මගේ ළඟ තියෙන්නෙ පල්සර් 150 බයික් එකක්, ළඟකදි ඉඳලා සිග්නල් ලයිට් වල පොඩි අවුලක් ආවා බං, හරියට වැඩ කරන්නෙ නෑ, යතුරු දාපු වෙලාවෙ ඉඳලා දකුණු පැත්තෙ ලයිට් එක පත්තු වෙනවා, ආයිත් ඒක ඔෆ් කරන්න නම් වමට සිග්නල් දාන්න ඕන, වම් පැත්තෙ එක වැඩ කරන්නෙම නෑ, ඔය වගේ සීන් එකක්, මම අද බජාජ් සර්විස් සෙන්ටර් එකකට දුන්නම් උං කියනවා මේකෙ එක යුනිට් එකකින්ලු ඔක්කොම කන්ට්රෝල් වෙන්නෙ, හෙඩ් ලයිට්, සිග්නල් හැම දෙයක්ම, ඒ යුනිට් එකේ අවුලක් ලු ඒක උන්ට ගලවල හදන්න බැරිලු, ඒ නිසා මුලු යුනිට් එකම දාන්න වෙනවලු බං, උං 10,000කට කිට්ටු වෙනවා කිව්වා යුනිට් එක, දැන් මට හිතාගන්න බැරි මේ සිග්නල් ලයිට් එකක කේස් එකක් හදන්න 10,000ක් වියදම් කරන්න ඕනද බං? උඹල දන්න වෙන විකල්පයක් තියේද? මුං මේ මරිසියක් දානව කියල හිතෙනවද බං?
