Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

ywicky

Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    AIA nam danna epa. claim gannawa kiyanne heenayak witharai.
    E ai machan?
    Godak aya kiyanawa ahala thiyenewa AIA claims lesi kiyala, SLIC walata wada

    Umbhe bad experience eka poddak kiyanna puluwanda?

    mamath AIA cover ekak danna hithagena inne. Ekai ahuwe.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,884
    113
    111
    Gotham
    batman.com
    Pension plan dapu aya innawada? Koheda khmada returns Ehema?

    Danata health ewa 2k tianawa upto 2.5M claims + return ekka upto 6M wage. Ceylinco vehicle eket mkdda health cover ekk tianaw sure na ewa nan.

    Pension ekk danna baluwe 🤔
     
    • Like
    Reactions: tharakaf

    isuruudara18

    Junior member
  • Sep 16, 2008
    208
    20
    18
    E ai machan?
    Godak aya kiyanawa ahala thiyenewa AIA claims lesi kiyala, SLIC walata wada

    Umbhe bad experience eka poddak kiyanna puluwanda?

    mamath AIA cover ekak danna hithagena inne. Ekai ahuwe.
    danna nisa kiyanne hodatama gewanne softlogic call 1k denna mama softlogic thama 0761032224

    දැනට health insurance එකේ හැටියට මම තමයි primary, වයිෆ් + පොඩි එකා ඉන්නෙ ඒක යටතේ. අපි තුන්දෙනාට අවුරුද්දකට 2mil ගානෙ claim කරන්න පුලුවන්. claim කලේ නැත්තන් හැම අවුරුද්දෙම claim නොකරපු එක්කෙනාට 25% ගානෙ cover එක වැඩි වෙනවා (max එක්කෙනෙක්ට 4mil වෙනකන්). මම මැරුනොත් වයිෆ්ට පට්ට පොඩි ගානක් විතරක් ගෙවලා දිගටම මෙක කරන්න යන්න පුලුවන්. මම හිතන්නෙ ඒක හොඳයි තනි තනියෙන් දානවට වඩා.
    call 1k denna me number ekata wadi wisthara ganna puluwan 0761032224
    ------ Post added on May 19, 2025 at 10:09 PM

    apita health insurance ekak dala ekat parentslaw add karanna bari d ape dependantla widiyat?
    baha lankawe insurance rule eka anuwa 18+ kitanne thani kenek widiyata thama yanne ethakota oyage jeewithayata haniyak unoith labena wandi mudala widiyata oyage perans lawa danna puluwan
    ------ Post added on May 19, 2025 at 10:12 PM

    Hospital charges claim එකක් ගන්න නම් minimum 48hrs වත් admit වෙලා ඉන්න ඕන කියලා condition එකක් තියෙනවා කියලා ceylinco agent කෙනෙක්ම කිව්වා.
    naha ehema
    ------ Post added on May 19, 2025 at 10:13 PM

    දැන්නම් මතක නෑ බන්. අවුරුදකට 550ක්ද කොහෙදෙ ගෙවනවා. investment සීන් එකක් එක්ක යන්නෙ. ඒ ඇරෙන්න ලයිෆ් cover එකක් තියෙනවා මට (සහ වයිෆ්ට තියෙනවද මතක නෑ). premium එක වැඩි වෙන්න එක හෙතුවක් තමා වයස. මට 35 පැනල. කවර් එක අවුරුදු 35ක්ද කොහෙද, ඒකට හේතුව තමා වයසට යද්දි අපිට ආයි covers ගන්න බෑ. මෙකෙන් ගොඩ දාන්න තමා හිතන් ඉන්නෙ.
    number eka massage ekak dapan
    ------ Post added on May 19, 2025 at 10:15 PM

    Tax eken berenna me plan wlaata yanna bane. Ewa consider wenne nane
    tax walata ahu wenne naha
    ------ Post added on May 19, 2025 at 10:17 PM
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    danna nisa kiyanne hodatama gewanne softlogic call 1k denna mama softlogic thama 0761032224


    call 1k denna me number ekata wadi wisthara ganna puluwan 0761032224
    ------ Post added on May 19, 2025 at 10:09 PM


    baha lankawe insurance rule eka anuwa 18+ kitanne thani kenek widiyata thama yanne ethakota oyage jeewithayata haniyak unoith labena wandi mudala widiyata oyage perans lawa danna puluwan
    ------ Post added on May 19, 2025 at 10:12 PM


    naha ehema
    ------ Post added on May 19, 2025 at 10:13 PM


    number eka massage ekak dapan
    ------ Post added on May 19, 2025 at 10:15 PM


    tax walata ahu wenne naha
    ------ Post added on May 19, 2025 at 10:17 PM
    Softlogic nam habai loss pita neda duwanne?
    Invest karana eka risky nadda?
     
    • Like
    Reactions: tha123

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    ඉස්සරනං ටිකක් හිත නොරිදෙන්න කතා කරනව ඔය මිනිස්සුන්ට...
    දැන්නං නලවන්නෙ නෑ. කෙලින්ම "මට අවශ්‍ය නෑ" කියල පන්නල දානව...
    මළ වදයක් නැත්තං...
    වාහනේ ඉන්ශුවරන්ස් එක ගන්න යන යන සැරේට අරූගෙ බයිලාව අහන්න වෙනව, අවුරුද්දකට දෙපාරක්...
    සමහර උන් ලස්සන කෙල්ලේක්ගෙන් බැනුම් ඇහුවත් සැපයි කියලා හිතනවා නේ , අක්කගේ ඉන්ශුවරන්ස් පොරත් එහෙම කෙනෙක් වෙන්න ඇති

    අක්කගේ දැක්කම මොනවා හරි කියලා අවුස්සන්න හිතෙනවා ඇති 🤗
     
    • Haha
    Reactions: tharakaf

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    හිටපු ගමන් කට්ටිය insurance ගැන අහන නිසා හිතුවා මම දන්න/ඉගෙන ගත්ත දේවල් ටික දාගෙන යන්න.

    කැමති උන් කියවලා අනිත් උන්ට වැදගත් වෙයි කියලා හිතෙනවානම් බම්ප් එකක් දාගෙන යන්න, අකමැති උන් ignore කරලා පලයන්.

    මුලින් තේරුම් ගන්න ඕනා insurance විකුනන එකා උඹේ යාලුවා වගේ ටොක් කලාට ඌට උඹව ඇත්තටම පෙන්නේ සල්ලි මිටියක් වගේ. ඌට උඹ දාන insurance එකේ premium එකෙන් 10%ක් විතර සෙට් වෙනවා. ඉතින් insurance එක ලොකු වෙන්න වෙන්න ඌට වාසි.

    වාහන insurance ගැන ලොකුවට කතා කරලා වැඩක් නෑ මොකද ඉතින් ඒක වාහනයක් තියෙන එකෙක් ගන්නම ඕන දෙයක්නේ. ඒත් සමහර අය හිතනවා, ඕකේ සල්ලි ටික බැංකුවෙ දාගෙන හිටියානම් ලොකු අවුලක් නොවුනොත් සල්ලි ඉතුරුයි කියලා. ඒක හරි කියන්න බෑ. මොකද insurance එක කියන්නෙ උඹේ risk එක බාරගන්න සීන් එකක්. නිකන් හිතපන්කො උඹේ වාහනේ කෝටියක් උනා කියලා, උඹට ඕකට අවුරුද්දකට ලක්ශෙකට විතර premium එකක් සෙට් වෙනවා. accident එකක් නොවුනොත් ගාන ඉතුරුයි, ඒත් හැප්පුනොත් අනිවා ලක්ශෙට වඩා සල්ලි යනවා හදන්න. ඉතින් අපිට අනාගතේ ගැන කියන්න බැරි නිසා full insurance එකක් දාගන්න එක ඇඟට ගුනයි (ගිය අවුරුද්දෙ මට ලක්ශ 6 පැනලා repair සෙට් උනා පොඩි ඇක්සිඩන්ට් 2ක් නිසා)

    දැන් බහිමු ලයිෆ් insurance එකට. මෙතනදි උඹලා මුලින්ම තේරුම් ගන්න මේක ගොඩක් වෙලාවට දන්නේ ඕනා උඹ මැරුනොත් උඹෙන් යැපෙන අයට සල්ලි දෙන්න. නැතුව උඹ ජීවත් උනොත් උඹට අවුරුදු 20 25ක් යනකන් ඕකෙන් වැඩක් නෑ. අනිත් කාරනයක් තමා insurance කාරයෝ ඕක නිකන් investment එකක් විදියට පෙනන්න හදනවා. ඒක අමුම අමු බොරු කතාවක්. හේතුව තමා ලංකාවෙ රුපියල වගේ depreciate වෙන currency එකක් නිසා ඔය දැන් ලොකු වගේ පේන ගාන ඒ අවුරුදු 20 25ක් යනකොට පට්ට පොඩි ගානක් වෙනවා. ඉතින් උඹ අන්තිමට කරල තියෙන්නෙ අවුරුදු 20ක් විතර insurance කාරයගෙ පඩිය ගෙවපු එක විතරයි. උඹට investment එකක් කරන්න ඕනම් වෙන විදියක් බලන එක තමා හොඳ. ඒ කියන්නෙ currency depreciation එක compensate වෙන එකක් හොයාගනින්.

    අනිත් දේ තම health insurance එක. මේක ගොඩක් වෙලාවට උඹට වැදගත් වෙනවා මොකද අසනීපයක් උනොත් private claim කරන්න පුලුවන් නිසා. උඹට සමහරවිට කම්පනි එකෙන් insurance එකක් දෙනවා වෙන්න පුලුවන්. ඒත් ඒක මදි වගේ පෙනුනොත් මේ වගේ එකක් දාන එක පාඩුවක් නෑ. හැබැයි මතක තියාගන්න outdoor ඒ කියන්නෙ clinic ගිහින් බෙහෙත් ගන්න ඒවාට ගෙවන්නෙ නෑ. අනිවා admit වෙලා ඉන්නම ඕනා.

    දැන් insurance වලට පොදු දේවල් ටිකක් බලමු.

    මුල් දේ තමා මේක බිස්නස් එකක්. උන්ට පිස්සු නෑ උඹලට නිකන් සල්ලි දෙන්න. ඉතින් ඔය හැම එකේම conditions තියෙනවා. ගොඩක් වෙලාවට විකුනන එකා ඒ condition උඹට කියන්නෙ නෑ මොකද ඒවා ඇහුවාම උඹට දෙගිඩියාවක් එන නිසා. උදා: health insurance එකක් ගත්තොත් සමහර ලෙඩ කවර් වෙන්නෙ නෑ, සමහර ලෙඩ කවර් වෙන්න උඹ අඩුම ගානෙ මාස 3ක් ඉන්න ඕනා දාපු දවසේ ඉඳන්, සමහර ලෙඩ වලට අවුරුද්දක් ගියාට පස්සෙ තමා කවර් එක active වෙන්නෙ
    ඉතින් කෙලවෙච්ච වෙලාවේ මේ දේවල් ගැන දැන ගන්නවට වඩා, දැනුවත් වෙලා insurance එක දාන එක තමා හොඳ.

    කලින් කිව්වා වගේ insurance කාරයා හදන්නේ උඹෙන් ගාන කඩන්න. ඉතින් ඌට හිතෙන හිතෙන ඒවා ඌ එකතු කරනවා, උඹ මොනාහරි අඩු කරන්න කිව්වොත් මූ උඹට ඒක reverse කරන තැනට තෙල ගහනවා. ඒක හරි ගියෙ නැත්තන් ඌ වෙන මොකක්හරි එක වැඩි කරනවා අර premium එකටම කිට්ටු වෙන්න (හේතුව ඌට එකෙන් 10%ක් වගේ සෙට් වෙනවා). ඉතින් negotiate කරද්දි වෙලාව අරන් කරන්න. උඹට හිතෙන scenarios උගෙන් අහන්න කොහොමද වෙන්නෙ කියලා තේරුම් ගන්න. එතකොට මම අර කලින් කියපු "හැංගුන condition" ටිකත් එලියට එනවා.

    Health insurance එකක් ගන්න කොට නාකි වෙන්න වෙන්න ගෙවන්න ඕන premium එහෙම වැඩි වෙනවා. ඉතින් කලින් දාගන්න එක ඇඟට ගුනයි. අනික තමා අවුරුදු 40ට අඩු වගේ නම් උඹට ඇත්තටම හාර්ට් කන්ඩිශන්, සීනි තිබ්බත් "ඒවා නෑ" කියලා insurance එකක් දාගන්න පුලුවන්. 40 පැන්නට පස්සෙ මම හිතන්නෙ health check එක අනිවා කරනවා.

    health insurance එකක උඹට මොකක්හරි pre condition එකක් තිබ්බොත්, උදා heart attack එකක් කලින් ඇවිත් තියෙනවානම්, still insurance එක දාන්න පුලුවන්. ඒත් උඹට ඒ condition එකට සබැඳිව එන ලෙඩ වලට claim කරන්න බෑ. ඕවත් hidden conditions. insurance එක දාන්න කලින් මොකක්හරි සීන් එකක් තියෙනවානම් agent කාරයත් එක්ක ශේප් එකේ කතා කරපන්. උන් ගොඩක් වෙලාවට කියන්නෙ දාන්න එපා, දන්නෙ නෑ වගේ හිටපන් කියලා. obvious දේවල් ඉතින් නොදා ඉන්න බෑනේ උදා: කකුලක් කපලානම් ඉතින් මාට්ටු වෙනවානේ. ඒත් සීන් වගෙ ඒවා හංගන්න පුලුවන්.

    health insurance වලදි agent සෑහෙන වැදගත් වෙනවා. හේතුව තමා උඹට සමහර ලෙඩ වලට cover නොවුනත් පොඩි ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන්. ඩොකා උගෙ diagnosis card එක ලියන විදියට තමා ඔක්කොම රඳන්නේ. ඉතින් agent කාරයට කලින් සීන් එක කිව්වොත් ඌ අදාල විදියට ඒක ලියයි. motor insurance වලත් agent ඕන වෙන්න පුලුවන්. ඒත් life එකටනම් එච්චර සීන් එකක් නෑ.

    උඹ motor insurance සීන් එකේදී කම්පනි දාල වාහන හදනවානම් පොඩි සීන් එකක් තියෙනවා owners contribution/owners account කියලා. ඒ කියන්නෙ වාහනේ අවුරුදු 5ට වඩා පරනයිනම් brand new කෑලි දැම්මොත් ඒ ගානෙන් 35 -40%ක් වගේ අපි අතින් ගෙවන්න ඕනා. ඕකත් ගොඩ දාන විදි තියෙනවා. කම්පනි එක කරන්නෙ insurance එකට එක බිලක් දීලා අන්තිමට උඹෙන් සල්ලි ගන්න කොට උඹට ලොකු discount එකක් දෙනවා උඹ ගෙවන ගාන සෑහෙන්න අඩු කරන්න.

    අන්තිමට කියන්න තියෙන්නෙ, හැම තිස්සෙම මතක තියාගනින් එක එකාගෙ sales pitch එකට ඇන්දෙන්නෙ නැතුව උඹට අහන්න තියෙන හැම ප්‍රශ්නෙම වෙලාව අරන් අහලා හරියට හොඳට තේරුම් අරන් අවසන් තීරනය ගනින්, උන් කලබල කලාට ගනන් ගන්න යන්න එපා. කම්පනි 2 3කින් quotation අරන් සංසන්දයන කරලා බැලුවත් කමක් නෑ. මොකද සල්ලි උඹේ, කෙල උනොත් කෙලවෙන්නෙත් උඹට තමා.
    godak insruance agents la AIA insurance ekama promote karanne mokada? agent ge comis eka wadida AIA eke?
     
    • Like
    Reactions: netnet

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Softlogic nam habai loss pita neda duwanne?
    Invest karana eka risky nadda?
    Insurance company machan kawadawath lost wenne naha. wena company ekakain ganna eka thama wenne. LIfe Fund ekak maintain karanna one, Insurance Regularity eken overlook karanawa hamadeyakma. Re Insurance karala thiyenne multi national company ekka. eka nisa kawadawath insurance company watenne na. mokada mehe gewana claim okkoma Reclaim wena nisa.

    best ma example eka thama Ceylinco insurance eka. group eka watuna, bank eka govenrment eken monitor kara. Eth insurance company ekata mukuth une na.

    kaata hari asadharanayak unoth insurance Ombudsman ta complain karala sahanayak ganna puluwan.ethanadi habai company eke decision eka aran thiyenne Agreement eke thiyena rules & regulation walata anuwa nam chuuti awlak wenawa, eth salakala balanna support ekak ganna puluwan.