Random කතා - පොඩි කාලේ උඹලගේ හොබීස් මොනාද?

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    @Mr UNKNOWN
    @ExamHe
    @kaizoku_O
    @NRTG
    @Asmodeus

    අමාරුවෙන් අල්ලගෙන ඉන්න බෑනෙ බං
    උන් work from home දෙන්නෙත් නෑනෙ
    මන් ඒක resignation එකේ summarize කරලා දැම්මා

    notice period එකේ wfh කරන එකට හා කිව්වා
    replacement එක විදිහට කෙනෙක් ආවම
    එයාව ට්‍රේන් කරලා යන්න ඔපිස් එන්න කිව්වා

    Please accept this letter as formal notification of my resignation from *******, effective 4 weeks from today on 27/02/2024. According to No.05(iii) of the LOA, my last day of employment will be 26/03/2024.

    I have greatly appreciated the opportunities I have had at ******** over the past 2 months in the role of Senior Software Engineer. While I was aware during the interview process that this was an on-site position, the current office environment has proven to be far more disruptive and challenging than I expected. This has significantly impacted my ability to contribute effectively and maintain a good work life balance.

    After attempting to work from home as a solution to mitigate the challenges and frustration, I have come to the difficult conclusion that I must resign from my position. I appreciate the opportunities I have had at ******* and wish you all the best going forward. Please let me know if I can provide any other information regarding my resignation.

    I will be working remotely during my notice period. If this arrangement is unacceptable, you may initiate any necessary proceedings at your discretion.
    awulak na bn
    aluth ekak set krgmu
    padi adu unath hoda thanakata set weyan balance eka thyena
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම ඉපදුනේ 1983.

    • රොබින්හුඩ් බලපු කාලේ දුනු ඊතල හදාගෙන සෙල්ලම් කලා.
    • මුද්දර එකතු කලා
    • එඩ්නා රු. 10 චොක්ලට් එක්ක දීපු ක්‍රීඩකයන්ගේ ස්ටිකර් එකතු කලා.
    • පරණ කාසි එකතු කලා.
    • 1995 වගේ වෙනකොට ලොකු ක්‍රිකට් පිස්සුවක් හැදුනා. අත කරකවලා බෝල දාන්න පුරුදු වෙන්න ට්‍රයි කලෙත් ඔය කාලේ. දුවගෙන ඇවිත් හරියට අත කරකවලා බෝලයක් දාන්න පුරුදු වෙන්න අවුරුද්දක් විතර ගියා.
    • 2000 දී මුලින්ම කම්පියුටරයක් ගත්තට පස්සේ ගේම් ගහන්න පුරුදු වුනා.

    දැන් ඔය විනෝදංශ එකක්වත් නෑ. ලොකු වෙන්නෙ නැතුව පොඩි කාලෙම හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි.
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    2004 yakooo. mainda mathiya flight eken bahinawa thama mathakai
    thaththa 2019 dunne gota mamita 😘
    වයස අවුරුදු 15 කින් චන්දෙ දාන්න දෙන්න චන්ද කොමසාරිස් උබෙ සීයද
     
    • Like
    Reactions: NRTG

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Ado eka parak mama, muddara pissuwa wadi wela, Pinibinu muddara sangamaye samajeeka wenna Rs 250 k nikanma liyum kawara deala yawwa... Money order ganna danne nathi nisa thaniyama, ekata kisima reply ekak awe na
     
    • Like
    • Haha
    Reactions: NRTG and pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මම 89..

    අවුරුදු 8-12 අතරෙ:

    මුද්දර එකතු කලා..
    චොකලට් එක්ක එන ක්‍රිකට් ස්ටිකර් එකතු කලා..
    කාඩ්බෝඩ් කාර් හදල රුපියල් දහයෙ මෝටර්, led එහෙම සෙට් කරල සෙල්ලම් කලා..
    කතා පොත් බැලුව..
    පූස් පැටවූ එක්ක සෙල්ලම් කලා :lol:
    හවසට අයියල එක්ක ක්‍රිකට් ගැහුව.. වහින දවසට කාඩ් / කැරම් ගැහුව
    සමහර දවසට මහ රෑ වෙනකන් අයියලගෙ කොල්ලො සෙට් එක සින්දු කියනව (දැන් කාලෙ වගේ බීල නෙමෙයි.. සමහරු xray කොල වලින් ඩ්‍රම් එහෙම හදාගෙන අමුතු පිස්සුවක් තිබුනෙ.. අයියල 70s අය)
    මහ රෑ වෙනකන් MTV/සිරස දාගෙන හින්දි ෆිල්ම් බැලුව :P

    අවුරුදු 12-20:

    කොම්පියුටර් එකේ delta force, need for speed, max payne, age of empires, gta vice city ගැහුව එලි වෙනකන්..
    යාළුවොන්ගේ කොම්පියුටර් පිටින් උස්සන් ඇවිත් සින්දු, ෆිල්ම්, ගේම් කොපි කලා..
    ඉන්ටනෙට් කැෆේ ගිහින් පැයට රුපියල් 60ක් දීල mp3 ඩවුන්ලෝඩ් කලා..
    english සින්දු එකතු කලා.. වෙන වෙනම artistsලගෙ නම් වලින් ෆෝල්ඩර් පිටින් ඇල්බම් තියන් හිටියෙ :love:
    ඒ අතරෙ යාළුවො එක්ක රට වටේ ගියා..
    ටවුමෙ තියන ලොකුම සොහොන් පිට්ටනියෙ දවල්ට සරුංගල් ඇරිය.. රෑට ක්ලාස් ඇරිල එන ගමන් සෙට් උනෙත් එතන තමයි :baffled:
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Gen Z

    පොත් කියෙව්වා ඒ කාලේ සැරටම

    Gta vice city, NFS, CRICKET 7 වගේ games ගැහුවා

    කොල්ලො එක්ක ක්රිකට් ගැහුවා ඇතිවෙනකම්

    ගඟේ මාළු බෑවා

    රෙස්ලින් තරග තිබ්බා, හමුදාව වගේ තුවක්කු ඇරම් සෙල්ලම් කරා ලොකු තේරුමක් නෑ යුද්දෙ ගැන එතකොට අපි පොඩි නිසා.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇත්තටම ඒ කාලේ සැහෙන්න පොත් කියෙවුවා, සෙල්ලම් කරා, පොඩි කාර් සෙට් ටිකක් එකතු කලා. හරිම දුකක් එනවා ඒ කාලේ මතක් වෙනකොටත් අපි සැහෙන්න වෙනස් වෙලා 🙄
     
    • Like
    Reactions: gamerlk and NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,667
    30,894
    113
    අපායෙ දොරකඩ
    මුද්දර එකතු කලා
    පත්තර ආර්ටිකල් එකතු කලා
    Stickers එකතු කලා
    පරන කාසි එකතු කලා
    ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බා
    ගේම් ගහන්න ආසවක් තිබ්බා
    ටියුශන් class ගිහින් යාලුවොත් එක්ක බයිසිකල් පැද්ද ගැන්සියක වගෙ
    TV එකේ ගිය නොබලපු cartoon/TV series (English) එකක් එකක් නැති තරන්
    කොටවන එකෙත් පොඩි ෆන් එකක් තිබ්බ (උඹ මුට/ඌට බයයි නේද? 😅 )
    ටියුශන් පංති වලදි කෙල්ලොන්ට ටොකු ඇනල උන් පස්සෙන් පන්නනකොට දුවන එක / කෙල්ලොන්ගෙ බෑග් පාස් කරන එක
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සමහරු xray කොල වලින් ඩ්‍රම් එහෙම හදාගෙන අමුතු පිස්සුවක් තිබුනෙ..
    මේ ගැන නම් කතාකරලා වැඩක් නෑ. ඒ කාලෙ දැන් වගේ බොන්ගෝ අනම් මනම් කඩවල් වලින් ලේසියකට ගන්න තිබ්බෙ නෑ. පොඩි කොල්ලො වගේම ට්‍රිප් යන ලොකු කොල්ලොත් එක්ස් රේ කොළ ඩ්‍රම් තමයි අරං ගියේ. ඒ කාලෙ තැන් තැන් වල ගෙවල් වලත් කොල්ලො ඩ්‍රම් හදන් තිබුනා.

    අපි ඉස්සර හිටිය පැත්තක ගෙයක් තිබුනා. ඒ ගෙදර ආන්ටි තුවාල වලට බෙහෙත් දානවා හවසට. මිනිස්සු පෝලිමේ ඉන්නෙ. මමත් යනවා පොඩි කාලෙ. ඔහොම ඉන්නකොට ඒ ගෙදර ඒ ආන්ටිගේ නෑ වෙන කොල්ලෙක් ,අවුරුදු 12ක් 13ක් වගේ, ඩ්‍රම් එකක් හදාගෙන තලනවා තලනවා ඉවරයක් නෑ. එයා බනිනවත් එක්ක මූ මේකටම තල තල ඉන්නවා පොතක පතක වැඩක් කරන්නෙ නෑ කියලා. කන් කරච්චලේ ඉන්නත් නෑ කියල.

    පස්සෙ කාලෙක ඌ ගායකයෙක් උනා..
     
    Last edited:
    • Wow
    Reactions: Mr.dark

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    90 දශකයේ මැද හරියෙ.
    5 වසර් වගේ ඉදන් කතා පොත් කියවන්න පටන් ගත්ත. ඉනිඩ් බ්ලයිටන්ගෙ පොත්, ශර්ලොක් හෝම්ස් වගේ ඉදන් අතට අහුවෙන ඒව බැලුව සෙට් නම්.

    7 වසර්දි p4 pc එකක් ගෙනාව. අයිය ගේම් ගහනව බලාගෙන ඉන්නව. ඒ දවස් වල HItman, igi, gta y city, car game වගේ සෙට් එකක් තිබුන. පස්සෙ මාත් පුරුදු උනා.

    හවසට ක්‍රිකට් ගහන්න යනව. Cartoon බලනව අපිරජ ඉබ්බො, ට්න් ට්න්, කූබිච්චි වගේ ඒවගෙ ඉදන් ගොඩක් ඒව.

    යාලුවන්ගෙ ගෙවල් වල ගිහින් කට්ටිය සෙට් වෙනව. එහෙ මෙහෙ ගමේ අවිදිනව. ගෙවල් ගාව ලමයි එක්ක සෙල්ලම් තුවක්කු වලින් පිල් බෙදිල වෙඩි තියාගන්නව. දුනු ඊතල හදාගෙන දෙපිලකට බෙදිල බංකර් හදාගෙන විකාර කරනව. උගුල් අටෝනව යාලුවන්ට. ඉස්සර කතාවක් ගියා පුංචි වීරයෝ කියල. ඒක බලල තමා ඒ පිස්සුව හැදුනෙ.

    කොම්පිටර් පිස්සුව හොදටම තිබුන. ඒ කාලෙ හැම හාඩ්වෙයර් කෑල්ලකම price කටපාඩම්. හැම කඩේක්න්ම ගහන් අහගන්නව ඕවගෙ.VGA,RAM අරව මේව. Software, games එකතු කලා CD වලට. වයිරස් පුරෝපු CD එකක් වෙනම හදාගෙම ඉදිය හැම තැනින්ම එකතු කරහෙන.

    මේ 11 වසර වගේ වෙනකන් දේවල් වලින් ටිකක්
     

    Sen-lu

    Well-known member
  • පොඩිම කාලෙ කලාකිරිඤ්ඤ තුවක්කු හදාගෙන යුද්ධත් කරා කියපංකො. මුද්දරනම් එකතුකරේ ආසාවට නෙවේ හැම එකාම කරන රැල්ලට. පස්සේ ඒ ඇල්බම් එකම දීල දැම්ම
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    @Mr UNKNOWN
    @ExamHe
    @kaizoku_O
    @NRTG
    @Asmodeus

    අමාරුවෙන් අල්ලගෙන ඉන්න බෑනෙ බං
    උන් work from home දෙන්නෙත් නෑනෙ
    මන් ඒක resignation එකේ summarize කරලා දැම්මා

    notice period එකේ wfh කරන එකට හා කිව්වා
    replacement එක විදිහට කෙනෙක් ආවම
    එයාව ට්‍රේන් කරලා යන්න ඔපිස් එන්න කිව්වා

    Please accept this letter as formal notification of my resignation from *******, effective 4 weeks from today on 27/02/2024. According to No.05(iii) of the LOA, my last day of employment will be 26/03/2024.

    I have greatly appreciated the opportunities I have had at ******** over the past 2 months in the role of Senior Software Engineer. While I was aware during the interview process that this was an on-site position, the current office environment has proven to be far more disruptive and challenging than I expected. This has significantly impacted my ability to contribute effectively and maintain a good work life balance.

    After attempting to work from home as a solution to mitigate the challenges and frustration, I have come to the difficult conclusion that I must resign from my position. I appreciate the opportunities I have had at ******* and wish you all the best going forward. Please let me know if I can provide any other information regarding my resignation.

    I will be working remotely during my notice period. If this arrangement is unacceptable, you may initiate any necessary proceedings at your discretion.

    awulak na ubath goda yanna ona manussayek widiyata
    oya kiyana company ekath goda yanna unge ethics environment business goda dagena,

    uba point tika pennala dunna eka hodayi,

    manager ta resignation eka deela ethanin hr ekata denna thibbe,

    cv eke aluth thanakata daddi freelance+ developing my own projects kiyala danna gap thiyena time period ekata.

    Hope You find a good job that you really seek.

    (man dan wada karana thanyi kalin wda karapu than 3 ma mata me wage environment ekak thiyenna ona kiyala hithila thoragaththa ewa.)
    laws of attraction da danne na, habayi padi benifits kese wethath hithapu widiyatama job hambuna, :)