Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    හෙල්මට් එකේ කථාව

    මේක මගේ පලවෙනි කථාව. කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. මේ කථාව මගේ ලගම යාලුවෙක් සම්බන්ධ දෙයක්. මූ මට මේ කථාව කිව්වෙ දැන් වැඩ ඇරිලා එන ගමන්. හරි මම ගැන කියලා මගෙන්ම මේ කතාව පටං ගන්නම්.

    මම වෘත්තියෙන් ඒ සී වැඩ කරන්නෙ බම්බලපිටිය ප්රදේශයේ කම්පැනියක. මේ අවුරුද්දෙ මුල ඉදන් තමයි මෙතන මම වැඩට යන්නෙ. මගේ යාලුවා මට මුණ ගැහුනෙ මෙතනදි. ඌත් ඒ සී වැඩම තමයි කරන්නෙ. ඌ එතන මට වඩා පරණ, මට වඩා අත්දැකීම් තියෙන එකෙක්. මගේ මුල් දවස් නිසා මම ටිකක් සයිලන්ට් එකේ තමයි වැඩ කලේ. කොතනත් ඉතිං අලුත් එකාට කැපිල්ලනේ. ඕක මම දන්න නිසා පරන උන් එක්ක ලොකු සීන් එකේ හිටියෙ නෑ.

    අපේ ලොක්කා එදා මාව වැඩකට දැම්මා මම කීව යාලුවා එක්ක. ඒ වෙද්දිත් මම ඌත් එක්ක වචන 10කට වඩා කතා කරලා නැතුව ඇති. කොහොම හරි ඌත් එක්ක මම ඒ වැඩේට ගියා උගේ ගෝලයා විදිහට. වැඩේ තිබ්බෙත් අපේ වර්ක් ශොප් එකේ ඉදලා 1.5km - 2km වගේ දුරින්. ගියාට පස්සෙයි මතක් උනේ බිත්ති කඩන්න හිල්ටිය ගෙනල්ලා නෑ කියලා. මූ මට උගෙ බයික් එකේ ලයිසන් ඉන්සූරන්සුයි යතුරයි දීලා කිව්වා මල්ලි වර්ක් ශොප් එකට ගිහිං හිල්ටිය අරං බයික් එකේ වරෙන් කියලා. උට තිබුනෙ පල්සර් වර්ගයෙ බයික් එකක්. මම පයින් වර්ක් ශොප් ඇදලා හිල්ටියත් බෑග් එකට දාගෙන එල්ලගෙන උගෙ ෆුල් ෆේස් හෙල්මට් එකත් දාගෙන ඔන්න එන්න පාරට දා ගත්තා. අනුන්ගෙ වාහන පදින්නෙ මම හරි පරිස්සමින්, හෙමින්. ටික දුරක් යද්දි මට කවදාවත් නැතුව හිතුනා ටිකක් හයියෙන් යන්න කියලා. ජියර් 2ක් පහලට දාගෙන පිකප් කරලා ගත්තා බයික් එක ගාලු පාරෙ. මට තේරුනා බයික් එක වැනෙන ගතියක් බර ගතියක් කවුරු හරි පස්සෙ ඉදං ඉන්නවා වගේ. හිල්ටියත් ටිකක් බර නිසා මම ගනන් ගත්තෙ නෑ. කාටවත් කියන්න ගියෙත් නෑ. ඕක තමයි කථාවෙ ආරම්බය.

    එදා ඉදන් මූයි මමයි ටික ටික ෆිට් වෙන්න ගත්තා. හොදම යාලුවො උනා. එකට වැඩට යන්න එන්න, ගෙවල් වල එන්න යන්න ගත්තා. අපේ වචනයෙන් කියනවානම් මූ බයික් පිස්සෙක්. ඌත් එක්ක ඉදලා මමත් උගේ ගානට වැටුනා. පස්සෙ මමත් බයික් පිස්සෙක් උනා. අපි බයික් පිස්සෝ කිව්වාට ලොකු බයික් නෑ. පල්සර්ම තමා. උගේ බයික් එක මමත් පදිනවා. අපි කොහෙ හරි යද්දි අපිව ඉස්සර කරලා වෙන බයික් එකක් ගියොත් පස්සෙන් එලවලා ගිහිං ආයෙ ඌව ඉස්සර කරන එක පුරුද්දක් උනා. කථාවෙන් පිට ගියාද මන්දා..

    ඉතිං ඌ බයික් එකයි හෙල්මට් එකයි අරං මාසයක් විතර ඇති. ඌයි මායි ෆිට් වෙලත් සතියක් විතර ඇති. එක දවසක් රෑ 7ට විතර මම ඌට මැසේජ් එකක් දැම්මා කොහෙද ඉන්නෙ අහලා. ඌ කීව දේට මගෙ ඇස් කදුලින් තෙමුනා. මම ඒ ක්ෂනික ලැස්ති වෙලා ගියා උන්ගෙ ගෙදර. යද්දී මූ අත පය වෙලාගෙන පැලැස්තර දාගෙන බයික් එක දිහා බලාගෙන කල්පනා කර කර හිටියා. ඌ ඇක්සිඩන්ට් වෙලා. මම ඇහුවා කොහොමද උනේ කියලා.

    "මම කාර් එකක් පිටිපස්සෙන් තියාගෙන ගියේ බන්. මම සිග්නල් දාලා ඒ කර් එක ඕල්ටේක් කරන්න හදනවත් එක්කම මගේ පිටි පස්සෙන් ආපු කාර් එක මාවත් ඕල්ටේක් කරගෙන මගේ ඉස්සරහින් ගියපු කාර් එකත් ඕල් ටේක් කරන්න ගියා. ඉස්සරහින් ටිපර් එකක් ආවා. අර කාර් කාරයට ඕල්ටේක් කරන්න වෙලා මදි උන නිසා ආයෙ වම් පැත්තට ගත්තා. ඒ කාර් එකේ ඉස්සරහා බෆර් එක මගේ පස්සෙ රෝදෙ ගැවුනා, බයික් එකේ පස්ස උඩ විසි වෙලා මාවයි බයික් එකයි දෙකම පාරෙන් එහා පැත්තට විසි උනා. වෙලාවට පාරෙන් එලියටම ගියා බන් නැත්තම් ආපු ටිපර් එක යන්නෙ යට කරගෙන"

    "ඉතිං ඒ කාර් කාරයා මොකද කිව්වෙ? බයික් එක හදලා දෙන්නම් කිව්වද?"

    "නෑ බං. ඒ කාලකන්නියා බීලද කොහෙද. ඇරලා දාලා ගියා"

    එදා මට ඔච්චරයි කිව්වෙ. ආයෙ ඊට මාසෙකට විතර පස්සෙ දවසක් උදේ කෝල් කලා මම කීයටද වැඩට යන්නෙ අහන්න. ඌ කිවා

    " අඩේ අද මට එන්න වෙන්නෙ නෑ බන්. උදේ කඩේට ගිහින් ඇවිත් බයික් එක පාර අයිනෙ නවත්තලා තිබ්බෙ හෙල්මට් එකත් එක්ක. ඉස්සරහා ගෙදර එකා කැබ් එක රිවස් කලා බන් බයික් එක යට කරගෙන"

    මුගෙ නවත්තලා තිබ්බ බයික් එක හප්පලා.

    ආයෙ මාසෙකට විතර පස්සෙ නිවාඩු දවසක මූ උගෙ කෙල්ල එක්ක රවුමක් දාන්න ගිහිං මොරටුව පැත්තෙ. හරියටම හවස 6ට විතර මුගෙන් මට කෝල් එකක් ආවා...

    "චානා බයික් එක ඇක්සිඩන්ට් උනා බන් ඉක්මන්ට වරෙන් මේකිට හොදටම අමාරුයි මේ හොස්ප්ට්ල් යන ගමන්"

    "සිරාවට? කොහෙදිද?"

    "හරියටම මොරටුව බෝ ගහ ලග බං. ඉක්මන්ට වරෙන් මම කලුබෝවිල යන ගමන් වීල් එකක"

    "හරි මම එන්නම්."

    මම කොහොම ගියාද මන්දා උන් හොස්පිට්ල් එකට එනවත් එක්කම මම එතන. මම ගියෙ තව යාලුවෙක් එක්ක.

    "ඒ මම මෙයා ලග ඉන්න ඕනෙ බන්. උබලා දෙන්නා මොරටුව බෝ ගහ ලගට පලයං. බයික් එක එතන ඇති. මෙයාට අමාරු නිසා බයික් එක එහෙම්මම තියලා ආවා."

    ඒ ක්ෂණයෙන් අපි බයික් එක හොයන් ආවා. ඒ වෙද්දි බයික් එක මොරටුව පොලිසියේ. බයික් එක හොයා ගත්තයින් පස්සෙ යාලුවට කෝල් කරලා කිව්වා. රෑ 8.30ට විතර ඇති.

    "එල බන්. මෙයාව ස්කෑන් කලා. ඩොකාලා කිව්වා මුකුත් අවුලක් නැ තැල්ම තියෙන්නෙ කියලා. අපිත් වීල් එකක එන ගමන්"

    පොලිසියෙ ඉන්න ගමන් මම ඇහුවා මොකද උනේ කියලා.

    " ට්රැෆික් එකෙ බං හිටියෙ. ඉස්සරහා වාහන යද්දි මාත් හෙමින් හෙමින් ඇක්සේලේටරේ ඇල්ලුවා. 7ට 10ට වගේ ආවෙ. හේතුවක් නැතුව ඉස්සරහා වාහනේ එක තැන බ්රේක් කලා. මමත් බ්රේක් ගැහුවට වැදුනේ නෑ. පිටි පස්සෙන් කවුරු හරි තල්ලු කලා වගේ බයික් එක හයියෙන් ගිහින් ඉස්සරහා වාහනේ වැදුනා"

    දවස් තුනකට විතර පස්සෙ උසාවි නොගිහින් බයික් එක එලියට ගත්තා.

    මූ හැම මාසෙකටම සැරයක් ඇක්සිඩන්ට් වෙන නිසා අපි උට කිව්වා බයික් එක විකුණපන් කියලා. මූ බයික් එකට පන ඇරලා ආදරෙයි. ඌ විකුණන්න කැමති උනේ නෑ. ඊට පස්සෙ කොහොම හරි ඌව කැමති කර ගත්තා බයික් එක පිට කාටවත් නොදී අපි එක්ක එකටම ඉන්න එකෙක්ට විකුණන්න. බයික් එක මුගෙන් ගත්ත එකත් මගේ කලින් ඉදන්ම ලග යාලුවෙක්. ඌ ගත්තට පස්සෙත් මම ඒ බයික් එක පැද්දා. ලොකු සැහැල්ලුවක් දැනුනා ඉස්සරට වඩා. ඌ අද වෙනකනුත් බයික් එක අපි වගේම පිස්සෙක් වගේ වේගෙන් යනවා. අද වෙනකල් හැප්පෙන්න ගිහිල්ලා වත් නෑ.

    මගේ යාලුවා බයික් එක විකුනලා ගත්තෙත් පල්සර් එකක්මයි. බයික් එක අරං සතියක් ගියෙ නෑ මූ රෑ වැඩ ඇරිලා එද්දි බල්ලෙක් පැනලා. මූ බල්ලව බෙරන්න ගිහින් ඉස්සරහා රෝදෙ කාණුවක වැටිලා යන වේගෙන්ම ලයිට් කනුවක ඇනිලා.

    ඊට පස්සෙ මට තේරුනා මූට තියෙන්නෙ බයික් එකේ අවුලක් නෙමෙයි හෙල්මට් එකේ අවුලක් කියලා. මොකද ඒ හෙල්මට් එක මූ ගත්ත යාලුවා, ඒ කියන්නෙ හෙල්මට් එකේ දෙවනි අයිති කාරයා තුන් පාරක් ඕක දාන් ගිහින් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. අනික මූ හිටියා හෝ නැතා හෙල්මට් එකයි බයික් එකයි එක තැන තියෙනවා නම් බයික් එක නවත්තලා තිබුනත් ඇක්සිඩන්ට් වෙනවා. මම ඕක මූට තේරුම් කරලා කිව්වා හෙල්මට් එක මාරු කරපං කියලා. ඒත් ඇහුවෙ නෑ.

    ගිය පොසොන් පෝය දවසේ කොල්ලො සෙට් වෙලා බයික් වලින් පොසොන් බලන්න යන්න. මූ මට පොය දවසෙ රෑ 8ට විතර කතා කලා යමන් කියලා. එවෙලෙ තමයි මම ගෙදර ආවෙත් ගෙදර අය එක්ක පන්සල් ගිහින්. මහන්සි නිසා මම බෑ කියලා හිටියා. පහුවදා උදේ මම කෝල් කලා වැඩට යනවද අහන්න. දන්නවනෙ ඉතින් වෙසක් එකට පොසොන් එකට කොල්ලො ඇවිදින්න ගියාම රෑ වෙනවනේ.. ඉතිං මූ මට කෝල් කලාම කිව්වා

    " මට එන්න වෙන්නෙ නෑ බන් අද, උබ පලයං. ඊයෙ මායි අරකියි ඇක්සිඩන්ට් උනා අපේ උන් එක්ක පොසොන් බලන්න ගිහින්"

    " ඇයි බන් මොකද උනේ?"

    " අපි ගෝල් ෆේස් ගිහිං රේස් එකට ආව බං බම්බලපිටිය දිහාට. මම ගොඩක් ඉස්සරහින් ආවා අරුන්ට වඩා. දන්සලක් තිබුන නිසා මම නැවැත්තුවා. ඒත් එක්කම පස්සෙන් ආපු එකා මගේ එකේ හැප්පුනා. උගෙ බයික් එකයි මගෙ එකයි දෙකම බිම ඇතිල්ලීගෙන ගින්දර විසි වෙවි ගියා. මාවයි කෑල්ලවයි විසි උනා"

    "අෆ්ෆට, උබට තුවාලද?"

    "මට නම් එච්චර අවුලක් නෑ බන්. බයික් එකටයි කෙල්ලටයි ටිකක් ඩැමේජ්"

    උගෙ කෙල්ල මාත් එක්ක ෆිට්. උන් දෙන්නා තරහා උනාම පිණිවිඩ වලට මාව ගන්නෙ. කොල්ලා එවන මැසේජ් එක කෙල්ලට යවනවා, කෙල්ල එවන එක කොල්ලාට යවනවා.
    ඉතිං මම ලගදි දවසක් කෙල්ලට කථා කරලා කිව්වා මේ හෙල්මට් එක ගැන.

    "හබියට උබවත් කියපංකො හෙල්මට් එක අයින් කරලා අලුත් එකක් ගන්න කියලා"

    "ඇයි බන් එහෙම කියන්නෙ?"

    ඒකි මගෙන් ඇහුවා.

    "ඔය හෙල්මට් එක හෙන අවුල් බන්. කියන දේ තේරුම් ගනින්කෝ"

    "හරි හරි, අපි එහෙනම් හෙල්මට් එකත් මාරු කරලා බලමු."

    ගිය ඉරිදා මගෙ යාලුවයි උගෙ කෙල්ලයි එකතුවෙලා හෙල්මට් එක ගගකට විසි කරලා දාලා.

    දැන් තමයි හොඳම ටික. මේ අද එන ගමන් ඌයි මායි කාතා වෙවි ආපු ටික. අද මම මගෙ බයික් එක තියලා ගියෙ. ඉතින් එද්දි ආවෙ ඌත් එක්ක උගෙ බයික් එකේ.

    "චානා උබ දන්නවද සීන් එකක්? මේ ලගක් වෙනකල් අර කෙල්ල මාව ෆලෝ කලා බං"

    "හෑ ?? ඒ කවුද"

    මම නොදන්න කෙල්ලෙක් උගෙ ජීවිතෙ නොහිටපු නිසයි මම කවුද කියලා ඇහුවෙ..

    "ඇයි උබ දන්නවා නේද මගෙ හෙල්මට් එකේ සීන් එක?"

    "ඔව් බන්, ඒක හෙන මුස්පේන්තු හෙල්මට් එකක් කියලා මම දන්නවා"

    " නෑ බං මම ඇහුවෙ හෙල්මට් එකේ මුල් කථාව දන්නවද?"

    "ඒ මොකද්ද බන්? මම දන්නෑ.."

    "එහෙනම් ඇයි උබ හෙල්මට් එක අයින් කරන්න කිව්වෙ?"

    "ඒ හෙල්මට් එක දාගෙන යද්දි හෙන අමුතුයි බන්. ඒ හෙල්මට් එක නිසා උබ කී පාරක් හැප්පුනාද. මම ඒක දාන් පදිද්දිත් හෙන අමුතුයි. කියපංකො මොකද්ද කෙල්ලගෙ සීන් එක?"

    "ඒ හෙල්මට් එක මම ගත්තෙ යාලුවෙක්ගෙන්. ඒ යාලුවා ඔය හෙල්මට් එක දාගෙන යද්දි 3න් පාරක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. ඌත් ඒ හෙල්මට් එක අරං තියෙන්නෙ ඉක්මන් එකෙන් සෙට් වෙලා. ඒ හෙල්මට් එකේ මුල් අයිති කාරයා දැන් නම් ඉන්නෙ රට. ඒ කොල්ලා උගෙ කෙල්ල එක්ක බයික් එකේ යද්දි ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. එතනදි ඒ කෙල්ල මැරිලා. කොල්ලා බේරිලා."

    "ඉතිං?"

    "ඒ මැරුණ කෙල්ල බන් මේ සේරම කරන්නෙ."

    "උබ කොහොමද දන්නෙ?"

    "මම ඒ කෙල්ලව මුලින්ම දැක්කෙ බයික් එක ගත්ත මුල් දවස් වල බං. එක දවසක් රෑ වැඩ ඇරිලා එද්දි රෑ උණා. 9ට විතර ඇති. වාහන නැති නිසා හයියෙන් ආවා. මම නිකමට සයිට් කන්ණාඩියෙන් බැලුවම මම දැක්කා කවුරු හරි මගෙ පිටි පස්සෙ ඉදං ඉන්නවා. මම නවත්තලා පස්ස හැරිලා බලද්දි කවුරුත් නෑ. මම එතනින් පිකප් කරලා ගත්තු එක ගෙදරමයි නැවතුනේ.. උබට මේක පදිද්දි දැනිලා නැද්ද බයික් එක වැනෙනවා වගේ බර ගතියක්? නිකන් පස්සෙ කෙනෙක් ඉදගෙන දගලනවා වගේ?"

    "අපො තියෙනවා බන්, ඒත් මම ඔයි කියනකල් හොල්මන් සීන් එකක් දැනන් හිටියෙ නැති නිසා ගනන් ගත්තෙ නෑ"

    ඇත්තටම ඒක මට මුලින්ම දැනුනෙ පලවෙනි වතාවට උගෙ හෙල්මට් එක දාගෙන බයික් එකේ හිල්ටිය ගේද්දි. මම මගෙ විස්තරේ කිව්වා.

    "එදා මම පලවෙනියට ඇක්සිඩන්ට් උනේ, උබ අපෙ ගෙදර අවෙ බන්, එදා මාව පාරෙන් එහාට විසි වෙලා වැටුනෙ කෙල්ලෙක්ගෙ ඉස්සරහට. මම බයික් එක කෙලින් කරලා බැලුවා මාව හප්පපු කාර් කාරයා නැවැත්තුවද කියලා. ඌ කෙලගෙන ගියා. ඒ බලලා ආපහු පස්ස බලද්දි අර හිටපු කෙල්ල නෑ බන්."

    මගේ ඇගෙ මයිල් කෙලින් උනේ අද හවස 7.30ට විතර බයික් එකේ එද්දි ඇගට වැදුන හීතල හුලං පාරටද නැත්තම් බයටද කියලා හිතන ගමං මම උත්තර දුන්නා..

    "අෆ්ෆට.. ඊට පස්සෙ?"

    "ඊට පස්සෙ බන් මම කෑල්ල එක්ක යද්දි මොරටුවෙදි හැප්පුනේ..."

    "ඔව්ව්.."

    "ඊට පහුවදා ඇගෙ අමාරුවට ඒකි දවල් වෙනකල් නිදා ගෙන. ඇහැරෙද්දි කාබරේ දොර රෙද්ද පිටි පස්සෙ කවුරු හරි තරුණ ගෑනු කෙනෙක් ඉන්නවා දැකලා බන්. මේකි හිතලා තියෙන්නෙ ඒ නැන්දා කියලා. නැන්දා ඉතින් අල්ලපු ගෙදරනේ.. ඒ ගැනු කෙනා කුස්සිය පැත්තට ගිහින්. ඒත් අඩි සද්යක් වත් ඇහිලා නැති නිසා මේකි නැගිටලා ඇවිත් එබිලා බලලා. ඒත් එක්කම මේකි දැකලා කුස්සියෙ ඉදං බාත්රූම් එකට යනවා ඒ ගැනු කෙනා ඡායාවෙන් වගෙ. මේකි බාත්රූම් එක බලද්දි ඒකෙ කවුරුත් නෑලු. මේකි දුවලා නැන්දලහට. ඒ බලද්දි නැන්දා හොදටම නිදිලු. "

    "හම්මා කැත සීන් එක නේ ඕයී.."

    "ඔව් බන්. ඊට පස්සෙ ගිය පෝය දා ඇක්සිඩන්ට් උනානෙ බන්"

    "ආහ් උබලා පොසොන් බලන්න ගිහිං රේස් ගහපු දවසෙ නේහ්.. 😂😂"

    බය ඇරෙන්නත් එක්ක කියලා විහිලුවෙන් ඇහුවා..

    " ඔව් බන් එදත් මාව විසි වෙලා ගිහින් වැටුනෙ කෙල්ලෙක් ලග. ඔලුව කෙලින් කරලා බලද්දි ඒ කෙල්ල නෑ. අනික මම නොකිව්වට එවෙලෙ මාවයි කෑල්ලවයි විසි වෙලා යද්දි බං මම දැක්කෙ බයික් එක දෙකට කැඩිලා කොටස් දෙකකට බිම ඇතිල්ලීගෙන යනවා වගේ. කෑල්ලත් දිවුර දිවුර කියන්නෙම දෙකට කැඩුනා කියලා. ඒත් එහෙම නෑ."

    "ඉතින් බන් ඔච්චර දේවල් වෙලා තිබිලත් ඇයි හෙල්මට් එක අයින් නොකලේ?"

    "ඒක මගෙ ජීවිතේ කී පාරක් බේරුවද බන්.. හැප්පුන හැප්පිලි වලට හෙල්මට් එක නැතිව ගියානම් අද මම නැති වෙලා ඉන්න තිබුණා."

    "ඉතිං යකෝ ඒ හෙල්මට් එක නැතුවට තව හෙල්මට් තියෙන්නෙ දාන් යන්න"

    "ඒ උනාට.. අනේ මන්දා බන්. මට ඒක අයින් කරන්න හිතුන් නෑ"

    " ඉතින් කථාව කිහාංකො"

    "මම ඊයෙ පෙරේදා කල්පනා කරද්දි බන් මම ඇක්සිඩන්ට් උන ඒවා සේරම එකකට එකක් ගැලපුනා. ඒ හැම ඇක්සිඩන්ට් එකක්ම උනෙ මගෙ වරදින් නෙමෙයි. එතකොට අර හොල්මන් කෙල්ල ඉන්නෙ.. ඒකි කැමති නැතුව ඇති ඒ හෙල්මට් එකට පිටි පස්සෙන් වෙන කෙල්ලෙක් යනවට. එහෙම නැත්තම් ඒ හෙල්මට් එක වෙන කෙනෙක් දානවට කැමති නැතුව ඇති."

    "මට හෙල්මට් එක දාගෙන පදිද්දි අමුත්තක් තේරුණ නිසා තමයි කිව්වෙ මාරු කරපං කියලා"

    "දැන් ඒ අමුතු ගති මුකුත් නෑ බන්. බයික් එක බබා වගේ. පට්ට කොන්ට්රෝල්"

    කථාව ඉවර වෙනවත් එක්කම අපි ගෙදරට ඇවිත්.

    "එලම. මම එහෙනම් බැස්සා. පරිස්සමින් පලයං."

    "එල බං. එහෙනම් අපි ගියා"

    හෝන් පාරකුත් ගහලා ඌ ගියා. මමත් ගෙට ඇවිත් වොශ් එකක් එහෙම දාලා මේ කථාව ලියන්න ගත්තා.

    චානා චානූ
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මේක මගෙ පලමු කතාව ඔන්න පටන් ගන්නවා මම O/l exam කලෙ 2014 දන්නව නේ ඉතින් ඊට පස්සෙ කොල්ලනට සල්ලි හොයන්න පුදුම ආසාවක් නේ තියෙන්නෙ ඉතින් මටත් හිතුන ගෙදර ඉදන් සල්ලි හොයන්න මොකක් හරි කරන්න මම අනුරාධපුර අපි ගොව්තැන් කරන්නෙ ඉතින් සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඔනෙ කොහොමහරි මම නැංගා සුනාමියකට ( කොල මඩින යන්ත්‍ර ) ඉතින් අපි දැන් වැඩ සල්ලිත් හම්බ වෙනවා දැන් ගමෙ වැඩ ඉවරයි සුනාමියෙ අයිති කාරයා කිව්වා අපි සුනාමියත් අරන් අනුරාධපුර යමු කියලා ( සාලියපුර ) දැන් ඔහොම සාලියපුර සුනාමි ගහනවා කොහොම හරි කිසි ප්‍රශ්නයක් නැතුව දවස් 5ක් විතර ගැහුවා මෙ සිද්දිය උනෙ 6 වෙනි දවසෙ අපි හිටියෙ පාලුවට ගියපු වලව්වක් වගෙ තැනක ඒදා කට්ටය අරක්කු බොතලයක් ගෙනත් ඌරු මස් උයලා පාට් මම පොඩ් හින්දා බොන්නෙ නැ දැන් කට්ටිය ඔක්කම බීලා මමත් එක්ක 5ක් හිටියෙ මම කාලා නිදාගන්න හැදුවට මට නිදගන්න දුන්නෙ නැ අනිත් කොල්ලො කොහොම හරි රෑ 12 වෙනකල් උන් පාට් ඊට පස්සෙ නිදගත්තා මමත් නිදාගන්න ගියපුවාම නිදාගන්න බැ අරක්කු ගද පස්සෙ මට හම්බ උනා බූරු ඇදක් අනුරාධපුර පැත්තෙ අය දන්නවනෙ මාර්තු මාසෙට කොච්චර රස් නෙද කියලා මම ජනෙලෙත් ඇරගෙන බූරුඇදත් දගෙන නිදි කොහොම හරි නින්ද යාගෙන එද්දින් ලොකි සද්දයක් ඇහුනා කුස්සිය පැත්තෙන් මම ගනං ගත්තෙ නැ පුසෙකුත් හිටපු හින්දා ඊට පස්සෙ ඒ ගෙදර තිබ්බෙ ලොකු ගෙට්ටුවාක් ගෙට්ටුව ඇරෙන කිරි කිරි සද්දෙ හුලගකුත් හමපු හින්දා ගනං ගත්තෙ නැ මම ජනෙලෙ පැත්තට හැරිලා ඉනනකොට දැක්කා සුදු ඇදගත්තු ගෑනු කෙනෙක් ගෙට්ටුව ගාව ඉන්නවා මම බය වෙලා අනිත් අයට ඇහැරෙව්වා ඊට පස්සෙ බලද්දින් ගෑනු කෙනා නැ ඒ ගමෙ හිටියා පොඩ්ඩක් පිස්සු ගෑනු කෙනෙක් එයා වෙන්න ඇති කියලා ඒ අය මට කිව්වා කොහොම හරි මම නිදාගත්තා උදෙ වැඩට ගිහින් ඔය විස්ටරෙ ගමෙ කෙනෙකුට කිව්වා ඒයා කියපු කතාවට මම හිරි වැට්ලා ගියා කිව්වා පුතෙ ඔය ගෙදර හිටියෙ නිලමෙ කියලා මිනිහෙකුයි එයාගෙ ගෑනියි පස්සෙ පවුල් ප්‍රශ්නයකට ගෑනි එල්ලිලා මලා ලනුව කපලා මිනිය තියලා තියෙන්නෙ බුරු ඇදෙ ඔය ගෙදර පිට මිනිස්සුන්ට ඉන්න දෙන්නෙ නෑ කිව්වා මම ඔය විස්තරෙ කොල්ලන්ට කියලා ඒදාම ආපහු ගෙදර ආවා
    Nipun Sandeepa
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    සාගර කියන්නේ ත්‍රිවිල් හයර් කරලා එදා වේල හම්බකරගන්න පුද්ගලයෙක්.එක දවසක් මේයාට දුර පැත්තකට හයර් එකක් යන්න සෙට් වෙනවා.මේයා ඒ හයර් එක ගිහින් ඉවර වෙනකොට වේලාව රෑ 8.00 ට විතර ඇති.මේයා ඒ හයර් එක ඉවර වේල ගෙදර යන ගමන් අතුරු පාරක වයසක මිනිහෙක් ත්‍රිවිල් එකට අත දාලා නවත්තනවා.ඊට පස්සේ ඒ වයසක මිනිහා ත්‍රිවිල් එකට නැගලා එයාට යන්න ඕන තැන කියනවා.මෙහෙම ටික දුරක් යනකොට සාගරට මේ දෙන්නා අතර තියෙන නිස්සබ්දතාවය කරදරයක් වෙනවා මෙයා ඒ නිස්සබ්දතාවය බිද දමාලා කතාව පටන් ගන්නවා.

    "අන්කල් මේ රෑ කොහෙද ගියේ"

    වයසක මිනිහාගෙන් උත්තරයක් නැහැ.ඊට පස්සේ සාගරට හිතුනා මේ මිනිහා එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා.මිනිහා කට ඇරියේ යන පාර කියද්දී විතරයි.මේ මිනිහාගේ ගේ ගාවට අවාට පස්සේ මිනිහා ත්‍රිවිල් එකෙන් බැහැලා සල්ලි ඇරන් එන්නම් කියලා ගේ ඇතුලට ගියා.විනාඩි විස්සක් විතර ගියා මේ මිනිහා තාම අවෙ නැහැ.ඊට පස්සේ සාගර ත්‍රිවිල් එකෙන් බැහැලා සල්ලි ඉල්ල ගන්න කියලා ගේ ඇතුලට ගියා.ගේ ඇතුලේ අවුරුදු 60 ක විතර වයසක ගැහැනු කෙනෙක් පත්තරයක් බල බල ඉන්නවා.මේයා ඊට පස්සේ ගැනු කෙනාට කතා කරා.

    "ඇන්ටි මෙ ගෙදර අන්කල් කෝ.එයා මගේ ත්‍රිවිල් එකේ හයර් එකක් ආවා.සල්ලි ඇරන් එන්නම් කියලා ගේ ඇතුලට ගියා.ගියා ගියාමයි තාම ආවේ නැහැ"

    පුතා මන් කියන් දේ අහලා කලබල වෙන්න එපා.මගේ මහත්තයා මැරිලා අවුරුදදක් විතර වෙනවා.

    ඒ වචන ටික ඇහුවා විතරයි සාගරගේ ඇගේ මයිල් කෙලින් වුනා.

    "මේ තියෙන්නෙ එයාගේ පෝටො එක"කියලා මල් මාලයක් දැම්ම පෝටො එකක් පෙන්නුවා.ඒකේ හිටියේ දැන් ටිකකට කලින් සාගරගේ ත්‍රිවිල් එකේ ආපු වයසක මිනිහා.

    "පුතේ මගේ මහත්තයා මැරුනට පස්සේ කිප සැරයක්ම මෙහෙම ත්‍රිවිල්වලින් ආවා.හැබැයි එයාගෙන් කාටවත් කිසිම කරදරයක් වුනේ නැහැ.පුතගේ හයර් එකේ ගාන කීයද"

    "සල්ලි එපා ඇන්ටි"කියලා ඉක්මනින් ත්‍රිවිල් එකට නැගලා සාගර ගෙදර යන්න ගියා

    Sandaru Nimsara
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ඉතාලියේ සාපලත් ගම්මානයේ අවාසනාවන්ත කතාව

    ඉතාලියේ දකුණු දෙස බැසිලිකාටා ප්‍රදේශයේ කන්දක් මත පිහිටා ඇති පැරණි ගම්මානයක් වන කොලොබ්‍රාරෝ එරට අවාසනාවන්තම ගම ලෙස හැඳින්වෙයි. 1940 දක්වා දිවෙන පුරාවෘත්තයන්ට අනුව එවකට එහි ප්‍රධානියාවු බියාජියෝ විර්ජිලියෝ අසල මැටෙරා නගරයේ පැවති රැස්වීමකදී තමා කී දෙයක් සනාථ කිරීමට මෙසේ කීවේය.”මම කියන කතාව බොරුවක් නම් මේ උඩ එල්ලලා තියෙන වීදුරු පහන බිමට වැටෙන්න ඕනෙ.”ඒ වචනත් සමග චැන්ඩ්ලියර් එක හෙවත් එම පහන බිමට කඩා වැටුණේ විර්ජිලියෝ ගේ ගම්මානය වන කොලොබ්‍රාරෝ වෙත අවාසනාවද කැඳවමිනි.
    වර්තමානයේදි කොලොබ්‍රාරෝ ගම්මානය ප්‍රකටව ඇත්තේ එහි නම පවා පැවැසීමෙන් වැලකිය යුතු ගමක් හැටියටය. අවට ගම්මානවල ජනතාව කොලොබ්‍රාරෝ ගැන සඳහන් කරන්නේ “අර පරණ කතාවල එන ගම”යනුවෙනි.ඉන් නොනවතින ඔවුහු වැරදීමකින් හෝ කිසිවෙකු වෙතින් එහි නම කියැවුනොත් වාසනාව පතා කරන සම්ප්‍රදායික කටයුත්තක් වූ ලීයෙන් කල යමක් ස්පර්ශ කරති. මේ ගැන කතා කරන කොලොබ්‍රාරෝ ගම්මානයේ ඇතැම් පැරණි වැසියන් කියන්නේ විර්ජිලියෝ ගමට ගෙනා අවාසනාවක් නැති බවය. මේ ඇතැමෙකුට ඔහු ගැන හොඳ මතකයක් ඇත. මේ අවාසනාව ගැන කතාව එහි වැසියන් විසින්ම ගොතන ලද්දක් බව ඔවුන්ගේ අදහසයි.
    “පිටින් ආපු කෙනෙකුගේ වාහනයක් මේ ගමේදී කැඩුණත්, ටයර් එකක හුළං ගියත් දොස් කියන්නේ ගමට”එහි පැරණි වැසියෙකු වන මැටියෝ කියයි.
    කැලබ්‍රියා සහ පුග්ලියා අතර පිහිටි දකුණු දිග බැසිලිකාටා ප්‍රදේශය කැලෑවෙන් ගහන අඳුරු ප්‍රදේශයක් වීම හේතුවෙන් ක්‍රාකෝ වැනි හොල්මන් බහුල බවට ප්‍රකට ගම්මානවලටද මෙම කලාපය තෝතැන්නක්ව තිබේ. සම්ප්‍රදායයන් හා මිථ්‍යා විශ්වාසයන්ද මෙම පසුබිම තුළ බහුලය. පහන කඩාවැටීමේ පුරාවෘත්තයට අමතරව කොලොබ්‍රාරෝ ගම්මානයේ ජනතාව පරම්පරා ගණනක් තිස්සේ මායාකරුවන් හා මායාකාරියන් ගැන කතන්දරද අසා තිබේ. 1950 ගණන්වලදී මායා බලයෙන් තම තමුන්ගේ ගම්මාන පාලනය කරන බව පැවැසෙන දකුණු ඉතාලියේ බලගතු කාන්තා කණ්ඩායමක් ගැන මෙන්ම ඔවුන් විසින් කරනු ලබන ශාප හා හදි හූනියම් ගැන මේ ගමෙන්ද අසන්නට ලැබේ. මේ සියලු කතන්දර නිසා ඉතාලිය පුරා කොලොබ්‍රාරෝ අවාසනාවන්තම නගරය ලෙස ප්‍රකටවීම අසීරු වූයේද නැත.
    මේ සියලු මිථ්‍යා විශ්වාසයන් හා පුරාවෘත්ත තවදුරටත් සනාථ කිරීමට මෙන් 2011 වසරේදී කොලොබ්‍රාරෝ වැසියන් ආරම්භ කළ “ඩී්‍රම් ඔෆ් ද නයිට් ඉන් දැට් වි‍ලේජ්”නම් වීදි සංදර්ශනය ඉන්පසුව වාර්ෂිකවද පැවැත්විණි.ඒ අනුව වසරේ හැම අගෝස්තු මාසයකම දෙස්,විදෙස් සංචාරකයින් කොලොබ්‍රාරෝ වෙත ඇදෙන්නේ ගමේ වීදි හා චතුරශ්‍රයන් පුරා රඟ දැක්වෙන මායාකරුවන් හා මායාකාරියන් ගැන කතා ඇතුළත් වීදි නාට්‍ය නැරඹීමටය. ගම්මානයට ඇතුලු වන විටම පිටතින් එහි පැමිණෙන්නන්ට ගම්මානයේ අවාසනාව ගැන දැනුම්දීමක් කෙරෙන කුඩා මල්ලක් ලැබෙයි. එහි ඇතුළත්වන්නේ අවාසනාව මගහැරීම සඳහා ලුනු, දරුවන් ලැබිම සංකේත වත් කරන තිරිඟු ටිකක්, ප්‍රේමය, රූමත් බව හා නරක ආත්ම පලවා හැරීමට රෝස්මරී අතු කිහිපයක් සහ පිරිසිදු බව සමග සාමකාමී බව සංකේතවත් කිරීමට ලැවෙන්ඩර් මල් කිහිපයකි.
    වීදි සංදර්ශනය තුළ දක්නට ලැබෙන ප්‍රකට චරිතයක් වන “කුඩා පූජකවරයා”ලෙස හැඳින්වෙන ළමා නඵවා සංකේතවත් කරන්නේ බෞතිස්ම කිරීමට පෙර මියගිය කුඩා දරුවෙකු සම්බන්ධ පුරාවෘත්තයක් බව පැවැසෙයි. හාස්‍යයටද බර සියුමැලි චරිතයක් වන ඔහු තරුණියන් නිදා සිටින තැන්වලට ගොස් ඔවුන්ගේ යටි පතුල් කිතිකැවීම හා ඔවුන්ගේ කන්වලට කොඳුරා රහස් කීම ගැන ප්‍රකටය. ඒවා නැවැත්වීමට නම් කළ යුත්තේ ඔහුට නැතිවම බැරි හිස පැලඳ සිටින තොප්පිය ගලවා ගැනීමය.මේ සංදර්ශනය තුළ තවත් විශේෂ අංගයක් වන්නේ මිනිස් වෙස්ද ගතහැකි වෘකයින් ලෙස සැරසුනු පිරිසකි. පුරාවෘත්තයකට අනුව නත්තල් දින මැදියම් රැයේදී උපන් සාමාන්‍ය පිරිමින් කිහිපදෙනෙක් පුන් සඳ පායා ඇති රාත්‍රී කාලයට වෘක වෙස් ගෙන තිබේ. එවන් රැයට ගමම බියවද්දන සාපලත් මේ පිරිස ඉන් ගලවා ගැනීමට කළ යුත්තේ ඇල්පෙනෙත්තක් වැනි යමකින් ඇන ඔවුන්ගෙන් රුධිරය බිඳක් හෝ ගලායාමට සැලැස්වීම බවත් මෙම ජනප්‍රවාදයෙහි එයි.
    කෙසේවුවද මේ සියල්ල මැද කොලොබ්‍රාරෝ සතු රහස් රැකගෙන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට එහි වැසියන් තුළ කැමැත්තක් තිබේ. මෙම රහස් හෙළිකළොත් ඒවායේ අගය අඩුවන බව සිතන ගම්වැසියන් පිටස්තරයෙකුට ඒවා හෙළිකරන්නේද නැත.එබැවින් ඇතැම් විටක සත්‍යයක්ද විය හැකි මිථ්‍යා විශ්වාස හා පුරාවෘත්ත රැගෙන කොලොබ්‍රාරෝ ගම්මානය ඉදිරියේද ඉතාලියේ අවාසනාවන්තම නගරය ලෙස පවතිනු ඇත.

    නිශානි දිසානායක
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ගොඩකවෙල රංවල පදිංචි හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමාගේ වයස අවුරැදු එකසිය දහයකි. දැනට ලංකාවේම සිටින වයෝවෘද්දම යකැදුරා වන්නේ ඔහුය. දු දරැවන් දහතුන් දෙනෙකුගේ පියෙකු වන කට්ටඩි මාමා‍ සිව් මුනිබුරන් දැක ඇත්තෙකි. ජිවිතයේ සැදෑ සමය ගෙවන ඔහු නිරෝගි සුවෙන් ගත කරන අතර සිය ජිවිතයේ ලද අත්දැකිම් වලින් එකක් මේ විදියට අපිත් සමග හෙළි කළා..
    වසර සිය ගනනකට එපිට සජිවි අත්දැකිම් ඇති ඉතිහාසයක් මතකයේ තබන් සිටින වාසනහාමි කට්ටඩි මාමාගේ යකදුරැ ජිවිතයේ මුහුන පෑව සුවිසේසිත වු අභියෝගයක් ලෙස ගාල්ලේ දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසේ තොවිලය තවමත් පොත්ත කන්ද ප්‍රදේශවාසින් සිහිපත් කරයි.
    සදලතා සදක්වන් රෑමත්ය. ඇය පිටර් අප්පුහාමිගේ බාලම දියනියයි. වැඩිවියට පැමිනි සදලතා තවත් රෑමත් වුවාය. වරක් බැලුව ඇයගේ රැව සදාමතකයේ රැදෙනවා නොඅනුමානයි. බැල්ම හෙලනා ගමේ තරැනයෝද අපමනයි. පිපුනු රෝස කුසුම හදිසියේම මැලව විරැපව ගියේ කවුරැ හෝ කල කොඩි විනයකිනි. රට වටා දන්නා නොයෙක් යකැදුරන් ගෙන්වා තොවිල් කලද කිසිදු පලක් නොවිය. ඇයට කල කොඩි විනය කපා හෙලිය හැකි ජගතෙකු සොයා ගැනිම ට නොහැකි විය.
    “කට්ටඩි උන්දේ තමුන් නැහැ ගැන පාතරට අපිටත් තතු විත්ති ආරංචි වෙලයි ආවේ. අපේ තිබුන සියලුම සබ්බ සකලමනාවම මගේ කෙලිව ගොඩ දාන්න වියදම් කලා දැන් අපිට ඉන්න හිටින්න තැනක් නැති ගානයි. අනේ මගේ කෙලිව ගොඩ දාල දෙන්න කට්ටඩි උන්දෙ ඔහේට බුදු බව අත් වෙනවා “එක්තරා සැදෑවක හේරත් මුදියන්සෙලාගේ වාසනහාමි කට්ටඩි මාමා හමුවිමට පැමිනි පිටර් අප්පුහාමි සිය දුක් ගැනවිල්ල තැබිය.“ඔය ඇත්තෝ බොහොම දුර බැහැරක ඉදල මම හොයාගෙන ආව එක ගැන සතුටුයි. මට ඔහේගේ දුක තේරෙනව. හැබැයි උන්නැහැ ඔහෙල ඉන්න පාත රට බොහොම බලගතු මංත්‍ර ශාෂ්ත්‍ර දන්න උදවිය ඉන්නවනෙවැ”“එහෙමයි කට්ටඩි උන්දේ මුලු දකුනෙම කයට්ටඩි ගෙනත් තොවිල් කලා ඇති වුන සෙතක් නැහැ තිබුන සබ්බ සකලමනාව වියදම් වුනා මගේ කෙලි තවත් වැහැරැනා ඒක විතරයි සිද්ධ වුනේ” පිටර් අප්පුහාමි ආයචනාත්මක බැල්මක් හෙලිය.
    “මට ඔය ඇත්තන්ට පොරොන්දු වෙන්න බැහැ මම සනිප කරල දෙඤඤ කියල. ඒත් ඔහේල මෙච්චර දුරකතර ගෙවාගෙන මාව විස්වාස කරල ආවනේ ඒ නිසා මමත් සුදුසු දිනකදි එඤඤ්”
    “බුදු බව අත්වෙනව කට්ටඩි උන්දෙ ඔහේගෙ අනුකම්පාවටම”
    ආගන්තුකයන් සුදුසු සංග්‍රහ විද පිටව ගියාට පසුව වාසනහාමි කට්ටඩි මාමා කල්පනා කලේ ගාලුගමන පිලිබදවයි. රෝගියා පරික්ෂා කර නොකට කුමන අසනිපයක් තිබේදැයි නිශ්චය කල නොහැකිය.
    හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා ගාල්ල දොඩම්දුවේ පිටර් අප්පුහාමිගේ නිවසට ගියේ එයින් ටික දිනකට පසුවයි. සිය යකදුරැ අත්තේවාසිකයන් දෙදෙනාද ඒ සදහා රැගෙන ගියේය. දිර්ග කලක් සිය දියනියගේ අසනිපය වෙනුවෙන් සියලුම සේසත අහිමි කරගත් පිටර් අප්පුහාමිගේ පවුලේ උදවියගේ ආර්තික තත්වය හොදින් අවබෝදකරගත් කට්ටඩි මාමා තොවිලයේ අටමගලයේ සිට සියලුම අඩුම කුඩුම වාසනහාමි කට්ටඩි මාමා අතින්ම දරාගැනිමට හෙතෙම කාරැනික විය.
    අසල්වාසින් ඤ්තින් විසාල පිරිසක් තොවිල් ගෙදර වැඩකටයුතු සදහා සිය දායකත්වය ලබා දුන්හ. පිටර් අප්පුහාමි තැනගේ නිවසේ මිදුලේ තොවිලය සදහා සියලුම කටයුතු සුදානම් කර අහවරයි.
    කලවිනයෙන් ආතුරයා වු රෑමත් සදලතාගේ වැහැරිම ඔනෑම අයෙකු සංවේගයට පත්වන්නේය. යම් නිවසකට හෝ පුද්ගයකුට යමෙකු කොඩි වින කිරිමේදි යංත්‍ර මංත්‍ර ශාෂ්ත්‍රනු කූලව කලු යකා රිරි යකා මහාසෝනා වැනි සම්මත මිත්‍යා දිෂ්ටි යකෙකු හෝ එම නිවසේම මල ගිය ප්‍රාකාරයකු එසේත් නොමැතිනම් වෙනත් මලගිය ප්‍රාණ කාරයකු හෝ මල ගිය ප්‍රෙරේතයකු උපයෝගි කරගනි. යකදුරා ශාන්ති කර්මය කරද්දි මේ සියල්ලම ගැන හොද අවබෝදයකින් සිටිය යුතුයි.
    “යක්කු එලවන මංත්‍ර වලින් පෙරේතයෝ එලවන්න බැහැ ගෙවලයකුන් එයිටත් වඩා දරැනුයි පෙරේතයෝ මංත්‍ර වලට වලංගු නැහැ ප්‍රෙරේතයෝ එලවන්න බොහෝදුරට උපයෝගි කරගන්නෙ පිරිත් සුත්‍ර මිත්‍යා දිස්ටික දරැනු යකුන් පිරිත් වලට වලංගු නොවුනද අවසානයේ බුදු ගුනවලට වලංගු විමට යකුන්ට සිදු වෙනවා අපේ පිරිත් පොතේ ආටානාටිය පිරිතෙත් කියවෙනවනේ බුදුගුන වලට වලංගු නොවන යකුන් වෙනුවෙන් යක්ෂ සමාගමෙන් දෙන දඩුවම් ගැන.‍ යක්ෂ දිෂ්ටියක් වැසුන කෙනෙකුට සුදුසු ප්‍රතිකර්මයක් කරනකම් යකදුරා විසින් මුලින් ම ඇප නුලක් දානවා ඇප නුලෙන් කෙරෙන්නේ තාවකාලිකව වර්දනය විම වලක්වා ගැනිම එයිට පස්සේ සුදුසු දිනකදි ඒ සදහා තොවිලය කරනවා යක්ෂ දිෂ්ටියක් වැටුනම මේ ආතුරයාව වලංගු කර ගන්න වෙනවා යකදුරාට ඒ වලංගු කරගෙනම තමයි විස්තරය විමසන්නේ” වාසනහාමි කට්ටඩි මාමා කීය.
    “ගෙවලයක් බන්දනයේදි මෙයිට වඩා ටිකක් තදයි මොකද ගෙවල යකා ලෙස වැසුන එකා ලේසියෙන් යන්නෙ නැහැ ගෙවල යකා කියන්නේ ඒ නිවසටම හෝ ඉඩමටම අයිතිවාසිකමක් තියන කෙනෙක් නේ, ඒ අයිතියත් එක්ක කොහොම පැන්නුවත් යලි එන තත්වය තියනවා ඒ නිසා තමයි ඒ යකුන් අල්ලල බෝතලයකට දැමිම ගහකට තියල ඇණ ගැසිම එහෙමත් කරන්නේ ගෙවල යකාටත් මල පෙරේතය කියලත් සාමාන්‍යයෙන් හදුන්වනවා ඒත් මේ ගෙවල යකා සෑහෙන බොරැ කියනවා ශරිරය අතහැරල යනවා කියල සැම දිවිරිල්ලක්ම දිව්රනවා එහෙම කියල ආයෙත් එනවා”
    කෙනෙකු කල කොඩිවිනයකින් හොල්මන් විමකින් තනිකම් දොසකින් හෝ අයිතිවාසිකමකට ආව භුත බලවේගයකින් ආදි මේ කුමන කරුනකින් හෝ දිෂ්ටි මිනිසාට ආරෑඪවන යක්ෂ ප්‍රෙරේත කුම්භාණ්ඩායා එලවා දැමිමේ දැනුම යකැදුරෙකුට තිබිය යුතුයි.
    ගාල්ල දොඩම්දුව පිටර් අප්පුහාමිගේ දියනියට යක්ෂයා ආරැඪ වි ඇත්තේ කොඩිවිනයක ප්‍රතිපලයක් ලෙසින් බව වාසනහාමි කට්ටඩි මාමාද අවබෝද කරගෙන හමාරයි. රෑ දෙගොඩහරි ජාමයේ වාසනහාමි කට්ටඩි මාමා මතුරන මැතිරිල්ලට වැහැරැන සදලතා වියරැවෙන් දගලමින් ලැතවුල් තබයි.
    “ඕං දැඩිමුන්ඩ කට්ට ඉරලුම් නාත දේව ඉරලුම් උපුල්වන් ඉරලුම් විෂ්ණු කට්ටු දේවතා මදුරුමාලා දේවතා අංගම් පිල්ලි සුනියම් ගිනි සැර විෂ්ණු කුලම්බු ඔඩිවා…” ඒ යක්ෂයින් වලංගු කරගන්නා දැඩිමුණ්ඩ යක්ෂ ඉනා මන්ත්‍රයයි. මන්ත්‍රය කියමින් කට්ටඩි මාමා අතට ගත්තේ පෙර ජිවන් කර තබාගෙන ඇති පස්ලෝ ත්‍රිශුලයයි. ආතුර සදලතාගේ කෙස්වැටියන් ඇල්ලිය.
    “බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මේ නර ශරිරයට දිෂ්ඨි ලා සිටින යක්ෂයා වලංගුද?”
    “වලංගු නැහැ මට යන්න දිපියෝ..” සදලතාට වැසුන මලයකා කෑ ගැසිය.
    “හක් – වලංගු නැහැ.. කට්ටඩි මාමාද සැර විය.
    “කකුසද කෝණාගම කාශ්ශප ගෞතම යන සතර බුදු වරැන් වහන්සේලාගේ නමට මේ යක්ෂයා කිකරැද..?” – යක්ෂයා නිරැත්තරයි.
    “කතාකරපිය බොල මාත් එක්ක සෙල්ලම් බැහැ” කට්ටඩි මාමා ගෙරවිය. එහෙත් ඇය නිහඩයි.
    “ධෛතරාෂ්ඨ විරෑඪ විරැපාක්ෂ වෛශ්‍රවන යන සතරවරම් දෙවිවරැන්ගේ ආඤ්ඤාවෙන් ආනුභාවයෙන් තොප වලංගුද”
    ආතුරයා තව දුරටත් නිරැත්තර වුවද කට්ටඩි මාමාගෙන් සමාවක් නැත “තොප සතර වරම් දෙවි වරැන්ටත් වලංගු නැද්ද දෙන්න ද තොප දේව සමාගමට දන්නවනේ දේව සමාගමෙන් දෙන දඩුවම්”
    “මම වලංගුයි වලංගුයි” ආතුරයා හිලෑ වෙද්දි රැස්ව සිටි පරිසද වාසනහාමි මාමා දෙස ගරැ ගාම්බිර මුහුනින් බැල්වේ මෙතෙක් කලක් පැමිනි කිසිදු යකැදුරෙකුට ඇයව වලංගු කරගැනිමට නොහැකි වු බව දන්නා නිසාවෙනි.
    “හු කියාහන් එහෙනම් මේ නර ශරිරයට ආරෑඩ වෙලා ඉන්න යක්ෂයා කවුද කියල”
    “මම මහාසෝනාාා මහා සෝනා මුන්දැගෙ බෙල්ලකඩාගෙන යන්නමයි මම ආවේ”
    “තොපට එහෙම යන්න දෙන්නේ නැහැ කියාපිය කියාපිය තොපට කවුද ගෙන්නුවේ මේ නර ශරිරයට කියාපිය” කට්ටඩි මාමා තවත් සැරයි.
    “ම‍ට බැහැ මට බැහැ ඒකනම් කියන්න මට ඒක කියන්න වරම් දිල නැහැ මම යන්නම්”
    “ඇයි තොපට කියන්න බැරි ඇයි තොපට ඒක කියන්න බැරි”
    “මට ඒක කියන්න බැහැ මගේ බෙල්ල කඩාගෙන ගියත් මට ඒකනම් කියන්න බැහැ”
    යක්ෂයා ආරෑඩ වුවෙකි මෙලෙස තමාට කොඩි වින කල පුද්ගලයාගේ නම නොකියා සිටින්නේත් විෂේශ හේතුවක් නිසා බව වාසනහාමි කට්ටඩි මාමා අත්දැකිමෙන්ම දනි. විනකල ඇදුරා හෝ වින කිරිමට කටයුතු පුද්ගලයා නිවසටම සමිපයකුනම් සතරවරම් දෙවිවරැන්ගේ අණට වලංගු වුන යක්ෂයා ඒ වග ප්‍රසිද්ධියේ කියන්නේ නැත. කල විනයේ සුල මුල හොදින් අසා ගත් වාසනහාමි කට්ටඩි මාමා දැන් සුදානම් වන්නේ යක්ෂයා පන්නා කොඩි විනය කැපිමටයි.
    “ඕං දල රිරි පුඨං දිෂ්ටිගං කැපගං බිල්ලගං එලාගං අදත් මා මතුරන්නේ දල රිරි යකුට මරැ තෝංගු කැපකල දිෂ්ටියයි තින්දුවයි මා අත වරද නැත මගේ ගුරැවරැන් අත වරද නැත මාගේ අඹු දරැවන් අත වරද නැත කල වුන් බලා පල පල තෝස්වහ…” වාසනහාමි කට්ටඩි මාමාගේ මහාසෝන් අලගුව නම් මංත්‍රයෙන් පුහුල් ගෙඩිය මතුරද්දි පරිසරයේ සිදුවුන අමනුස පෙරලියට වාසනහාමි මාමාද තැති ගත්හ.
    ඈත කැලෑව දෙසින් ඇසෙන උලමුන්ගේ බියකරැ නාදය ඇසෙන්නේ මේ ලගින්මෙනි. අමනුෂ්‍යන් රැසක් වියරැවෙන් දත්කුරැ හපනවාත් සිංහල උලු සෙවිලිකල වහලයට ගල් බොරලු හලනවාත් ඇසෙන්නේ කට්ටඩි මාමාටම පමනි.
    වාසනහාමි මාමාට කොතනකින් හෝ වැරදි ඇතැයි හොදින් තේරැම් ගියේය. කල් වේලා ඇතුව ආරක්ෂාවල් යොදවා තිබුනද ඒවා අභිබවා අමනුෂ හඩ ඇසෙන්නේ එම නිසාවෙනි. තවත් මොහොතක් අමනුශ්‍ය හඩට කන් දුන් වාසනහාමි කට්ටඩි මාමා මහාසෝන අලගුව කිම මදකට නතරකර ගිණි විලම්බු සිදුර නම් එයිටටත් එහා මහා බලගතු මංත්‍රය මහා හඩින් තොල ගෑවේ පුහුල එයින් කැපිමටයි.
    “ඕං නමෝ ලමයි දස දහසක් ජාතක කල යමපලු දේවතාවා ගෙන්වා යම කඩුව අතට දි වින කල ඇදුරාගේ පපුවට ඇණ ලේ රිරි උරා බි හෙමන් දන්ඩ යන්ඩ ඇරි ආඤ්ඤ්වෙන් ආනුභාවයෙන් වින කල ඇදුරාගේ වින කිරිමට අන කල එකාගේ කටින් ලේ දමා නාසින් දුම් දමා දෙකන් පැලි ඇස් පිපිරි බඩවැල් සත්පොල්ලකට පිපිරි අක්මා කැවුතු ලේ රිරි කැප ගණ්ඩ වරන් දෙන්ඩ පලයන් තොක්වහ..”
    සිදුවුයේ මෙතෙක් නොවුන මහා විපර්යාසයකි. ඇසපිය හෙලන නිමේශයෙන් වහලේ මුදුනේ සිට මිදුල මැද තිබු පිදේනි තටුවට පැන අතුරැ දහන් වුයේ දැවැත්ත වලස් තඩියෙකි. ඒ මහාසෝනා බව වාසනහාමි කට්ටඩි මාමා හොදින්ම දැන ගත්හ.
    හදිසියේම පැන අතුරැදහම් වු මහාසෝන් අවතාරයේ නියපොතු වැදි වාසනහාමි කට්ටඩි මාමා අත තිබු අලු පුහුලින් ලේ ගලන්න විය. තින්දුව කැපිමට කවුරැ හෝ ඉඩ අහුරන බව කට්ටඩි තැනට හොදින් අවබෝද වි හමාරයි. භුත බලවේගයන්ගේ අඩිකෝඩහඩ තවත් තිව්‍රර වෙමින් වාසනහාමි කට්ටඩි මාමාට ඇසෙන්න විය. නිවැසියෝ හා ගම්වාසිහු භිතිය කුතුහලය පිරැණු සම්මිශ්‍රණාත්මක හැගිමකින් බලා සිටියි.
    සදවතිට කොඩිවින කල ඇදුරා හෝ එයට අනුබල දුන් එකෙකු මේ අසලම සිටින බව කට්ටඩි තෙමේට හොදින් වැටහෙයි. තින්දුව කැපිමේ මග අසුරන්නේ ඔහු විසිනි. වාසනහාමි කට්ටඩි මාමා‍ කෝපයෙන් දත්මිටි හැපිය. පිරිස දෙස තියුණු බැල්මක් හෙලිය.
    “මම උඩරට උඩහහේනේ කට්ටඩි පරපුරේ එකෙක් කියල හැමෝම දන්නව ඇති. ඒත් බොලලා පාට රට එවුන් අපේ මංත්‍ර ශාෂ්ත්‍ර පැවැත එන්නේ ගුරැකුල දෙකකින් මේ ගෙදරට විනය කරල තියෙන්නේ බොලාලගේ පාත රැටියෙක්මයි. උඩරට අපි ඇවිත් ඒක කපා හෙලන්න උත්සහ කලාට වැඩක් යවන්නේ නැහැ. පාත රැටියෙක්ම ගෙනල්ල මේ විනය කපවා ගනින් ආයෙත් මම මේ පැත්ත පලාතෙවත් එන්නේ නැහැ.” හේරත් මුදියන්සේලාගේ වාසනහාමි කට්ටඩි මාමා පිදේනි තටුවටත් පයින් ගැසිය. කැකුන තෙල් පන්දම අතට ගෙන සිය අත්තේවාසිකයන් සමග මහා රාත්‍රියේම ගම්පලාත බලා පිටත් වුහ.
    තොවිලය සදහා සියලු වියදම් දැරැවේ කට්ටඩි මාමාගේම වියදමින් නිසා අමුතු පාඩුවක් ඇති නොවුනද ඔවුන් තුල තිබු සියලුම බලාපොරොත්තු වියකිනි. තොවිලය නැරඹිමට හා උදව්වට පැමිනි ගම්වාසින්ද සිය ගෙවල් දොරවල් බලා පිටත් වුයේ නොයේකුත් කතා කියමිනි. නිවැසියෝද කඩ වු බලාපොරොත්තු සමග දොර ජනෙල් වසා ගෙට ඇතුලු වුහ.
    මහා කෑලෑව මැදින් පාලු අඩිපාරේ බොහෝ දුරක් එනතුරැ වාසනහාමි කට්ටඩි මාමාගෙන් මුවින් වචනයකුදු පිට නොවිනි; මෙවැනි පරාජයක් මින් පෙර වි නොමැති බව අත්තේවාසිකයන්ද හොදින් දනි;
    “කොල්ලනේ අපේ උඩහහේන කට්ටඩියෝ කවදාවත් පරාජය බාරගත්තේ නැහැ එතන කඩා වැදුන මහාසෝන් අවතාරය මට තිබුන අහුනු සැනින් විනාශ කරල දාන්න එහෙම වුනානනම් එතන හිටිය අනිත් ඇවුන්ටත් තොවිල් නටන්න වෙනවා. විනය කල අසමජ්ජාතියත් එතන ඉදල තියනවා ඒකයි එහෙම වුනේ ඒකුන්ගේ හත්මුතු පරපරපුරම නැති වෙන්න මට තින්දු කපන්න ඇහැකි වුනත් තොපි දන්නවනේ අපේ පරම්පරාවේ මංත්‍ර වලින් කවදාවත් කාටවත් ජිවිත හානියක් නොකරන බව. මම එතනින් පසු බැස්සේ පාත රට මංත්‍ර එක්ක හැප්පෙන්න බැරි නිසා නොවෙයි කියල බොලලා තේරැම් ගනින් මිනි වලේ යක්කු දපනය කරන මට ඒක ඒ හැටි කජ්ජක් නොවෙයි. මම තින්දුව කපද්දි පිට එවුන් එතනින් අයින් කරන් ඕනි නිසයි තොපිවත් අරගෙන මම එතනින් තොලංචි වුනේ” වාසනහාමි කට්ටඩි මාමා මෙලෙස හඩ අවදි කලේ ටික දුරක් ආවාට පසුවයි.
    “එහෙමයි මාමේ ඒ කියන්නේ ආයෙත් වංගියක් අපිට මේ අඩිස්සරයට එන්න වෙයිද” අත්තේවාසිකයකු විමසිය. “ආයෙත් දොහක් අපට මේකේ බඩ ගාන්න බැහැ බොල අපි ආව කාරිය මේ ගමන්ම කම්මුතු කොරලයි යන්නේ තාම කුකුල ඇඩලුවෙත් නැහැ. හිටපු එවුන් දැන් ගෙවල් වලට ගිහින් ඇති. දැන් යම දෙවියන්ගේ හෝරාව වරෙව් ආපිට යන්න”
    බලාපොරොත්තු වු පරිදිම තොවිල් නිවසට පැමින සිටි සියලුම දෙනා පිටව ගොසින් තිබිනි. නිවැසියන්ගේ කඩවුන බලාපොරොත්තුව යලි පිපිදිනි.
    “බොලාල බොහෝ දුර කතරක් ගෙවාගෙන ඇවිත් මා ගැන බලාපොරොත්තුවෙන් තමයි වැඩේ බාර දුන්නේ එහෙව් එකේ බොලාලට පිහිට නොවි ආපසු යාම මගේ සිරිත නොවෙයි. ඉතිරි රාජකාරි සියල්ලම කරන්න තියෙන්නේ ගේ ඇතුලෙමයි. බොලාලත් කෑ කොස්සන් නොගහා දොරජනෙල් වහල මා කොරන කාරියට උදව් වෙයල්ල මේ කෙල්ලව ගොඩ ගන්න ඕනිනම් අදින් පස්සේ බොලා‍ලට ආයෙත් කරදර එන එකක් නැහැ බොලාලට වින කල එකාත් හෙට වෙනකොට පෙන්නුම් කරාවි. කිසිම දෙයක් නොවුන ගානට බොලාලත් හොදින් හිටහල්ලකෝ”
    වාසනහාමි කට්ටඩි මාමා නිවසේ මැද ශාලේ යලි අඩුම කුඩුම සැකසිය. උඩුකය නිරැවත් කට්ටඩි තැන අහුගෙඩියක් අතට ගනිමින් ශාලය මැද දිග හැරිනි. කොඩිවිනය කල යම් කෙනෙක් සිටිනම් ඔහු මේ අනපේක්ෂිත වේලාවේ පිටර් අප්පුහාමිගේ නිවසේ වන කටයුතු පිලිබදව අවදානයෙන් නොමැති නිසා පෙර තිබු අමනුෂ්‍ය හඩවල් දැන් නැත. ජිවන් කල අහු ගෙඩිය දැන් ඇත්තේ කට්ටඩි මාමාගේ පපුව මතයි අණකල විගසම දැවැන්ත කඩුවකින් අහුගෙඩිය කැපිමටයි නිවෙස් හිමි පිටර් අප්පුහාමි සුදානම් වි ඇත්තේ. දැන් ජිවන් වන්නේ අති භ්‍යානකම මංත්‍රයකි.
    “ඕං කල්ලු කාවේරි බිලිධාරි ඔඩ්ඩි වරක්කාලි තින්දු වින සෙල්ලුම් ඔඩ්ඩි රාක්ෂ මහේෂ්වර ඊශ්වර ඉඑලුම් හැරි හැරි තෝංගු විනකල ඇදුරා වෙතට හැරි හැරි යැව් යැව් තින්දු බලාගං කල්ලුං කොඩිවින කදිර රාමායනේ වල්ලි අම්මා ඉරලුම් අග්නි ඉරලුම් කඩ්ඩි ඉල්ලි දිෂ්ටි වැටුන විනකල ඇදුරාගේ වින කිරිමට සැලකල එකාගේ හත්මුතු පරපුර බලා යන්නට හත්තිලව්වේ මහාසෝන් රාක්ෂ දේවතාවෝ තොපට කැපයි කැපැයි විනකල ඇදුරා වින කරන්න කි එකා බලා ආපිට හැරි දිෂ්ටි දිෂ්ටි තෝස්වහ.. හත්තිලව්වේ..”
    කට්ටඩි තැනගේ මංත්‍රය අහවර වනවාත් සමගම නිවෙස් හිමියාගේ දැවැන්ත කඩු තලය වේගවත්ව ඇවිත් කට්ටඩියාගේ පපුව උඩ තිබු අහු ගෙඩිය දෙපලු කලේ මුලු පරිසරයම හෙල්ලුම් කාවමිනි .එකි ක්ෂණයෙන්ම අසල්වාසි නිවැසකින් ඇසුන භයානක මරලතෝනිය ගම්මානය සිසාරා රැව් පිලිරැව් දුන්හ
    තින්දුව හොදින්ම කැපි අහවර වි ඇති බව තේරැම් ගැනිමට අමුතු මොලයක් ඇවැසි නොවිය. ඉන්ඉක්බිති සදලතා ටත් නිවැසියන්ටත් හොදින් ආරක්ෂාවල් යෙදුවේ යලි කිසිදු කලක අනවින හදිහුනියම් නොවැදිමටයි. පිටර් අප්පුහාමිගේ දෝනිඇන්දැට කොඩි විනය කර තිබුනේ අප්පුහාමිගේම සහෝදරයෙකි. ඒ දේපලක් සම්බන්දව ඇතිවුන ආරෝවකට මේ පවුලෙන් පලි ගැනිම සදහායි. සියලුම කාර්යන් මැනවින් අවසන් කල වාසනහාමි කට්ටඩි මාමා ඉර උදාවට පෙරම සිය අත්තේවාසිකයන් සමග ඒ ගම් පියසින් පිටත් විය.
    “මම මුලින් කිව වගේම අපේ යංත්‍ර මංත්‍ර වලින් කිසිම නරක වැඩක් කරල නැහැ කොඩිවිනයක් ආපිට කපද්දි වින කල ඇදුරාගේ වින කිරිමට හවුල් වුන අයගේ පිටින් යන්න කපන්න වෙනවා ඒත් ඒ අයටවත්කි සිම ජිවිත හානියක් නොවන විදිහටයි එහෙම කරන්නේ මොකද පිං පව් කියන දෙය මම හොදින්ම දන්නවා..” වාසනහාමි කට්ටඩි මාමා පැවැසිය.

    (සටහන – චාමින්ද දිසානායක)​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    18740133_268394523627153_3111204151770411153_n.jpg

    31174804_515328648869339_1381039552843481088_n.jpg

    ඔය තියෙන්නෙ ගම්පහ.යක්කල පාරෙ දික්කන්ද පැත්තෙ තියෙන දික්කන්ද වලව්ව...මේ වලව්වෙ අයිතිය තියෙන්නෙ විදේශිකයෙකුට..කාටවත් මේ වලව්වට යන්න අවසර නෑ...ගල් පර්වතයක් මුදුනෙයි මේ වලව්ව තියෙන්නෙ..ගොඩක් පාලුවට ගිහින් නිසා මේකෙ ගුප්ත බව වැඩියි..
    දන්න විදියටනම් මේක හොල්මන් ගුහාවක්..ෆොටෝවෙ පේනවට වඩා ලොකු අමුත්තක් තියෙනවා මේක පියවි ඇසින් දැක්කාම..
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    කතාව පටන් ගන්නෙ 2018/1/7 හවස 6ට විතර ...මාසයකට කලින්..මහගෙදර තිබුන උත්සවයක්දී නැන්දා මතක් කරා ලබන මාසේ ඒ කියන්නේ ජනවාරි අටවෙනිදා ආච්චි අම්මගේ අවෘද්දෙ දානේ කියල. මේපාර දානේ දෙන්නේ මොනරාගල ගෙදර කියල...කොහොමත් දානෙට යන්න තීරනය කරල තිබ්බේ මම විතරයි ගෙදර අයට දුර නිසා යන්නත් අමාරුයි මොකද කොලඹ ඉඳලම යන්නත් එපෑ..

    ජනවාරි හත්වෙනිදා උදේ ඔෆිස් එකේ ඉඳල හදිස්සියේම එලියට යන්න උනා නුගේගොඩ නිරෝමි බිල්ඩින් එක ඉස්සරහ තිබ්බ ipm 028 slt dp එක ඩව්න් වෙලා කියල. ඒක හදන්න ගිහින් ලැඩර් එක උඩ උඳන් වැටෙන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ...
    කොහොමත් එදා දවසම මහා අමුතු දවසක්..
    කොහොම උනත් මම ආපහු ඔෆිස් එකට එද්දි හවස හතරට විතර ඇති...ඒ අතරෙදි මතක් උනේ දානේ ගෙදර හෙට කියල ...මම එවලේම නැනදට කෝල් එකක් ගත්තා..

    ☎️ හෙලෝ නැන්දේ...

    - හෙලෝ කඩවත පොඩි පුතා නේද මේ..

    + ඔව් නැන්දේ මම අද රෑ එනවා මට පොඩ්ඩක් එනවිදිහ කියනවද මතකත් නෑ අවෘදු දහයකින් විතර ආවෙත් නෑනේ.

    - ඔව් නේද පුතේ...හරි එහෙනම් ලියගන්නවද මම කියන්න ..

    + හරි කියන්න කෝ නැන්දේ මම එන්නේ ත්‍රීවිල් එකක මොනරාගල ඉඳලා.......

    -මොනරාගලට ඇවිත් මාරාවට එන්න ඇවිල්ලා..එකේ කනුව කිට්ටුවට එද්දී අඹ ගහක් එක්ක කඩේ එතනින් දකුනට පාරක් තියනවා ඒ පාර දිගේම එද්දි තුන්මන්හදියක් තියනවා එතනින් වමට හැරෙන්න...තුවෙනි ගේ හොයාගන්න ලේසි ලයිට් දාල තියෙනේ ගෙ ඉස්සරහ..

    + හරි නැන්දේ ෆෝන් එක ලගින් තියගන්න මම කෝල් කරන්නම් ඇවිත් පාර හොයාගන්න අමාරු උනොත් එහෙම..

    බුදුසරනයි බායි..

    ඔෆිස් එකේ ඉන්න මල්ලි කෙනෙක් ඉන්නේ ඒ කිට්ටුව..
    ඉතින් ඒ මල්ලිගේ මස්සිනාට කතා කරල කිව්වම එයා එන්නම් කිව්වා මොනරාගලට කොහොමත් මම මොනරාගලට යද්දි පාන්දර එකවත් වෙයි කියල කිව්වා..
    මම හැම්දේම ලෑස්ති කරගෙන යන්න හදද්දී අපේ සයිට් එකේ ඉන්චාර්ජ් ඉන්ජිනේරු මහත්තයත් එයාගේ ගෙදර යනවා කිව්වා...රත්නපුරේ..ඒ නිසා එයාගේ කාර් එකේ යන්න පුලුවන් කිව්වා. ඒක ලොකු වාසියක් උනා මට නුගේගොඩ ඉඳන්ම රත්නපුරෙට වාහනේ යන්න ලැබීම..කොහොමත් රෑ දහය වෙද්දි මම රත්නපුරේට ගියා...එතනින් පැයකාලක් විතරවෙද්දී මොනරාගල බස් එකක මම ගමනට පිටත් උනා...

    මට සීට් එකක් හම්බුනේ සංකපාලේ හරියෙදි .
    පොඩ්ඩක් ඇල උනා මාව ඇහැරුනේ..හරියටම පැල්වත්ත හන්දියෙදි..
    මම ක්ශනික ඇහැරලා 📞 කෝල් එකක් ගත්තා චානක මල්ලිගේ මස්සිනාට මනුස්සයගේ ෆොන් එක ඕෆ් විනාඩි කීපයක්ම මම ටර්‍යි කරා..ඒත් ඔෆ්..හිතට පොඩි අව්ලකුත් තියනවා දැන් රෑ අතරමං වෙයිද කියල..කෝකටත් කලින් නැද්දට කෝල් කරා...📞📞📞📞📞රින්ග්ස් යනවා..ගන්නේPනෑ ෆෝන් එක..දැන් දාඩියකුත් දාල දෙයියනේ
    කොහිමද මේ ගේ හොයගන්නේ...
    කල්පනාවෙන් මම මොනරාගල හරියටම බස් එක කිට්ටු කරලා..
    අව්ලක් නෑ..මොනා හරි කරල යන්න ඕන තැනට මම යනවා ..එහෙම හිතා ගත්තා..
    මොනරාගල ටව්න් එකෙන් බස් එකෙන් බැස්ස..මුලුන්ම කරේ හිරකරගෙන හිටපු මුත්‍රා බර නිදහස් කරගන්න බස්ස්ටෑන්ඩ් එකේ එකේ තිබ්බ.. පොදු වැසිකිලියට ගිය එක..
    මූනත් තෙමාගෙන කොන්ඩෙත් පොඩ්ඩක් හදාගෙන රුපියල් විස්සක් දීල එලියට ආවා..
    ඇවිත් ප්ලේන්ටියක් බොන්න ඕන නිසා බස්ස්ටෑන්ඩ් එක ඉස්සර තිබ්බ කඩේකට ගියා

    මල්ලි..ස්ට්‍රෝංග් ටී එක්ක දෙන්න...

    * මහත්තයා උනු උනු එලවලු රොටී තියනව කනවද.

    #හරි ගේන්න කමු..
    එලවලු රොටිය කන ගමන් මම කඩේ මුදලාලිත් එක්ක කතාවට වැටුනා ඔය අතරෙදි මම විස්තරේ කිව්ව...

    අම්මෝ මහත්තයා මේ මහරෑ..ඔය යක්කු ඉන්න පැත්තේ මොන දානේ ගෙවල්ද අපේ කඩේ ඉඳලා පාන්දර යන්න
    මගේ බලවත් ඉල්ලීම නිසා මුදලාලි ගේ හිතවතකුගේ ත්‍රීවිල් එකක් මට කතාකරලා දුන්නා..කොහොම හරි හරියට පාන්දර දෙක විතර වෙද්දි මම ගමනට පිටත් උනා..
    විනාඩි විස්සක් විතර වෙද්දි..මාරාවට කිට්ටු උනා..පාරේ...බලු බල්ලෙක් නෑ..ඊට වඩා ඇටපල් කරුවල..දැන් මම කෝල් ගන්නවා..මාටයි නැන්දටයි දෙන්ගෙම ෆෝන් වලට එකක් වත් නෝ ආන්ස්වර්...
    ත්‍රීවිල් එකේ ඩ්‍රයිවර් බනිනවා..මිනිස්සුනව මෙහෙම අනාත කරනවද මේ මහ රෑ..ජාමේ කියල...
    කඩයත් එක්ක අඹ ගහක් තිබ්බා එතනින් පාරකුත් තිබ්බා...
    හරි මට දැන් ශුවර් මේකතමා කිව්ව ලෑන්ඩ් මාක් එක කියල ෆෝන් කෝල් නැතත් අව්ලක් නෑ..

    මම ..

    ත්‍රීවිල් ඩර්‍යිවරට.
    අයියේ හරි මෙතන තමා ප්ලෙස් එක ඔයා යන්න මම මෙතින් බැහැලා යන්නම්..

    මහත්තයට විශ්වාසද මෙතන කියල මට බයයි මහත්තයව දාල යන්න මේ අඩ්විය එච්චර හොඳ නෑ..මහත්තයෝ...හරි අයියා අර පේන පාරේ කෙරවලේ අපේ නැන්දගේ ගේ..මම යන්නම්..අව්ලක් නෑ..ඔයා යන්න...
    මගේ පෙරැත්ත කෙරීම නිසාම ත්‍රීවිල් එක නැවත මොනරාගල බලා පිටත් විය..

    මමත් දැන් අඹ ගහ ලඟ පාරෙන් වීරයා වගේ යන්න පිටත් උනා..මගේ ෆොන් එකේ ටෝච් එක ගහගෙන සිගරට් එකකුත් පත්තු කරගෙන. මීටර් පනහක් විතර යද්දී කරුවලේ එකපාරටම ඇහුන සද්දයක් නිසා මාව ගැස්සුනා..ඒ සද්දේ ආවේ අමුතු විදිහයේ කෙනෙක් අඬනවා වගේ..දුරින් දුරින් ඇහෙන්නේ මම හිතුවා පොඩි එකෙක් අඬනව ඇති කියල දුර..ගෙදරක..පාරත් එක්කම දිගටම මානා ගස් යායක්...මීටර් සීයක් විතර යද්දි හැම්ද්දේම නිස්සබ්දයි...ඒත් ඒ මූසල නිශ්ශබද තාවය අස්සේ හුලඟට ඇතිල්ලෙන මානා ගස්වල කිච් කිචිය හිතට මොනාදෝ මන්දා හිත ගස්සන දේවල් ගොඩක් තදින් දැනෙන්නට උනා...

    ඔය අතරෙදි හදිස්සියේම මහා හුලඟක් එක්ක බයානක ඇස් හතරක් මට පේන්න ගත්තා ෆෝන් එකේ ටෝච් එකට දිලිසෙන්න ගත්තා..ඒ ඇස් වල පෙනුනේ කිසිම දවසක දැකලා නැටි මහා යක්ශයෙක්දෝ කියල..බය තදින්ම දැනුන නිසා හිතේ තිබ්බ බය ඇරගන්න කියල මම කිටුවටම ගිහින් බලද්දී එල දෙනකුයි උගෙ පැටියයි...හිටියේ.
    මම දැන් මීටර් තුන්සීයක් විතර ඇතුලට ඇවිත් අපහු මට ඇහෙනවා ඒ බ්‍යංකාර හඬ කෙනෙක් මගේ පස්සෙන් එනවා වගෙත්මට දැනෙනවා..මගේ සපත්තු වල සද්දය විතරයි..ඒ අතරින් මට ආයෙත් ඒ බ්‍යානක කව්දෝ මරන්න☠ හදනවා වගේ අඬ්න ඒ ඒ හඬ ඇහෙනවා....
    එක පාරටම මීටර් විස්සක් විතර ඉඳ හයියෙන් කෑගහගෙන එලියට පැනපු කලු විශාල ඇස් දෙකක් තියන ලොකු අන් තියන මීහරකෙක් මගේ පැත්තට එන්නට උනා...
    මේ නම් එන පොට හොඳනෑ..මේ මීහරකා අද මාව මරනවාම තමා
    හිතුව මම ආපු පැත්තටම නැවත හැරී දුවන්නට පටන් ගත්තා..
    විනාඩි කීපයක් ඇතුලතම නැවත මහපාරටම ආවා...

    ඇවිත් හති අරින්නට උනා..දැන් නම් එක එක විදිහේ සිතුවිලි මහගොඩක් මැද මාව හිරවෙලා....මොකක්දෝ මන්දා මහා කාලකන්නි පාලුවක් දැනෙන්න ගත්තා...

    මහපාරේ දුර ඉඳල කව්දෝ මං ඉන්න පැත්තට ආවා හුලු අත්තකුත් අතේ තිබුනා...
    ඒ ආපු කෙනා ගේ එක අතක එල්ලිලා හිටියා..පොඩි පිරිමි ලමයෙක්..
    මං ඉන්න හරියෙන් මග ඇරලා යන අතරෙදි මම අක්කේ අක්කේ..

    ඇයි...නිකම් නොරුස්සන විදිහට මට උත්තර දුන්න..

    අනේ අක්කේ..මට පොඩ්ඩක් කියනවද ඇන්ටනීලගේ ගෙදරට යන පාර...

    මගෙ මුන බලල...ඒ ගෑනු කෙනා..
    ඔහොම ඉසරහට යන්න...ගිහාම අඹ ගහක් එක්ක කඩයක් තියනවා..එතනින් මෙහාට හැරෙන්න ඒ හැරිල එහාට ගිහින් ඔහාට හැරෙන්න...
    මට පාර කිව්ව විදිහට තවත් අව්ල්...මම හිතෙන් බැන්නා..මේ ගෑනි වම දකුන දන්නේනැති පිස්සු මගුලක් කියල..ඊට පස්සෙර් ඒ ගෑනු කෙනා යන්න ගියා..
    මම මහ පාර දිගේ කිලෝමීටරයක් යද්දි මට එකේ කනුව හම්බුනා..ඊට පස්සේ මට පොඩි සැහැල්ලුවක් දැනුනා...ඒත් මේපට්ට කරුවලේ අඹ තියා මෙලෝ දෙයක් පෙන්නේ..නෑ..ෆෝන් එකේ ටෝච් එකෙන් පෙනිනා අඹ ගහක් එක්ක වහපු පොඩි කඩයක් වගේ ගෙයක්..
    ඕන මගුලක් කියල මම කතා කරා..ගෙදර අයට...නින්දෙන් වගේ එලියට ආපු මාමා කෙනෙක්..මම එයාට මගෙ විස්තර කිව්වම එයා කිව්වා ඔන්න ඔය ඉස්සටහ කඩේ ගාවින් ඇතුලට යන්න මීටර් හාරසීයක් යද්දි තුන්මන් හන්දියක් තියනවා ...පුතා එතනින්වමට හැරිල යන්න...ලයිට් දාලා තියනවා.. ගේ පේනවා හොඳට කියල...
    දැන් මම පාරෙන් එහාපැත්තේ අඹ ගහ එක්ක තිබ්බ කඩේ ගාව පාරෙන් ඇතුලට ගියා..මීටර් තුන්සීයක් ය්ද්දී එක එක සද්ද ඇහෙන්න ගත්තා...අර පොඩි දරුවෙක් අඬන සද්දය ඇහෙන්න ගත්තා ඒ හඬ...මම ෆෝන් එක අතට අරන් සින්දුවක් දාන්න කියක ගද්දි...ෆෝන් එකේ බැට්‍රි සීයට එකයි..ඒපාර මම ෆෝන් එක සාක්කුවට දාගත්තා...තව ටික දුරකින් පස්සේ තුම්මන් හදියක් හම්බුනා ඒ එක්කම එහා පැත්තේ තවත් තුන්මන් හන්දියක් මට කරගන්න දෙයක් නැතුව ගියා...ඕන මගුලක් කියල මම දෙවනි තුම්මන් හන්දියෙන් වමට හැරිලා..ගියා...යාන්තන් ඔන්න ගේ පේනවා ලයිට් දල තිබ්බා...

    ගෙදරට ගියා උපරිම වේගෙන..ඊට පස්සේ..ගේ අතුලට ගිහින් බලද්දී නැන්දලා සේරමලා හොඳට නිදි..මම කතාකරම ඇහැරුනා...ඊට පස්සේ එයාල උදේ ඉඳන්ම මහන්සි උන නිසා නින්ද ගිහින් ෆෝන් එකේ සද්දේ ඇහුනේ නෑලු...මට බයයි කේන්තියයි දෙකම මම හොඳටම බැන්නා....

    නැන්දා හදල දුන්න කිරි තේ එක බොනගමන් මම විසතරෙ කිව්වා...එතන හිටපු ගෑනු අය කීප දෙනෙක් ඔලුවේ..අත ගහගත්තා...

    මුලින්ම මම ගිහින් තියෙන්නේ..කන්නත්තටලු...
    ඊට පස්සේ කිව්වේ මේ පාන්දර කොහෙද ගෑනු පාරේ යන්නේ ...කියල ..අන්තිමටම කිව්වේ..ඒ පැත්ත පලාතකවත් මීරහක් නෑ කියල...

    එයාල කිව්ව විදිහට මාව දෙයියෝ බේරල තියෙන්නේ...ඒ හරියෙම සති කීපයකට කලින් බයිසිකලේ තනියම ගිය කෙනෙකුත් මැරිලා...හැප්පිලා...

    ජීවිතේ මම විඳපු භයානකම අත්දැකීම් වලින් එකක්..

    ඒත් එක ප්‍රශ්නයක් තාම මම විසඳ ගන්න බැරිව ඉන්නේ. ඒ තමා අර ඇහුන භයානක කටහඬ...¿?

    සත්‍ය සිදුවීමක්


    නිශ් බ්ලේඩ්..
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මට මේ සිද්ධිය උනේ ම්ට අවුරුදු 5කට විතර කලින් ..මම වෙඩ කෙරුවේ බියගම කලාපේ...මම වෙඩට අවේ ගියේ මගෙ බයික් එකෙන්..මේ සිද්ධිය උනු දවසේ මම වෙඩ ඉවර වෙලා ඔෆ් උනේ 11.30 p.m ට විතර...ලාවට වගෙ පොඩි පොදේ කුත් තිබුනා..මම වඩුවෙගම හන්දියට අවා ..ප්‍රධාන පාරේ ගියොත් පැය 2ක් විතර යනවා ගෙදර යන්න...වහිනත් නිසා මම ගෙදර යන්නතියෙන කෙටිම පාරෙන් යන්න තිරනය කලා මේ පරේ ටිකදුරක් එන් කොට ලොකු වේල් යායක් හම්බවෙනවා ...මමත් මේ පරේ වෙල්‍ යය පහු කරන් ටික දුරක් අවා හයියෙන් යන්නත් බැ ව්හින නිසා කොහොම හරි වෙල්‍ යාය බාගයක් විතර පහු කරන් මම එනවත් එක්කම බයික් එකෙ පිටි පස්සෙ රොදේ එක පරටම ගස්සන්න ගත්තා..මම හිතුවේ හුලන් අඩු වෙලා වෙන්න එති කියලා මම දිගටම අවා ...තව විනාඩි 2 ක් 3 විතර එහෙම යනකොට මට තෙරෙනවා බයික් එක් ටිකක් ස්ලො වෙනවා වගෙ බයික් එකෙ පිටිපස්සේ ශොක් දෙක අන්තිම වෙනකන් අව්ත් වදින සද්දෙත් මට අහෙනවා...මට තේරෙනව මම බයික් එකෙ යන්නෙ තනියම නම් නෙවෙයි කියලා තව කවුරු හරි මොකක් හරි බරදෙයක් පිටිපස්සෙ තියෙනව කියල ..මම හිමිට යනගමන්ම සයිඩ් කන්නඩියෙන් බලුවා ..මට පෙනුනා සුදු පාට ගුලියක් වගෙ දෙයක් එකේ රතු පාටට එස් දෙකක් එකෙන් මම ටිකක් බය උනා..එ උනට මම මගේ හීතින් බුදු ගුන සිහිකරා..තව ටිකදුරක් එනකොට තියෙනාවා අපේ ගමේ පිරිවෙන මම ඉක්මනට බයික් එක් පිරිවෙන අතුලට දාලා දිඋවේ ලොකු හාමුදුරුවන්ගේ ආවාස ගේ දියාවට පස්සේ ලොකු හාමුදුරුවෝ අවා..මට පිරිත් පැන් බොන්න දිලා කිඋවා අද පිරිවේනේ ඉදලා උදේට යන්න කියලා...ලොකු හාමුදුරුවෝ මට කිඋවේ එ වෙල ලග ටිකක් අමුතු දේවල් වෙනවා කියලා...ගොඩක් අය බයවෙලා තියෙනවත් කියල කිඋවා...දෙන් නම් එ වෙලට කිට්ටුවෙන් බුදු මදුරක් හදලා පිරිත් දනවා කියලා මගෙ යාලුවෙක් කිඋවා...එදාඉන් පස්සේ මම එ පරෙන් නම් කවදාවත් ගෙදර අවෙ න

    අදුරු ගිතය
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    හොල්මන් බස් එක

    මං කලින් දාපු කතාව වගේ ආතල් එකක් නෙමේ..මං අහපු සිද්ධියක් ඇසුරෙන් රචනා කරන ලද්දකි..

    වෙලාව රාත්‍රී 11.45යි..ගාමන් බස් රථයේ රියදුරු වැඩ නිමා වී බසය ගාල් කිරීමට යන අතරතුරදී කුඩා දරුවෙකු වඩාගත් කාන්තාවක් බසයට අත පෑවේ උපකාරයක් බලාපොරොත්තුවෙනි..

    බස් රියදුරු බසය නැවැත්වූයේ මනුස්සකමට මිස මනමාලකමකට නොවේ..බලාපොරොත්තු උනු පරිදි දරුවා වඩාගත් කාන්තාව උපකාරයක් ඉල්ලුවේ "අයියේ දරුවට අසනීපයි හන්දියෙන් ඇරලවන්න පුලුවන් දැයි"අසමිනි

    දරුවාට ඇති කාරුනිකත්වය මත රියදුරු මහතාද "හා ඇරලවන්නම්" කියා ඇයට බසයට ගොඩ වෙන්න යැයි කීහ..

    කාන්තාවද බසය තුලට නැග පිටුපස අසුනට ගොස් අසුන් ගත්තාය

    කාන්තාව ගැන සැලකිල්ලක් නොදැක්වූ රියදුරු ටික දුරක් බසය පදවන විට පිටුපසින් ඇසුනු අමුතු ශබ්දය නිසා ඉදිරිපස කන්නාඩිය හරවා ඒ දෙස විපරම් කර බලද්දී
    ඔහු දුටුවේ පිටුපස අසුනේ වාඩි උනු කාන්තාව අතැති දරුවාව මස්කැබැල්ලක් ලෙස ආහාරයට ගන්නා අයුරුය..

    මහත් ලෙස තැති ගැන්මට ලක් වූ රියදුරු ලගම ඇති පොලිසිය වෙත බසය ධාවනය කලේ පොලිසියේ ගේට්ටුවද කඩා බිදගෙනය..

    වහා බසයෙන් බැසගත් රියදුරා පොලිස් නිලධාරීන්ට සිදුවීම පැවසුවද පොලිස් නිලධාරීන් බසය පරික්ෂා කල පසු එවැනි දෙයක් හෝ ලේ පැල්ලමක් වත් දක්නට නොවීය..

    නමුදු ඔහු කී දේ සනාථ කිරීමට පුදුම සහගත ලෙස එකම එක සාක්ෂියක් ඉතිරිව තිබුනි..එනම් ඔහු පොලිස් ගේට්ටු කඩාගෙන බිදගෙන විත් බසය නැවැත්වූ පසු සුදු ඇදගත් කතක් බසයේ පිටුපස දොරින් බැස යන අයුරු පොලිස් මුර භටයෙකු දැක තිබීමයි..

    අවාසනාවට දැඩි ලෙස රෝගාතූර වූ බස් රියදුරු මහතා දින දෙකක කාලයක් රෝහලේ සිට මිය ගියේ මෙලොව ඇති අදෘශ්‍යමාන බලවේග නොයෙක් වෙස් ගෙන අප ඉදිරියට පැමිනීමේ සම්භාවිතාවක් ඇති බව පසක් කොට දෙමිනි..
    [යට 4to එකේ තියෙන බස් එක කතාවට අදාල නැති බව කරුනාවෙන් සලකන්න]

    අසා ලියන ලද්දේ:- Heshan Bashitha (Dewli)

    පසුව ලියමි:-බොහෝ විට මෙකට උබලා බය වෙන්න ඇති..නමුත් මගේ දර්ශනයට අනුව නම් මම හොල්මන් සහ දෙවියන් විශ්වාස කරන්නේ නැත..මන්ද යත් "නත්ථි මේ සරණං අඤ්ඤෝ බුද්ධෝ මේ සරණං වරං" යැයි කියු මම බුදුන් අදහන බෞද්ධයෙකු මිස,හොල්මන් විශ්වාස කර දෙවියන් යදින පුද්ගලයෙක් නොවෙමි..

    කතාව කියවපු ඔයාලට ගොඩාක් ස්තූතියි..ඒ වගේම මේ කතාවට ලයික් එකක් දාලා,ඔයාගෙ අදහසත් comment කරලා යාලුවන්ටත් දැනගන්න මේක share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා..


    Heshan Bashitha
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මෙය 1997 සිදු වු දෙයක්..මගේ අම්මා මිය ගිය වර්ෂය..මාගේ බාල සහෝදරයා..අපේ අකමැත්ත තිබියදි විවාහ වුණා..ඒත් අම්මා කැමති උනා..ඉතින් නෑණව මල්ලි ගෙදර එක්කන් ආවා..දවස් දෙකකට විතර පස්සේ නෑණට මොකද්ද උනා..එක පාරටම කෑගහලා..ඇගිලි 3ක් පෙන්වන්න ගත්තා..ඉතින් රෑම මල්ලි හා එයාගේ යහළුවන් 3 දෙනෙක් එයාව අරන් බෙහෙත් ගන්න කියලා දොස්තර කෙනෙක් ළගට ගෙනිච්චා..ඒත් දොස්තර මහතා කියලා..මෙයාට කිසිම ලෙඩක් නැහැ..කියලා..ඒත් නින්ද යන්න බෙහෙතක් විදලා..ඊළග දවසේ ආයිමත් අර ඇගිලි 3 පෙන්වන්න ගත්තා..මා මොකද කරේ තව යහළුවෙක් එක්ක පන්සලට ගිහින්..හාමුදුරුවන්ට වැඩේ කිව්වා..හාමුදුරුවෝ පිරිත් නූලක් මතුරලා දුන්නා..මා මොකද කරේ නිකන් නූලකුත් ගත්තා..ඒ ප්‍රමාණයටම..දැන් අපි ගෙදර ඇවිත් අතේ බදින්න ගත්තා..මා නිකන් නූල ලං කරන කොට නෑණා සද්ද නැහැ..ඒත් පිරිත් නූල ගන්න කොට අමුතු විදියට කෑගහනවා..අන්තිමේ දී මට පයින් 1 ක් ගැහුවා..මාව විසිවෙලා ගියා..අම්මා නිහඩයි..අපි දන්න කට්ටඩි වැඩ කරන කෙනෙක් ගෙනත් එයාට නූලක් දැම්මා..අපි හිතුවේ වැඩේ අහාවරයි කියා..දවසක් රෑ..7.30 ට විතර ගෙදර ඉදියේ මායි අම්මයි,නෑණයි..එයා කාමරේ ඉදියේ..දාලා තිබුණු දොර රෙද්ද ඝනකම් එකක්..සාලය පේන් නැහැ..මම භයට බුද්දාගමේ පොතක් කියව..කියවා ඉදියේ..කරණීය මෙත්ත සුත්‍රය..කාරත් ඇහෙන්න නොවේ කියෙව්වේ..අම්මාත් මා ලග..මෙයා කාමරේ ඉදන් කියනවා..අම්මාට මට ඒ පොත කියවන එක නතර කරන්නලු..මා නතර කරේ නැහැ..ඔහෝම කාලය ගියා..මල්ලි බැදලා දවස් 16 කින් අම්මා..එක පාරටම මිය ගියා..ඊට අවුරුද්දකට පස්සේ තාත්තා මිය ගියා..ඊලග අවුරුද්දේ..මාමා මිය ගියා..ගෙදර බොහෝ දේ සිදු වුනා..ඒත් හොල්මනක් මා දැක්කේ නැහැ..නමුත් අසාමාන්‍ය ශබ්ද ඇසී තිබෙනවා..

    Prasad Lasantha
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    තුන් කට්ටුව

    මල බෙර හා හේවිසි නාදය කොතෙක් මට දැනෙන්නේද කියතොත් මෙය මාගේ මල ගෙය වැනිය.අද මගේ හොදම මිතුරාගේ භූමදනයයි.වෛද්‍ය වාර්තාවට අනුව රෝගය සොයා ගත නොහැකි විය.මගේ පපුවද සෙමෙන් නවතින්නාක් මෙන් දැනේ.ඒ කටුක සිද්දිය වී සතියක් ගෙවීමට ආසන්නය.මරණ මංචකයේ සිට මෙය ඔබට ලියන්නේ සියලු දෙනාගේ දැනුවත් වීම පිණිසය.
    වේලාව පාන්දර දෙකයි.පාරේ බලු බල්ලෙක්වත් නැත.බැලු බැලු තැන කෑලි කැපිය හැකි තරම් අදුරක් පැතිර ඇත.නොනවත්වා ඉදිරියට ඇදෙන මෝටර් රථයේ විදුලි පහන් එලියට පෙනෙන ඒ මේ අත වැනෙන මහා රූස්ස ගස් වල අතු සිත තුල අමුතුම හැඟීමක් ඇති කරයි.මමත් මාගේ ඇති ජාති මිතුරාත් ඇත පිටිසර ගමක පාසලක අධ්‍යාපනික වැඩසටහනක් සඳහා පිටත්ව යන ගමන්ය.අප දෙදෙනාම වෘත්තියෙන් ගුරුවරුය.එක දිගට නොනවත්වා ගමන් කල නිසාවෙන් දෙදෙනාටම මහත් වෙහෙසක් දැනෙන බව නොරහසකි.පුදුමයකට මෙන් ඉදිරියෙන් පාර අයිනේ එළියක් පෙනෙන්නට විය. ලගාවත්ම එය කුඩා කඩයක් බව පෙනෙන්නට විය.ඇතුලත කුඩා ලන්තාරුමක් දැල්වෙන අතර තරුණ වයසේ ගැහැණු ළමයෙක් ඉදිරිපස සිට කතාකරන්නට විය. “ඇතුලට එන්න.මහත්තයලට මහන්සිත් ඇතිනේ.මොනාද බොන්නේ ?...කහට දෙකක් එක්ක වඩයක් කමුද....මේ වෙලාවට කියාපු කෑමක්.”තරුණිය කියාගෙන කියාගෙන ගියාය.ඇයගේ ඒ සිනාවට මහන්සිය අතුරුදහන් විය. “ ඔව්...එහෙම හොඳයි. ”....කඩය තුල වූ වයසක මැහැල්ලක් කහට හා වඩේ රැගෙන ආවාය. මහන්සිය වැඩි නිසාදෝ වඩයෙන් අමුතු රසක් දැනෙන්නට වූ බැවින් එයද මිතුරා අතට දී කහට එකත් නොබීම මෝටර් රථය දෙසට අඩියක් තැබුවෙමි. “මහත්තයා මොකද අපේ කෑම අගුනද ???.....”....ගොරහැඩි කටහඩින් මැහැල්ල පැවසුවේ තර්ජනාත්මක ස්වරයකිනි. “අනේ නෑ ....මේ වෙලාවේ කන්න මට එතරම් කැමැත්තක් නෑ ” මම පැවසුවෙමි.මා රථයේ අසුනෙන් වාඩිවී සිටියේ මිතුර එන තෙක්ය.ඔහුට නම් කෑම වල කිසි අඩුවක් නොදැනෙන තරම්ය.ඔහු එන්නට පිටත් වනවාත් සමගම මැහැල්ලගෙ කටහඩ නැවතත් ඇසෙන්නට විය. “අනේ පුතේ ..පුලුවන්නම් මේ කෙළිව ඉස්සරහ හන්දියෙන් බස්සගෙන පලයන්.....උඹලට ගොඩක් පින් ......මේ පැත්තේ උන් විස්වාස කොරන්න බෑ බොලවූ...මගේ කෙලීගේ මුණ දෙයියෝ බලන්න ඕනේ....”.....එවිටම මිතුරාගේ කටහඩද ඇසෙන්නට විය. “අපෝ පුළුවන්........ඕක මොකක්ද....නගින්න නංගි පිටිපස්සට. ” අයවත් නංවා ගෙන අපි ඉදිරියට රිය පැදෙව්වෙමු.ඇය මාගේ මිතුරාත් සමග දොඩමලු විය.කුමක් හෝ හේතුවකට මගේ හිතේ කොනක අමුත්තක් දැනෙන්නට විය.ඒ සමගම සැකයකි.මේ මහා රෑ පාලු පාරක කඩයක් කිරීමේ අරමුණ කුමක්ද???? ...අනික් අතට තරුණ කෙල්ලෙක්...සිතුවිලි සමුදායක ගිලෙන අතරතුර තරුණිය කටහඩ අවදි කරන්නට විය.... “ඕකි තමයි ඔක්කොටම මුල..මගේ මුළු ජීවිතේම විනාස කරා.උබට කියක් දෙනවා කිව්වද මේ වැඩේට.”කියමින් මිතුරාගේ බෙල්ලෙන් අල්ලා මිරිකන්නට විය.ඔහු මාරු විකාරයෙන් යමක් කියන්නට උත්සහ කලද එය මට නොතේරුනි.මෝටර් රථය හන්දියකින් නතර කල මා රිදුරු අසුනෙන් බැස පිටුපස සිටි තරුණිය එලියට ඇද ගත්තේය....ඒත් සමගම කෝපයෙන් කෑගැසූ තරුණිය අසල වූ වන ලැහැබ තුලට දිවයන්නට විය..මිතුරාද මමද ඈ පසුපස දිව ගියෙමි.මද දුරක් ගියවිට යමක කකුල වැදුන බව දැනුනි.දුරකතනයේ එළියෙන් දුටු දෙයින් මා හට ඉහින් කනින් දහදිය දමන්නට විය.තරුණියකගේ මල සිරුරකි.මහත් වියවුලට පත් අපි තරුණිය සෙවීම පසෙක තබා නැවත මෝටර් රථය වෙත ගමන් කළෙමු.කරුමයක මහත....මෝටර් රථය අතුරුදහන්ය. පයින් ගමන් කිරීම හැර අන් ක්‍රමයක් නැත.මහන්සිය අමතක කොට අපි පයින්ම ඉදිරියට ඇදුනෙමු. “මේ මහා රෑ කොහෙද මහත්තයල මේ යන්නේ....යමු අපේ ගෙදර...යන ගමන් තොරතුරු කතා කරමු.”.ඉදරියට හමුවූ ගැමියෙක් පැවසුවේය.ඔහුට අපමණ ස්තූති කරමින් අප ඉදරියට ඇදුනෙමු.....සිදුවූ දෙ පැවසු පසු ගැමිය සිනාවක් පහල කොට මෙසේ පැවසීය. “මහත්තයලත් එහෙනම් ඒ ජෝඩුවට අහුවෙලා එහෙනම්.ඕකුන් දෙන්නා මැරිලා දැන් ටික කාලයක් මහත්තයෝ...ඔය නාකි ගෑණි තමයි අර කෙල්ලව මරා ගත්තේ...කෙලිගේ අම්මා වෙන මිනිහෙක් එක්ක ගිය කියලා කෙල්ලගෙන් තමයි පලිය ගත්තේ....මහා රෑක අපු මිනිසු දෙන්නෙක්ට කෙල්ලව බාරදීලා මරන්න කියල....අනේ මගේ කෙල්ල .......ඒවායින් වැඩක් නෑ ...හෙට උදේම මහත්තයල යන්න ...මම උදේම කුඹුරට යනවා.ආ ..කියන්නත් බැරි උනානේ ..මම ජේම්ස්... ”
    උදයේම අවදි වූ අපට ජේම්ස් අයියා සොයාගත නොහැකි විය.පෙර කී සේම කුඹුරට යන්නට ඇතැයි සිතු අප ලගම පොලිස් ස්ථානය වෙත ගමන් ගන්නට විය.එහි වූ නිලදාරියෙකුට සිදුවූ සියල්ල මුල සිට අගට පැවසු විට අවතාරයක් දුටුවා මෙන් ඔහු සුදුමැලි විය.පසුව මෙසේ පවසන්නට විය. “මල්ලි මේක කිව්වට කලබලවෙන්න ඕනේ නෑ.....ඔය කිව්ව විදිහටම ඔය සිද්දිය වෙලා තියෙනවා.අපට තවම ඔය ගැහැණු ළමයාගේ බොඩි එක හොයාගන්න බැරි උනා.ඔයාලා දකින්න ඇත්තේ ඒ බොඩි එක තමයි.හැබැයි ඔය කියන ජේම්ස් කියන කෙනත් දැන් සියදිවි නසාගත්තා දවස් තුනකට කලින්.දුවව මරාගත්ත කියල දැන ගත්තම මැරෙන්න කලින් නාකි ගැනිට පිහියෙන් ඇනල.ජේම්ස් කියන්නේ ඔය ළමයාගේ තාත්තා.ඔය කෙල්ල ජේම්ස් ගේ අම්ම ..එකියන්නේ කෙල්ලගේ අච්චි තමයි මේ මරණයට වගකියන්න ඕනේ. මල්ලිලාගේ වාහනේ එළියේ ඇති.පොලීසියෙන් පිටවූ අපි වාහනය සෝදිසි කරන්නට විය.පිටුපස ආසනය කිතු කිතු වන තරමට ඉරා දමා ඇත.ඒ අසලම කුඩා කොළ කැබැල්ලකි. “ ඔය කඩෙන් කාපු කිසිම කෙනෙක් සතියකට වඩා ජීවත් උනේ නැ මහත්තයෝ....මීට ජේම්ස් .”මිතුරාට නොපෙනෙන සේ එය සඟවාගත් මම ඔහු දෙස බල සිනාසුනෙමි.

    කවීන්ද්‍ර ආරියරත්න
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    තැඹිලි වෙලෙන්දා

    පාර වසා ඇත විකල්ප පාරවල් බාවිතා කරන්න"

    බයික් එක පදවන් ගිය සුදාරක පාරේ තැනක ලියල තිබ්බ ඒ පුවරුව දැක්කා විතරයි බයික් එක නැවත්තුවා. එතන තිබ්බේ තුංමන්හන්දියක්. ,සුදාරක යන ගමන යන්ඩ ඕන වුනේ අර වහල තියෙන පාර ඔස්සෙයි.

    "දැන් මොකද කරන්නේ...."

    පිටුපස හිටපු නිලුපුලිත් එය දැකපු නිසයි එහෙම ඇහුවේ. මෙතෙක් වෙලා දාගෙන ආපු හෙල්මට් එක ඇය ගලවල අතට ගත්තා.

    "වෙන පාරක් හොයාගන්ඩ වෙනවා......මේ පාරෙන් යන්ඩ දැන් බෑනේ"

    "අපි මේ පැත්ත ගැන හරියට දන්නෙත් නෑ. පාරක් අහගන්ඩ කියලා මේ රෑ දෙගොඩ හරියේ කාහෙන් අහගන්ඩද"

    නිලුපුලි කිව්වේ තම phone එකෙන් වෙලාව බලල ඉවර වෙලා. වෙලාව රෑ එකොලහයි විසි එක විදිහට සදහන් වෙලා තිබ්බා. ගෙවල් දොරවල් නැති මිනිස් කටහඩක් නැති ඒ පෙදෙසේ ඔවුන් මංමුලාවෙලා කියලයි ඇයට වැටහුනේ.

    සුදාරකගේ ගොඩක් දුර බැහර හිටපු සොහොයුරියගේ නිවසට බයික් එකේම ගිය නිලුපුලිත් ඔහුත් හැමදාම වගේ ප්රදාන පාරවල් වල නොගොස් අතුරු පාරවල් වලින් ඒ නිවසට යන්නේ කෙටි දුරකින් ඒ නිවසට යන්ඩ 🐘හැකිනිසායි. අදත් ඔවුන් ඒ ගමන බයික් එකේ ගියේ සුපුරුදු විදිහටමයි. දවල් අවුවේ වාහන ගොඩේ යන එකට වඩා රෑ මේ ගමන යන එක හොද කියල හිතුන නිසා ඔවුන් රෑ නමය වෙද්දිම සුදාරකගේ සොහොයුරියගේ නිවසෙන් පිටවුනා.

    මේ වගේ දෙයකට මුහුන දෙන්ඩ වෙයි කියලා ඒ වෙලාවේ ඔවුන්ට හිතුනේ නෑ.

    "අපි ආපහු යමු ,ගිහිල්ලා ප්රාදාන පාරකට දාල යමු"

    සුදාරක එක කියද්දී නිලිපුලීට අඩි හඩක ඇහුන නිසා පිටිපස්ස හැරිලා බැලුවා. ඇය දැක්කේ ඔවුන් පැත්තට එන මින්ස් චායාවන් තුනක්. දෙන්නෙක් පාරෙ ඔවුන් හිටපු පැත්තට එද්දී එක්කෙනෙක් පාරෙන් එලියට පැනල ගහකට මුවා වුනා. මුත්රා කරන්න වෙන්න ඇති. ඇයට සිතෙද්දී සුදාරකත් ඔවුන්ව දැකල ඉවරයි.

    "අම්මො මේ රෑ මංකොල්ල කාරයොද දන්නෙත් නෑ.."

    නිලුපුලීට ඒක මතක් වුනේ ඇග හිරිවට්ටමින්.

    අර චායාවන් තුන නිලුපුලිත් ,සුදාරක ලගට ලංවෙන්ඩ එච්චර වෙලා ගියේ නෑ. එතකොටයි නිලිපුලී දැක්කේ එතන හිටියේ අවුරුදු තිහ කිට්ටු කරපු මිනිස්සු දෙන්නෙක් කියලා. එච්චර නපුරු බවක්නම් ඔවුන්ගේ මූනවල් වලින් ඇය දැක්කේ 🐎නෑ...

    "මොකද මල්ලිලා මෙතන "

    නිලූපුලීගේ මූනත් සුදාරකගේ මූනත් දිහා වරින වර බලමින් එක්කෙනෙක් ඇහුවා. ඔහුගෙ කටින් ආපු ගදත් කතා කරපු විලාසයක් අනුවනම් ඔහු හිටියේ ටිකක් වෙරිවෙලා කියලා නිලුපුලීට අදුනගන්ඩ අමාරුවුනේ නෑ.

    "වෙනද යන පාර ,ඒක වහලා ,මොකද කරන්නේ කියලා හිතාගන්ඩ බැරි හින්දයි පොඩ්ඩක් හිටියේ"

    සුදාරක කිව්වා.

    "කොහාට යන්ඩද මල්ලී "

    ඔහු එහෙම දෙයක් අහද්දී සුදාරක යන්ඩ ඕනා තැන ගැන කිව්වා.

    "ආ එහාටද ,, එහාටනම් ඉතින් යන්නේ මේ පාරෙන් තමා ,ඒත් ඒක වහලනේ ,පාලම කඩලා හදනවා....."

    "වෙන පාරක් නැද්ද අයියේ එහාට යන්ඩ "

    "පාරක්නම් තියෙනවා මල්ලී, අර වහල තියෙන පාරෙන් යනකොට වඩා ඔන්නම් හැතැම්මම්ක් විතර ඊට වඩා දුර ඇති. ඒත් ඉතින් මේ රෑ යාමේ ඒපාරෙ යන එක ටිකක් ඩේන්ජරස් "

    "ඇයි මොකද ඒ "

    "ඒක මල්ලි කැලෑ පාරක් ඒකයි, එච්චර හොද පාරකුත් නෙමේ "

    "ඇයි අලි එහෙම යද්දි පාර පනිනවද " 🐤

    "නෑ එහෙම අවුලකුත් නෑ "

    "එහෙනම්"

    "අනේ මේ බං ඔය මල්ලිලට බන කියන්නෙ නැතිව ඒ පාර කියපන්, විකාර දොඩවනවා.උන්ටත් පරක්කු වෙනවා ,අපිටත් පරක්කු වෙනවා."

    මේ පාර කතා කෙරුවේ සුදාරක එක්ක මෙතෙක් වෙලා කතා කරපු කෙනා නෙමේ ,අනිත් කෙනා.

    ** "ඔව් අයියේ අපිට කියන්ඩ ඒ පාර.,අපි කොහොමහරි යන්නම්"

    "හරි මේ පාර දිගේ කෙලින්ම යන්ඩ ගිහිල්ල දෙවනියට හම්බවෙන දකුණු පැත්තෙන් හැරෙන පාරට හැරෙන්ඩ...ඊට පස්සේ............"

    ඔහු දිගටම පාර විස්තර කරන් යද්දී සුදාරක විතරක නෙමේ නිලිපුලීත් ඒ පාර මතකේ රන්දව ගත්තා...

    "හැබයි මල්ලි මේක කැලේ මැදින් යන පාරක් ,දිගටම යන්ඩ ,මගදි මොන දේකටවත් නවත්තන්ඩ එපා...."

    "හරි අයියේ ,ගොඩක් ස්තූතීයි කරපු උදව්වට "

    කියපු සුදාරක බයික් එක යලිත් පණ ගැන්නුවා. වරක් අර දෙන්න දිහා බලපු නිලුපුලි හෙල්මට් එක දාගත්තට පස්සේ සුදාරක බයික් එක ඉස්සරහට ඇද්දුවා. 🐜

    "පොඩි නංගී........."

    කෙනෙක් පීටිපස්සේ ඉදන් ඇයට කතා කරනවා නිලුපුලීට ඇහුනේ නෑ.

    "කාටද බං උබ පොඩි නංගි කියලා කතා කෙරුවේ ,අර අපෙන් පාර අහගත්තු කෙනා ලග හිටපු කෙල්ලටද"

    සුදාරක ට පාර කියපු චන්දන පිටිපස්සෙන් කලබලෙන් දුවගෙන ආපු ජීවන්තගෙන් ඇහුවේ පුදුමෙන්. චන්දන ලග හිටපු උදාරත් බැලුවේ ජීවන්ත මේ පොඩි නංගි කියන්නේ කාටද කියලා.

    "ඔව් බං ඒ අපේ පොඩි නංගිම තමා , මට අදුනගන්ඩ බැයිද මගෙ නංගිව,මම හිතුවේ නෑ මට ආයේ ඒකිව දකින්ඩ හම්බවෙයි කියලා..,,ශික් චු කරන්ඩ නතරවුන එකෙම් මට ඒකිව මග ඇරුනා."

    "ඉතින් කෝල් එකක් දීලා ආපහු එන්ඩ කියපන් ,එච්චර දුරක් ගිහිල්ලා නැතුව ඇති තව "

    චන්දන කිව්වා.

    "කෝල් කරන්ඩ ඒකි ගේ phone නම්බරේ දන්නවාවැයි. ඒකි මීට මාස හතරකට කලින් අපේ ගමට ආපු කොහෙද මන්ද ආපු කොල්ලෙක් එක්ක පැනලා ගියා. කොහේ ඉන්නවද කියලා ආරංචියක් ආවේ නෑ ,එදායින් පස්සේ ඔය පොඩි නංගිව දැක්කමයි. ශික්...." 🐆

    ජීවන්ත මේ දින කීපය හිටියෙත් ඔහුගේ උපන් ගමේ නෙමේ. ගමෙන් ගොඩක් දුර බැහර ඔහුගෙ හොදම මිතුරකු වුන චන්දනලාගේ ගෙදර සතියකට විතර නවතින්ඩ ගිහිල්ලයි. චන්දනගේ තවත් යාලුවෙකුගේ ගමේ තිබ්බ පොඩි පාටියකට ගිහින් ආපහු එද්දියි ඔහු නිලුපුලීගේ රුව දැක්කේ.

    "මට හිතෙනව බං උන් ගිය පාරේ ගිහිල්ලා බලන්ඩ , බැරි වෙලාවත් උන් ගිය බයික් එක කැඩිලා මග නතරවුනොත් මට උන් දෙන්නව මිට් වෙන්ඩ පුලුවන්."

    "මොනවද බන් මේක මේ දොඩවන්නේ "

    "උබ දන්නෙ නෑ ගෙදරින් මම ගොඩක් ආදරෙ කෙරුවේ පොඩි නංගිට,,ඒකි මෙහෙම පැනල ගියාට පස්සේ මට පිස්සු හැදුනේ නැති එක විතරයි වුනේ. ගෙදර එකෙකුටවත් ඕන වෙලා තිබ්බෙ නෑ නංගි ගියේ කොහෙද කියලා හොයන්ඩ ,ඒත් මම අදටත් හොයනවා, ශික් හම්බවෙන්ඩ තිබ්බ චාන්ස් එක මගෙන් මග ඇරුනා"

    ජීවන්ත කිව්වේ පාරෙ තිබ්බ පොල් ලෙල්ලකට පයින් ගහමින්.

    "මට සපෝට් එකක් දීපල්ල බන්..."

    ජීවන්ත ඊට පස්සේ යමක් මතක් වුනා වගේ කලබලෙන් දුවගෙන ගියා.ඔහුට ඕන වුනේ හැකි 🐌ඉක්මනින් චන්දනලාගේ ගෙදරට ගොස් චන්දනගේ බයික් එක අරන් සුදාරකත් ,නිලුපුලිත් ගිය පාර ඔස්සේ ඔවුන් හොයමින් යන්ඩයි.සමහර විට ඒක මෝඩ අදහසක් වෙන්ඩත් පුලුවන්.

    "අරූ අර මොකද වෙඩි වැදුන ඌරා වගේ දුවන්නේ ,කොකටටත් අපිත් ගිහිල්ලා බලමු"

    උදාර කිව්වේ චන්දනට.

    *** ************************************
    මේ කිසිත් නොදත් සුදාරක ,නිලිපුලී ත් තියන් බයික් එකේ චන්දන කියපු මග ඔස්සේ ඉදිරියටම ගියා. පැය කාලක් විතර යද්දියි ඔහුට පාර කියපු පුද්ගලයා කියපු දේ ඇත්ත කියල වැටහුනේ. ඔවුන් ගමන් කරමින් හිටියේ පාලු කැලයක් මැදින් අබලන් වූ මර්ගයක.

    "හරිම පාලු කැලයක්, මටනම් බයෙත් බෑ"

    නිලුපුලී බයට සුදාරකව හයියෙන් අල්ල ගත්තා. දරාගන්ඩ බැරි පිපාසයක් මේ වෙලාවෙදී ඇයට දැනුනේ කටේ කෙල පවා හින්දවමින්. කවදාවත් මේ තරම් පිපාසයක් ඇයට දැනිලා නෑ.

    "නිලූ මටනම් දැන් ඉන්ඩ බෑ ,මාර තිබහයි දිව ගිලෙන්ඩ වගෙ , ඔයා ලග තිබ්බ වතුර එක ඉවරද "
    සුදාරක කියද්දී ඇය පුදුම වුනා. ඔහුටත් වතුර තිබහ ඇවිත්.

    "නිලූ වතුර එක ඉවරද "

    සුදාරක ඇහුවේ ඇයගෙන් පිලිතුරක් ආපු නැති 🐋නිසා.

    "ඉවරයිනේ.....ඔයාට විතරක් නෙමේ මටත් ඉන්ඩ බෑ මාර වතුර තිබහක් තියෙන්නේ. කවදාවත් මේ වගේ තිබහක් ඇවිත් නෑ...

    අදික වතුර පිපාසෙන් පෙලුන සුදාරක බයික් බයික් එක අර කැලෑ පාරෙන් අමාරුවෙන් එලවන් ගියෙ මේ වෙලාවේ මැහිතෙල් වුනත් තිබහට බොන්ඩ පුලුවන් හිතමින්.

    එන්ඩ එන්ඩ වැඩිවෙමින් තිබ්බ පිපාසය දරාගෙන සුදාරක තව දුරක් යද්දී ඔහු දැක්කේ මේ රෑ මේ කැලේ මැද පුදුම හිතෙන දෙයක්. පාර අද්දරට වෙන්ඩ ගහක් යට පොඩි පොල්අතු සෙවිලි කරපු කඩයක් තිබ්බා. ඔවුන් ඒ කඩේට ලංවෙද්දීම ,එකපාරටම කඩේ ඇතුලේ ඉදන් පාරට පැන්නේ අවුරුදු හැට කිට්ටු කරපු මනුස්සයෙක්.

    ඔහු සුදාරකලා එන දිහාට අත අල්ලගෙන හිටියේ බසයක් නවත්තන්ඩ වගේ.

    බයික් එකේ වේගය පොඩ්ඩක් අඩු කරපු සුදාරකට අර පොල් අතු කඩේ දිහාටත් නෙත් ගියේ අහම්බෙන් වගේ. ගෙඩි පහක් හයක් තිබ්බ තැඹිලි වල්ලක් කඩේ එල්ලල තිබ්බා. එකපාරටම ඔහු කඩේ අර මනුස්සයා ලගින් බයික් එක නැවත්තුවා. ඔහුගේ පිපාසය මේ වෙද්දි තිබ්බේ 🐍උච්චතම අවස්තාවක. දාඩිය පවා දෙකන්සෙන් ගලන්නෙ හරියට වතුර වගේ.

    "මහත්තයා ,තැඹිලි ගෙඩියක් බීල යනවද ,"

    අර මනුස්සය කතා කෙරුවේ පිංසෙණ්ඩුවෙලා වගේ.

    "කීයද තැඹිලි ගෙඩියක්"

    සුදාරක ඇහුවා.

    "විසි පහ ගානේ විකුණුවේ ,මහත්තයලට හින්දා පහලොව ගානේ දෙන්නම් ,රුපියල් දහයක්ම අඩු කරලා..."

    "අනේ මටනම් මොකක්ද වගේ ,මේ රෑ මේ වගේ තැනක් තැඹිලි කඩයක් තියෙන එක "

    නිලුපුලී කීවේ සුදාරක විතරක් ඇහෙන්ඩ රහසින් වගේ.

    "මහත්තයලා බැහල එන්ඩකෝ. බයවෙන්ඩ එපා,,,මම ඉතින් පැය විසිහතරම වගේ ඉන්නේ මේ කඩේ තමා, මගේ ගෙදර ඉතින් මේ කඩේ "

    අර මනුස්සයා කතා කරේ කටේ ඉස්සරහ ඇන්දේ තිබ්බ එකම එක දත පේන්ඩ හිනාවෙලා.

    "බහින්ඩ නිලූ ,මේ කෙනා මෙච්චර කියන එකේ තැඹිලි ගෙඩියක් බීලම යමු.මට නම් දැන් තිබහ දරාගන්ඩත් බෑ..."

    නිලුපුලියි සුදාරකයි ඒ කඩේ ලගට ම ගියා. තැඹිලි විතරක් නෙමේ ඒ කඩේ තිබ්බෙ. කඩේ ඇතුලේ ගස්ලබු ගෙඩි පහ හයකුත්, පැනි කොමඩු ගෙඩි 🐒කිපයකුත් තිබ්බා. ඒත් ඒවා ලගින් හමාගෙන ආවේ නහය හකුලුවාගෙන යන තරම් ගදක්. කොමඩු ,ගස්ලබු ගෙඩි ඔක්කොම තිබ්බේ බාගෙට බාගයක් නරක් වෙලා.

    "මහත්තයලා බීල බලන්ඩකෝ මගේ කඩෙ තැඹිලි හරිම රසයි. තැඹිලි වලවතුර එක රහ තමා ඉතින් . ඒත් මගෙ කඩෙන් තැඹිලි බීපු ඔක්කොම කටිටිය කිව්වේ මේ තැඹිලි වලින් එන්නේ හරිම අමුතු රහක් කියලා. පුරසාරම් දොඩවනවා නෙමේ මහත්තයලත් බීල බලන්ඩකෝ"

    ඇස්ස ලගින් කපපු තැඹිලි ගෙඩියක් සුදාරකට දෙන ගමන් අර මනුස්සයා කිව්වා. ඊට පාස්සේ ඔහු නිලුපුලී වෙනුවෙනුත් තව තැඹිලි ගෙඩියක ඇස්ස කපන්ඩ පටන්ගත්තා.

    තැඹිලි ගෙඩිය අතේ තියන් සුදාරක බලන් හිටියේ නිලුපුලී එක්කම එකටම තැඹිලි ගෙඩි වල වතුර බොන්ඩ හිතන්.

    "හා ඉතින් බීල බලන්ඩකෝ මේවගේ රහ කොහොමද කියලා"

    වයසක මමනුස්සයා කිව්වේ ඇස්ස කපපු තැඹිලි ගෙඩිය නිලුපුලීට දෙනගමන්. ඊට පස්සේ වයසක මිනිසා සුදාරකයි ,නිලුපුලියි තැඹිලි බොන විදිහ බලාගන්ඩ ඔවුන් දිහා බලන් හිටියේ මහත් ඕනෑකමකින්.

    තවත්නම් තිබහ ඉවසන් ඉන්ඩ බැරි සුදාරක තැබිලි ගෙඩිය කටට ලන් කෙරුවේ එක හුස්මට බීගෙන යන්ඩ හිතන්. ඒත් ඔහුට ඊට පස්සේ දැනුනේ හීනෙන්වත් හිතපු දෙයක් නෙමේ. තැඹිලි 🏇වතුරෙ රස බලාපොරොත්තුව වුන සුදාරකගේ කටටට දැනුනේ කට හාරගෙන යන පිලිහිඩි රහක්. කොහොමවත් ඒවා තැඹිලි වතුරනම් වෙන්නට විදිහක් නෑ.

    **** බීපු වේගයට ඒවා සුදාරකගේ උගුරෙන් පල්ලෙහාට යද්දී එකපාරටම ඔහුගේ අතින් තැඹිලි ගෙඩිය බිම වැටුනා. ඒත් එක්කම ඔහු දැක්කේ නිලුපුලිත් ඇයගේ තැඹිලි ගෙඩිය මුවට ලන්කරන් බොන්ඩ හදන විදිහ....

    "එපා.......ඕක බොන්ඩ එපා..."

    භීතියෙන් කෑ ගහපු සුදාරක නිලුපූලී බොන්ඩ හදපු තැඹිලි හෙඩියට අතින් පහරක් ගහලා වැට්ටෙවෙවේ ,ඔහුට විදින්ඩ සිදුවුන අත්දැකීම නිලූපුලීට විදගන්ඩ නොදීයි.

    " නිලූ අපි දැන් මෙතනින් යන්ඩ ඕනා.. යමු යමූ"

    සුදාරක කලබලෙන් කියලා නිලුපුලීගේ අතින් ඇදගෙන බයික් එක ලගට යන්ඩ හැදුවේ කලබලයෙන්. තැඹිලි වෙළෙන්දා අමුනුස්සයෙක් බව ඔහු මේ වෙද්දී හොදටම දැනන් හිටියා.

    "සුදාරක මොකද මේ"

    ඒත් නිලුපුලී අහපු දේට පිලිතුරක් දෙන්ඩ සුදාරකට හැකි වුනේ නෑ. ඔහුට දැනුනේ ඔහුගේ ඇස් නිලංකාර වෙන බව. ගහක් කඩාගෙන වැටෙනවා වගේ සුදාරක පාර මැද ඇදවැටෙද්දී නිලිපූලීට පිටිපස්සෙන් ඇහුනේ ඇග කිලිපොලායන වියරු හිනා හඩක්..........................👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉#Thabili Welendha #තැඹිලි වෙළෙන්දා කතාවේ ඉතිරිය ඊලග කොටසින්.

    රැදී සිටින්ඩ 😱 #හොල්මන් කතා පාට පෙට්ටිය සමගින්

    කතාව කියවල ලයික් එකක් දීල තනි කොමෙට් එකක් හරි කොටාන යන්ඩලා.....

    😱😱😱හොල්මන් කතා පාට පෙට්ටියේ මේ වෙද්දි පලවෙච්චි කතාව

    #රතු ඕලු වැව ඔයාල කියවල ඇති කියල හිතනවා.

    තැඹිලි වෙළෙන්දා 😱😱😱 ඉතිරි කොටස
    (හොල්මන් කතා පාට පෙට්ටිය)

    ඒ හිනා හඩට පිටිපස්ස හැරිලා බලපු නිලුපුලීගේ ඇස් ලොකුවෙලා එක අතක් මුවකින් වසාගත්තේ දැකපු බිවිසුනු දසුන දරා ගන්ඩ බැරිවයි. මේ වනතෙක් සමාන්ය මනුස්සයෙක්ගේ වගේ තිබ්බ අර වයසක මනුස්සයාගේ ඇස් වෙනස්වෙලා තිබ්බා.

    කලු ඉංගිරියාව නොතිබුණු ඒ එස් දෙක සුදු පාටින් විතරක් දිස්වුනේ නිලුපුලීට ඇය බලපු හොල්මන් film එකක හිටපු අමුනුස්සයකුගේ රුවක් මතකයට නංවමින්. ඒ බිවිසුනු රුව තවත් ඇස්ස කපපි තැඹිලි ගෙඩියක් එක්ක නිලුපුලී ලගට ටික ට්ක ලංවුනේ ඒ තැඹිලි ගෙඩිය ඇය දෙසට දිගුකරන්.

    " ආ මේ තැඹිලි ගෙඩිය බොන්න.....අර ගෙඩිය බිම වැට්ටුව කියලා මට මට ප්ර්ශ්නයක් නෑ...මේක බොන්ඩකෝ... ,මට ගෙඩි තුනකට සල්ලි එපා....."

    "එපා නිලූ ඕක බොන්ඩ එපා...නිලූ ඔයා මෙතනින් යන්ඩ. මම ගැන හිතන්ඩ එපා.... "

    හීනෙන්වගේ සුදාරකට අර අමුනුස්සයා කියපු දේ ඇහිලා කිව්වේ නිලුපුලීවත් මේ අමුනුස්සයා ගේ ග්රහනෙන් බේරාගන්ඩ. සුදාරක මේ වෙද්දිත් තැඹිලි ගෙඩිය බීපු නිසා අමුනුස්සයා ගේ ග්රහනයට අහුවෙලා ඉවරවෙලා තිබ්බා.

    "නිලූ යන්ඩ ,බයික් එකේ ගිහින් කාගෙහරි උදව් 🐘අරන් එන්න."

    සුදාරකට කියන්ඩ පුලුවන් වුනේ එච්චරයි. වයසක මනුස්සයා ඔහු ලගට ලංවුනා. බිම වැටී හිටපු සුදාරකගේ කොන්ඩෙන් ඇදලා නැගිට්ටවපු තැඹිලි වෙලෙන්දා කලේ කිසිසේත් මනුස්සයෙක් ට කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ.

    හරහට ඉහලට එසවූ සුදාරකගේ සිරුර ඔහු අසල තිබ්බ කැලයට විසුකෙරුවේ බිවිසුනු හඩකුත් නංවගෙන්. ගහක හිස වැඩී ඔහු සිහිසන් වෙද්දී නිලුපුලී බයික් බයික් එක ලගට දුව ගෙන ගියා. ඇයට ඕන වුනේ හැකි ඉක්මනට මෙතනින් පිටවී මේ ගැන කාට හරි කියලා උදව් ඉල්ලගෙන එන්ඩයි.

    යතුර තිබුනේ බයික් එකේමයි. බයික් එක ස්ටාට් කරගත්තු ඇය ආපු පාරේම වේගයෙන් ඉස්සරහට ඇදුනා....

    "හහ් හහ් හහ් හා....... උබ ඕනනම් තව මීටර් දෙසීයක් යයි. බලමුකො උබට එතනින් එහාට යන්ඩ් පුලුවන් වෙයිද කියලා."

    තැඹිලි වෙළෙන්දා කියාගත්තේ ඇය යන දිහා බලාගෙන. ඔහුගේ මූනේ තිබ්බේ සම්ච්ච්ල සිනාවක්.
    ****************************************
    නිලුපුලී බයෙන් වෙව්ලා වෙව්ලා බයික් එකේ 🐎වේගෙන් ඉදිරියට ගියා. ඒත් ඇයට එහෙම වැඩි දුරක් යන්ඩ හම්බවුනේ නෑ. එකපාරටම කැලය පැත්තේ ඉදන් මහ හඩක් නංවමින් විශාල ගසක් ඇය යන මග හරස් කරගෙන පාර මැදට ඇද වැටුනා. විශාල කදක් තිබ්බ ගසක් වුන ඒ කඩන් වැටුන ගහ පාස් කරන් එතනින් එහාට බයික් එකේ යන්ඩ ඇයට කොහොමවත් හැකියාවක් තිබ්බේ නෑ.

    මොකක්ද කරන්නේ කිය කිය ඇය ඒ දිහා බලන් ඉද්දීමයි ඇයට දැනුනේ තම උරහිස මතින් කවුරු හරි අතක් තිබ්බ බව. ඇය හැරී බැලුවා. නිලුපුලී ලග හිටියේ විකාර විදිහට ඔලුව හොලව හොලවා අර තැඹිලි වෙළෙන්දයි.

    "තැඹිලි ගෙඩියක් බොමුද"

    ඔහු එක අතකින් තැඹිලි ගෙඩිය ඇයට දිගුකෙරුවා. ඔහුගේ අනිත් අතේ තිබ්බේ තියුණු පිහියක්.

    "එපා......"

    හොදටම බය වුන නිලුපුලී තැබිලි වෙලෙන්දා ව තල්ලු කරලා බයික් එකෙන් බැහලා ඉස්සරහට දිව ගියා..... ඒත් ඇය කොච්චර අවසනාවන්ත සිදුවීමකට මූන දෙනවාද කිව්වොත් ඇයට දුවගෙන යන්ඩ හැකි වුනේ අර කඩන් වැටුන් ගහ පාස් කරලා විතරයි. පිටිපස්සේ හිටපු තැඹිලි වෙළෙන්දා එක පාරටම ඇය ඉස්සරහට කැලේ 🐤ඉදන් පැන්නා. පැන්නා විතරක් නෙමෙ ඇගේ දිගු කෙස් වැටියෙන් අල්ලාගත්තා..

    ** "උබට එහෙමනම් මගේ තැඹිලි බොන්ඩ බෑ ,, එහෙම නේ , මම උබට කොහොම හරි පොවනවා."

    වියරුවෙන් කෑ ගහපු තැඹිලි වෙලෙන්දා ඇයව පාර මැද ඉන්දෙව්වා. ඇය අසල තිබ්බේ ඇස්ස කපපු තැඹිලි ගෙඩි කීපයක්.

    "ගනින් මේ තැඹිලි ගෙඩියක් ,බිව්වේ නැත්තම් මම උබගේ බෙල්ල මේ පිහියෙන් කපාල මෙතනම මරලා දානවා."

    නිලුපුලීගේ කෙස්වැටිය අත නොහැරම ඔහු ඇයගේ බෙල්ලට තිබ්බේ ඔහු අතේ තිබ්බා අර තියුණ පිහියයි.

    ".............අනේ මාව බේරගන්ඩ............"

    ගතේ තිබ්බ මුලු ශක්තියම යොදවා නිලුපුලී කෑගැහපු හඩ කැලේ මැද්දෙන් සෑහෙන්ඩ දුරක් ඇහෙන්ඩ ඇති.

    "එහෙනම් උබට බෑ මගේ තැඹිලි බොන්ඩ,එහෙමනම් ලෑස්තිවෙයන් මම අතින් මැරුම් කන්ඩ "

    "එපා...................."

    නිලුපුලී යටගිරියෙන් කෑ ගැහුවේ අර තැබිලි වෙලේනදා අතේ තිබ්බ පිහියෙන් ඇයගේ ගෙල පෙදෙස පිහියෙන් අදිද්දී . වේදානාවක් දැනෙද්දී 🐜ඇය ඇය හයියෙන් ඇස් දෙක වහගත්තා.....

    "පොඩි නංගී........"

    මොහොත්කින් ඇයට හීනෙන් වගේ ඇහුනේ සුපුරුදු හඩක්. එක බඩවැල කඩාගෙන ඉපදුන එකම සොහොයුරාගේ හඩ අදුන ගන්ඩ පුලුවම් වුන නිලුපුලි ඇස් ඇරලා බැලුවේ පුදුමයෙන්.

    ඇයට විශ්වාස කරන්ඩත් බැරි වුනා පෙරීගෙන ආපු සදඑලියෙන් ඇය දැක්කේ තම එකම සොහොයුරාරාගේ මූන. ඒ විතරක් නෙමේ මේ පාරෙ එන හැටි විස්තර කර්පු අර තරුණයන් දෙන්නත් ඇය දිහා බලන් හිටියා. මෙතෙක් වෙලා ඇයට තැඹිලි බොන්ඩ කියලා අන කරපු අර වෙළෙන්දා හිටියේ අතුරුදහන් වෙලායි.

    "පොඩි නංගි ඔයාට මොකද උනේ..."

    ජීවන්ත ඇහුවේ නිලුපුලීගේ අතින් අල්ලගෙන කලබලයෙන්. තම නැගනිය සොයාගෙන යහලුවෝ දෙන්නගේ උදව් අරන් ආපු ජීවන්තට මේ පාරෙ එද්දී ඉස්සරවෙලාම ඇහුනේ හයියෙන් කෙනෙක් කෑ ගහන හඩයි. ඒ ඔස්සේ ආපු ඔහු තම නැගනිය පාර මැද වැටිලා ඉන්නව දැක්කේ හිතට අවිනිශ්චිත බයක් ඇතුලු වෙද්දියි.

    "අනේ අයියේ මේ ඔයාමද ,හොල්මනක් නෙමේ නේද "

    "නෑ නංගී මේ ඔයාගේ අයියා...කියන්ඩ ඔයාට 🐆මොකද උනේ...."

    "අයියේ අර තැඹිලි වෙළෙන්දා."

    නිලුපුලීගේ කටින් එහෙම දෙයක් පිටවෙද්දී චන්දනයි උදාරයි මූනට මූන බලාගත්තේ දෙයක් තේරුනා වගේ. ඒත් මේපැත්තේ ජීවත් නොවුන ජීවන්තට එවන් වැටහීමක් තිබ්බේ නෑ.

    "අයියේ ඒ තැඹිලි වෙළෙන්දා හැදුවේ මාව මරන්ඩ , අනේ සුදාරක එයා මගේ සුදාරක මැරුවද දන්නේ නෑ......."

    යමක් මතක් වෙලා වගේ නැගිට්ටපු නිලුපුලූ පාරේ දිව ගියේ සුදාරක සිහිනැතිව හිටපු ඉසව්ව හොයාගෙනයි. ඇයට දැන් සිතේ බයක් තිබුනේ නැත්තේ අයියා සමග අර තරුනයයන් දෙන්නත් ලග හිටපු නිසා. අර පාර මැදට කඩන් වැටුන අර විශාල ගහේ ලකුණක් වත් තිබ්බේ නෑ.

    "ඔහොම ඉන්න නංගී"

    කියපු ජීවන්තත් ඇය පිටුපසින් දිව ගියා.

    සුදාරක නිලුපුලී යද්දීත් ඔහු සිහි නැතිව වැටිලා හිටපු තැන හිටියා. ඒත් ඒ පරිසරය දකිද්දී ඇයට දැනුනේ හරි වෙනස් බවක්. අර කලින් දැකපු තැඹිලි කඩේ එතන තිබ්බෙ නෑ.අර තැඹිලි වෙළෙන්දා හිටියෙත් නෑ .. ඒ වෙනුවට තිබ්බේ ඒ තැඹිලි කඩේ ලග තිබ්බ අර ගහ විතරයි.

    "සිහි නැතිවෙලා විතරයි. ඉක්මනින් මේ අයත් 🐌අරන් මෙතනින් යමු...මේ හරියේ ඉන්න එක එච්චර හොද නෑ.."

    චන්දන කිව්වේ සුදරකව පරික්ශාකරලා අවසානේ...

    *** සිහි නැතිව හිටපු සුදාරකත් ,නිලුපුලීත් එක්කගෙන එතනින් ඔවුන් හැකි ඉක්මනට පිටවුනා. ඒ චන්දනලාගේ ගෙදරට.

    පහුවදා වෙද්දි සුදාරක ට සිහිය ඇවිල්ල හිටියත් ඔහු උණ විකාරෙන් දෙඩෙව්වා. ඔහු විතරක් නෙමේ නිලුපුලි හිටියෙත් ඒ තත්වයේ. ගමේ ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වල ඒ දෙන්නට මතුරපු නූල් දැම්මේ මේකට හේතුව අනිවාර්යයෙන් ම අමුනුශ්ය දෝශයක් කියල ඔවුන් දෙන්න දකපු ඔක්කොම අයට සිතුන නිසා.

    "මොකක්ද නංගි ඇත්තටම ඔයාලට ඊයේ රෑ උනේ ,අපිට දැනගන්ඩත් එක්ක මුල ඉදන්ම කියනවද "

    සිහියෙන් කතා කරගන්ඩ තරම් මානසික තත්වයක් එද්දී ජීවන්ත නිලුපුලීගෙන් ඇහුවා. ඇය ඊට පස්සේ උන දේ කිව්වේ එතන හිටපු අය පුදුමයෙන් ඇස් ලොකු කරන් අහන් ඉද්දී.

    "හොද වෙලාවට ඔය ගොල්ලෝ ඒ වෙලාවේ එතනට ගියේ , නැත්නම් අපිට හෙට හරි අහන්ඩ ලැබෙන්ඩ තිබ්බා තරුනයෙකුගේ හා 🐋තරුණියකගේ මලසිරුරු දෙකක් තිඹිරි කැලෙන් හම්බවෙයි කියලා...ඔය හරියෙදී මීට කලින් කීප දෙනෙක් හේතුවක් හොයාගන්ඩ බැරිව මැරිලා හිටියා. කට්ටිය කටකතාවටනම් කිව්වේ ඒ අය ඔය කියන් අමුනුස්සයා ට අහුවෙලා මැරෙන්ඩ ඇති කියලා.. රෑට ඔය පාරෙන් යන අය දැකල තියෙනව ඔය තැඹිලි විකුණන ඔය අවතාරේ. එතනින් හිට්ටෙව්වොත් ඉතින් ඒ අවතාරෙන් බේරිලා යන එක හරිම අමාරුයි. මේ දෙන්න බේරිලා තියෙන්නේ පෙර වාසනාවකට."

    නිලුපුලීගේ කතාව අහල ඒක කිව්වේ චන්දනගේ ලගින් නෑදෑවෙන කෙනෙක්.

    "ඒත් ඇයි ඒ අවතාරෙ ඔහොම මිනිස්සු මරලා දාන්නේ "

    සුදාරක ඇහුවා. ඔහුට එකපාරටම මතක් වුනේ අර තැඹිලි වෙලෙන්දා දීල බීපු තැඹිලි වතුරේ රහ. ඒ පිලිහිඩි රහ ඔහුට තවත් දැනෙනවා වගේ.

    "ඔය කියන තැඹිලි වෙළෙන්දා මීට අවුරුදු කීපයකට කලින් ඔය කියන තැන තැඹිලි විකුනපු කෙනෙක්. එක දවසක් දවාලක ඒ කඩේ ලගින් යන කෙනෙක් දැකල තියෙනවා ඒ පොල් අතු කඩේ ලග බිම කෑලි කෑලි වලට කපලා කොටලා ඒ තැඹිලි වෙළෙන්දා මරලා දාල තියෙන විදිහ. කවුද මැරුවේ හේතුව මොකක්ද කියලා අදටත් කවුරුවත් දන්නේ නෑ. ඊට පස්සේ ඔය කැලේ 🐍පාරෙන් ඔය ගැන දන්න කටිටිය ගියෙම නැති තරම්. හරිම අමුතු දේවල් ඔය හරියෙන් වෙනවා..නොදන්න කට්ටිය ඔතනින් ඔය අවතාරෙට අහුවෙලා නවත්තලා මේ වෙද්දී ජීවිත් වලිනුත් වන්දි ගෙවල ඉවරයි.
    මට හිතෙන්නේ ඔය තැඹිලි වෙළෙන්දා එයා මරපු අයගෙන් පලිය ගන්ඩ බැරි හින්දා ඒ වෙනුවට ඒ තරහට වෙන මිනිස්සුන්ගෙන් පලිගන්නව කියලා."

    "ඒකනේ එදා මම මල්ලිට කිව්වේ ඔය පාරේ යද්දි මොනම දේකටවත් නවතින්නෙ නැතිව යන්ඩ කියලා. මම සීයට සීයක්ම විශ්වාස කෙරුවේ නෑ කට්ටිය ඔය ගැන කතා වුනාට ඔය හරියේ හොල්මන් තියෙනව කියලා. ඒකයි ඒ පාරෙ යන පාර කිව්වේ. ඔහොම දෙයක් වෙනව කියලා දන්නවන්ම් මල්ලි මම කීයටවත් ඔය පාරේ ඔය දෙන්නව යවන්නේ නෑ."

    චන්දන කිව්වේ අවංකවම පසුතැවිලි වෙමින්.

    "ඒ ගැන වද වෙන්ඩ එපා බං ,මොනව වුනත් ඒ හොල්මන් තැඹිලි වෙළෙන්දා හින්දා ,මම මෙච්චරකල් හොය හොයා හිටි මගේ පොඩි නංගිව ආයේ දැකගන්ඩ පුලුවන් වුනා."

    තම සොහොයුරා ඒක කියනවා ඇහෙද්දිමයි නිලුපුලීට ඔහු හම්බවෙන්ඩ මොහොතකට කලින් ඇය අත්විදපු බිවිසුනු අත්දැකීම සිහියට නැගුනේ. එකපාරටම ඇයගේ දකුණු අත ගියේ ඇයගේ 🐒ගෙල පෙදෙසටයි. ඇයගේ ඇස් ලොකු වුනේ හද ගැස්ම වැඩි වුනේ අතට එකපාරටම දැනුනු දෙයින්.

    මහ රෑ තැඹිලි වෙලෙන්දා ඔහුගේ පිහියෙන් කරපු කැපුම් තුවලාය ඒ විදිහටම ඒ වෙද්දිත් තිබුනා. මෙච්චර වෙලා ඒ ගැන ගානක්වත් තිබ්බෙ නැති නිලුපුලීගේ ගෙල පෙදෙසින් දැන් දැන් වේදනාවක් දැනෙන්ඩ පටන් ගත්තේ ඇයගේ මුලු ගතම හිරිවට්ටමින්..........................


    හොල්මන් කතා පාට පෙට්ටිය.​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    පිත්තල පදක්කම

    ගුනපාල මේ දරුවාව 12f පන්තියට ගෙනියන්න.මිස් ලලනා ට කියන්න මේ අලුත් දරුවෙක් කියලා පන්තියට ගන්න කියලා'

    විදුහල්පති තුමිය අසල සිටි මැදිවියේ සේවකයකු අමතා මා පෙන්වමින් පැවසුවාය.

    අගනුවර ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක් වූ මෙහි ජීව විද්‍යා අන්ශයෙන් උසස් පෙල හැදෑරීමට මා ඇතුලත් වූයේ නවක සිසුවකු ලෙසයි.
    වෘත්තීයේන් අධිකරණ විනිසුරුවරයක් වූ පියාගේ සිව්වන ස්ථාන මාරුව මෙවර අලුත් කඩේ උසාවි සන්කීර්ණයටය.කුඩා කල සිටම වරින් වර ලැබුනු ස්ථාන මාරුවීම් නිසා මා මේ වන විට පාසල් 5කට අඩික ප්‍රමාණයක අධ්‍යාපනය ලබා ඇත.මෙවර අගනුවරට ප්‍රසිද්ධ පාසලක් ලැබීම එක් අතකින් වාසනවකි.

    විදුහල්පති තුමියට වැද මා ගුනපාල සමග කාර්‍යාලයෙන් නික්මුණි.පාසල පටන් ගෙන පැය කීපයක්ම ගතවී ඇත.ක්‍රීඩා පිටිය අසලින් වැටුණු තාර පාර ඔස්සේ ගුනපාල පසුපස මා ගමන් කලෙමි.ශිෂ්‍ය බට කණ්ඩායම සිය පුහුණු විම් වල නිරත වී සිටී.ක්‍ර්‍රීඩාපිටිය දෙසින් පතිත වූ අව්‍ රශ්මිය නිසා මා අතින් මුහුන් ආවරණය කරමින් ගමන් කලෙමි.කොහේදෝ සිට දුව ආ කුඩාපිරිමි දරුවෙකු මාඇගේ වැදී බිම වැටුණි.මා විගස ඔහු ඔසවා තැබීමි.4 හො 5 වසරේ විය හැකි ඔහුගේ දන හිස සීරීතිබුණි.ඔහු ඉකි ගසමින් හඩයි.ඒ හඩට ශිෂ්‍ය බට පුහුණුවේ නිරත වෙමින් සිටි මාගේ වයසේ තරම් කිව හැකි දෙදෙනෙක් දිව ආවේය.

    "කොහේද යකො උඩ බලාගෙනද පාරේ යන්නේ" එකෙක් මගෙන් විඅසුවේය.

    "මේ මල්ලි තමා ග්‍රවුන්ඩ් ව්කේ ඉදලා දුවන් ආවේ එක පාරටම මම දැක්කේ නෑ".

    "බලහන්කෝ මුගේ කතාව තෝ කොයි පන්තියේද ඉන්නේ"

    අනෙක් එකාවිමසයි.

    "මන් අද අලුතින් ආවේ" මා පිලිතුරු දුනි.

    "ඕ ඕ ඒකත් එහෙමද මොන සෙක්ශන් එකටද"

    "බයෝ එකට"

    "අහ්හ් අපි පස්සෙ බලාගමුකෝ "

    අනෙකා පැවසුවේ ගුරුවරයෙකු එන බවදැකීමෙනි.

    "මේ අපේ හරිතගේ මල්ලිනේ බන් ඌ ග්‍රවුන්ඩ් එකේ හිටියා. පරිස්සමෙන් හිටපන් උබ"

    මා වෙතට තර්ජනාත්මක බැල්මක් හෙලූ ඔවුන් දෙදෙන් කුඩා සිසුවාත් රැගෙන ක්‍ර්‍රිඩා ගාරය වෙත ගියේය.

    "මදැයි ආපූ දවසේම පාත් වුන හෙන ගෙඩියක්"
    මා සිතින් සිතමින් ගමන් කලෙමි.

    උසස් පෙල පන්ති කාමර පිහිටා තිබුනේ පාසැලේ කෙලවරම වන්නටය.ජීව විද්‍යා අන්ශයේ පන්ති කාමර 4ක් තිබුණි.දිගු කොරිඩෝවක එක පසකට වන්නට එක පෙලට පන්තිකාමර පිහිටා තිබුණි.ගොඩනැගිල්ල තරමක් පැරණි එකක් විය.උදෑසන කාල පරිජ්ජේදය බැවින් කොරිඩෝවේ සිසුන් දක්නට නොලැබුණි.12F පන්තිකාමරය කෙලවරේම පිහිටා තිබුණි.මා තරමක චකිතයක් සිතේ ඇතිව ගමන් කලේ උදෑසනම මුහුණ පෑ සිදුවීම නිසාය.

    ගුනපාල ඉදිරියෙන් ගමන් කරයි.මා ඔහු අනුකරණය කරමින් ගමන් කලෙමි.කොරිඩෝවේ එක් කනුවක එක් පසෙකින් මා හට දිස් වූයේ සුදු පැහැ ඇදුමක කොටසකි.වඩාත් ලන්වත්ම එය ගැහැණු ලමයකුගේ ගවුමක කොටසක් බව මා දුටුවෙමි .මා දැන් ඒ කනුව පසු කරමින් සිටිමි.මා හැරී බැලුවේ සිටින්නේ කවුරුන් දැයි දැන ගැනීමටය.කනුවට මුවා වී සිටියේ මා සම වයසේ යයි සිතිය හැකි ගැහැණු ලමයෙකි.මට පිටුපස හරවා සිටගෙන සිටි නිසා මුහුණ නොපෙනේ.දිගට ගොතන ලද කොන්ඩ කරල් දෙක පමණක් මට දිස් විය.

    "දඩුවම කට එලියට දාලා වෙන්නැති "

    මා සිතින් සිතුවෙමි.

    මා පන්ති කාමරය වෙත ගෙන ගොස් ලලනා ම්ස් ට හදුන් වා දී ගුනපාල පිටත් විය.ගුරුතුමිය මා හට ඉද ගන්නට පැවසුවේය.මා හට ඉද ගන්නට ලැබුණේ පිටුපස හිස් පේලියකය.විශාල පන්ති කාමරයක් වූ එහි සිසුන් ප්‍රමාණයට වඩා ඩෙස් පුටු තිබුණි.

    මද වේලාවකින් සිසුවියක් පන්තිකාමරය තුලට ඇතුලු විය.ඈ ගුරුතුමියටත් අචාර නොකොට පන්තිකාමරයට ඇතුලු වී මා සිටි පේලියට අනෙක් පස වූ ගැහැණු ලමුන්ගේ කොටසේ කෙලවර වූ හිස් ඩෙස් එකක් අසල හිද ගත්තාය.පුදුමයකි අනෙක් සියල්ලෝම කිසිත් නොවූ ලෙස පාඩමට සවන් දී සිටිති.ඇයට දඩුමක් දී ඇති සෙයකි.ගුරුතුමියට බියෙන් කිසිවකු ඇය දෙස නොබලනවා විය හැක.මා හටද ඇය දෙස බැලීමට බියක් ඇති විය.කෙසේ නමුත් ගුරුතුමිය ඉවත බලන අවස්තාවක් බලා මා ඈ දෙස හොරැහින් බැලීය.ඇය මා දෙස බලා සිටී.කලු පැහැති කාන්තිමත් නෙත් සගලක් හිමි ඇය පියකරු තරුණියකි.මා එක් වතාවක් බලා සිනාසී නැවත ගුරුතුමිය දෙස බැලුවෙමි.නමුත් ඒ ඇස් දෙක මා නැවතත් ඈ දෙස බැලීමට පෙලබවිය.ඇය අහින්සක බැල්මකින් මා දෙස බලා සිටී.මා ඈ දෙස බලමින් සිනා සුනෙමි.

    "ගිහාන් කොහෙද ලමයෝ බලන් ඉන්නේ මම ආයි කියන්නේ නෑ මන් දෙපාරක් දැක්කා පන්තියෙන් එලියට යන්න ඕනද"

    මා තිගැස්සී ගියේ මිස් ලලනා ගේ හඩටයි.මුලු පන්තියම මා දෙස බලා සිනාසුණි.

    "මේ ලලනා ට පස්ස පැත්තෙත් ඇස් දෙකක් තීනවද කොහේද"
    මා මටම කියා ගත්තෙමි.මේ වනවිට කාලච්ඡේදය අවසානයට ආසන්නව තිබුණි.පන්තියට ඇතුලු වූයේ සිසුන් තිදෙනෙකි.මිස් ලලනා ඔවුන් වෙත එල්ල කලේ කෝපාවිෂ්ඨ බැල්මකි.

    "මම ඔය රසිකටයි නාමල් ටයි හරිතටයි කියලා තීනවා ඔය කෙහෙල්මල් කැඩෙට් එකට ගිහිල්ලා මගෙ පීරියඩ් එක අස්සේ කඩා පනින්න එපා කියලා ඉවර වෙනකන් ඉන්නවා එලියෙන්"

    මිස් ලලනා කඩා පැන්නේය.

    "මල කෙලියයි මේ වසවර්ති තුන් දෙනාත් මේ පන්තියේද"

    මා සිතින් සිතුවේ උදේ ග්‍රවුන්ඩ් එක ලගදී පැටලුණේ මුන් දෙන්නා සමග බව සිහි වීමෙනි.දැන් ඉතින් මොනවා කරන්නද එන දේකට මූණ දෙනවා.

    මිස් ලලනා පාඩම් ඇවසන් කොට නික්ම ගියාය.රසික නාමල් හා හරිත පන්තිය තුලට වී ඩෙස් එකක්මත නැගී තාලයට තට්ටු දමමින් ගීතයක් ගායනා කිරීමට පටන් ගත්තේය.අනෙක් සිසුන්ද ඊට සහාය පල කලහ.මා ඇය දෙස හැරී බැලුවෙමි.ඇය සින්දු නෑසුණා සේ මා දෙසම බලා සිටී.කෙනෙකු දුටු පමණින් ආකර්ෂණය වන පෙනුමක් මා හට තුබුණද මෙලෙස ගැහැණු ලමයෙකු මා දෙස බලා සිටි පලමු අවස්තව මෙයය.මා ඈ හා සිනා සුනේය.ඇය ඒ ලෙසම බලා සිටී.බජව්ව ජයටම නැගලා යයි.

    "බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා
    කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා"

    මෙය ඇසී මා හට බකාස් ගා සිනාවක් පිට වූයේ මිස් ලලනා සිහි වීමෙනි සියලෝම ම දෙස බැලීය.

    "ඕහෝ යමී යමී පයින් යමී මේ මහත්තයා මේකෙද එතකොට "

    මා දෙසට පැමිණියේ උදෑසන හමුවූ සිසුන් දෙදෙනාගෙන් කෙනෙකි.

    "හරිත මූ තමයි බොගේ මල්ලීව වට්ටලා ලොකු සීන් දුන්නේ."

    ඩෙස්ක් එකක් මත සිටි සිසුවකු ඉන් බැස මා දෙසට පැමිණියේය.

    "නගිටහන් බලන්න.අලුතින් නෙද උබ මොක්ක්ද නම" ඔහු පැවසුවේය.

    "ගිහාන් අයේශ් සූරියබණ්ඩාර "

    මා නොනැගිට පැවසුවේය.

    "මොකො &%%# බොගෙ ලොකු සීන් ද අපි දන්නවා ඕවා අඩු කරන්න වරෙන් ඉස්කෝලේ අරුණාම පූල් එක පැත්තේ.හැබැයි තෝ නාවොත් මෙහෙ ඉදලා ඉවරයි"

    ඔහු හරිත විය යුතු බව මා සිතුවෙමි.

    "අඩෝ ඔන්න අයින්ස්ටයින් එනෝ ඕකට කෝමත් අපිව දැක්කම ලෝක ගෝලෙත් හතරැස් වෙනවා වාඩි වෙයල්ලා"

    එකෙක් ජනේලෙන් එබී බලා කෑ ගැසීය.සියල්ලෝම හිද ගත්හ.පැමිණියේ බවුතික් විද්‍යා ගුරුවරයාය.මා විටින් විට ඇය දෙස බැලුවෙමි.ඇය බලාගත් අත බලා සිටී.ඊට ඉදිරියෙන් වූ පේලියේ සිසුවියක් මා ඒ දෙස බලා සිටිනු දැක අනෙකාගේ කනට යමක් කොදුරනු දුටුවෙමි.

    විවේක කාලයේ මා ආපනශාලාවේ හිද ගෙන සිටුයෙමි.මා අසලින් හිද ගත්තේ පන්තියේ සිසුවෙකි.

    හලෝ මචන් මම නිම්න හරිතලාගේ වැඩ ඔහොම තමා කොකටත් ඔයා යන්න නැත්නම් වැඩේ දුර දිග යනවා පොඩ්ඩක් වාතයක් වෙයි.ඒත් ගනන් ගන්න එපා මටත් අලුතින් ආපූ ටිකේ ඔහොම තමයි.

    ඔහු පැවසුවේය.

    මීලග කාලච්ජේද කීපය ගත වුනේ ඉක්මනින් යැයි සිතුණි.කෙසේ වෙතත් හවස මුහුණ දෙන්නට සිදුවන දෙය පිලිබදව සිතේ ගැටලුකාරී තත්වයක් තිබුණි.
    ##############

    පාසල අවසන් වීමේ සීනුව නාද විය.මා නැවතත් හැරි බලුවේ ගැහැණු ලමයා සිටීදැයි කියාය.නමුත් ඇය පෙනෙන්නට නොසිටියාය.මා සෙමින් සෙමින් පිය ගැට පෙල බසිමින් නාන තටාකය පිහිටි දෙසට ගමන් කලෙමි.පාසැල නිමවී තිබුණු බැවින් පාසල තුල පාලු ස්වභාවයක් තිබුණි.පැරණි ගොඩනැගිලි අතරින් මා ගමන් කලේ තටාකය දෙසටය.ගෝශාකාරී පාසැල තුල තිබුනේ දැඩි නිහැඩියාවකි.

    මා පිහිනුම් තටාකය පිහිටි පෙදෙසට ඇතුලුවූයේ තරමක චකිතයකිනි.කුමක් සිදුවේදෝ කියා සිතා ගත නොහැකිය.පිහිනුම් තටාකය පාලුවට ගොස් ඇත.එහි වූයේද දැඩි නිහැඩියාවකි.කිසිවකු පෙනෙන්නට නොමැත.වැහි වලාකුළු වලින් බර වූ අහසින් පරිසරයේ වූයේ අදුරු ස්වභාවයකි.මා පිහිනුම් තටාකය අසල වූ බැම්ම මත හිද ගතිමි.නිල් පැහැති ජල කද සෙමින් සුලගට සෙලවෙමින් තිබුණි.ඉද හිට හමා ආ සුලග තරමක් සීතල සහිත විය.ඈත සිටි බල්ලෙකු කන පට ගසමින් ඒ මේ අත දිව ගියේ අස්වාභාවික ලෙසය.

    "පිස්සු බල්ලෙක් වෙන්නති.කෝ මේ යක්කු මුන් බොරුවක් කරලා වගේ"

    පිහිනුම් තටාකයට ඈතින් පිහිටියේ පැරණි ගොඩනැගිල්ල කි.මා ජල කද දෙස බලා සිටියෙමි.මාගේ කනට ඇසුනේ කිසිවකුගේ අඩි ශබ්දයකි.එය කෙමෙන් කෙමෙන් ලන්වී ඇසේ.මා හිස ඔසවා බැලීමි.මට යාර කීපයක් ඉදිරියෙන් ගමන් කලේ පෙර පන්ති කාමරය තුලදී මා දෙස බලා සිටි සිසුවියයි.

    "මෙයා මොකද මෙහේ කරන්නේ,මෙයත් මේ ප්ලෑන් එකේ කොටසක්ද නැත්නම් මෙයාවත් අරුන් එන්න කියලද?"මා සිතින් සිතුව්ව්මි.

    ඇය පිහිනුම් තටාකය පසු කර ඈතින් පෙනෙඅ ගොඩනැගිල්ල වෙතට ගමන් කරමින් සිටියාය.

    "හලෝ ඔයා කොහේද මෙහේ" මා උස් හඩින් විමසීමි.

    ඇය කිසිත් නොකියා ගමන් කරයි.මා හුන් තැනින් නැගිට ඈ පසු පස ගියේ කුමක් හෝ දැන ගැනීම සදහාය.

    ඇය පඩිපෙළ බැස පහලට ගමන් කලාය.කැඩී බිදී ගිය පඩි පෙල වල් බිහිවී ඇත.
    ඇය ගොඩනැගිල්ල වෙත ඇතුලු වූවාය.මාද ඈ පසු පස ගමන් කලෙමි.ගොඩනැගිල්ල අතහැර දැමූ එකකි.බිත්ති දුර්වරණ වී තිබුණි.වහල් දිරා ගොස් ඇත.කැඩුණු බිදුණු දිරාගිය ඩෙස් පුටු පසෙක ගොඩ ගසා තිබුණි.මෙය සිසුන් විසින් නම් අතහැර නොතිබූ බවට සාක්ශි ඔනා තරම් තිබුණි.ඇය ගොඩනැගිල්ල තුල පෙනෙන්නට නිසිටියාය.මා ඒ තුක ඒ මේ අත ඇවිද්දේ බිත්ති පුරා කුරුටු ගා තිබූ බලි කුරුටු නරබමිනි.ඒ අතර මිස් ලලනා වෙනුවෙන්ද කවි පෙලක් ලියවී තිබුණි.මා ඒ දෙස්ට ගමන් කරද්දී කිසිවකු මගේ පිටුපසින් අදිණු දැණුනි.මා ඇග සීතල වී ගියේය.මා හැරී බැලුවෙමි.මාගේ බෑගය බිතියට හේත්තු කොට තැබූ දිරාගිය අල්මාරියක ඇණය ක පැටලී තිබුණි.
    මා එය නිදහස් කර ගැනීමට උත්සහ කලෙමි.නමුත් වෑයම අසාර්ථක විය.මා බෑගය කරෙන් ගලවා පසෙකට වී හැකි වෙර යොදා ඇද්දෙමි.

    දඩාස් ගා අල්මාරිය කඩා වැටුනේ මා අනූ නවයෙන් බේරමිනි.බෑගය ගැලවී අතට ආවේය.අල්මාරිය කෑලි වලට ගැලවී වැටුනි.පුදුමයකි අල්මාරියක පිටිපස්සෙන් පිහිටියේ දොරකි.ඉන් කුඩා කාමරයකට විවෘත විය.මා තුක ඇති වූයේ කුතුහලයකි.මා ඒ දෙසට එබිකම් කලෙමි.අදුරු කාමරයේ මුල්ලක වාඩි වී සිටියේ සිසුවියයි.මා පුදුමයට පත් වීමි.

    "ඔයා කොහොමද මෙතනට ආවේ"මම විමසීමි.

    ඇය හිස ඔසවා බලා එක් මුල්ලක් වෙත ඇගිල්ල දිගු කලාය.මා ඒ වෙත ගමන් කලෙමි.ගෙබිම වූයේ දූවිලි තට්ටුවකි.මකුළු දැල් බැදී තිබූ එහි අදුරු මුල්ලක දිලිසෙන යමක් දුටුවෙමි.මා ඒ වෙත්ට පාත් වී එය අහුලා ගතිමි.කොල පැහැයෙන් මල බැදී ගිය පිත්ත්ල ලාන්චනයකි.මා එය අනෙක් පස හරවා බැලීමි.
    "නිවර්තනා සූරියබණ්ඩාර "
    "ප්‍රධාන ශිෂ්‍ය නායිකා"

    එහි සටහන් වී තිබුණි.මා එය රැගෙන ඈ දෙස බැලීමි.ඇය එහි නොසිටියාය.මා කුඩා කාමරයෙන් පිටතට පැමිණියෙමි.ඇය එහිද නොමැත.මා පිය ගැට පෙල නැග තටාකය දෙසට ගමන් කලෙමි.තටාකයේ ජල කද මත පාවෙන යමක් ඈත තියා දුටුවෙමි.මා ඒ වෙත ගමන් කලෙමි.ජල කද මත උඩු බැලි අතට පාවෙමින් තිබුණේ මා දුටු සිසුවියගේ ඉදිමී ගිය සිරුරයි.පාසල් නිල ඇදුමින් සැරසී සිටි ඇගේ නිසල සිරුර පා වෙමින් තිබුණි.විවෘත වී තිබූ දෑස් මා දෙසට හැරි තිබුණි.මා හට කර කියා ගත හැකි යමක් සිහි නොවුණි.මා හැකි වේගයෙන් කාර්‍යාලය වෙත දිව්වෙමි.මේ වන විට විදුහල්පති තුමිය පිටත් වීමට සූදානමින් සිටියාය.මා ඇයට සිද්ධිය සැල කර සිටියෙමි.

    "පුතා මෙහෙන් ඉදගන්න" ඇය අසුනක් පෙන්වීය.

    "සන්සුන් වෙලා මේක අහගන්න.පුතා ඔය දැකලා තීන්නේ නිවර්තනා සූරියබණ්ඩාර අපේ හිටපු ප්‍රධාන් ශිෂ්‍ය නායිකාව.එයා නැති වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා හරියටම අදට.එයා ඔය පූල් එකේ මැරිලා පාවෙවී තීද්දී තමා හම්බුනේ."ඇය පැවසුවාය.

    "ගිලිලා මැරිලාද?" මේ වෙව්ලන ස්වරයෙන් විමසීමි.

    "නෑ එහෙම වෙන්න බෑ එයා පිහිනුම් ශූරියක්.මරණ පරීක්ෂණ යේදී ඔප්පු වුනේ එයාව දූෂණය කර මරා දමලා කිය්ලා තම"

    "අනේ පව් කව්ද ඒක කලේ"

    "අපිට සාක්ශි හොයා ගන්න බැරි වුනා.ඒත් පූල් එක බාරව හිටිය විජේදාස තම සැකපිට ඇරෙස්ට් කලේ ඒත් සක්ශි නැති නිසා රෙලීස් වුනා"

    මා සාක්කුවටඇත දා අහුලා ගත් පිත්ත්ල ලාන්චනය විදුහල්පතිනී ය අත තැබීය.

    එය දුටු ඇගේ දෑස් විශාල විය.

    "ඔයාට කොහෙන්ද මේක"

    මා එය ලැබුණු ආකාරය විස්තර කලෙමි.

    ඒ අනුව පොලීසිය මැදිහත් වීමෙන් ස්තානය පරීක්ශා කරන ලැබූ අතර එහි තිබී සිම් කාඩ් පතක් සොයා ගන්නා ලදී.වැඩි දුර විමර්ශන වලදී එය විජේදාසට අයත් බවත් තහවුරු කර ගන්නා ලදී.ඒ අනුව නිවර්තනා සූරියබණ්ඩාර දූෂණය කර මරා දැමීමේ චෝදනාවට විජේදාසට මරණීය දණ්ඩ නය හිමි විය.

    නිවර්තනා සූරියබණ්ඩාර ,ගිහාන් අයේශ් සූරියබණ්ඩාර වන මාගේ කවුරුන් ද ඇය මේ සදහා මාවම තෝරා ගත්තේ කිමද මෙය අදටත් නොවිසදුණු ගැටලුවකි...

    නිමි......

    Gihan Ayesh