


    වෙළඳ දැන්වීමක් වෙනුවෙන් නිර්මාණය කරන ලද ස්කොඩා ෆැබියා වර්ගයේ කාරයක සැබෑ ප්‍රමාණයකින් යුත් දැවැන්ත කේක් නිර්මාණයක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. කාරයේ එන්ජිමේ සිට සියලුම අංගෝපාංග මෙම කේක් නිර්මාණයට ඇතුළත්ව තිබීම ද විශේෂත්වයකි. උදාහරණ වශයෙන් රිවට් ඇණ සඳහා වියළි මිදි, ලෝහ සඳහා රසකැවිලි වර්ග, ස්පාර්ක් ප්ලග් සඳහා සීනි ද භාවිත කර ඇත. මෙම කේක් නිර්මාණය සිදුකරන අයුරු බටහිර ලන්ඩනයේ පිහිටි ශෙපර්ටන් චිත්‍රාගාරයේදී රූගත කර ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මයිකල් ජැක්සන්ගේ ජැකට්ටුවට පවුම් 250, 000 ක්

    mj.jpg


    ලොව පුරා රසික ජනතාවගේ ජනප්‍රියත්වය හිමිකරගත් ගීතයක් වන මයිකල් ජැක්සන්ගේ “ත්‍රිලර්” ගීතයේ වීඩියෝව සඳහා මයිකල් ජැක්සන් හැඳ සිටි රතු සහ කළු පැහැති ජැකට්ටුව ද ප්‍රේක්ෂක මතකයේ නොමැකෙන අයුරින් රැඳී ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත වෙන්දේසියකදී මෙම ජැකට්ටුව ස්ටර්ලිං පවුම් 250, 000 ක මිලකට අලෙවි කිරීමට වෙන්දේසිකරුවන් තීරණය කර තිබේ. බෙවර්ලි හිල්ස්හි පැවැත්වෙන වෙන්දේසියකදී අලෙවි කිරීමට නියමිත මෙම ජැකට්ටුවෙහි ජැක්සන් විසින් සිය සමරු අත්සන ද තබා ඇති බව සඳහන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව කුඩාම අයෝමය පුරුෂයා

    ap.jpg


    1988 වර්ෂයේ උපන් ඉන්දීය ජාතික ආදිත්‍ය දේව් හෙවත් රෝමියෝ නැමති තරුණයා දැනට ලොව වෙසෙන කුඩාම අයෝමය පුරුෂයා බවට වාර්තා වී තිබේ. ශරීර ස්කන්ධය රාත්තල් 20 ක් පමණක් වන ආදිත්‍යගේ සිරුරේ උස ප්‍රමාණය සෙන්ටිමීටර් 84 කි. ගිනස් ලෝක වාර්තා පොතට එක්වීමට ඔහුට තවමත් අවස්ථාව හිමිව නොතිබුණද 2006 වසරේදී ලොව වෙසෙන කුඩාම අයෝමය පුරුෂයා ලෙස ආදිත්‍ය හඳුනාගෙන තිබේ.

    ඔහුගේ හිසෙහි වට ප්‍රමාණය අඟල් 15 ක් වන අතර පපුව අඟල් 20 කි. ආදිත්‍ය සිය පුහුණුකරු වන රංජිත පාල් සමග වැඩ කරිමින් සිය සිරුර වර්ධනය කරගැනීමේ කටයුතු වල නියැලෙයි. එමෙන්ම ඔහු දේශීය රූපවාහිනී නාලිකා වල විවිධ වැඩසටහන් සඳහා ඉදිරිපත්වෙමින් සිය නර්තන දක්ෂතාවයන්ද ඉදිරිපත් කර ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව මිල අධිකම කාන්තා මුදල් පසුම්බිය

    mp.jpg


    ලෝකයේ පවතින වටිනාකමින් අධිකම කාන්තා මුදල් පසුම්බිය ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබන පසුම්බියේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 3 .8 කි. මුදල් පසුම්බියක් හෝ අත් බෑගයක් ලෙස භාවිත කළ හැකි මෙම අපූර් නිර්මාණය සඳහා කැරට් 18 රත්රන් හා දියමන්ති 4517 ක් යොදාගෙන තිබේ.

    රෝස, කහ යන වර්ණයන්ගෙන් හා පාරදෘශ්‍යභාවයෙන් යුත් දියමන්ති මේ සඳහා යොදාගෙන ඇත. මෙම මුදල් පසුම්බියේ බර කැරට් 381.92 ක් වන බව ද සඳහන්ය. මෙය සම්පූර්ණයෙන්ම තනා නිමකිරීම සඳහා පැය 8800 ක් ගතව ඇති අතර ඒ සඳහා පුද්ගලයින් 10 දෙනෙකු සිය ශ්‍රමය යොදා ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලේ සුවඳැති සුවද විලවුන්

    le.jpg


    අපූරු සුගන්ධයකින් යුත් සුවඳ විලවුන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට ඉතාලියේ සුවඳ විලවුන් නිෂ්පාදකවරුන් පිරිසක් සමත්ව තිබේ. “අපේ ශිරා තුළ ගලා බසිනා මනහර සහ ශෝභාවත් දියරය” යනුවෙන් නිපදවා ඇති මෙම සුවඳ විලවුන් වර්ගයෙන් හමන්නේ මිනිස් රුධිරයේ සුවඳය. මෙම විලවුන් වර්ගය ඒ, බී, ඒබී සහ ඕ යන රුධිර ගණ යටතේ ඒ ඒ සුවඳ වර්ග යටතේ නිෂ්පාදනය කර තිබීම ද විශේෂත්වයකි. රුධිරය යනු බොහෝ රහස් සැඟවුණු මනුෂ්‍ය ශරීරයේ ඉතා වැදගත්ම අංගයක් වීම නිසා මෙවැනි විලවුන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට තීරණය කළ බව එහි නිර්මාණකරුවන් පවසයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව කුඩාම කාරය බ්‍රිතාන්‍යයෙන්

    car.jpg


    අඟල් 56 ක දිගකින් හා අඟල් 26 ක පළලකින් යුත් ලොව කුඩාම අවසර ලත් කාරය නිපදවීමට පෙරී වොට්කින් නම් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවකු සමත්ව තිබේ. ඔහුගේ මෙම කාරය බ්‍රිතාන්‍යයේ ඕනෑම මාර්ගයක ධාවනය සඳහා ද අවසර ලැබී තිබේ. නමුත් මෙම රථය ධාවනය කිරීම සම්බන්ධව නම් ප්‍රායෝගික ගැටලුවක් මතුව තිබේ. මෙම කාරයේ චැසිය රෝද 4න් යුත් යතුරු පැදියකින්ද, රථයේ ප්‍රධාන කොටස පෝස්ට්මන් පැට් කාටූනයේ එන රථයක ආකාතිය අනුව ද නිර්මාණය කර ඇති බව සඳහන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව විශාලම කෝපි කෝප්පය

    kopi.jpg


    උදෑසන අවදි වූ සැනින් විශාල කෝපි කෝප්පයක් පානය කිරීමට ඇතමුන් ප්‍රියතාවයක් දක්වයි. නමුත් මෙම පුවත පුවත එවැනි කෝපි කෝප්පයක් නොව ලොව විශාලම කෝපි කෝප්පයට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියූ කෝපි කෝප්පය පිළිබඳවය. අඩි 8ක උසකින් යුත් මෙම කෝපි කෝප්පයේ කෝපි ගැලුම් 2010 ක් අඩංගුව ඇත. එමෙන්ම මෙම දැවැන්ත කෝපි කෝප්පයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ කෝපි කෝප්ප 32, 160 ක් පිරවීමට හැකිවී ඇති බව ද සඳහන්ය. මෙම දැවැන්ත කෝපි කෝප්පය නිපදවීම සඳහා පැය 8ක කාලයක් ගතවී තිබේ. මී‍ට පෙර ලොව විශාලම කෝපි කෝප්පයට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියූ කෝපි කෝප්පය ගැලුම් 911 .5 න් යුක්තව ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වාර්තා බිඳදමමින් අලෙවි වූ දියමන්ති මුදු

    mudu.jpg


    ලොව ඉතාමත් දුර්ලභ වර්ගයේ දියමන්ති ඔබ්බවන ලද මුදුවක් වෙන්දේසියකදී පවුම් මිලියන 29 ක වාර්තාගත මිලකට අලෙවි වී තිබේ. කැරට් 24 .78 ක බරකින් යුත් මෙම දියමන්තිය සහිත මුදුව අලෙවි වී ඇත්තේ ජිනීවාහි පැවති වෙන්දේසියකදීය. එම දියමන්තිය සහිත මුදුව නිපදවා ඇත්තේ ද ප්ලැටිනම් ලෝහයෙනි. එය මිලට ගෙන ඇත්තේ ලන්ඩන්හි ස්වර්ණාභරණ වෙළෙන්දෙකි.