හෙල්මට් එකේ කථාව
මේක මගේ පලවෙනි කථාව. කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. මේ කථාව මගේ ලගම යාලුවෙක් සම්බන්ධ දෙයක්. මූ මට මේ කථාව කිව්වෙ දැන් වැඩ ඇරිලා එන ගමන්. හරි මම ගැන කියලා මගෙන්ම මේ කතාව පටං ගන්නම්.
මම වෘත්තියෙන් ඒ සී වැඩ කරන්නෙ බම්බලපිටිය ප්රදේශයේ කම්පැනියක. මේ අවුරුද්දෙ මුල ඉදන් තමයි මෙතන මම වැඩට යන්නෙ. මගේ යාලුවා මට මුණ ගැහුනෙ මෙතනදි. ඌත් ඒ සී වැඩම තමයි කරන්නෙ. ඌ එතන මට වඩා පරණ, මට වඩා අත්දැකීම් තියෙන එකෙක්. මගේ මුල් දවස් නිසා මම ටිකක් සයිලන්ට් එකේ තමයි වැඩ කලේ. කොතනත් ඉතිං අලුත් එකාට කැපිල්ලනේ. ඕක මම දන්න නිසා පරන උන් එක්ක ලොකු සීන් එකේ හිටියෙ නෑ.
අපේ ලොක්කා එදා මාව වැඩකට දැම්මා මම කීව යාලුවා එක්ක. ඒ වෙද්දිත් මම ඌත් එක්ක වචන 10කට වඩා කතා කරලා නැතුව ඇති. කොහොම හරි ඌත් එක්ක මම ඒ වැඩේට ගියා උගේ ගෝලයා විදිහට. වැඩේ තිබ්බෙත් අපේ වර්ක් ශොප් එකේ ඉදලා 1.5km - 2km වගේ දුරින්. ගියාට පස්සෙයි මතක් උනේ බිත්ති කඩන්න හිල්ටිය ගෙනල්ලා නෑ කියලා. මූ මට උගෙ බයික් එකේ ලයිසන් ඉන්සූරන්සුයි යතුරයි දීලා කිව්වා මල්ලි වර්ක් ශොප් එකට ගිහිං හිල්ටිය අරං බයික් එකේ වරෙන් කියලා. උට තිබුනෙ පල්සර් වර්ගයෙ බයික් එකක්. මම පයින් වර්ක් ශොප් ඇදලා හිල්ටියත් බෑග් එකට දාගෙන එල්ලගෙන උගෙ ෆුල් ෆේස් හෙල්මට් එකත් දාගෙන ඔන්න එන්න පාරට දා ගත්තා. අනුන්ගෙ වාහන පදින්නෙ මම හරි පරිස්සමින්, හෙමින්. ටික දුරක් යද්දි මට කවදාවත් නැතුව හිතුනා ටිකක් හයියෙන් යන්න කියලා. ජියර් 2ක් පහලට දාගෙන පිකප් කරලා ගත්තා බයික් එක ගාලු පාරෙ. මට තේරුනා බයික් එක වැනෙන ගතියක් බර ගතියක් කවුරු හරි පස්සෙ ඉදං ඉන්නවා වගේ. හිල්ටියත් ටිකක් බර නිසා මම ගනන් ගත්තෙ නෑ. කාටවත් කියන්න ගියෙත් නෑ. ඕක තමයි කථාවෙ ආරම්බය.
එදා ඉදන් මූයි මමයි ටික ටික ෆිට් වෙන්න ගත්තා. හොදම යාලුවො උනා. එකට වැඩට යන්න එන්න, ගෙවල් වල එන්න යන්න ගත්තා. අපේ වචනයෙන් කියනවානම් මූ බයික් පිස්සෙක්. ඌත් එක්ක ඉදලා මමත් උගේ ගානට වැටුනා. පස්සෙ මමත් බයික් පිස්සෙක් උනා. අපි බයික් පිස්සෝ කිව්වාට ලොකු බයික් නෑ. පල්සර්ම තමා. උගේ බයික් එක මමත් පදිනවා. අපි කොහෙ හරි යද්දි අපිව ඉස්සර කරලා වෙන බයික් එකක් ගියොත් පස්සෙන් එලවලා ගිහිං ආයෙ ඌව ඉස්සර කරන එක පුරුද්දක් උනා. කථාවෙන් පිට ගියාද මන්දා..
ඉතිං ඌ බයික් එකයි හෙල්මට් එකයි අරං මාසයක් විතර ඇති. ඌයි මායි ෆිට් වෙලත් සතියක් විතර ඇති. එක දවසක් රෑ 7ට විතර මම ඌට මැසේජ් එකක් දැම්මා කොහෙද ඉන්නෙ අහලා. ඌ කීව දේට මගෙ ඇස් කදුලින් තෙමුනා. මම ඒ ක්ෂනික ලැස්ති වෙලා ගියා උන්ගෙ ගෙදර. යද්දී මූ අත පය වෙලාගෙන පැලැස්තර දාගෙන බයික් එක දිහා බලාගෙන කල්පනා කර කර හිටියා. ඌ ඇක්සිඩන්ට් වෙලා. මම ඇහුවා කොහොමද උනේ කියලා.
"මම කාර් එකක් පිටිපස්සෙන් තියාගෙන ගියේ බන්. මම සිග්නල් දාලා ඒ කර් එක ඕල්ටේක් කරන්න හදනවත් එක්කම මගේ පිටි පස්සෙන් ආපු කාර් එක මාවත් ඕල්ටේක් කරගෙන මගේ ඉස්සරහින් ගියපු කාර් එකත් ඕල් ටේක් කරන්න ගියා. ඉස්සරහින් ටිපර් එකක් ආවා. අර කාර් කාරයට ඕල්ටේක් කරන්න වෙලා මදි උන නිසා ආයෙ වම් පැත්තට ගත්තා. ඒ කාර් එකේ ඉස්සරහා බෆර් එක මගේ පස්සෙ රෝදෙ ගැවුනා, බයික් එකේ පස්ස උඩ විසි වෙලා මාවයි බයික් එකයි දෙකම පාරෙන් එහා පැත්තට විසි උනා. වෙලාවට පාරෙන් එලියටම ගියා බන් නැත්තම් ආපු ටිපර් එක යන්නෙ යට කරගෙන"
"ඉතිං ඒ කාර් කාරයා මොකද කිව්වෙ? බයික් එක හදලා දෙන්නම් කිව්වද?"
"නෑ බං. ඒ කාලකන්නියා බීලද කොහෙද. ඇරලා දාලා ගියා"
එදා මට ඔච්චරයි කිව්වෙ. ආයෙ ඊට මාසෙකට විතර පස්සෙ දවසක් උදේ කෝල් කලා මම කීයටද වැඩට යන්නෙ අහන්න. ඌ කිවා
" අඩේ අද මට එන්න වෙන්නෙ නෑ බන්. උදේ කඩේට ගිහින් ඇවිත් බයික් එක පාර අයිනෙ නවත්තලා තිබ්බෙ හෙල්මට් එකත් එක්ක. ඉස්සරහා ගෙදර එකා කැබ් එක රිවස් කලා බන් බයික් එක යට කරගෙන"
මුගෙ නවත්තලා තිබ්බ බයික් එක හප්පලා.
ආයෙ මාසෙකට විතර පස්සෙ නිවාඩු දවසක මූ උගෙ කෙල්ල එක්ක රවුමක් දාන්න ගිහිං මොරටුව පැත්තෙ. හරියටම හවස 6ට විතර මුගෙන් මට කෝල් එකක් ආවා...
"චානා බයික් එක ඇක්සිඩන්ට් උනා බන් ඉක්මන්ට වරෙන් මේකිට හොදටම අමාරුයි මේ හොස්ප්ට්ල් යන ගමන්"
"සිරාවට? කොහෙදිද?"
"හරියටම මොරටුව බෝ ගහ ලග බං. ඉක්මන්ට වරෙන් මම කලුබෝවිල යන ගමන් වීල් එකක"
"හරි මම එන්නම්."
මම කොහොම ගියාද මන්දා උන් හොස්පිට්ල් එකට එනවත් එක්කම මම එතන. මම ගියෙ තව යාලුවෙක් එක්ක.
"ඒ මම මෙයා ලග ඉන්න ඕනෙ බන්. උබලා දෙන්නා මොරටුව බෝ ගහ ලගට පලයං. බයික් එක එතන ඇති. මෙයාට අමාරු නිසා බයික් එක එහෙම්මම තියලා ආවා."
ඒ ක්ෂණයෙන් අපි බයික් එක හොයන් ආවා. ඒ වෙද්දි බයික් එක මොරටුව පොලිසියේ. බයික් එක හොයා ගත්තයින් පස්සෙ යාලුවට කෝල් කරලා කිව්වා. රෑ 8.30ට විතර ඇති.
"එල බන්. මෙයාව ස්කෑන් කලා. ඩොකාලා කිව්වා මුකුත් අවුලක් නැ තැල්ම තියෙන්නෙ කියලා. අපිත් වීල් එකක එන ගමන්"
පොලිසියෙ ඉන්න ගමන් මම ඇහුවා මොකද උනේ කියලා.
" ට්රැෆික් එකෙ බං හිටියෙ. ඉස්සරහා වාහන යද්දි මාත් හෙමින් හෙමින් ඇක්සේලේටරේ ඇල්ලුවා. 7ට 10ට වගේ ආවෙ. හේතුවක් නැතුව ඉස්සරහා වාහනේ එක තැන බ්රේක් කලා. මමත් බ්රේක් ගැහුවට වැදුනේ නෑ. පිටි පස්සෙන් කවුරු හරි තල්ලු කලා වගේ බයික් එක හයියෙන් ගිහින් ඉස්සරහා වාහනේ වැදුනා"
දවස් තුනකට විතර පස්සෙ උසාවි නොගිහින් බයික් එක එලියට ගත්තා.
මූ හැම මාසෙකටම සැරයක් ඇක්සිඩන්ට් වෙන නිසා අපි උට කිව්වා බයික් එක විකුණපන් කියලා. මූ බයික් එකට පන ඇරලා ආදරෙයි. ඌ විකුණන්න කැමති උනේ නෑ. ඊට පස්සෙ කොහොම හරි ඌව කැමති කර ගත්තා බයික් එක පිට කාටවත් නොදී අපි එක්ක එකටම ඉන්න එකෙක්ට විකුණන්න. බයික් එක මුගෙන් ගත්ත එකත් මගේ කලින් ඉදන්ම ලග යාලුවෙක්. ඌ ගත්තට පස්සෙත් මම ඒ බයික් එක පැද්දා. ලොකු සැහැල්ලුවක් දැනුනා ඉස්සරට වඩා. ඌ අද වෙනකනුත් බයික් එක අපි වගේම පිස්සෙක් වගේ වේගෙන් යනවා. අද වෙනකල් හැප්පෙන්න ගිහිල්ලා වත් නෑ.
මගේ යාලුවා බයික් එක විකුනලා ගත්තෙත් පල්සර් එකක්මයි. බයික් එක අරං සතියක් ගියෙ නෑ මූ රෑ වැඩ ඇරිලා එද්දි බල්ලෙක් පැනලා. මූ බල්ලව බෙරන්න ගිහින් ඉස්සරහා රෝදෙ කාණුවක වැටිලා යන වේගෙන්ම ලයිට් කනුවක ඇනිලා.
ඊට පස්සෙ මට තේරුනා මූට තියෙන්නෙ බයික් එකේ අවුලක් නෙමෙයි හෙල්මට් එකේ අවුලක් කියලා. මොකද ඒ හෙල්මට් එක මූ ගත්ත යාලුවා, ඒ කියන්නෙ හෙල්මට් එකේ දෙවනි අයිති කාරයා තුන් පාරක් ඕක දාන් ගිහින් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. අනික මූ හිටියා හෝ නැතා හෙල්මට් එකයි බයික් එකයි එක තැන තියෙනවා නම් බයික් එක නවත්තලා තිබුනත් ඇක්සිඩන්ට් වෙනවා. මම ඕක මූට තේරුම් කරලා කිව්වා හෙල්මට් එක මාරු කරපං කියලා. ඒත් ඇහුවෙ නෑ.
ගිය පොසොන් පෝය දවසේ කොල්ලො සෙට් වෙලා බයික් වලින් පොසොන් බලන්න යන්න. මූ මට පොය දවසෙ රෑ 8ට විතර කතා කලා යමන් කියලා. එවෙලෙ තමයි මම ගෙදර ආවෙත් ගෙදර අය එක්ක පන්සල් ගිහින්. මහන්සි නිසා මම බෑ කියලා හිටියා. පහුවදා උදේ මම කෝල් කලා වැඩට යනවද අහන්න. දන්නවනෙ ඉතින් වෙසක් එකට පොසොන් එකට කොල්ලො ඇවිදින්න ගියාම රෑ වෙනවනේ.. ඉතිං මූ මට කෝල් කලාම කිව්වා
" මට එන්න වෙන්නෙ නෑ බන් අද, උබ පලයං. ඊයෙ මායි අරකියි ඇක්සිඩන්ට් උනා අපේ උන් එක්ක පොසොන් බලන්න ගිහින්"
" ඇයි බන් මොකද උනේ?"
" අපි ගෝල් ෆේස් ගිහිං රේස් එකට ආව බං බම්බලපිටිය දිහාට. මම ගොඩක් ඉස්සරහින් ආවා අරුන්ට වඩා. දන්සලක් තිබුන නිසා මම නැවැත්තුවා. ඒත් එක්කම පස්සෙන් ආපු එකා මගේ එකේ හැප්පුනා. උගෙ බයික් එකයි මගෙ එකයි දෙකම බිම ඇතිල්ලීගෙන ගින්දර විසි වෙවි ගියා. මාවයි කෑල්ලවයි විසි උනා"
"අෆ්ෆට, උබට තුවාලද?"
"මට නම් එච්චර අවුලක් නෑ බන්. බයික් එකටයි කෙල්ලටයි ටිකක් ඩැමේජ්"
උගෙ කෙල්ල මාත් එක්ක ෆිට්. උන් දෙන්නා තරහා උනාම පිණිවිඩ වලට මාව ගන්නෙ. කොල්ලා එවන මැසේජ් එක කෙල්ලට යවනවා, කෙල්ල එවන එක කොල්ලාට යවනවා.
ඉතිං මම ලගදි දවසක් කෙල්ලට කථා කරලා කිව්වා මේ හෙල්මට් එක ගැන.
"හබියට උබවත් කියපංකො හෙල්මට් එක අයින් කරලා අලුත් එකක් ගන්න කියලා"
"ඇයි බන් එහෙම කියන්නෙ?"
ඒකි මගෙන් ඇහුවා.
"ඔය හෙල්මට් එක හෙන අවුල් බන්. කියන දේ තේරුම් ගනින්කෝ"
"හරි හරි, අපි එහෙනම් හෙල්මට් එකත් මාරු කරලා බලමු."
ගිය ඉරිදා මගෙ යාලුවයි උගෙ කෙල්ලයි එකතුවෙලා හෙල්මට් එක ගගකට විසි කරලා දාලා.
දැන් තමයි හොඳම ටික. මේ අද එන ගමන් ඌයි මායි කාතා වෙවි ආපු ටික. අද මම මගෙ බයික් එක තියලා ගියෙ. ඉතින් එද්දි ආවෙ ඌත් එක්ක උගෙ බයික් එකේ.
"චානා උබ දන්නවද සීන් එකක්? මේ ලගක් වෙනකල් අර කෙල්ල මාව ෆලෝ කලා බං"
"හෑ ?? ඒ කවුද"
මම නොදන්න කෙල්ලෙක් උගෙ ජීවිතෙ නොහිටපු නිසයි මම කවුද කියලා ඇහුවෙ..
"ඇයි උබ දන්නවා නේද මගෙ හෙල්මට් එකේ සීන් එක?"
"ඔව් බන්, ඒක හෙන මුස්පේන්තු හෙල්මට් එකක් කියලා මම දන්නවා"
" නෑ බං මම ඇහුවෙ හෙල්මට් එකේ මුල් කථාව දන්නවද?"
"ඒ මොකද්ද බන්? මම දන්නෑ.."
"එහෙනම් ඇයි උබ හෙල්මට් එක අයින් කරන්න කිව්වෙ?"
"ඒ හෙල්මට් එක දාගෙන යද්දි හෙන අමුතුයි බන්. ඒ හෙල්මට් එක නිසා උබ කී පාරක් හැප්පුනාද. මම ඒක දාන් පදිද්දිත් හෙන අමුතුයි. කියපංකො මොකද්ද කෙල්ලගෙ සීන් එක?"
"ඒ හෙල්මට් එක මම ගත්තෙ යාලුවෙක්ගෙන්. ඒ යාලුවා ඔය හෙල්මට් එක දාගෙන යද්දි 3න් පාරක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. ඌත් ඒ හෙල්මට් එක අරං තියෙන්නෙ ඉක්මන් එකෙන් සෙට් වෙලා. ඒ හෙල්මට් එකේ මුල් අයිති කාරයා දැන් නම් ඉන්නෙ රට. ඒ කොල්ලා උගෙ කෙල්ල එක්ක බයික් එකේ යද්දි ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. එතනදි ඒ කෙල්ල මැරිලා. කොල්ලා බේරිලා."
"ඉතිං?"
"ඒ මැරුණ කෙල්ල බන් මේ සේරම කරන්නෙ."
"උබ කොහොමද දන්නෙ?"
"මම ඒ කෙල්ලව මුලින්ම දැක්කෙ බයික් එක ගත්ත මුල් දවස් වල බං. එක දවසක් රෑ වැඩ ඇරිලා එද්දි රෑ උණා. 9ට විතර ඇති. වාහන නැති නිසා හයියෙන් ආවා. මම නිකමට සයිට් කන්ණාඩියෙන් බැලුවම මම දැක්කා කවුරු හරි මගෙ පිටි පස්සෙ ඉදං ඉන්නවා. මම නවත්තලා පස්ස හැරිලා බලද්දි කවුරුත් නෑ. මම එතනින් පිකප් කරලා ගත්තු එක ගෙදරමයි නැවතුනේ.. උබට මේක පදිද්දි දැනිලා නැද්ද බයික් එක වැනෙනවා වගේ බර ගතියක්? නිකන් පස්සෙ කෙනෙක් ඉදගෙන දගලනවා වගේ?"
"අපො තියෙනවා බන්, ඒත් මම ඔයි කියනකල් හොල්මන් සීන් එකක් දැනන් හිටියෙ නැති නිසා ගනන් ගත්තෙ නෑ"
ඇත්තටම ඒක මට මුලින්ම දැනුනෙ පලවෙනි වතාවට උගෙ හෙල්මට් එක දාගෙන බයික් එකේ හිල්ටිය ගේද්දි. මම මගෙ විස්තරේ කිව්වා.
"එදා මම පලවෙනියට ඇක්සිඩන්ට් උනේ, උබ අපෙ ගෙදර අවෙ බන්, එදා මාව පාරෙන් එහාට විසි වෙලා වැටුනෙ කෙල්ලෙක්ගෙ ඉස්සරහට. මම බයික් එක කෙලින් කරලා බැලුවා මාව හප්පපු කාර් කාරයා නැවැත්තුවද කියලා. ඌ කෙලගෙන ගියා. ඒ බලලා ආපහු පස්ස බලද්දි අර හිටපු කෙල්ල නෑ බන්."
මගේ ඇගෙ මයිල් කෙලින් උනේ අද හවස 7.30ට විතර බයික් එකේ එද්දි ඇගට වැදුන හීතල හුලං පාරටද නැත්තම් බයටද කියලා හිතන ගමං මම උත්තර දුන්නා..
"අෆ්ෆට.. ඊට පස්සෙ?"
"ඊට පස්සෙ බන් මම කෑල්ල එක්ක යද්දි මොරටුවෙදි හැප්පුනේ..."
"ඔව්ව්.."
"ඊට පහුවදා ඇගෙ අමාරුවට ඒකි දවල් වෙනකල් නිදා ගෙන. ඇහැරෙද්දි කාබරේ දොර රෙද්ද පිටි පස්සෙ කවුරු හරි තරුණ ගෑනු කෙනෙක් ඉන්නවා දැකලා බන්. මේකි හිතලා තියෙන්නෙ ඒ නැන්දා කියලා. නැන්දා ඉතින් අල්ලපු ගෙදරනේ.. ඒ ගැනු කෙනා කුස්සිය පැත්තට ගිහින්. ඒත් අඩි සද්යක් වත් ඇහිලා නැති නිසා මේකි නැගිටලා ඇවිත් එබිලා බලලා. ඒත් එක්කම මේකි දැකලා කුස්සියෙ ඉදං බාත්රූම් එකට යනවා ඒ ගැනු කෙනා ඡායාවෙන් වගෙ. මේකි බාත්රූම් එක බලද්දි ඒකෙ කවුරුත් නෑලු. මේකි දුවලා නැන්දලහට. ඒ බලද්දි නැන්දා හොදටම නිදිලු. "
"හම්මා කැත සීන් එක නේ ඕයී.."
"ඔව් බන්. ඊට පස්සෙ ගිය පෝය දා ඇක්සිඩන්ට් උනානෙ බන්"
"ආහ් උබලා පොසොන් බලන්න ගිහිං රේස් ගහපු දවසෙ නේහ්..
"
බය ඇරෙන්නත් එක්ක කියලා විහිලුවෙන් ඇහුවා..
" ඔව් බන් එදත් මාව විසි වෙලා ගිහින් වැටුනෙ කෙල්ලෙක් ලග. ඔලුව කෙලින් කරලා බලද්දි ඒ කෙල්ල නෑ. අනික මම නොකිව්වට එවෙලෙ මාවයි කෑල්ලවයි විසි වෙලා යද්දි බං මම දැක්කෙ බයික් එක දෙකට කැඩිලා කොටස් දෙකකට බිම ඇතිල්ලීගෙන යනවා වගේ. කෑල්ලත් දිවුර දිවුර කියන්නෙම දෙකට කැඩුනා කියලා. ඒත් එහෙම නෑ."
"ඉතින් බන් ඔච්චර දේවල් වෙලා තිබිලත් ඇයි හෙල්මට් එක අයින් නොකලේ?"
"ඒක මගෙ ජීවිතේ කී පාරක් බේරුවද බන්.. හැප්පුන හැප්පිලි වලට හෙල්මට් එක නැතිව ගියානම් අද මම නැති වෙලා ඉන්න තිබුණා."
"ඉතිං යකෝ ඒ හෙල්මට් එක නැතුවට තව හෙල්මට් තියෙන්නෙ දාන් යන්න"
"ඒ උනාට.. අනේ මන්දා බන්. මට ඒක අයින් කරන්න හිතුන් නෑ"
" ඉතින් කථාව කිහාංකො"
"මම ඊයෙ පෙරේදා කල්පනා කරද්දි බන් මම ඇක්සිඩන්ට් උන ඒවා සේරම එකකට එකක් ගැලපුනා. ඒ හැම ඇක්සිඩන්ට් එකක්ම උනෙ මගෙ වරදින් නෙමෙයි. එතකොට අර හොල්මන් කෙල්ල ඉන්නෙ.. ඒකි කැමති නැතුව ඇති ඒ හෙල්මට් එකට පිටි පස්සෙන් වෙන කෙල්ලෙක් යනවට. එහෙම නැත්තම් ඒ හෙල්මට් එක වෙන කෙනෙක් දානවට කැමති නැතුව ඇති."
"මට හෙල්මට් එක දාගෙන පදිද්දි අමුත්තක් තේරුණ නිසා තමයි කිව්වෙ මාරු කරපං කියලා"
"දැන් ඒ අමුතු ගති මුකුත් නෑ බන්. බයික් එක බබා වගේ. පට්ට කොන්ට්රෝල්"
කථාව ඉවර වෙනවත් එක්කම අපි ගෙදරට ඇවිත්.
"එලම. මම එහෙනම් බැස්සා. පරිස්සමින් පලයං."
"එල බං. එහෙනම් අපි ගියා"
හෝන් පාරකුත් ගහලා ඌ ගියා. මමත් ගෙට ඇවිත් වොශ් එකක් එහෙම දාලා මේ කථාව ලියන්න ගත්තා.

චානා චානූ