Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව දිගුම නියපොතු සහිත කාන්තාව

    n1.png


    ඇචය ක්‍රිස්. ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හා නෙවාඩාවල ඇය ජනපි‍්‍රය ගායිකාවක්. එහෙත් පසුගිය දිනක ඇය ලොව පුරා ප්‍රසිද්ධ වූවාය. ඒ ඇගේ නියපොතු නිසායි.

    දැන් ලොව දිගුම නියපොතු සහිත කාන්තාව ලෙස 2012 ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින්නී ක්‍රිස් වෝල්ටන් ය. ඇගේ නියපොතුවක දිග අඩි දෙකකටත් වැඩිය. දෑතේ සියලුම නියවල දිග අඩි 20 කටත් වැඩි බව වාර්තා වේ.

    දිගින් දිගට ඇදී ඝනව ඇඹරී ගසක එතුණු වැල් පොටවල්
    මෙන් ඇති ඇගේ නිය සහිත දෑත් දුටු කාටත් සිතෙන්නේ මේ නියපොතු සමඟ ඇයට සිය එදිනෙදා කටයුතු කරගෙන යා හැකි ද යනුවෙනි. එහෙත් ඒ නිය සමඟ ක්‍රිස් වාහන පදවයි. ගොල්ෆ් ක්‍රීඩා කරයි.රංගන ඉදිරිපත් කරයි. ඉවුම් පිහුම් කරයි. පරිගණකය හසුරුවයි.

    ඒ සියල්ලත් සමඟ ඇය අපූරුවට සාමාන්‍ය ජීවිතයක් ගතකරයි. ඇගේ සංගීත දිවියේ එක් අංගයක් වන පියානෝව වැයීමට ද ඇයට මේ නිය බාධාවක් වී නැත්තේය.

    ක්‍රිස් සිය නියපොතු කැපීම නවතා දමා ඇත්තේ මීට 19 වසරකට පෙරය. එහෙත්, ඇය සිය නියපොතුවල ඔලිව් තෙල් ගා පිරිමැද සාත්තු කරමින් දත් බුරුසුවකින් නිය පිරිසුදු කරමින් නිය ආලේපන ගල්වමින් නිය අලංකාරව තබා ගත්තාය.

    ඇමෙරිකාවේ ලාස් වේගාස් හි දිවි ගෙවන ක්‍රිස් 45 හැවිරිදි පස්දරු මවකි. එනිසාම ඇයට ගේ දොර රාජකාරි බොහෝය.“බොහෝ දෙනා කෙස් රැවුල් වවනවා. මං හිතාමතා මගේ නියපොතු වැව්වේ නැහැ. කළ එකම දේ ඒවා නොකපා සිටිමින් රැක බලා ගැනීම පමණයි. මගේ නිය දුටු විගස බොහෝ දෙනා සිතන්නේ ඒවා කැඩෙනසුලු බවයි. ඒත් එහෙම නැහැ. මට ඒවා සමඟ සෑම දෙයක්ම කළ හැකියි” ක්‍රිස් පවසන්නීය.

    වාහනය අලුත්වැඩියා කරද්දී එක් නියපොත්තක් කැඩී ගියා මිස ඇගේ නියවලට මෙතෙක් කිසිම අනතුරක් වී නොමැත. 1979 දී නියපොතු වැවීම ඇරැඹු ක්‍රිස්ගෙන් සැවොම අසන ප්‍රශ්නය වන්නේ “වැසිකිළි භාවිත කරන්නේ කෙසේ ද” යන්නයි.“ඉතා පරිස්සමෙන්” ක්‍රිස්ගේ පිළිතුර එයය.

    මීට පෙර ලොව දිගුම නියපොතු ඇත්තිය ලෙස වාර්තා වී සිටියේ උමා ප්‍රාන්තයේ ලී රෙඩ්මන්ඩ් නමැති කාන්තාවකි. ඇගේ මුළු නිය දිග ප්‍රමාණය අඩි 28 කි. ඒ 2008 දීය.

    2009 දී සිදුවූ රිය අනතුරකින් ඇගේ නිය කැඩී ගියේය. දිගුම නිය ඇති පිරිමියා ලෙස වාර්තා වී සිටියේ මෙල්වින් බූත් ය. ඔහුගේ නිය මුළු දිග අඩි 29 ක් හා අඟල් 8 කි. ඔහු 2009 දී මිය ගියේය.

    n2.png
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මෙන්න අලුත්ම ආකාරයේ මිනී පෙට්ටි

    m1.jpg


    කාලයාගේ ඇවෑමත් සමඟ මිනිසුන් ට අමුතුම ආකාරයේ අදහස් පළ වෙනවා.

    දකුණු අපි‍්‍රකානු රටක් වන ඝානාව සාමාන්‍යයෙන් මිථ්‍යා විශ්වාස සහ සම්ප්‍රදායන් එලෙසම රැකගන්නා රටවල් අතරින් එකක්. එහෙම වුණත්, ඝානා රටේ එක්තරා පුද්ගලයකුට අමුතුම ආකාරයේ කල්පනාවක් පහළ වුණා.

    ඝානාවේ වැසියන් සාමාන්‍යයෙන් කවුරුන් හෝ මිය ගිය විට විශ්වාස කරන්නේ ඔවුන් අලුත් වෙනත් ජීවිතයකට පිවිසෙන බවයි. මෙලෙස මියගිය විට වෙනත් ජීවිතයකට යෑම සඳහා අලුත්ම ක්‍රමයක් ඉදිරිපත් කරන්න මේ පුද්ගලයාට අවශ්‍ය වුණා.

    මොහු නමින් පා ජෝ. වයස අවුරුදු 67. වෘත්තියෙන් එරට මිනී පෙට්ටි තැනීමේ නියුතු අයෙක්. එහෙත්, පා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මිනී පෙට්ටි තැනීමේ විශේෂඥයෙක්.ඔහු මෙතෙක් තමා තනාගෙන ආ සම්ප්‍රදායික මිනී පෙට්ටිවල හැඩරුව වෙනස් කරන්න තීරණය කළා.

    අලුත් ජීවිතයක් සොයා යන ගමන අලුත් ක්‍රමයකටම යවන්නයි ඔහු උත්සාහ දරන්නේ. මේ සඳහා ඔහු සම්ප්‍රදායික මිනී පෙට්ටිය වෙනුවට නව ආරක මිනී පෙට්ටි තැනීම ආරම්භ කළා. ඔහුගේ මේ අලුත් මිනී පෙට්ටි දැන් දශකයක පමණ සිට ඝානාව පුරාම ප්‍රසිද්ධ වෙලා. මේ මිනී පෙට්ටියේ හැඩරුව පුද්ගල රුචිකත්වය අනුවත් වෙනස් වෙනවා.

    කෙනෙක් මෝටර් රථ පැදවීම වෘත්තිය වශයෙන් කළා නම් හෝ ඔහු මෝටර් රථවලට කැමැතිනම් ඔහුගේ ඥාතීන්ගේ අනුදැනුම ඇතිව පා ඔහුගේ අවසන් ගමන යෑමට නිර්මාණය කළේ මෝටර් රථයක්.මෑතකදී මියගිය තවත් පුද්ගලයකු ජීවිකාව ගෙන ගියේ මාළු වෙළෙඳාමෙන්. පා ඔහු සඳහා තැනුවේ මාළුවකුගේ හැඩරුව ගත් මිනී පෙට්ටියක්.

    ඒ විදිහට ඇඳුම් මහන්නකු සඳහා ඔහු මහන මැෂිමක් නිර්මාණය කළා.මත්පැන් බෝතල, බියර් කෑන්, දුම්වැටි, මිටිය වැනි විවිධ මිනී පෙට්ටි ඔහු අතින් නිම වුණා.ඒ විතරක් නෙවෙයි පා මිනී පෙට්ටි ලෙස සත්ත්ව අනුරූත් හදනවා. ඌරා ගේ සිට කුකුළන් දක්වාත් එතැන් සිට කැස්බෑවුන් වැනි මුහුදු සත්ත්ව අනුරූ ද ඔහු තනනවා.

    පා ගේ මේ මිනී පෙට්ටි සාප්පුව ආරම්භ වුණේ 1950 දීයි. මිනී පෙට්ටි සාප්පුකරුවකු වුවත් පා සැබවින්ම හොඳ වඩුවෙක්.පා ගේ මිත්තණිය මියගිය පසු ඔහු ඇය වෙනුවෙන් තැනුවේ ගුවන් යානයක්.ජීවිතයටම ගුවන් යානයක නොගිය මේ මිත්තණිය ජීවිතයේ අන්තිම ගමන ගියේ ගුවන් යානයකින්.

    මේ ලෙස ඔහු තැනූ මිනී පෙට්ටි ආකෘති අතර උකුස්සන්, මීයන්, මේසන් හැඳි, එන්නත් කටු, සිරින්ජර්, පොත්, කැමරා, රොකට්, පියානෝ සහ ඇණ මිටි ද වෙයි.මේ අතර එංගලන්තයේ හිටපු දක්ෂ සංගීතඥයෙක් මියගිය පසු පසුගියදාක ඔහුගේ ඉල්ලීම පරිදි ගිටාරයක අනුරුවකට සැදූ මිනී පෙට්ටියක සැතපවූ බව වාර්තා වුණා.

    බීච් ලීයෙන් කළ මේ ‘ගිටාර් මිනී පෙට්ටිය තනන්න මාස ගණනක් ගතවුණාලු.මිනී පෙට්ටියේ දිග අඩි 12 යි.ජෝන් ග්‍රැහැම් නමැති මේ ගිටාර් වාදකයා සිය අවසන් ගමන් යන්න සකසා ගත් ගිටාර අනුරුව ඔහුට වයස අවුරුදු 15 දී තෑග්ගක් ලෙස ලැබුණු ඔහු ආසා කළ ගිටාරයේ අනුරුවක්.
    m2.png


    m3.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අලි පැටියෙකුගේ රූපයට සමාන බලු පැටියා

    1.jpg


    මේ ඡායා රූපය දුටු විගසම ඔබට එකවරම අලි පැටියෙකුගේ රුවක් සිතෙහි මැවෙනු නිසැකය.

    මන්දයත් මේ සතාගේ රූපය සැබවින්ම අලි පැටියෙකුගේ රූපයට සමාන නිසාය.
    එහෙත් සත්‍ය වශයෙන්ම මේ සිටින්නේ අලි පැටියෙකු නොව බලු පැටියෙකි.

    ත්‍රීකුණාමලය මුරුගාපුරි ප්‍රදේශයේ නිවසක උපත ලබා තිබු මෙම බලු පැටියාගේ රුව බැලු බැල්මට අලි පැටියෙකුගේ රූපයට සමාන බව එය දකින කාටත් වුව ද ක්ෂණිකව අවබෝධවේ.

    කෙසේ වෙතත් දෙමළ ජනතාවගේ විශ්වාසයට අනුව ගණදෙවි රූපයට සමාන මෙම බලුපැටි‍යාගේ මුහුණ දැක බලා ගැනීමට ඊයේ (14) බොහෝ දෙනා එම නිවසට පැමිණ ඇති අතර අසාමාන්‍ය අයුරින් ඉපදී තිබු මෙම බලු පැටියා ඊයේ සවස මියගොස් තිබේ.

    2.jpg


    3.jpg


    4.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මන්නරම් ද්‍රෝනියේ තෙල් බැරල් බිලියනයක්

    oil.jpg


    ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්‍යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්‍ය නීල් ද සිල්වා මහතාට අනුව මන්නරම් ද්‍රෝනියේ තෙල් බැරල් බිලියනයක් පමණ ඇතිබව ඇස්තමේන්තු කර ඇත. Cairn Lanka සමාගම විසින් මෙම වසරේ ජූලි මස තෙල් ගවේෂන කටයුතු ඇරඹීමට නියමිතයි. මෙම වසරේ ඇරඹෙන විදුම් කටයුතු සාර්ථක වුවහොත් වාණිජ තෙල් නිෂ්පාදනය වසර 2014 වන විටහ් ඇරඹිය හැකිබව ඒ මහතා ප්‍රකාශ කරයි.

    මොකද බන් මේකට උනේ