Random කතා - සාර්ථක වෙන්න Degree එකක් ඕනද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    සභාවෙන් අවසරයි. මා මෙතැනට පැමිණියේ තව දෙයක් එකතු කිරීමටයි.

    අධ්‍යාපනය කියන්නේ එකෙක්ගේ තියන බුද්දි මට්ටම මනින්න පුළුවන් එක් සාධකයක් මිසක්. ඉගන ගත්ත හැම එකම බුද්ධිමත් නෑ.

    එකට ගන්න තියන හොදම උදාහරනය තමා වියත් මග...
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    සභාවෙන් අවසරයි. මා මෙතැනට පැමිණියේ තව දෙයක් එකතු කිරීමටයි.

    අධ්‍යාපනය කියන්නේ එකෙක්ගේ තියන බුද්දි මට්ටම මනින්න පුළුවන් එක් සාධකයක් මිසක්. ඉගන ගත්ත හැම එකම බුද්ධිමත් නෑ.

    එකට ගන්න තියන හොදම උදාහරනය තමා වියත් මග...
    Methanata adaala ne machan :-)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    Methanata adaala ne machan :-)
    ඔව් බං යට ටික දැක්කේ පස්සේ. Degree එකක් නැතැත් ඔය ගොඩක් institute වල ඩිප්ලෝමා කොස් යනවා මාස හයේ හතේ. ඕවාට එන්නෙත් technician level එකේ company වල වැඩ කරන උන්. ඒවගෙනුත් හොදට contact හදා ගන්න පුළුවන්.. ලොකු වියදමක් කරන්න ඕනේ ත් නෑ.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    කට්ටිය ත්‍රෙඩ් කීපයක් දාල තියෙන නිසා මම දන්න දෙයක් ශෙයාර් කරන්න හිතුවා.

    Education කියන්නේ ජීවිතේ සාර්තක වෙන්න අවස්තා හදල දෙන දෙයක්. එක එක කඩඉමෙන් (milestone) එකෙන් ලැබෙන අවස්තා වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නේ. උදාරහරනයක් විදියට, AL පාස් කෙන්ක්ට හමුවෙන චාන්ස් වැඩි AL ෆේල් උන කෙනෙක්ට වඩා. degree එකක් තියෙන කෙනෙට හමුවෙන චාන්ස් වැඩි නිකන් AL කරපු කෙනෙක්ට වඩා.

    දැන් ඕකෙන් කියන්නෙ නෑ ඉගෙන ගත්තෙ නැත්තන් ජීවිතෙම ෆේල් කියලා. හැබැයි ඉගෙනගත්තොත් target එකට යන්න ලේසි වෙනවා.

    හැබැයි degree තිබ්බ පලියට සාර්තක වෙන්නෙත් නෑ. මොකද ඒකට තව ගොඩක් දේවල් තියන්න ඕනා. උදා: උත්සාහය, හරි attitude එක වගේ දේවල්.

    මුල්ම ජොබ් එකට යනකොට degree එක ඇවිල්ලා නිකන් entrance එකට පාස් එකක් වගේ. තිබ්බෙ නැත්තන් interview එකකට්වත් ගන්නෙ නෑ. අසාදාරන උනත් ඉතින් ලෝකේ එහෙම තමා දුවන්නේ.

    Degree කරන්නන් වාලේ කරන්නත් එපා. තමන් යන්න හිතන පාරේ යන්න්න උදව් වෙන දෙයක් කරන්න. උදාහරනයක් විදියට සොෆ්ට්වෙයාර් පැත්තෙන් යන්න හදන එකා accounts degree එකක් කරලා අහන්න එපා "ඇයි මට රස්සාවක් හොයාගන්න බැරි කියලා" මොකද ඒකත් වෙලාව වැයවෙන දෙයක් නිසා. Masters වගේ කරනකොට ගොඩක් වෙලාවට paper qualification එකක් විදියට තමයි සලකන්නේ. නැතුව ඕකෙන් කවුරුත් ප්‍රශ්න අහන්නෙ නෑ. ඒ නිසා එවගේ වෙලාවකට ගොඩ දාන්න ලේසි පිලිගන්න degree එකක් කරල දාන එක තමා ලේසිම වැඩේ.

    තව දෙයක් තමා, ඉගෙන ගන්න එකට අමතරව connection නැත්තන්ම් networking හදා ගන්න. ඔය ගොඩක් Masters කරනකොට සෙට් වෙන්නෙ industry එකේ තැනක ඉන්න අය. එයාලත් එක්ක සෙට් වෙනවා කියන්නේ ඉතින් target වලට යන්න ලේසි වෙනවා කියන එක තමා.

    සාරාන්ශෙ තමා උඹලට ලොකු සල්ලි කාර පවුලක්වත්, නැත්තන් ලොකු connectionවත්, දේශපාලන බලයක් නැත්තන් පුලුවන් හැමවෙලවකදිම මොනහරි education සුදුසුකමක් ගන්න ට්‍රයි කරන්න. අලුතින් මිනිස්සු අදුනගන්න ට්‍රයි කරන්න. තෙරුමක් ඇතුව කලොත් ඒක කවදාවත් නාස්තියක් වෙන්නෙ නෑ.

    සමහර අය කියනවා, මට Degree නෑ, අරක නෑ, මේක නෑ කියලා. ඒත් එයාල උඹලට නොකියන වෙන දේවල් තියෙනා. ඒ නිසා නිකන් ඇන්දෙන්න එපා.
    Thanks
     
    • Love
    Reactions: tharakaf