ඇන්ටෙනා සබ්ජෙක්ට් එක ටිකක් කම්ප්ලෙක්ස්
@PHBhagya කියලා තියනවා වගේ ඇන්ටෙනාව සිරස් අතට හයි කරලා බලන්න පුලුවන්
ඒරියල් එක විතරක් තියන රේඩියෝ වලට ඔය තරං කම්ප්ලෙක්ස් ඇන්ටෙනා වලට වඩා නිකන් වයර් එකක් විතරක් දැම්මොතින් සමහර විට හොඳට වැඩ කරන්න පුලුවන්
හැබැයි රේඩියෝ එකේ වෙනම ඇන්ටෙනා ජැක් එකක් තියනවා නං ඔය වගේ ඇන්ටෙනාවකින් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.
මොකද්ද යූස් කරපු coax කේබල් එක, හරි නං 50 Ohm එකක් යූස් කරන්න ඕන හැබැයි ටිකක් අමාරුයි හොයන්න, CCTV බඩු විකුනන අය ලඟ තියන 50 Ohm/RG-58 කියල ගහල තියන එක 99%ක් වෙලාවට 50Ohm නෙමයි ඒව 75 Ohm.
අනෙක් එක තමයි ඔහොම ඇන්ටෙනාවක් යූස් කරද්දි ඇන්ටෙනාවෙ සහ රේඩියෝ එකේ impedance match වෙන්න ඕන. සාමාන්‍ය ඒරියල් එකට ඕක සෙට් කරාම සමහර ඒරියල් එකට වඩා කිසිම වෙනසක් දකින්නෙ නැති වෙන්න පුලුවන්. impedance match උනේ නැති උනාම වෙන්නෙ ඇන්ටනාවෙන් අල්ලගන්න සිග්නල් එක වයර් එක දිගේ ගිහිල්ලා රේඩියෝ එක ඇතුලට යන්නෙ නැතිව රේඩියෝ එකෙන් පරාවර්තනය වෙලා වගේ ආපහු ඇන්ටනාව පැත්තට යන් වගේ සීන් එකක්(වෙන සීන් එක සරලව පැහැදිලි කරේ).
එහෙම උනාම ඇන්ටනාව යූස් කරන එකේ ප්‍රතිඵලයක් නැති වෙන්න පුලුවන්. අපි Ameture radio වලදි ඕව මැච් කරනවා හරියට ඒව මෙශර් කරන්න SWR Meter කියලා ගැජට් එකක් යූස් කරලා ඇන්ටෙනාව හරියටම රිසීවරේට හරි ට්රාන්ස්මීටරේට හරි මැච් කරනවා එහෙම කරලා පුලුවන් මිලිවොට් ගානක ට්‍රාන්ස්මීටර් වලින් කිලෝමීටර් සිය ගනන් වලට රේඩියෝ සිග්නල් යවන්න හරි රිසීවු කරන්න හරි.