මේක හරි..... Ghosting වෙන්නේ මෙහෙම තමා....නෑ මචන් ටීවී වල ගෝස්ටින් වෙන්නෙ අපේ ඇන්ටාවට ට්‍රාන්ස්මිට් කරන තැන ඉඳන් පාත් දෙක තුනකින් සිග්නල් එන්න පුලුවන්
උදාහරයක් විදියට කෙලින්ම ටවර් එකෙන් එන්නත් පුලුවන්
තව කොහේ හරි කන්දක වැදිලා පරාවර්තනය වෙලා එන්නත් පුලුවන්
ඔය පාත් දෙකේ දුර වෙනස් නිසා බොහොම පොඩි ඩිලේ එකක් තියනවා ඔය සිග්නල් දෙක ටීවි එකට එද්දි
ඔය සිගන්නල් දේකේම ෆ්‍රීකුවෙන්සි දෙක එකම නිසා ටීවි එකේ ඔය සිග්නල් දෙකම පෙන්නනවා එතකොට අපිට හරියට පේන එක අස්සෙන් ඊට පොඩි වෙලාවක් කලින් හරි පස්සෙ හරි තියන තව එකකුත් පේනවා
මම කියපු පරාවත්තනය වෙන්නෙ කේබල් එකේදි, කේබල් එක දිගේ ගිහින් රේඩියෝ එකේ සර්කිට් එක ඇතුලට යන තැනකදි
තව ට්‍රානස්මීටර් වලදි වෙනවා කේබල් එක දිගේ සිග්නල් එක ගිහින් ඇන්ටනාවෙ ලඟදිත් එතකොට සිග්නල් එක ඇන්ටනාවෙන් එලියට ට්‍රාන්ස්මිට් වෙන්නෙ නැහැ. ට්‍රාන්ස්මීටර් ගැන දන්නවා නං අහල ඇති ඇන්ටනාව හයි කරන්නෙ නැතිව පවර් දෙන්න එපා කියලා, ඒකට හේතුව ඔය වගේ එලියට යන සිග්නල් එකයි පරාවර්තනය වෙලා ආපහු එන සිග්නල් එකයි එකට එකතු වෙලා ලොකු වෝල්ටේජ් එකක් හැදෙන්න පුලුවන් එතකොට output stage එකේ තියන ට්‍රාන්සිස්ටර් පිච්විලා යනවා.
ප්‍රශ්න දෙකක්...
1. උඹලා sabject එක මෙච්චර හොඳට මතක කොහොමද?
2. අන්තිමට පොඩි booster circuit එකක් ගහන්න තමයි idea එක අවේ.... Reflection එක බලන්න විදිහක් නෑනේ ගෙදර ඉඳන්..... මේ ගැන දන්නවනම් easy circuit එකක් දෙන්න...
මේක බලන්න diy method එකක් තියෙනවද?"impedance match උනේ නැති උනාම වෙන්නෙ ඇන්ටනාවෙන් අල්ලගන්න සිග්නල් එක වයර් එක දිගේ ගිහිල්ලා රේඩියෝ එක ඇතුලට යන්නෙ නැතිව රේඩියෝ එකෙන් පරාවර්තනය වෙලා වගේ ආපහු ඇන්ටනාව පැත්තට යන් වගේ සීන් එකක්(වෙන සීන් එක සරලව පැහැදිලි කරේ)."
ෆීඩ් බැක් වෙනව....
ටීවී සිග්නල් වලදි ගෝස්ටිං වෙනව කියන්නෙත් මේකටමයි...
------ Post added on Nov 7, 2022 at 11:55 PM
