Pvt Ltd company එකකට යන මාසික වියදම කියද?
1. ව්‍යාපාරය Pvt Ltd සමාගමක් විදිහට ලියාපදිංචි කලාට පස්සේ දිනපතා, සතිපතා, මාස් පතා, අවුරුද්දකට වරක් කරන්න ඕනේ අනිවාර්ය දේවල් මොනවාද ( නොකළොත් නීති විරෝධි වන දේවල් ). (ගිණුම් තැබීම වගේ දේවල්)
2.සමාගමක් නඩත්තුවට යන මාසික වියදම කොච්චරද? මම කියන්නේ ලයිට් බිල් වතුර බිල් වැටුප් ගෙවීම් වගේ දේවල් වලට යන වියදම් නෙමේ. පලවෙනි ප්‍රශ්නේ අහලා තියෙන දේවල් වලට යන වියදම්.
දිනපතා, සතිපතා, මාස් පතා,
====================
1. හරියටම සමාගමට එන යන දේවල් වල නොට් තියාගන්න ඕනේ. රුපියලක් ආවත් , වියදම් උනත් උනේ කොහොමද කියල ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉන්ලන්ඩ් රෙවෙනියු එකට ඉස්සර් නම් ගානක් දීලා ශේප් කරගන්න පුළුවන්. දැන් බැ හොද අත්තක් අලාන්නේ නැතුව
2. කම්පැනි එකේ සෙක්‍රටරි කියන පොස්ට් එක කිසිම වෙලාවක පිට කෙනෙක්ට දෙන්න එපා.
1. සෙක්‍රටරි තමා ඩිරෙක්ටර් ලා අතර සම්බන්දෙ තියාගන්නේ. එයාට පුළුවන් ඕනේ නම් පැත්තකට අදින්න
2. කම්පැනි එක වෙනුවෙන් පෙනී හිටින්නේ ලොකු සිඉන් වලට සෙක්‍රටරි . කම්පන්ය් එක වට්ටන්න ඉල්ලිගල් දේවල් වලට සයින්
කරන්න පුළුවන්. එත් නඩුව වෙන්නේ කම්පැනි එකට
3. සමාගමේ කොටස් සම්බන්ද දේවල් වලදී සහ ස්ටැක් හෝල්ඩර් ලා අතර සම්බන්දය යන්නේ කෙලින්ම සෙක්‍රටරි හරහා. එතන
වමට ගැහුවොත් කෙලින්ම කම්පැනි එක ඉවරයි
3. ඩිරෙක්ට් මිටින් , කම්පැනි මිටින් මිනිට්ස් හරියටම දොකුමන්ට් කරලා තියෙන්න ඕනේ. නඩුවක් ගියොත් අදිකරනේදී මේ මිනිට්ස් බලලා තමා තීරණේ කරන්නේ මොකද උනේ කියල. ඉස්සර නම් මිටින් මිනිට්ස් සයින් කරන්න ඕනේ.දැන් තත්වේ දන්නේ නැ .
4. සාමන්යෙන් මාසිකව හදන රිපෝට් ඔක්කොම හදලා තියාගන්න ඕනේ. මොකද ඇනුවලි ඕක හදන්න ගියාම පට්ට කෙස්.
හුගක් ලොකු කම්පැනි දන්නා විදිහට මේක සතියේ සතිය හදනවා.
5. සමාගමක් හැදුවාම TIN නම්බර් එක ගන්න අනිවා. එකෙත් තමා සමාගමේ නමට කරන්ට් එකෞන්ට් එකක් හදන්න පුළුවන්.
ඒක නැතුව යන දේවල් හුගක් වෙලාවට අදිකරනෙන් පිලි ගන්නේ නැ . ඒ වගේම අක්කුන්ට් බලන එකා වමට ගහන්න පුළුවන් එන චෙක්ස් එහෙම උගේ අකුන්ට් එකේ දාගෙන.
6. සමාගමේ ගිණුම් සමාගම් මැදුරට යවන්න ඕනේ අව්රුද්දක් ගානේ. ඒක චාර්ටඩ් එකුන්ටන්ට් එකෙන් සයින් කරන්න ඕනේ. ස්ටර්ටප් එකකට එහෙම එකෙක් ගන්න අමාරු නිසා මේක අවුට් සෝස් කරනවා. එහෙම කරනකොට ඕනේ කරන දිටෙල් ටික විතරක් එක්සෙල් එකකින් දෙන්න. උදා: ඉන්වොයිස් එකේ කොපි එකක් දෙන්න ඕනේ නැ .එකේ විස්තර් දෙන්න. ඔයාල විකුණුවේ මොනවද කියල වැඩක් නැ . ඉන්වොයිස් නම්බර් එක අදාළ ෆිගර්ස් විතරක් දුන්නම ඇති. ඔඩිට් එකක් සෙට් උනොත් නම් ෆුල් දිටෙල් පෙන්නන වෙනවා. ඒ නිසා චෝර නොවී ගෙනුයින් විදිහට අකුන්ට් හදලා ත්යන්න
6. ලංකාවේ ටැක්ස් ගහන්නේ ග්‍රොස් එකට ප්රෝෆිට් එකට නෙමේ. මේ ලංකාවනේ. ඒ උනාට ටැක්ස් හරියට ගෙවන එක යුතුකමක්.
7. කම්පැනි රේගිස්ටර්ට් කරන තැන් ඕනේ තරම් තියනවා. එකකින් වැඩේ කරගන්නපුළුවන්. දන්නා විදිහට නම 30 කින් වගේ ගොඩ දාගන්න පුළුවන් . මුලින් නේම් රිසර්ව් කරලා තියන්න පුළුවන්. ඊට අමතරව අකුන්ට් හදන කෙනාට ගෙවන්න වෙනවා. සහ දන්නා විදිහට ලෝයර් කෙනෙක් අල්ලා ගන්න ඕනේ ලීගල් දේවල් වලට. උන් ඉතින් පඩය ගියත් 5000 ක් විතර ගන්නවා.