Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පොලිසියට දඩ ගෙවන අලුත්ම ක්‍රමය

    police.jpg


    දුරකතනයේ කෙටි පණිවිඩයක් මගින් රථවාහන ධාවනයේදී සිදුකරන වැරදි වලදී නිකුත්කරන දඩ පත්‍රිකා ගෙවා දැමීමේ ක්‍රමයක් මෙම වසරේදී හදුන්වා දීමට නියමිතයි.ඒ අනුව යම්කිසි වැරද්දක් සඳහා දඩ කොලයක් එම රියදුරාට නිකුත්කළ පසු පොලිසිය විසින් හදුන්වා දෙන සුවිශේෂී දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන් අදාළ දඩ මුදල බැරකළ හැක.
    පොලිසියේ ගිණුමට මුදල් බරවූ පසු දඩ ගෙවූ පුද්ගලයාට එය සනාථ කරමින් කෙටි පණිවිඩයක් ලැබෙන අතර එම පණිවිඩය පොලිස් නිලධාරියාට පෙන්වීමෙන් රියදුරු බලපත්‍රය නැවත ලබාගත හැක.
    මෙයට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් පිලිබඳ මේ වනවිට ආතර් සි. ක්ලාර්ක් ආයතනය සමග පොලසිය සාකච්චා පවත්වමින් සිටි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පියාඹන ආසනයක්

    flight.jpg


    පෞද්ගලික ගුවන්යානයක් ලෙස භාවිත කළ හැකි අපූරු පියාසර කරන ආසනයක් නිර්මාණය කිරීමට ජර්මානු ජාතික ඉංජිනේරුවන් පිරිසක් සමත්ව තිබේ.
    e-volo නම් ආයතනය යටතේ නිර්මාණය කරන ලද අවර පෙති 16 ක් මගින් ක්‍රියාත්මක වන මෙම උපකරණය “නම්‍යශීලී, සිරස් අතට ආරම්භ වන, මිනිසුන් රැගෙන යා හැකි ප්‍රවාහන උපකරණයක්” ලෙස හඳුන්වා දී ඇත.
    2011 ඔක්තොම්බර් මාසය අවසන් වනවිට මෙම උපකරණය නිර්මාණය හා ඊට අදාළ පර්යේෂණ කටයුතු ද අවසන් කර ඇති බව සඳහන්ය.
    නිරිතදිග ජර්මනියේ ගුවන්පථයක ප්‍රථමවරට අත්හදාබලන ලද මෙම උපකරණය මිනිත්තු 01 තත්ත්පර 30 ක කාලයක් සම්පූර්ණ කර තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සැබෑ කාරය මෙන් සත් ගුණයක් මිලැති සෙල්ලම් කාරයක්

    carg.jpg


    මිලෙන් අධික සුපිරි මෝටර් රථයක් වන Lamborghini Aventador LP 700-4 වර්ගයේ මෝටර් රථයක අනුරුවක් හඳුන්වා දී තිබේ. නමුත් මෙහි විශේෂත්වය වන්නේ එහි වටිනාකම සැබෑ මෝටර් රථයේ වටිනාකම මෙන් 7 ගුණයකටත් වඩා ඉහළ අගයක් ගැනීමය. කැරට් 24 රත්රන්, ප්ලැටිනම් හා දියමන්ති යොදාගනිමින් මෙම මෝටර් රථ අනුරුව නිපදවා ඇත. එළඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වෙන්දේසියකදී අලෙවි කිරීමට නියමිත මෙම මෝටර් රථ අනුරුවේ ආරම්භක වෙන්දේසි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.65 කි. සැබෑ මොටර් රථයේ ප්‍රමාණය මෙන් 8 ගුණයක් කුඩා මෙම අනුරුවේ බඳ කොටස රත්රන් කෙඳි මිශ්‍රිත කාබන් තන්තු වලින් නිපදවා ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සිතිවිලි වලින් ගියර් මාරු කරන්න පුළුවන් බයිසිකලයක්

    sithivili.jpg


    චිත්ත ආවේග වලට සංවේදී බයිසිකලයක් නුදුරු අනාගතයේදී වෙළඳපොළට පැමිණීමට නියමිතයි. මෙම බයිසිකලය ධාවනය කරන විට පාපැදි කරුවාගේ සිතිවිලි වලට අනුව ගියර මාරුවන ආකාරයෙන් නිපදවා ඇති හෙයින් පාපැදිකරුවාට දැනෙන වෙහෙස අවම වන අතර මෙය පාපැදිකරුවන්ට නවතම අත්දැකීමක් වනු ඇතැයි නිෂ්පාදකයින් පවසයි. පවතින මෙම නිර්මාණය තවමත් නිෂ්පාදන මට්ටමේ පවතී.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පාවෙන නිවර්තන කලාපීය දූපතක්

    doopatha.jpg


    නැව් සමාගම් මගින් නිර්මාණය කරන විවිධ අධිසුඛෝපභෝගී නෞකා පිළිබඳව ලොව නන්දෙසින් විවිධ පුවත් අසන්නට ලැබේ. ලොව වෙසෙන සුපිරි ධනවතුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද අපූරු නෞකාවක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. “නිවර්තන කලාපීය දූපත් පාරාදීසය” ලෙස නම්කර ඇති මෙම නෞකාව නිර්මාණය කර ඇත්තේ ඉතා සුන්දර නිවර්තන කලාපීය දූපතක් ලෙසය.

    මීටර් 90 ක දිගින් යුක්ත මෙම නෞකාවෙහි අමුත්තන් 10 දෙනෙකු සඳහා විවේකය ගතකිරීමට ඉඩ පහසුකම් ඇත. මෙම නෞකාවෙහි විවේකය ගතකරන්නන් වෙත දූපතක විවේකයක් ගතකරන ලෙසම අවශ්‍ය සියලුම පහසුකම්වලින් මෙම දූපත් නැව සමන්විතය. එමෙන්ම නෞකාව ඇතුළත සිනමා ශාලාවක්, පුස්තකාලයක්, ක්‍රීඩාගාරයක් සහ ව්‍යායාම ශාලාවක්ද සහිතය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පවුම් බිලියන 03 ක් වටිනා රත්තරන් යාත්‍රාවක්

    yatha.jpg


    ස්ටර්ලිං පවුම් බිලයන 03 ක් වියදම් කරමින් රත්‍රන් හා ප්ලැටිනම් යොදාගෙන කුඩා යාත්‍රාවක් නිර්මාණය කිරීමට මැලේසියානු ව්‍යාපාරිකයකු කටයුතු කර තිබේ. මෙම යාත්‍රාව නිර්මාණය කිරීම සඳහා රත්‍රන් හා ප්ලැටිනම් කිලෝග්‍රෑම් 100,000 ක් යොදාගෙන ඇති අතර යාත්‍රාවට රනින් නිමකරන ලද නැංගුරමක් ද අයත්ය. මෙම යාත්‍රාව සම්පූර්ණයෙන්ම නිමකිරීම සඳහා වසර 03 ක කාලයක් ද ගතව ඇති බව සඳහන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව ප්‍රපාතකාරීම රෝලර් කෝස්ටරය ජපානයෙන්

    rc.jpg


    ලෝකයේ බෑවුම්කාරීබවින් වැඩිම රෝලර් කෝස්ටර් රථය පසුගියදා ජපානයේ උද්‍යානයකදී විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අඩි 141 ක උසකින් යුත් මෙම රෝලර් කෝස්ටරය අංශක 121 ක බෑවුමකින් යුක්තය. පැයට මීටර් 62 ක වේගයකින් යුක්ත මෙම රථය තත්ත්පර 112 ක කාලයක් තුළ එක් පූර්ණ වටයක් ගමන්කරයි. එම එක් ගමන් වටයක් සඳහා සැතපුම් 02 ක දුරක් අයත්වන අතර ධාවන පථය‍ට වක්‍රාකාර ගමන් පථ 07 ක් ද ඇතුළත්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගුරුත්වාකර්ෂණයට පිටින් යන විද්‍යුත් වාහනයක්

    guru.jpg


    ගුරුත්වාකර්ෂණය ඉක්මවමින් ධාවනය කළ අපුරු යතුරු පැදියක් නිර්මාණය කිරීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. විශාල රෝද 02 ක් මධ්‍යයෙහි පිහිටි වාහනයේ රියදුරු අසුනෙහි හිඳසිටින තැනැත්තාට තිරස්ව හෝ සිරස්ව මෙම වාහනය ධාවනය කිරීමේ හැකියාව පවතින බව ඇඩලේඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් පවසයි.

    මෙම අපූරු වාහනයේ අභ්‍යන්තර සැකිල්ල පිහිටි රෝද 02 මගින් එම වාහනය පැයට මීටර් 25 ක වේගයෙන් භ්‍රමණය කිරීමට හැකිවීම විශේෂත්වයකි. එම අභ්‍යන්තර සැකිල්ලෙහි පිහිටි ජොයිස්ටිකයක් මගින් මෙම අරුම පුදුම වාහනය හැසිරවීමේ හැකියාව පවතී.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලෝකයේ මිල අඩුම කාරය ලංකාවේ ගිණි ගණන්

    tata.jpg


    ලෝකයේ මිලෙන් අඩුම මෝටර් රථය ලෙස සැලකෙන එමෙන්ම “ජනතා වාහනය” ලෙස ද හැඳින්වෙන “ටාටා නැනෝ” මොටර් රථය දැන් ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීමට අවස්ථාව උදාවී තිබේ. මේ දිනවල ඉන්දියාවේ මෙම රථයේ මිල රුපියල් එක් ලක්ෂ තිස්පන්දහසක් පමණ වේ.

    එහෙත් ආනයන ගාස්තු හා රජයේ බදු සියල්ල එකතු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිල බොහෝසෙයින් ඉහළය. “ටාටා නැනෝ” රථ ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින ඩීමෝ මෝටර්ස් සමාගම පවසන පරිදි රථයක මිල රුපියල් නව ලක්ෂ විසිපන්දහසක් (925 000) පමණ වේ. ආරම්භක තොගය ලෙස රථ 500ක් ගෙන්වූ බවද ඔවුන් සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නායක ඩිල්ෂාන් ලකුණු 4,000 පසු කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සිය ‍ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 4,000 සීමාව පසු කිරිමට මැයි.26 සමත් විය.
    නායක ඩිල්ෂාන් ලකුණු 4,000 පසු කරයිඒ එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේදි ලකුණු 50ක් ලබා ගනිමිනි.
    මේ වනවිට ටෙස්ට් තරග 67ක් ක්‍රීඩා කර සිටින ඩිල්ෂාන් ලකුණු 4,040ක් ලබා සිටී
    ටෙස්ට් ශතක 11ක් හා අර්ධ ශතක 17ක් ලබාගෙන සිටින ඔහු ඉණිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 168කි.
    ඩිල්ෂාන් 1999 නොවැම්බර් 18වෙනි දින මෙරට 79වැනි ටෙස්ට් ක්‍රීඩකයා වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.

    dil.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බොලිවුඩ් තරුවක් වීමට සිහින දකින ලොව මිටිම කෙල්ල

    miti.jpg


    ජෝති හැමදාම සිහින මැව්වේ තරුවක් වීමටයි. ඒ සිහින සැබෑ කරමින් අන්තිමට ඈ විශේෂිත පුද්ගලයෙක් වුණා. ජෝති අම්ගේ උපන්නේ උතුරු ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නාග්පූර්වල. ඇය තවමත් උසස් පාසල් ශිෂ්‍යාවක්. පසුගිය දිනවල ඇය මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා. ඒ ඇගේ උස නිසයි.

    ලෝකයේ උසින් අඩුම කාන්තාව ලෙස ජෝති ගේ නම පසුගියදා ගිනස් ලෝක වාර්තා පොතට එක් වුණා. ඇගේ උස සෙන්ටි මීටර්වලින් නම් 62.8 යි. අඟල්වලින් නම් 24.7 යි. ඇයට ඇත්තේ සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙකක ළමයකුගේ උසයි.

    පසුගිය දෙසැම්බර් මාසෙ 18 වැනිදා ජෝතිගේ ජීවිතයේ විශේෂ දවසක්. එංගලන්තයේ ලන්ඩන් නුවර සිට නාග්පූර් බලා ආ ගිනස් නියෝජිතයා ඇගේ උස මැන බලා ලොව උසින් අඩුම කාන්තාව ලෙස ජෝති ගේ නම ප්‍රකාශ කළේ එදිනයි. මෙදින ජෝති ට වයස අවුරුදු 18 ත් සම්පූර්ණ වුණා. මේ උත්සවයට ජෝති සමඟ ඇගේ නෑදෑයන් 30 දෙනකු පමණ සහභාගි වූවා.

    එදා ජෝති සැරසී සිටියේ ඇය ආසාම කළ ලස්සන සාරියකින්. එදා ඇගේ උපන් දිනයත් සිහිපත් කරමින් නෑයෝ උපන් දින කේක් ගෙඩියකුත් කැපුවා. ජෝති මේසයක් මතට නැංවූ ගිනස් නියෝජිතයා මිනුම් පටියකින් ඇගේ උස මනිද්දි ඇය බලා සිටියේ කඳුළු පිරි දෙනෙතින්.”මං පුංචි වුණු එක ගැන මට හරිම සතුටුයි. එයින් මට අනන්‍යතාවක් සහ පිළිගැනීමක් ලැබුණා. මගේ උස නිසා මං නාග්පුරය ලෝක සිතියමේ සටහන් කළා. දැන් ලොව සැවොම නාග්පුරය ඇත්තේ කොහේද කියා දන්නවා. මෙය මට ලැබුණු උපන් දින තෑග්ගක්”, ලොව උසින් අඩු ම කාන්තාව ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟම ජෝති පැවසුවා.

    පාසල් අධ්‍යාපනය හමාර කර විශ්ව විද්‍යාලයට ගොස් උපාධි ලබා ඉන්පසු බොලිවුඩ් තරුවක වීම ජෝති ගේ බලාපොරොත්තුවයි.මෙය ජෝති ගේ පළමු ගිනස් වාර්තාව නොවේ. ඇය මීට පෙර ගිනස් පොතට එක්වූයේ ලොව උසින් අඩු ම යෞවනිය ලෙසයි. වයස අවුරුදු 18 ලැබුවාත් සමගම ඇයට මේ අලුත් ‘පට්ටම’ ලැබුණා.
    ලොව උසින් අඩුම යෞවනිය ලෙස ඇය ජපානයේ සහ ඉතාලියේ සංචාරය කළා. ඒ ගමන්වලදී ගිනස් වාර්තා තැබූ අනෙක් අයද හමුවීමේ අවස්ථාව ඇයට ලැබුණා.

    මෙවර ජෝති ගේ උස මැන බැලූ ලන්ඩන් ගිනස් නියෝජිතයා පැවසුවේ ඇය පසුගිය දෙවසර තුළ සෙන්ටි මීටර් එකකින් උසින් වැඩිවී ඇති බවයි. ඔවුන් එය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා.ලෝක ඉතිහාසයේ කෙටිම කාන්තාව ලෙස වාර්තා තැබුවේ නෙදර්ලන්තයේ පෝලින් ය. ඇගේ උස අඟල් 24 කි. ඒ 1876 – 1895 අතර කාලයේදීයි.
    2011 වසරේ සැප්තැම්බර් වනතුරු ලොව උසින් අඩුම කාන්තාව ලෙස වාර්තාව ඉසිළුවේ ඇමෙරිකාවේ බ්‍රිජට් ය. ඉන්දියාවේ ජෝති බ්‍රිජට්ටත් වඩා සෙන්ටිමීටර් 7 ක් උසින් අඩුය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඇමෙරිකානු ඉංජිනේරුවන් පිරිසක් ලොව බර අඩුම ද්‍ර‍්‍රව්‍යය සොයාගනියි

    weightless.png


    ලොව බර අඩුම ද්‍ර‍්‍රව්‍යය සොයාගත් බව ඇමෙරිකානු ඉංජිනේරුවන් පිරිසක් පවසා ඇත. මෙම ද්‍රව්‍යය ස්ටයිරෆෝම් වලට වඩා සිය ගුණයක් බරින් අඩු බවත් ශක්තිය උරාගැනීමේ විශේෂ හැකියාවක් ඇතිබවත් ඔවුන් පවසයි.ලැටිස් ආකාරයකට තැබූ කුඩා ලෝහ බට වලින් සැදුම්ලත් මෙම ද්‍රව්‍යයේ ඝනත්වය, ඝන සෙන්ටිමීටරයකට මිලිග‍්‍රෑම් 0.9ක්වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.මේ දක්වා ලොව බර අඩුම ඝනද්‍රව්‍යය ලෙස සැලකුණු එරෝජෙල් වල ඝනත්වයද ඝන සෙන්ටිමීටරයකට මිලිග‍්‍රෑම් 1.0කි.
    ඉදිරියේදී මෙම ඝනද්‍රව්‍ය යොදාගෙන බැටරි හා ෂොක් ඇබ්සෝ්බර් නිෂ්පාදනය කළ හැකි වනු ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව කුඩාම කැමරාව වෙළඳපොළට එයි

    camera.jpg


    ඇඟිලි තුඩ මත තැබිය හැකි තරම් ක්ෂුද්‍ර පරිමාණයකින් යුත් ලොව කුඩාම ඩිජිටල් කැමරාව වෙළඳපොළට පැමිණ තිබේ. පූර්ණ ක්‍රියාකාරිත්වයකින් යුත් මෙම කැමරාව මගින් මෙගාපික්සල් 2 ක ප්‍රමාණයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගත හැකිය. අඟලක පමණ විශාලත්වයෙන් යුත් මෙම කැමරාවේ ස්කන්ධය අවුන්සයක් පමණක් වන අතර එහි වටිනාකම පවුම් 65 කි. ස්වයංක්‍රීයව නාභිගතවන මෙම කැමරාවේ ආරෝපණය කරන ලද බැටරිය මිනිත්තු 30 ක කාලයක් ක්‍රියාකාරී මට්ටමේ පවතී. එමෙන්ම මෙම කැමරාවෙහි 2 GB ක ධාරිතාවයකින් යුත් ක්ෂුද්‍ර ප්‍රමාණයේ SD කාඩ්පතෙහි ඡායාරූප හා වීඩියෝ දර්ශන ගබඩා කර තබාගත හැකිය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගතකර නව වාර්තාවක්

    abyawakasha.jpg


    පෘථිවියෙන් පිටතට ගමන් නොකර අභ්‍යවකාශ මෙහෙයුමක් වෙනුවෙන් වැඩිම කාලයක් ගතකිරීම තුළින් නවතම වාර්තාවක් පිහිටුවීමට රුසියානු අභ්‍යවකාශගාමීන් පිරිසක් සමත්ව තිබේ. අඟහරු ග්‍රහ ලෝකයේ ගවේෂණ චාරිකාවක සාධ්‍යතාවය පිළිබඳව විමසා බැලීම සඳහා සිදුකරන ලද මෙම පරීක්ෂණයේදී රුසියානු මොස්කව් නගරයේ රථ ගාලක නවතා තබන ලද විශේෂ කන්ටේනරයක දින 441 ක කාලයක් ගතකිරීමෙන් මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්ය.

    මීට පෙර දින 437 ක කාලයක් තුළ මෙවැනි මෙහෙයුමක් සිදුකිරීමෙන් තබා තිබූ වාර්තාව මේ අනුව බිඳවැටී ඇත. මෙම පරීක්ෂණයේදී අභ්‍යවකාශය සඳහා අවශ්‍ය තත්ත්ව ගොඩනගමින් අභ්‍යවකාශයේදී භාවිත කරන උපකරණ යොදාගනිමින් මෙම අභ්‍යවකාශ මෙහෙයුම සිදුකර ඇති බව වාර්තා වේ.