මම කියන්නේ, අපාචි 180 එකට යන්න කියලා,
ලන්ක්කාවට ආපු පලවෙනි අපාචි 180 සෙට් එකෙන් එකක් ගත්තා මගේ යාලුවෙක්.
අදට මෑන් කිලෝමීටර් 45000ක් දුවලා.
මොනම එන්ජින් කතාවක් වත් නැහැ.
පිකප් එක, බ්රේක් සහ හැන්ඩ්ලින් නියමයි.
ඇක්සලරේශන් එකට තමයි මම ගොඩාක් කැමති.
තෙල් 35ක් වගේ තමයි, ස්පෙයාර්ස් බජාජ් වලට වඩා ගොඩාක් ලාබයි.
සර්විස් වලත් වරදක් නැහැ.
කොහොමත් බජාජ් වලට වඩා මැනුෆැක්චර් කොලිටි එක හොඳයි.
සෙකන්ඩ් හෑන්ඩ් වැලිව් බලන්න එපා, ආස දේ කරපන්.
බයික් එක වරදක් නැහැ, අපේ හිත්වල තියන බජාජ් උන තමයි ප්රශ්නේ.
FZ එක ලස්සන මලදානයක්,150cc එන්ජින් එක, මිල අසාදාරනයි,කි,මි 10000ක් විතර දිවුවට පස්සේ.එන්ජින් එකේ තියන ස්මූත් ගතිය යනවා,ඒට පස්සෙ චොර,
මටත් උඹට ආව ප්රශ්නේ ආවා,මම බජාජ් පල්සර් 180ක් ගත්තා,කි,මි 38000ක් දුවලා අදට, ගමක රෙපෙයාර්.ක්ලච් ප්ලේට් 2 වතාවක් දැම්මා,ට්යිමින් චේන්, චේන් ස්පොකට්, සයිලන්සර් එකත් දැම්මා ඇතුල මලකඩ කාලා,පොර්ක් දෙක මලකඩ කාලා ඉස්සරහා ශොක් ඔයිල් ලීක් වෙනවා, පෙට්රල් පිච්චෙන එක එන්න එන්නම වැඩිඋනා,ආපු යුරොග්රිප් ටයර් දෙක ගූ, ලිස්ස්සනවා.හෙඩ්ලයිට් එක පිච්චුනා, බටරිය මාරුකරා.
ඔය ටිකයි කිඋවෙ, අදත් බයික් එක ගරාජ් එකේ,
මම බයික් ගොඩාක් පාවිච්චි කරල තියනවා, මේක තමයි ජරාම එක.
මම හරියට හැම්දාම 2000කි,මි, වතාවක් සර්විස් කරා,උන් කියන්නේ 2500න් කරාම ඇති කියලා,දැම්මේ කැස්ට්රොල් ඔයිල් විතරමයි,ඔරිජිනල් පාර්ට්ස් තමයි හැමදාම දැම්මේ.
මට කියන්න තියෙන්නේ, අපාචිය ගනින්, ABS එක නම් තාම මෙහේ නැහැ,
ඩිස්කවරි 135 එකෙන් පස්සෙ ආපු හැම් බජාජ් බයික් එකක් ම චොර.