Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    අනූ ගණන්වල මුල් කාලෙ විතර නිකුත්වුන 'ප්‍රදීප' නමැති එක්තරා මාසික සඟරාවක පලකර තිබු කතාවක් තමයි අද මම ඔයාලට කියන්නෙ. සඟරාව අද නැතත් කතාවනම් තාමත් මතකයි මට. මේක මගෙ අත්දැකීමක් නොවුනත් මට මතක විදියට ඒ අත්දැකීමට මුහුණදුන් කෙනාම තමයි මේ කතාව ලිපියක් විදියට ඒ සඟරාවට දාල තිබුනෙ. ඇත්ත නැත්ත පැත්තක..මෙන්න මේකයි කතාව.. 1991 වර්ෂයේ දවසක යාපනයේ යුධ හමුදා කඳවුරක සේවය කරපු සාගර ගමට එමින් සිටියා. වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් තිබූ අතර හෙන පුපුරමින් අකුණු ගසමින් වහින මහ වැස්සක් පැවතුනු වේලාවක තමයි ඔහුට බස් එකෙන් බහින්න වුනෙත්. යුද්ධය සක්‍රීයව තිබුන කාලයක් නිසා ඉතාම අපහසුවෙන් තමයි ඔහුට මේ නිවාඩුව ලබාගැනීමට හැකිවී තිබුනේ. කොහොමහරි මේ සැරේ ඔහු ගමට ආවේ මාස 8කට පමණ පසුවයි. හංදියේ තැපැල් කන්තෝරැව ලඟින් බස් එකෙන් බැහැපු සාගර කුඩෙත් ඉහලගෙන හෙමින් හෙමින් ඉදිරියට ඇදුනා. පාරේ ඉදිරියට යන්න එළියක් විදියට තිබුනේ අකුණු එළිය විතරයි. ටික දුරක් යද්දි ඔහු දැක්ක පාර අයිනෙ වහපු කඩයක පිලක් උඩ වාඩිවෙලා පාර දිහා බලන් හිටිය පොඩි මහත්තයව. සෑහෙන කාලෙකට පස්සෙ වුනත් සාගර එක සැරේම ඔහුව අඳුනගත්තා. ඒත් පොඩි මහත්තයට නම් එක සැරේම සාගරව අඳුනගන්න පුලුවන් වුනේ නැහැ. හවස හංදිය පැත්තෙ ආපු ගමන් වැස්සට අහුවුන නිසා යන්න විදියක් නැතුව හිටිය පොඩි මහත්තයවත් කුඩේ යටට එක්කගෙන සාගර ආපහු ඉදිරියට යන්න පටන් ගත්තා. "මේ දවස්වල යාපනේ පැත්තෙ තත්වෙ කොහොමද?" පොඩි මහත්තය ඇහුව. යුද්දෙ නිසා අපේ හමුදාවෙ කොල්ලො මැරෙන විස්තරයි, බෝම්බ පුපුරන විස්තරයි සාගර ඔහුට පැහැදිලි කළා. පහුගිය කාලෙ ගමේ සිද්දවුන විස්තරත් සාගරට දැනගන්න ලැබිල තිබුනෙ නැති නිසා එයා ඒ ගැන පොඩි මහත්තයගෙන් ඇහුව. මඟුල් ගෙවල්, මළ ගෙවල්, පිරිත් පිංකම් වගේ ගමේ සිද්දවුන විශේෂ දේවල් ගැන විස්තර පොඩි මහත්තය සාගරට කිව්ව. ඔන්න දන්නෙම නැතුව කතාවෙන් කතාවෙන් ගෙවල් පැත්තට හැරෙන තැනටම ඇවිත්. පොඩි මහත්තයලගෙ ගෙවල් තියෙන්නෙ එතන ඉඳන් කෙලින්ම ඉස්සරහට. ඒ නිසා සාගර මුලින් එයාව ගෙදරට ඇරලවන්න සූදානම් වුනා. "ඕනෙ නැහැ සාගර. මම තනියම යන්නම්." පොඩි මහත්තය බල කරපු නිසා සාගර නැවතුනා. ඒත් තමුන්ගෙ ගෙදරට වඩා වැඩි දුරක් පොඩි මහත්තයට යන්න වෙන නිසා කුඩේ ඔහුට දෙන ගමන් සාගර මෙහෙම කිව්ව. "මම හෙට ඒ පැත්තෙ එන්නම්. පොඩි මහත්තය කුඩේ අරන් යන්න. මට මේ ටික ගෙදරට දුවගන්න පුලුවන්." මඳ සිනහවකින් සාගරට සංග්‍රහ කරපු පොඩි මහත්තය කුඩෙත් අරන් ඉදිරියට ගියා. සාගර එතනින් හැරිලා ගෙදර පැත්තට දුවන්න පටන් ගත්ත. ඒ පාරෙ තමයි කනත්ත තියෙන්නෙත්. ඒ නිසා හිතට ගැම්මක් අරන් ඔහු එක පිම්මට ගෙදරටම දුවගෙන ආව. එතකොට වේලාව 12.20ට විතර ඇති. සාගර දොරට තට්ටු කළා. අම්මයි, තාත්තයි ඇහැරල කඩිමුඩියෙ දොර ඇරල බලද්දි සාගර ගෙදර ඇවිත්. ඔවුන් පුදුම වුනා. අම්ම සාගරට තුවායක් දෙන ගමන් තනියම කලුවරේ වැස්සෙ තෙමීගෙන ආපු එක ගැන නෝක්කාඩුවකුත් කිව්ව. "අවුලක් නැහැ. හංදියෙන් බහිද්දි පොඩි මහත්තයවත් හම්බුනා. ඉතින් තනියක් තිබුනෙ
    නැහැ. දෙන්නම ආව. එයා තෙමි තෙමි යන නිසා මම කුඩේ දුන්න. හෙට දිහාට ඉල්ලගන්න බැරියැ." සාගර විස්තරේ කිව්ව. ඊට පස්සෙ ඇඟ හෝදගෙන අම්ම හදල දුන්න කෝපි එකකුත් බීල සාගර නිදාගන්න ගියා. පහුවදා උදේ සාගර පොඩි මහත්තයලගෙ ⁣ගෙවල් පැත්තෙ යන්න ලෑස්ති වෙද්දි තාත්ත සාගරට කතා කළා. "ළමයො. පොඩ්ඩක් ඉඳිං. පොඩි කාරණාවක්
    තියෙනව උඹට කියන්න. ඊයෙ රාත්‍රියෙ උඹට අපි මේක නොකිව්වෙ හිත කලබලවෙන නිසයි. පොඩි මහත්තය මීට මාස තුනකට කලින් මළා. පෙරේදා තමයි තුන්මාසෙ දානෙ තිබුනෙ. හිත කලබල කරගන්නෙ නැතුව ඉඳිං. ⁣කෝකටත් පොඩි ආරක්ෂාවක් කරගම්මු." තාත්ත එහෙම කියනකොට හිසෙන් පටන්ගෙන දෙපතුල
    දක්වාම හිරි වැටෙන්නාක් මෙන් සාගරට දැනුනා. මුලු ඇඟම පණ නැතිව යනවා මෙන් හැඟීමක් දැනෙන ගමන් ඔහුට මෙහෙම හිතුන. "දෙයියනේ. මම ඊයෙ කතා කර කර ආවෙ එතකොට මැරිච්ච මිනිහෙක් එක්කද?"

    Indika Prabhath Wickramasinghe

    Rep+ Added... මෙහෙමම කරගෙන යමු...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේක මගේ හොදම මිතුරෙක් මුහුණ දුන්න . භයානක අමනුස්ස අද්දැකීමක් .

    ජනිත් .... ජනිත් කියන්නේ යකෙක්ටවත් බය නැති තරුණයෙක් කිව්වොත් හරි ඒ වගේම හරි දැඩි හිතක් ඔහුට තිබුනා .වෙලාවක් අවේලාවක් තැනක් නොතැනක් නැතිව ඕනෑම තැනකට හිතේ චකිතයකින් තොරව යන එන ජනිත් වගේ කෙනෙක් හොල්මනකට බය උනා කියන ඒක හිතාගන්න බැරි දෙයක්
    .... එහෙත් ඒක සිදු උනා...

    අපේ ගමේ සැලුන් ඒක කියන්නේ හවසට කොල්ලන්ගෙන් පිරිලා ඉතිරිලා යන තැනක්.. ඔක්කොම එන්නේ කොන්ඩේ කපගන්නමත් නෙමෙයි .. සැලුන් ඒක පිටි පස්සට වෙලා පොඩි අඩියක් එහෙම ගහන්න සෙට් වෙන්නත් එක්ක ...

    කාටත් හොරෙන් ඔතනට සති අන්තයේ සෙට් වෙන කොල්ලෝ දෙතුන්දෙනා හෝ හත් අට දෙනා ... අයෙමත් ඔතනින් පිට වෙලා ගෙවල් දොරවල් වලට යන්නේ මහා රැ එකොළහ දොළහ වෙලා..එතෙනකල් බොනවමත්ම එහෙම නෙවේ.. ඒක ඒක මතෘකා අතර දිව යන කතාවල අවසානයක් දකින තුරු ගෙවල් ගැන මතකයක් නැති වීම නිසයි...

    ඔන්න ඒක දවසක් උදේ අමුතු කතාවක් ගම පුරා පැතිරුනා ජනිත් අවතාරයකට බයවෙලා කියලා.. තවත් සමහර උන් කිව්වා ජනිත් කොලුවට යකෙක් ගහලා කියල.. ජනිත් කියන්නේ යකෙක් ගහන්න ආවත් යාකාට උනත් ගහල යන තරමේ එකෙක් කියලා මම දන්නා නිසා මුලින් ඔය කතාව පිලිගන්නත් ටිකක් මැලි උනා.. කෝකටත් ඇත්ත නැත්ත බලාගන්න අපිත් ගියා ජනිත්ගේ ගෙදර..

    ගේ පිරෙන්න සෙනග.. ජනිත් කාවවත් අදුරන්නේ නැහැ වගේ ඉන්නේ. ඒක පාරම දගලන්න ගන්නවා. කවුරු හරි ඌව මරන්න එනවා වගේ .. ජනිත්ගේ මූන බලපුවම මට පෙනුනේ මොකක් හරි දෙකට නොසැහෙන්න බය වේලා ඉන්න විත්තියක්..
    ඒ මදිවට වටේටම යන්ත්‍ර මන්ත්‍ර දන්නා අය පිරිලා.. අතේ නුල් ගැට ගානවා .. වතුර වලට මතුරලා මුනට ඉහිනවා . ඒක විකාරයයි .. එත් ජනිත් නෙමේ ඒ එකකටවත් සැරෙන්ඩර් වෙන්නේ . ..
    මේක බලාගෙන ඉන්න බැරි තැන මම උන්ගේ අම්මා ලගට ගිහින් කථා කළා.. උන්දැත් මහා මේර ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ හරි අසරණ කමකින් හිටියේ.

    නැන්දේ අපි ජනිතව දොස්තර කෙනෙක් ලගට එක්ක යමුද?

    මේවට දොස්තර බෙහෙත් හරියන්නේ නැහැ පුතේ.. කොලුවට . අමනුස්ස දෝෂයක්.

    මොකද නැන්දේ උනේ….

    කොලුවා පාන්දර 1 ට විතර බිසිකල් ඒකත් තල්ලු කරගෙන අව සිහියෙන් වගේ කියව කියව ඇවිත් තියෙනවා.. එත් එක්කම බයිසිකලෙත් එක්කලම වැටිලා . ඔලුව ගලක හැපිල සිහි මුර්ජා වෙලා .. එහා ගෙදර බේකරියේ වැඩ කරන කොලුවා එලියට ආව වෙලාවේ තමයි මේක දැකල තියෙන්නේ. ඌ කියනවා හය්යෙන් දොඩව දොඩව . දගල දගල ඇවිත් වැටුනලු..
    එයිට ටික වෙලාවකට පස්සේ සිහිය ආවත්. කාටදෝ බයෙන් දගලනවා. කොලුවා රැ මැදියමේ තනිපංගලමේ ඇවිත් මොකකට හරි බයවෙලා පුතේ..

    ගොඩ කාලයක් යනකල් ජනිත් ට නොයෙක් විදියේ ප්‍රතිකාර කළා. යන්ත්‍ර මන්ත්‍ර අතින් . එහෙම කරලා කාලයක් යනකොට සාමාන්‍ය තත්වයට පත් උනා .. ඒ ත් අපි කව්රුත් එයාගෙන් අර සිද්ධිය ගැන අහන්න ගියේ නැහැ. මොකද අයෙමත් ඔය ගැන මතක් කරන එකෙන්. ජනිත්ගේ අසනීප තත්වය නරක් වෙයිදෝ කියන බයට .

    එත් දවසක් මම ජනිත් එක්ක රැයක කථා කර කර ඉන්න කොට මට හිතුනා නිකමට වගේ එදා සිද්දිය අහල බලන්න.

    ජනියා මොකෝ බං උබට එදා උනේ උබ හොල්මනක් දැක්කද?

    ඒක ඇහුව විතරයි ජනිත් .. අස් ලොකු කරලා මගේ දිහා බලාගෙන හිටියා ටික වෙලාවකට.. සමහර විට එදා උන බියකරු සිදුවීම නැවතත් ජනිත්ට මැවී පෙනෙන්න ඇති...

    මෙතැන් සිට ජනිත්ගේ වචනයෙන්..

    එදා අපි පිටත් වෙනකොට ටිකක් රැ වුනා .. කඩින් කඩ වැස්සක් කුත් තිබුනනේ.. කොහොම හරි අපේ පැත්තට යන්න හිටියේ වෙනද වගේම මම විතරයි.. මට ඉතින් ඔය පාරේ රැයක දවලේක වෙනසක් නැහැනේ . නිතරම යන එන පාර.....

    ( ජනිත් ලගේ ගෙදරට යන පාර සැලුන් එක ලග ඉදන් කියනවනම්.. සැලුන් එක තියෙන්නේ තුන්මං හන්දියක... එතන ඉදලා කෙලින්ම උඩහට යන පාරේ යන්න ඕනේ ජනිත් ගෙදර යන්න.. වෙල් යායක් මැදින් වැටුන පාරක ටික දුරක් ගිහින්.. පුංචි කදු පාරකට වැටෙනවා.. ඒ පාරේ එක පැත්තක තියෙන්නේ ලොකු පොල් වත්තක්... ඔය පාරේ අවසානයේ තියෙන්නේ සොහොන් පිට්ටනිය....ඒ හරියේ ගෙවල් එහෙම නැහැ.. පාලුවට ගිය වත්තක් තියෙන්නේ..සොහොන් පිට්ටනිය ඉස්සරහින් හැරිලා යන ගුරු පාරේ යනකොට පාර දෙපැත්තේම විශාල ගස් වැවුණු ..ප්‍රභූ පවුලකට අයත් ඉඩමක් තියෙන්නේ .. ඔය පාර. මහා දවල්ටත් හරි අදුරුයි .. මුසල පාටයි...
    ඒ පාරේ කෙලවරින් පොඩි කදු ගැට්ටක් උඩට නගිනකොට තමයි ජනිත්ලගේ ගෙදර තියෙන්නේ... )

    පොද වැස්සේම මම ගෙදර යන්න එලියට බැස්ස... ඉතුරු බයිට් ටිකත් උරේක දාලා බයිසිකලේ හැඩල් එකේ එල්ල ගත්තා යනකොට කකා යන්න කියල... හිකිස්‌.. එක තමයි මට වැරදුනේ....
    වෙල පහු කරලා . කන්ද හරියේ මම සිකලෙන් බැහැල තල්ලු කරගෙන කන්ද නගිනකොට මට නිකන් අමුත්තක් වගේ තේරුනා .. නිකන් මගේ පිටි පස්සෙන් තව හතර පස් දෙනෙක් ඇවිදගෙන එනවා වගේ..හැරිලා බැලුව තුන් හතර වතාවක්ම එත් මොකෙක්වත් නැහැ.. අඩු තරමේ බල්ලෙක් වත් පාරේ නැහැ...
    එහෙම බයිසිකලෙත් තල්ලු කරගෙන ටික දුරක් කන්ද නගිනකොට .. පොල් වත්තේ කෙලවරේ ඉදලා බල්ලෙක් අමුතු තාලෙකට එක දිගටම උඩු බුරන්න ගත්තා .. මගේ හිතටත් හරි අමුත්තක් තේරුනා ඒ වෙලාවේ...

    එතකොට තමයි මතක් උනේ බයිසිකල් එකේ ඉස්සරහා එල්ලගෙන ඉන්න උරේ තියෙන්නෙත් පුළුටු නේද කියලා.. ඒ උරෙත් ගලවලා පාරට විසි කරලා...ඉක්මන් කරලා ගෙදර යන්න ගිතාගෙන මම සිකලේට නැගලා කන්ද පදින්න ගත්තා..

    කන්ද උඩටම යනකන් අයේ කිසිම සද්දයක් තිබුනේ නැහැ.. ඇතින් උඩු බුරන බල්ලාගේ සද්දේ ඇරෙන්න ..

    මේ අතර පොද ගහමින් තිබුන වැස්ස ටිකක් වැඩි වෙමින් තිබුනා . මම සොහොන් බිමත් පහු කරගෙන ඉස්සරහට යනකොට... එක පාරටම සයිකලේ දෙපැත්තට පැද්දෙන්න ගත්තා ..හරියට නිකන් පිටිපස්සේ රෝදේ හුලන් බැහැලා වගේ.. මම සයිකලේ පදින ගමන් පිටිපස්සේ රෝදේ දිහා බල බල අවේ හුලන් බැහැලවත්ද කියල.. එත් එහෙම වෙනසකුත් නැහැ...
    බයිසිකලේ ඉස්සරහට යන්නේ නැති තරම් බරයි..
    මම පිටි පස්ස බලලා අයෙත් ඉස්සරහ බලනකොට...දැක්ක දේ මතක් වෙනකොටත් මාව තාම ගැහෙනවා.. තඩි කළු මහත මිහිහෙක් මගේ බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන...ඒ මිහිනගේ මුළු ඇගම තෙමිලා.. කළු පාට කෝට් එකක් ඇදගෙන උන්නේ .. ඉස්සරහ බලාගෙන හිටපු නිසා මුණ පෙනෙන්නේ නැහැ..

    මම බයට පුළුවන් තරම් හය්යෙන් කැගැහුවා .. එත් බයටම උගුර කට වේලිලා.. සද්දේ පිටවන්නේ නැහැ.. මම මොකක්ද කරන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා මට හරියකට තේරුමක් නැතුව ගියා. බයටම..
    මම පුළුවන් තරම් හය්යෙන් බයිසිකලේ පැද්දා..පදින්න බැරි තරම් බයිසිකලේ බරයි..එත් බයටම මම හය්යෙන් පැදගෙන ආවා.. පාළු පාර දිගේ...ඉස්සරහ ඉන්න කෙනා එහෙම්මම ඉන්නවා හෙලවෙන්නේවත් නැතුව ...බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන..

    කොහොම හරි මම අවසිහියෙන් වගේ පැදගෙන ආවා . අපේ ගෙවල් ගාව කන්ද මට පැදගන්න බැරි උනා..වැස්සේ උනත් මුළු ඇගම මගේ දාඩියෙන් පෙගිලා හිටියේ.. එතකොටයි මම දැක්කේ . ඒ මිනිහගේ කකුල් දෙක නැහැ. දනිස්සෙන් පහලට කකුල් නැහැ. ඊට පස්සේ මම මෙතුවක් කාලෙකට ජිවිතේ දැක්ක භයංකාරම දසුන දැක්ක...

    ඉස්සරහා බලාගෙන හිටපු කෙනා මගේ දිහා බැලුවා... මුළු ශරීරයම ඉස්සරහට හැරිලා තියෙනකොට.. බෙල්ල විතරක් සම්පුර්ණයෙන්ම හරවලා මගේ දිහා බැලුව...හරියට එම්බාම් කරලා කුණු උන මිනියක් වගේ .. මුළු මුනේම කැලි ..කැලි. ගැලවිලා කුණු වෙලා .. ඇස්දෙක එලියට පැනල ..රතුම රතු පාටයි...

    මම පුළුවන් තරම් හයියෙන් කෑගහගෙන.. අපේ ගෙවල් පැත්තට දිව්වා.. මම ඒ වෙලාවේ හිටියේ පියවි සිහියෙන් නෙමේ වෙන්න ඇති... එතනින් එහාට කිහිම දෙයක් මට මතක නැහැ...

    කොහොම උනත් හොල්මන් අවතාර කියල දෙයක් නැහැ කියලා හිතාගෙන හිටපු මගේ ඒ අදහස වෙනස් උනේ.. ජනිත් කිව්වා ඒ සිද්දියෙන් පස්සේ තමා..
    කව්රු කොහොම කිව්වත් . පියවි ඇසට නොපෙනෙන ලෝකයක් තියෙනවා..

    අන්තර් ජාලයෙන් උපුටා ගත්තකි
    .
    :sorry::sorry::sorry::sorry:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    ඌරු මසට ඉව වැටුණු මහසෝන් අවතාරය

    මම මේ කියන්න හදන කතාව ඇත්තටම මට උන සිදුවීමක් නෙමෙයි මගෙ හොදම යාලුවෙක්ගෙ තාත්තට තමයි වෙලා තියෙන්නෙ ..හොල්මන් කියලා දෙයක් තියෙනවා ද නැද්ද කියන දේ අතර තාමත් මං දෝලනය වෙනවා මොකද මට තාමත් ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් නැති නිසා..කතාව මේකයි..මගෙ යාලුවගෙ අම්මයි තාත්තයී රෑ මළ ගෙදරක ගිහින් එනවලූ බයික් එකක..දෙපැත්තේම තිබිල තියෙන්නේ ඝණ කැළැව..පොඩි පොද වැස්සකුත් තිබිල තියෙනවා .ඔහොම එන අතරමගදී එක තැනක තාත්ත බයික් එක නතර කරල ඈත කැලෑව පැත්ත බලන් ඉන්නවලු.අම්ම ඇයි කියල අහුවට කියන්නෙත් නෑලු.එක පාරටම තාත්තා වෙව්ලන්නයි දොඩවන්නයි පටන් අරන්.අම්ම යමු කිව්වට එයාට බයික් එක ස්ටාර්ට් කරගන්නත් බෑලු.අම්මට තේරුනාලු මොකක් හරී අවුලක් වෙලා තමයී කියලා.ඒත් එයා තාත්තව කලබල කරල නෑ.හයියෙන් හොද කුනුහරුප දෙකක් කියල කොහොමහරි බයික් එකත් ස්ටාර්ට් කරවගෙන ගෙදරට ඇවිත්..ගෙදර ආව විතරයිලු තාත්තට සිහි නැතුව වැටිලා..
    පස්සෙ දවසෙ හොදටම උණ ගැනිලා..සැරින් සැරෙට බය වෙලා දගලනවලු හීනෙන් දොඩවනවලු.
    දන්න කියන හැම තොවිලෙම නටල තාත්තව සනිප කරගත්තට පස්සෙ එදා මොකද උනේ කියල තාත්තගෙන් අහල තියෙනවා.
    එයා බයික් එකේ එනකොට අහම්බෙන් වගේ දැක්කලු ටිකක් ඈත තියෙන කෙසෙල් පදුරක් දිගේ මනුස්සයෙක් හතර ගාතෙන් වදුරෙක් වගේ බඩගානව.ඒක ටිකක් අමුතු නිසා එයා බයික් එකත් නවත්තලා හොදට බලල තියෙනවා එතකොට බලාගෙන ඉන්නකොට අර මනුස්සයා එන්න එන්නම අසාමාන්‍ය විදියට දික් උනාලු.එයාට තේරුනාලු මේ සාමාන්‍ය මිනිහෙක් නම් නෙමෙයි කියල හිත හොදටම ගැස්සිලා..එයාලගෙ ආච්චි කිව්ව විදියට නම් ඒ මහසෝනාලු.යලුවගෙ තාත්ත එදා මල ගෙදර ගිහින් තියෙන්නේ ඌරු මස් කාල.එහෙම දෙයක් වෙලා තියෙන්නේ ඒ නිසා කියලයි එයාල කියන්නෙ
    .
    Hasheeni M. Herath
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    මෙය මාවිසින් හොදින්ම හදුනන පුද්ගලයෙකු හා ඔහුගේ දරැවන් දෙදෙනා විසින් මුහුනදුන් සත්‍ය සිදුවීමකි මෙහි එන චරිතවල නම් පමනක් මාවිසින් වෙනස්කරන ලදී.

    ...........................................................................

    මොහු නමින් සුමනදාස. පෙර රජයේ සුලු සේවකයෙකු වූ මොහු දැන් විස්‍ රාමසුවයෙන් කල් ගෙවන අතර බිරිද විදෙස් ගතව සිටී.දරුවන් දෙදෙනා අවිවාහකව සිටින අතර පියා සමග කුඩා නිවසක ජීවිකාව ගෙනයමින් සිටී.

    .....................................................................................

    සුමනදාස නිතර ගමතුල සිය පා පැදියෙන් ගමන්කිරීම ගම් වැසියන්ට සුලබ දසුනකි. ඒ වෙනකිසිවක් නිසා නොව දරුවන් රැකියාවලට ගියපසු තනිව නිවසෙ වාසය කිරීමට තිබූ අකමැත්ත හා පාලුව නිසාවෙනි. මෙසේ ගමේ ඇවිදින මොහුට රැයක් දවාලක් ගැන වැඩි අවදානයක් නොවීය.දිනක් තරමක් දුරින් පිහිටි තම මිතුරෙකුගේ නිවසට ගොඩවදින මොහු එම නිවසෙන් පිටවන්නේ හොදින්ම රෑ බෝවූවාට පසුවය.මෙසේ තම පාරැදියෙන් පාලු මාවතක් දිගේ තනිව පැමිනෙන මොහු පා පැදිය නවතන්නේ ටයරයක හුලන් අඩුබව දැනීයාමෙනි. දැන් මොහු පාලු මාවත දිගේ පාපැදිය තල්ලුකරගෙන පැමිනේ (පාර බොහෝලෙස කැඩී ගොස් ඇතිනිසාවෙන් හුලන් අඩු පාපැදිය පැදයා නොහැකි නිසාවෙන්) තම නිවස ආසන්නයට එනවිට මොහුට කිසියම් වෙනස්බවක් දැනේ මුල් වතාවට ඇසෙන අමුතු ශබ්දයකි මේ අතර මොහු දකින ඇග කිලිපොලා යන බිහිසුනු දසුනකි තමා වෙතට ලං වෙන සුදු පැහැති විශාල බෝලයක් මෙනි අර පෙර කියූ ශබ්දයද මෙයින් ඇසේ එය ලං වන විට මොහු තවත් බියට පත්වන්නේ එය සතුව මිනිස් සිරුරේ අංග වලට සමාන අංග පැවතීම නිසාවෙනි. මොහුගේ පෙර වාසනවකට මෙන් මොහු දිවගොස් නැවතුනේ තම නිවසතුලය. "තාත්තේ මොකෝ මේ " ඔහු පියවි සිහියට පැමිනෙන්නේ තම දරැවන්ගේ හඩිනි " පුතේ බුදු පහන බුදු පහන පත්තු කරපන් ඉක් ඉක්මනට " දුව පහන පත්තු කරන අතරතුර සුමනදාස තම පුතා අමතා තමාට සිදුවූ සිදුවීම කෙටියෙන් පවසන අතර එක් වරම පුතා දොර විවර කර බලයි තවමත් අර බියකරු ආත්මය මිදුලේ සැරිසරන අයුරු දුටු කසුන් ද බීතියට පත්වේ (කසුන් යනු සුමනදාසගේ පුතායි) මේ අතර බුදු පහන දල්වා නිවස තුල ගුවන්විදුලියක පිරිත් වාදනය කෙරුනි පසුව විපරම් කරන විට අර බියකරැ ආත්මය මිදුලේ හෝ නිවස අවට නොවීය.පසුදින අර පාපැදිය දමා ආ ස්තානයට කසුන් සහ මිතුරන් පිරිසක් ගොස් පරීක්ශා කරන ලදී එහිදී ඔවුන්ට දැකගත හැකිවූයේ පාපැදිය බොහෝලෙස සීරී ඒ අසල පොලව තුල කිසිවෙකු දගලූ අයුරින් පොලව විනාශ වී ඇති අයුරුයි. තවත් පුදුම දනවන දෙයක් එහි විය ඒනම් අර හුලන් නොමැතිව තිබූ ටයරය තුල හුලන්වල අඩුවක් නොවී තිබීමයි.සුමනදාස බොහෝ ලෙස බයට පත්වී සිටි නිසාවෙන් තොයිලයක්ද නැටූ බව පසුව අපට දැනගන්නට ලැබිනි.

    පසු දිනක මට සුමනදාස නමින් මා හැදින්වූ පුද්ගලයා හා කසුන් මුනගැසිනි.එම මොහොතේ සුමනදාස මාහට පැවසුවේ " මා බෝදිලිමා දුටු බවයි " එම කතාව කසුන්ද අනුමත කලේය.ඉන් දින කිහිපයකට පසු තවත් තිදෙනෙක්ම මේ බිහිසුනු දසුන දැක තිබිනි.ඉන් මාස කිහිපයකට පසු පිරිසක් එම ස්තානවල රාත්‍රී කාලයේ කැමරා සවිකර තිබීමට කටයුතු කර ඇත.නමුත් මාසයකට අදික කාලයක් මෙය සිදුකලද එය එතරම් සාර්තක නොවීය නමුත් එකම සාක්ශියක් ඔවුන්ට හමුවිය ඒ එක් දිනක් පටිගතවී තිබුනු ශබ්දයකි එය සුමනදාසලා පැවසූ බයානක ශබ්දයට බොහෝ සෙයින් සමාන විය. එය ඇසීමට වරම්ලැබුනේ කිහිප දෙනෙකුට පමනි ඒ මෙය නිසා ගම්මුන් බියට පත්වේවි යන විශ්වාසය නිසාවෙනි ඒ පටිගත වූ ශබ්දය ඇසීමට වරම් ලද කිහිප දෙනා අතරින් එක් අයෙකු වීමට මමද වරම් ලදිමි.නැවත කිසිදිනෙක මේ සිදුවීමට මුහුන දීමට කිසිවෙකුටත් අවකාශය නොලැබුනු බව අවසාන වශයෙන් මම සතුටින් ප්‍රකාශකරමි.

    Zorro
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    මහා රැයේ තරුණයන් සමග යන තරුණිය හොල්මනක්‌ ද?

    මෙහි අකුරු කෙරෙන මෙකි කතාන්දර කෙලෙස පටන් ගෙන කෙලෙස අවසන් කරන්නද? යන්න මෙය ලියන මටද මහත් ප්‍රශ්නයකි. එහෙත් මෙම කතා සිද්ධාන්තය අදවන විට පහත නම් සඳහන් වන ගම්මානවල බහුතරයක්‌ මිනිසුන්ගේ විශේෂයෙන් අවධානයට, ත්‍රාස්‌තයට, සැකයට ඇතැම් තරුණයන් සත්‍ය ලෙසින් ඇසින් දුටු අත්දැකීම් තුළින් අත් දුටු මියගිය ආත්මයක්‌ හොල්මනක්‌ ලෙසින් ජීවත්වන මිනිසුන්ට දර්ශනය වන්නට පටන් ගෙන තිබීම නිසා ආරක්‍ෂක නිලධාරීන්ද මහ මග රාත්‍රියේ ගමන් කරන ප්‍රදේශයේ තරුණ පිරිස්‌වලට සහ ජනතාවට අවවාද කරමින් දැන්වීම් පුවරු පවා ප්‍රදර්ශනය කර ඇති බව අනාවරණය වේ. එසේ හෙයින් මෙකී සිද්ධියේ බිඳක්‌ හෝ ඇතැයි දරන විශ්වාසය නිසාම කවදත් "දිවයින" පාඨකයන් වෙත ත්‍රාස්‌තජනක හොල්මන් කතා ලිපි පෙළක්‌ ඉදිරිපත් කළ අදාළ ප්‍රදේශයේ හොල්මන් සිද්ධියට මුහුණ දුන්නායෑයි කියන දිවයින පාඨකයන් කීප දෙනකුගේ අත් දැකීම් ද ලිපියේ සාරවත් බව කුතුහලය තහවුරු කර ගැනීම සඳහා උපයෝගී කර ගැනීමට අවස්‌ථාව උදා කර ගත්තෙමි.

    එහෙත් මෙම අහඹු සිදුවීමට පාදක වූ සිදුවීම පිළිබඳව පෙර කථනයක්‌ කිරීම වඩාත් වැදගත් හෙයින් එහි සාරාංශය මෙසේ දක්‌වමි. මෙකී කතාවේ කතා නායිකාවට මා මන(ඛලAපිත නාමයක්‌ බෞතීස්‌ම කරමි. ඇය උමංදාය. ඉතාමත් රූප සම්පත්තියෙන් ආඨ්‍ය වු ඇයගේ රුව එක්‌ වරක්‌ දුටුවෙකු දෙවරක්‌ නොබැලුව හොත් හේ ශරීර ගත නෂ්ඨකාමියකු විය යුතුව වූ හෙයිනි. ඇය එවැනිම අඟ පසඟêන් අනූන වූ පංච කල්Hdණියක රූප සම්පත්තියට අඩුවක්‌ නොවීය. ඇයගේ මුව මඩල පොහොදා පෑයූ චන්ද්‍රයා සේ විය. ගත කිරි ගරුඬින් වාත්තු කළා මෙන් විය. කෙහෙවරළ අක්‌ බඹර රැහැනක්‌ සේම විය. එසේ හෙයින් අතිශය රූමතියක්‌ම විය.

    එසේ හෙයින්ම ඇයගේ පාසල් වියේදී පවා ඇයගේ ආදරය ලබන්නට වෙර දැරූ තරුණයන්ගේ ප්‍රමාණය මෙතෙකැයි ගණනය කළ නොහැකි තරම් විය. ඇයද තාරුණ්‍යයේ ආදරය නො වින්දාද නොවේ. ඒ තම ගමේම තරුණයකු හා හාද වීමෙන් වුව, විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමෙන් අනතුරුව ඇය වෙනත් තරුණයකුගේ පෙම්වතිය වූ බවද නොරහසකි. එය ඇයට අප එල්ල කරන වරදක්‌ නොවන අතර තාරුණ්‍යයේ ස්‌වභාවයද එයම වන හෙයිනි. පළමු පෙම්වතාගේ අගහිගකම් මධ්‍යයේ අසල්වැසි ධනවත් පෙම්වතකුගේ පෙම්වතිය සේ උමංදා අභිශේක ලබන විට පළමු පෙම්වතා ප්‍රේමයෙන් පැරදුණ විරහ ගීත ගයන අසරණ තරුණයකු බවට පත් වී සිටිය නමුත් ඔහු ඇයට වෛර නොකළාය. ඒ පෙම් කළ හදකට වෛර නොකළ හැකි නිසාවෙනි. කාලය ගෙවී ගියේය. අලුත් පෙම්වතා සමග ඇයි හොදයිකම් පැවැත් වූ උමංදා යක්‌කල ප්‍රදේශයේ ලෝහ භාණ්‌ඩ නිෂ්පාදන පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරිණියන් ලෙස යහපත් සේවයක්‌ ආයතනයට ලබාදීමට තරම් දක්‌ෂ එකියක්‌ විය. එම ආයතනයේද පාලනාධිකාරියේ හොඳ හිත දිනාගත් උමංදාගේ ආදරයට දෙ නිවෙස්‌ වලින් කිසිදු බාධාවක්‌ එල්ල නොවුණි. ඒ නිසාම ඔවුන් ආදරයේ මිහිරියාව රිසිසේ වින්දාය. තනි පංගලමේ විවිධ පළාත්වල විනෝදය සඳහා සංචාරය කළාය. එවන් සංචාරයක අවසානය වූයේ ඇය සහ ඇයගේ පෙම්වතා ඔවුන් ලැගුම් ගෙන සිටි නුවර එළියේ ශීතල කාමරයක්‌ තුළදී අහඹු අබිරහස්‌ ලෙස ජිවිතක්‌ෂයට පත්වීමයි. ඒ උමංදාගේ අවසානය සිදු වූ ආකාරයය. එසේ හෙයින් ඔවුන්ගේ හදිසි මරණය පිළිබඳව විවිධ නිගමනයක්‌ ඉදිරිපත් වුවද ඔවුන් මිය ගිය ආකාරය පිළිබඳව සැබෑ තත්ත්වය දන්නේ ඔවුන් පමණක්‌මය.

    මෙහි සැබෑ සත්‍ය කෙතරම් දුරට නිවැරදියෑයි පිළිගැනීමට නොහැකි වුවත් මෙකී උමංදාවගේ පියාගේ හිතවත්ම කෙනකු විසින් මා සමග පැවසූ කතාව අනුව නම් මෙය පෞද්ගලිකව ඔවුන්ගේ කීර්තිනාමයට හානියක්‌ නොවන අයුරින් මෙහි නම් ගම් සමීප ලෙසින් මන(කල්පිතව සටහන් කිරීමට මා වග කීමෙන් යුතුව කටයුතු කළ බව කාරුණිකව සටහන් කරමි.

    උමංදාගේ පියා උමංදා අභිරහස්‌ ලෙස මියයන විට විදේශගතව සිටි හෙයින් ඔහුද උමංදාගේ මරණයේ සැබෑ වූ තොරතුරු නොදන්නේය. එහෙත් විනෝද චාරිකාවක්‌ සඳහා තවත් මිතුරන් රෑනක්‌ සමග නුවරඑළියට ගොස්‌ සිටියදී උමංදාත් ඇයගේ පෙම්වතාත් නිදිගත් කාමරයේ නිදි යහනේම වායු විෂවීමකින් මියගිය බවයි. වැඩි දෙනකුගේ හා හදිසි මරණ පරීක්‍ෂණ වාර්තාවද පැහැදිලි කර ඇත්තේ වුව එහිද නිත්‍ය තීරණයකට එළඹීමට ඇති සාක්‌ෂීන් ප්‍රමාණවත් නොවන බවයි එහිද සටහන්ව ඇත්තේ. එය කෙසේ වුවත් අද වන විට යක්‌කල ප්‍රදේශයට ආසන්න බෝනෑගල - ගොරකදෙණිය - වාරණ ප්‍රදේශයේ රාත්‍රියේ සැරි සරණ රූමත් තරුණියකගේ දර්ශනය මේ වන විට බොහෝ දෙනකු පියවි ඇසින් දුටුබවට සාක්‌ෂි ඇත. එසේ නම් මැදියම් රැයේ තරුණයන්ට පමණක්‌ දර්ශනය වන රූමතිය කවුරුන්ද? යන්න අද වන විට ප්‍රදේශවාසීන්ගේ කුතුහලයට ලක්‌ වී ඇත.

    මා ඇයව උමංදා නමින් හැඳින්වූවත් ඇයගේ බෞතිස්‌ම නාමය වෙනකකි. මියගිය ඇයට කිසියම් හානියක්‌ වෙතැයි යන විශ්වාසය හෙයින් මා ඇය දෙවන වරටත් උමංදා නමින් බෞතිස්‌ම කිරීම වරදක්‌ නොවන බවයි මාගේ විශ්වාසය. එසේ හෙයින් මියගියාය යන උමංදා ඇයගේ මරණයෙන් වසරක්‌ ඉක්‌ම වීමට සති කීපයක්‌ තිsබියදී ප්‍රාණ වායුවක්‌ ලෙසින් දර්ශනය වීමෙන් ඇය අපේක්‍ෂා කරනුයේ කුමක්‌ද? යන්න අවබෝධ කර ගැනීමට කිසිවෙකුට නොහැකිවීම ප්‍රශ්නාර්ථයකි.

    මේ වන විට තරුණයන් කීප දෙනකුම තම පියවී ඇසින් දැක ඇති උමංදා කිසිදු විටක කිසිවෙකුට හිංසාවක්‌ පීඩාවක්‌ කර නැති බව ඇය මුණ ගැසුණු තරුණ යතුරු පැදි කරුවන්ගේ මතයයි. ඇය තම උපන් නිවස පිහිටි ස්‌ථානයේ සිට කෙටි දුරක රාත්‍රියේදී මහමග ගමන් කරන යතුරු පැදි කරුවන්ගේ දර්ශනයට ලක්‌වෙමින් උදව්වක්‌ ඉල්ලා අත පාන බවයි ඔවුන් පවසන්නේ. මෙකී කතාව ප්‍රසිද්ධ වීමට පෙර තරුණියක්‌ තම යතුරු පැදියේ නංවාගෙන ගිය තරුණයකු ඇයව නිවසට ආසන්නේ බැස්‌ස වූ බව කියා ඇත. සත්‍යතාවය කෙතෙක්‌ දුරට නිවැරදිදෑ මා පසන් නොකළද පසුදින ඔහුගේ උරහිස්‌ මත නිල්පාට ඇඟිලි සලකුණු තිබී ඇතිබව කියයි. එයින් බියට පත්වූ ඔහුගේ කතාවෙන් අනතුරුව මහමග යන බොහෝ දෙනකුගේ ආධාරය ඇයගේ ගමන් පහසුවට ඇයෑද ඇති බවද කියවේ.

    යම් වාහනයක්‌ ඇයගේ ඉල්ලීමට අවනත නොවී වාහනය නොනවත්වා ගියහොත් ඇය එම වාහනයේ පිටුපස වාඩි වී සිනාසෙමින් සිටි බවද දුටු තරුණ රියෑදුරන්ද මේ අතර සිටි. මා පෞද්ගලිකව දන්නා තරුණ ත්‍රිරෝද රියෑදුරු මහත්මයෙක්‌ මෙකී මග රාත්‍රියේ කුළී ගමනක්‌ ගොසින් ආපසු එමින් සිටියදී ඇය අත ඔසවා ඇතත් සිද්ධිය දන්නා ඔහු ත්‍රිරෝද රථය නොනවත්වා පැමිණියද ඇය පිටුපස ආසනයේ සිටි බව තරුණ රියෑදුරු මහත්මයකු වන දිමුතු මා සමග පැවසීය. මෙයාකාරයෙන් මධ්‍යම රාත්‍රියේ කිසිදු හේතුවක්‌ නිසා මේ මග ගමන් කිරීමට ප්‍රදේශවාසීන් බියට පත්ව ඇත. කාන්තාවන්ට මේ වන තෙක්‌ හමු නොවුන ඇය නිරන්තරයෙන්ම දර්ශනය වන්නේ තරුණයන්ට වීමද එක්‌තරා කුතුහලයකි.

    මේ වන විට උමංදාගේ මිය ගිය ආත්මය මහ මග සැරිසරණ විට ඇයට පිං අනුමෝදම් කර මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්‌ෂිණාවක්‌ද, ඒ පිං බලයෙන් සසර වසනා තුරු නිදුක්‌ නිරෝගී සැප කෙළවර අමාමහ නිවනින් සැනසි යම් අහඹු වූ ස්‌ථානයක ආත්මය රැදි සිටිනවා නම් එයින් මිදී අවසානයේ දෙව් මිනිස්‌ සැප කෙලවර අමාමහ නිවනින් සැනසේවායි පතමින් ඇයගේ මරණයෙන් එළඹෙණ වර්ෂ පූර්ණයේදී මහා දානමය පිංකමක්‌ද ඉකුත්දා දෙමාපිය ඥාතීන් විසින් ඉෂ්ඨ සිද්ධ කළ බවත් අනාවරණය විය.

    එහෙත් එකි අපේක්‍ෂාවන් සුං කරමින් ඇය තවමත් මහමග රැඳෙමින් මහමග මධ්‍යම රැයේ යටි ගිරියෙන් හූ හඩ නඟන බව ඇයගේ හඩ ඇසූ මා හිතවතෙකු මා සමග පැවසය. එසේම හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස නොකරන තවත් මාගේ මිත්‍රයකු මිතුරන් සමග උමංදාගේ දර්ශනය අභියෝගයට ලක්‌ කරමින් අධික ලෙස මත් පැන් පානය කර ඔහුගේ වෑන් රථයෙන් අභියෝගය ජය ගැනීම සඳහා එමග ගියේ වීරයකු ලෙස වුවත් ඔහුද උමංදාගේ දර්ශනයට ලක්‌ව තම රිය ඇයගේ සංඥාවට නොනවත්වා ධාවනය කළද කෙටි දුරක්‌ යන විට ඇය පිටු පස ආසනයේ වාඩිවී සිටින අයුරු දැකීමෙන් ඇති වූ බියට යටි ගිරියෙන් හඬ නැගූවත් ඔහුගේ හඬ මුවින් පිට නොවුන බවත් ඔහුගේ මත් වෙරිය හිදි ගිය බවත් කළ යුතු දෙයක්‌ නොවූයෙන් අසල්වැසිව සිටි තම ඥාතියකුගේ නිවසට තම රිය ඇතුල්කර පිටුපස බැලුවද වාඩි වී සිටි රූමතිය එහි නොවුන බව ඔහු සත්‍ය ලෙසින්ම මා සමග ප්‍රකාශ කළේය. මෙවන් වු සිදුවීම් ජාලාවක්‌ නෙල්ලිගහ මුල සිට බෝණෑගල දක්‌වා සිදු වෙමින් පවතින බැවින් අඳුර වැටුන කල මේ මාර්ගය ජනශූන්‍ය බවට පත්ව ඇත. ලැබී ඇති නිල නොවන ආරංචි අනුව අදාළ ප්‍රදේශය බාර විරගුල පොලිසියද ජනතාව දැනුවත් කර ඇති බවයි කියෑවෙනුයේ.

    මෙම ලිපිය සකස්‌ වන විට අවසානයෙන්ම මට හමු වූ ප්‍රදේශයේ ජනතාව අතර පළාවර්ග අලෙවි කරන තරුණ මහත්මයකු (උගත්) තම රැකියාවට අමතරව ඔහු පෞද්ගලිකව පංති පවත්වන්නෙකි. සිය පංතිය නිමාකර මෙම මාර්ගයේ සිය නිවස වෙත යාමට නෙල්ලිගහමුලට පැමිණෙන අතරමගදී ගොරකදෙණිය මදුරු දඟර නිපදවන කර්මාන්ත ශාලාවට ආසන්නයේදී තරුණියකගේ යටි ගිරියෙන් විලාප දෙන හඩක්‌ ඇසි ඇති ඇති හෙයින් එදෙස බැලූ විටදී ඔහු දැක ඇත්තේ සුදෝ සුදු දිග ඇඳුමකින් සැරසී වරළස විදහා ඔහු දෙස බලමින් සිනාවෙන තරුණියකි. සියගත කිලි පොලා ගිය ඔහු හැකි වේගයෙන් තම පාපැදිය පැද ඉදිරියට එන විට පසුපසින් ආ යතුරු පැදි කරුවන් නිසා ඇති වූ බිය නොපෙන්වා ඔහුගේ පහන් ආලෝකයෙන් නෙල්ලිගහමුලට පැමිණි බව මා සමග පැවසීය.

    මෙවන් සිදුවීම් අතරේ තම ඥාතීන් ඇයගේ ආත්මය යකදුරන් ලවා අල්ලා බෝතල්කර දියේ ගිල්වීමට ගෙනයන අතරේ බෝතල බිදි ඇයගේ ආත්මය ම මග සැරි සරණ බවත් ඇයගේ උපන් ගෙය ආරක්‍ෂාකර ඇති හෙයින් ඇයගේ භූතාත්මය අතරමං වී ඇති බවත් ගම්වාසීන්ගේ විශ්වාසය වී ඇත. එය කෙසේ වෙතත් මේ වන විට ඇයගේ පෙම්වතාද රාත්‍රියේ ඇතැම් දිනවල ඔහුගේ නිවස අසල ගැවසෙන බව ගම්වාසීන්ගේ විශ්වාසයයි.

    මෙවන් පසුබිමට උමංදාවගේ මියගිය ආත්මය මහමග අතරමං වුයේ ඇයි? ඇය සොයන්නේ කවුද? ඇයගේ මරණයට වගකිවයුතු ඇය ඇය මියගිය ආකාරය දන්නේද? එය එ සේ වුවත් ඇයට කිසියම් වූ ආකාරයක ආසාධාරණයක්‌ කාගෙන් හෝ සිදුවූවාද? නිශ්චිත හොල්මනක්‌ සමග ජීවත්වීමට අපට නොහැකිය. එහෙත් කවරාකාරයකින් මිය ගිය ද ඇයට ඇය වෙනුවෙන් කෙරෙන පිං මහිමයෙන් ඇයගේ භූතාත්මයට නිදහස ලැබී ඇයව ඇයගේ ලෝකයට පිවිසවීමට අප පිං පතමු. ඒ පින් බලයෙන් අමා මහා නිවනින් සැනසේවායි "දිවයින" පාඨකයන් වන අප පතමු.


    විල්ප්‍රඩ් බොනිපස්‌ මැල්ලව
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    ඔබට හොල්මන් අවතාර පෙනෙන කාල සටහන
    රෑ 6.00-7.15- කාලවලදී අපට මුණ ගැහෙන්නේ සාමාන්ය මලගිය නෑදෑයන්ගේ ආත්මයි...(නිදසුනකට තම මිය ගිය සියා හෝ ආච්චිගේ කාමරය තුලින් බැදුම් සුවදවල් පැමිණීම .තනිව ගමන් කරනවිට මෙය දැඩිව දැනේ......නමුත් දැනෙන්නේ එම පවුලේ සාමාජිකයෙකුට පමණි නැතොත් අන් අයට දැනුනහොත් එතන අවතාර බලපෑම් නොමැත)
    රැ 7.20 -8.00-මේ කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ මහසෝන් අවතාරය....හෝ ඔයවල් වල මාළු අල්ලන්නට පහර දෙන රලමහ අවතාරය ගේ බලපෑම් ය....(මේවා බොහොමයක් සිදුවන්නේ ග්රාමීය ප්රදේශවලය )
    රැ 8.21 - 9.30-මේ කාලයේදී බොහොමයක්ම ඉතාමත් දරුණු අවතාරවල බලපෑම් ලැබෙන වේලාවකි ....නිදසුනකට හිතේ සැනසිමකින් මිය නොගිය ආත්ම ..පලිගැනීමේ චේතනාවෙන් මියගිය අය ...මිනිසුන් බිලි ගැනීමට තැත් කිරීම (නිදසුනකට යක්කල මෝහිනී
    , රාගම සුදු අක්කා ,
    කිරිදිවැල මහේෂිකා, සීදුවේ හන්දිය අසල සිටින අවතාරය ... යන සිද්දි)
    රෑ 9.45-11.30-මෙම කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ ඉඩම් තණ්හාවෙන් මිය ගිය සහ නිධන් රකින බහිරවයන්ගේ මගිනි ( නිදසුනකට තම ඉඩමට තණ්හාවෙන් මියගොස් පසුව එය මිලදී ගන්න තැනැත්තා බිය වැද්දීම....නිධන් අසලට පැමිණෙන අය බියකර පලවා හැරීම විශේෂයෙන්ම බහිරවයාගේ පහරදීම් වලට සිල්වත් පුද්ගලයෝ හසු නොවෙති ඔවුනට ගෞරව කරති )
    රැ 11.32 -12.00-මෙම කාලවලදී වැඩියෙන්ම පහරදීම් වලට ලක්වෙන්නේ මොහිනිගේ අවතාරයෙනි මුණු පුස්තක හැකාගේ වාර්තා වලට අනුව මොහිනිගේ වැඩිම සහ දරුණුම පහර දීම් වලට ලක් වන්නේ මෙම කාලයේදී (නිදසුනකට බැන්දීයමුල්ල වෙල අසලදී ත්රි විලයකට ගොඩ වැදී රියදුරාගේ ලේ බිමට උත්සහ කිරීම...නැතහොත් රියදුරාට පෙනෙන ලෙස තම අතෙහි සිටින දරුවාගේ බෙල්ල අනුභව කිරීම ....සුදු ඇදගත් කතක් වාහනවල පැන අනතුරු කර තුවාල ලැබූ පුද්ගලයා ගේ මුහුණ අතගා සිනාසී අතුරුදහන් වීම මේවා බොහොමයක් සිදුවන්නේ නාගරික සහ අර්ධ ග්රාමීය පළාත් වලය )
    පාන්දර 12.07-2.00-මේ කාලවලදී අපට බලපෑම් ලැබෙන්නේ අප ආරක්ෂා කරන මලගිය ප්රාණකරුවන් හෝ හදිස්සියේ ම මියගොස් ඒ පිලිබදව තම මිතුරන්ට හෝ මවට දැනුම්දීමට පැමිණෙන හිත හොද ආත්මයි(නිදසුනකට හොදම යහළුවෙකු මිය ගොස් ඔබ ලගට පැමිණ ගිහින් එන්නම් මචන් කියා පැවසීම.....අම්මේ මම යන්නම් එහෙනම් කියා පැවසීම )මෙම කාල පරාසයේ 12.00-1.00 දක්වා අප නින්දෙන් දකින සිහින වලින් පවා මලගිය ඉතා හිතවත් නෑදෑයෙක් පෙනීම .......නැතහොත් තමුන් බලාපොරොත්තු වෙන දෙයක් සිහිනෙන් දුටුවහොත් එය නිතැතින්ම ඉෂ්ඨ වෙන සම්භාවිතාව වැඩිය එමෙන්ම
    පාන්දර 2.12-3.18-මේ කාලවලදී බොහෝ බලපෑම් ලැබෙන්නේ මල යක්ෂනියගෙනි නැතහොත් යක්ෂයාට සුවද වැටෙන වයසේ සිටින අවුරුදු 19 20 වයස් වල සිටින පවුලේ වැඩිමහල් පිරිමි දරුවා මෙම අත්දැකීමට හෝ වෙනත් බිය ඇතිවන සිද්දියකට මුහුණ දීමේ සම්භාවිතාව වැඩිය...
    පාන්දර 4.00-5.20 මෙම කාලය දෙවි දේවතාවුන් බහුලව සැරිසරන වේලාවකි විශේෂයෙන්ම දෙව් අප්සරාවියන් අහසින් ගමන් කරන්නේ මේ කාල පරාසයේදී ය නැතහොත් තම මියගිය පුද්ගලයකු ජිවත්ව සිටි කාලයේ කාල පින්දම් අනුව දේව භවයක ඉපදී ඇත්නම් ඔහු ජිවත්වුන් නිවස හෝ කාමරයෙන් සමන්පිච්ච මල් සුවදක් හැමීම හීනෙන් පැමිණ පින් ඉල්ලීම (නිදසුනකට තනිව යන විට දැඩි සුවද මල් හෝ පිච්ච මල් සුවදක් දැනීම.....නිදසුනකට දේවතා එලි වලින් යන දෙවි වරුන් වරියන් වෙහෙර විහාර ආගමික සිද්ධස්ථාන වැදපුදා ගන්නේ මෙම වේලාවේදීය මට්ට කොල්ලගේ බලපෑමද මේ වෙලව්දී එකවරක් සිදුවී ඇත )
    පාන්දර 5.30-6.14 මෙම කාලයේදී නැවතත් තම මලගිය හිතවතුන්ගේ හෝ ප්රදේශ වාසීන්ගේ අවතාර පෙනීම වැඩිය නිදසුනකට කිදගම්මුල්ලේ හෝටලය අසල සැරිසරන අවතාරය වැනි ඒවාය නමුත් හිරිහැරයක් නොමැත.
    පාන්දර 6.16-6.45 මෙම කාලය නැවතත් දෙවි වරුන්ගේ සැරිසරණ වෙලාවයි
    විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි

    Anu Dissanayaka-සත්‍ය හොල්මන් කථා
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    දෝව බස් රිය අනතුර සහ දත් ඈන්ද.

    මෙම බස් රිය අනතුර සිදු වූයේ මාගේ මතකයේ හෑටියට 1968 - 1969 වකවාණුවේ බණ්ඩාරවෙල දෝවේදී ය. මෙම අනතුර මුළු ලංකාවේම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. මේ හා සම්බන්ධ සිද්ධි කිහිපයකුත් මම සඳහන් කරන්නේ හුදෙක් “සිංහ ලේ” සඳහා සටන් කරණ අය වළුන්ගේ සහ “බම්බුව තමයි” කියන්නන්ගේ දෑන ගෑනිම සඳහා මිස, පහර ගෑසීම සඳහා නොවන බව පමණක් සෑලකුව මෑනවි.
    ඒ සිංහලයා සිංහලයාටම කෙලිය කාල වකවාණුවකි. ප්රධාන වශයෙන්ම ගත හොත් සිංහලයාගේ දේශපාලන පලි ගෑනීම් වලින් පිරී ඉතිරී සිංහලයාටම කෙලිය වකවාණුවකි. ආයතනය ලංකාවේ ප්රධාන ප්රවාහන පද්ධතිය වූ ලංගමයි. එහි සිටි සේවකයෝ අනන්ත අප්රමාණ බෑට කා විවිධ ඈත පලාත් වලට මාරු කර දෑමූ අවදියකි. මේ සිද්ධියට මුහුණ පෑවේ පානදුර ඩිපෝවට අයත් ලංගම බස් රථයකි.
    පානදුර නගරයෙන් පිටත් වන මෙම බස් රථය හොරණ, කිරි ඈල්ල, රත්නපුර බලංගොඩ. හල්දුම්මුල්ල, බෙරගල, බණ්ඩාරවෙල, දෝව පාර බදුල්ල හරහා කෑට වත්ත දක්වා ගමන් කර රාත්රිය එහි පහන් කර පසුවදා කෑටවත්තෙන් ආපසු පානදුරය දක්වා ගමන් කිරීම මෙහි ගමන් මග විය.
    මෙසේ සේවයට යොදවනු ලෑබුවේ කෑටවත්ත ප්රදේශයෙන් දඬුවම් මාරු වීම් ලබා පානදුර ඩිපෝවේ සේවය කළ රියෑදුරු මහතෙකුට සහ කොන්දොස්තර මහතෙකුට යටත් පිරිසෙයින් දින දෙකකට වතාවක් වත් ගෙදර ගොස් ඒමට අවස්තාවක් ලබා දීමට තරම් එම ඩිපෝවෙහි නිලධාරි මණ්ඩලය කාරුණික වූ හෙයිනි.
    එම පවුල් වල අය මෙය කියවන්නේ නම් ඔබට යම් අපහසුවක් , කණගාටුවක් , අතීතය සිහිපත් වීමක් සිදු වන්නේ නම් ඒ ගෑන පළමුව සමාව අයදිමි.
    මෙම ආයතන වල සේවය කල බොහෝ අය මෙලෙස දඬුවම් මාරුවීම් ලබා ආ අයවලුන් නිසා, මෙවන් ක්රම මගින් තම සහෝදර සේවකයින්ට සහන සෑලසීමට යුහුසුළු වුයේ, ඈත ගමන් වාර යෙදවීමෙන් තම ඩිපෝවට ලෑබෙන ආදායම ද ඉහල යන බෑවිණි.
    එමෙන්ම මෙම බස් රථයෙහි ගමන් වාරය නිසා බොහෝ මගියන්ට ද ගමන් පහසුව මෙන්ම ප්රසාදය ද ඈති විය. "කෑටවත්ත බස් එක" යන සුරතල් නාමයෙන් හෑඳින්වූ මෙය බලා පොරොත්තුව සිටි මගියන් සංඛ්යාව දිනෙන් දින ඉහල යන්නට විය. ඩිපෝවෙහි වාර්තා ගත ආදායම ද ක්රමයෙන් ඉහල යන්නට විය. එබෑවින් ඉහල තෑන් වලින් ඈඟිලි ගෑසීම අඩු විය.
    බණ්ඩාරවෙල, දෝව යන ප්රදේශය එකල භයානක නපුරු වංගු සහිත පාරක් වූ අතර, හිටි අඩියේම මීදුම පහත් වීම එහි භයානක කම දෙගුණ තෙගුණ කලේය. හොඳින් දන්නා රියෑදුරෝ ඉතා ප්රවේශමෙන් රිය පෑදවූවෝය. මෙම බස් රථයටද ෆොග් ලෑම්ප් එකක් සවි කිරීම සඳහා අවසරය ඉල්ලා ඉහල තෑන් වලට අයෑදුම් කළද, එම ඉල්ලීම් කුණු කූඩයට ගියේ ඉතා විගසිනි. හේතුව වූයේ පානදුර ඩිපෝවෙ බස් එකකට මොන බම්බුවකටද ෆොග් ලයිට් යන තර්කය නිසාය. බසය ගමන් කරන්නේ කොහාටද යන්න වත් සෙවීමට නිලදරුවන් ට වුවමනාවක් නොවීය.
    සිද්ධිය වූ දිනයෙහිද සුපුරුදු පරිදි පානදුරයෙන් පිටත් වූ බසය කරදරයක් නොමෑතිව බණ්ඩාරවෙලට පෑමිණ සෙනග බස්සවා සහ නග්ගවා කෑට වත්ත බලා පිටත්විය.
    මඳ අඳුරු දිනයක් බෑවින් මඳ වේගයකින් ගමන් කළ බසය නපුරු වංගුවකට එනවාත් සමගම එක්වරම ඝන මී දුමකින් පාර වෑසී ගියේ අඩි දෙකක් තරම් වත් ඉදිරිය නොපෙනී ගිය බෑවිණි. රියෑදුරු ක්ෂණිකව තිරිංග ක්රියාත්මක කලද, ප්රමාද වෑඩි විය. බසය කෙලින්ම වංගුවෙන් පහලට ගියේය. කොන්ඩිත්තම් හතරක් පහක් ගෑසූ කෑටවත්ත බසය අඩි තුන්සියයක පමණ ප්රපාතයකට පෙරෑලී සුණුවිසුණු වී ගියේ බසයෙහි වහලයද ගලවා පසෙකින් තබමිනි.
    බසයෙහි ගමන් කල සියළු දෙනාම මියගියෝය. මෙය අප හද කම්පා කළ සිද්ධියක් විය. ඊ ලඟට විනය පරීක්ෂණ ආදිය ආරම්භ විය. සුමාන දෙක තුනකින් ඒවා අවසන් විය. එතෙක් බසයෙහි කෑබලි බණ්ඩාරවෙල ඩිපෝවෙහි ගොඩ ගසා තිබුණි. ඊ ලඟට රෙකර් එකකින් බසයද, ලොරියකින් වහලයද වේරහෑර මධ්යම වෑඩපොල වෙත ඕවර්හෝල් කිරීම සඳහා යෑවිණි.
    මෙවන් ගර්භිත, අනතුරු වලට පත් බස් රථ කොටස් කිරීම සඳහා යොදවන්නේද, එවන් ම දඬුවම් මාරුවීම් ලබා වේරහෑර ට එන සේවකයින් ය.
    මල් ශාලාවක සේවකයින්ටත් වඩා අසරණ ඔවුන්ට, මෙවන් බස් රථ වල ඈතුලේ තිබී වටිනා නිධාන නිතර සමු වන බව නොරහසකි. පළමුව හයි ප්රෙෂර් හොයිස්ට් එකකින් සෝදනු ලබන ගර්භිත කෑබළි එක් එක් ගොඩ වලට ගලවා වෙන් කරනු ඈත.
    ඈතුලෙන් එන මිණී කුණු ගඳ ඉවසිය නොහෑකි තරම් ය. පණුවන් ගෑසූ මිනී මස් කුට්ටි, ඉරුණු ඈඳුම් කෑබලි, දුඹුරු පෑහෑයෙන් වේලුණු ලේ ආදිය මොවුන් ගේ ඉහත ආත්ම වල කරණු ලෑබූ අකුසල කර්ම සිහි කර දෙති. තොග පිටින් එකතු කර එහිම ඈති වෙන් කළ ලොරියකින් කනත්තකට ගෙන ගොස් වළලා එන කුණු වූ මිනී කොටස් ටික රහිත ලොරිය ආ පසු එය හොයිස්ට් එකකින් සේදීම නිතෑනින්ම සිදු වන්නකි.
    ඉන්පසුව ක්රමයෙන් ඈළුමීනියම් තහඩු, චෑනල්, එල් බාර් ආදිය සම්පූර්ණයෙන්ම ගලවා ගොඩවල් වලට ගසණු ලෑබේ. ඊ ලඟට ෆ්ලෝ බෝඩ් වීල් හවුසින් ආදිය ගලවා චෑසිය දක්වා ඉවත් කර එන්ජිම, ගියර පෙට්ටිය, ඩිෆරන්සලය, ඩ්රයිව් ශාෆ්ට් එක, සස්පෙන්ශන් බාර් එක ඩීසල් ටෑන්කිය එන්ජිම ආදි සියල්ල ගලවා කෝටුමස් කර නෑවත සෑකසීමෙන් පසු පරීක්ෂණයට ලක් කල චෑසියට නෑවත සවි කිරීම ආරම්භ කරණු ලෑබේ.
    ඉන් පසුව බසයෙහි බොඩිය ගොඩනෑගීම ආරම්භ කරණ අතර පාවිච්චි කළ හෑකි සෑම කොටසක් ම නෑවත පාවිච්චියට ගනු ඈත. මේ ඒ සඳහා යන පිරි වෑය අඩු කිරීමෙහි මුවාවෙනි.
    සියල්ල සම්පූර්ණ කල පසුව මාසයක පමණ කාලයක් පරීක්ෂණ ධාවන වල යොදවන බසය වෙනත් ඩිපෝවකට පවරනු ලෑබේ.
    මෙම බස් රථය ඕවර්හෝල් එකෙන් පසු ලෑබුණේ මහනුවර දකුණු ඩිපෝවටය. එහි සිටි දඬුවම් ලාභී රියෑදුරෙකුට සහ කොන්දොස්තර වරයෙකුට ඈත පිටිසර ගමක් කරා ගමන් වාර කීපයක් මහනුවර සිට ගමන් කරවීම් ඔවුනට නියමිත විය. මොවුන් එම බසයෙහි සේවය කලේ සුමානයකි. දිනක් රාත්රියෙහි අවසාන ගමන් වාරය සෙනග පටවාගෙන යන බසයේ වංගුවකදී රියෑදුරුගේ ඔඩොක්කුවට වෑටුනේ අරම පුදුම දෙයකි. "බුදු අම්මෝ" යයි මහ හඬින් විලාප දුන් ඔහු පුදුම ආයාසයකින් බසය නවත්වා ගෙන බසයේ අත් තිරිංග ඈද රියෑදුරු අසුනින් ඉවතට පෑන්නේය. ඈයි අයියා සර්පයෙක් ද, බසයේ සිටි මගීන් කිහිප දෙනෙක් මෙන්ම බසයේ කොන්දොස්තර තෑනද විමසන්නට වූහ.
    නෑහෑ නෑහෑ මල්ලි, දත් ඈන්දක්.............!!!!!!!!!!!!!!!රියෑදුරු තෑන තවමත් ගෑහෙන්නේය. කෙනෙක් ඔහුට බොන්නට දිය බිඳක් දුන්නේය. ලඟ සිටි කිසි අයෙක් දත් බෑඳ සිටි අය නොවූහ. බසයෙහි සිටි මගීන් යුහුසුළුව විදුලි පන්දම් කිහිපයක් දල්වා ගෙන සෙවූහ. කිසිවක් නොමෑත.
    ඒ එක්කම ඉදිරියෙන් ආ වෙනත් ලංගම බසයක් ඔවුන් ඉදිරියෙහි නතර විණ. ඈයි අයියෙ? බ්රේක් ඩවුන් එකක් ද? කොන්දොස්තර තෑන බසයෙන් එලියට ඔළුව දා අනෙක් රියෑදුරු ට සිද්දිය රහසින් කිව්වේය.
    අප්පොච්චියේ මල්ලි , මේ බස් එක අර දෝවෙ පෙරෑළුනු එකනෙ. මේකෙ හිටිය ඔක්කොම මලා. දන්නෙ නෑතිවද බස් එක බාර ගත්තෙ? කියන විට රියෑදුරුගේ දෑසින් කඳුළු වෑටෙන්නට විය. එහි සිටි තවත් අයෙකුට කතා කල එම බසයෙහි රියෑදුරු බසය ගම්නාන්තය දක්වා පමණක් ගෙන යන ලෙස ඉල්ලා සිටීය.
    ඔහුද ලංගම රියෑදුරෙකු විය. නීති විරෝධී වුවද ගමනාන්තය දක්වා ඔහු එම බස් රථය පදවා ගෙන ගියේය. ගමෙහි ගාල් කල බසය එහිම තිබියදී රියෑදුරු සහ කොන්දොස්තර ගෙවල් වලට ගියහ. පසුවදාම වෙනත් වාහන වල මාර්ගයෙන් ඩිපෝවට ආ ඔවුන් දෙදෙන පෑමිණිල්ලක් ඉදිරිපත් කරමින්, එම බස් රථයෙහි නෑවත සේවය කල නොහෑකි බවටත්, තමන්ව වෙනත් සේවාවකට යෙදවිය නොහෑකි නම් වෙනත් ඩිපෝවකට ස්ථාන මාරු ලබා දෙන ලෙසටත් ඉල්ලීමක් ද සිදු විය. රෙකර් එකක මාර්ගයෙන් නෑවත බසය මහනුවර දකුණ ඩිපෝවට ඈදගෙන එන ලදී.
    සානුකම්පිතව ඉල්ලීම සලකා බෑලූ පාලනාධිකාරිය ඔවුනට ස්ථාන මාරු ලබාදීමට යුහුසුළු වූ අතර රියෑදුරු මහනුවර උතුර ඩිපෝවට මාරු කෙරිණ. මහනුවර දකුණ ඩිපෝවෙහි මෙම සිද්ධිය සීග්රයෙන් පෑතිර ගියේය. රියෑදුරන් සහ කොන්දොස්තර වරුන් අතර බසය කන්ඩෙම් වී ගියේය. මගියන් ගේ ජීවිත වලට වග කීම භාර ගෑනීමට අසතුටු වූ හෙයින් මෙම බසය ඉහල තෑන් වල අනු දෑනුම මත මහනුවර උතුරට පෑවරිණ. මහනුවර උතුරට මාරු වී ගිය රියෑදුරු මහතාට එහි වෑඩ භාර ගෙන කිහිප දිනකින් අළුත් බසයක් සේවාව සඳහා ලෑබිණ. බසය භාර ගෑනීමට ඩිපෝවට ගිය ඔහුට නිලධාරීන් ඉදිරියෙහි අඬන්නට සිදුවූයේ මහනුවර දකුණින් එපා කියා මෙහි ආ එම බසයම මහනුවර උතුරටත් පෑමිණ ඈති බව දෑකීමෙනි.
    අනේ මහත්තයෝ මේ බස් එක හින්දයි මම දකුණෙන් උතුරට ආවෙ. මේකෙ වෑඩ කරන්ඩ බෑහෑ මහත්තයෝ. හොල්මන් බස් එකක් . මගෙ ඔඩොක්කුවට දත් ඈන්දක් වෑටුනෙ මේ බස් එක පදවාගෙන යද්දි.
    එම බස් රථය සීග්රයෙන් සුමානයක් ඈතුලත කන්ඩෙම් වූයේ දෙවන වතාවටය. යම් ක්රමෝපායකින් එම බසය ඊ ලඟට කුරුණෑගල උතුරට තල්ලු වී ගියේය. බසය මෙහෙන් කුරුණෑගල උතුරට යන්නට ප්රථම ආරංචිය කුරුණෑගල උතුරු ඩිපෝවට ද ලෑබිණ. එහි කිසිවෙකුත් බසය භාර ගන්නට ඉදිරි පත් නොවූ බෑවින් මෙය නිලදරුවන්ට මහා ඉසරදයක් බවට පත් විය.
    තමන් අකෑමති යම් රියෑදුරෙකු කොන්දොස්තර වරයෙකු සිටිත් නම් මෙහි සේවයට යොදවන්නට ඔවුන් යුහුසුලු වූයේ හිසරදයෙන් ගෑලවීමටය. අවසානයේ සේවය හෑර යන්නන් ගේ ද සංඛ්යාව ද වෑඩි වන්නට වූයෙන්, ඉහල අනුමෑතිය යටතේ බස් රථය ආපදා රථයක් බවට වෙනස් විය.

    පානදුර - කෑටවත්ත බස් රිය. අවසානයි..........

    Bandula Samaraweera
     
    • Like
    Reactions: Ithika mithika

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    සුද්දන් පැරදවූ රෙදි කෝට්කාරයාගේ යටියන සි


    31946492_1685092651544096_5607412720728014848_n.jpg


    වසර තිහකින් මිනිස් වාසයෙන් තොරයි.
    යටියන තවමත් නොදියුනු ගම්මානයක් වුවද යටියන යන නාමය දෙස් විදෙස්හි පවා පතල නමකි. යටියන නම ලොව පුරා පතල වූයේ එක් පුද්ගලයකු නිසාය. නැතහොත් යටියන මහත්තයා නමින් පතල මහ කළු සිංහලයා නිසාය.
    31956841_1685092698210758_3824321116097216512_n.jpg


    31933382_1685092738210754_3687338502900416512_n.jpg

    එංගලන්තයේ සුද්දන් හා තරඟ කොට සුදු වතු අධිරාජ්‍ය ශ්‍රී ලංකාවේ බිඳහෙළුවේ යටියන මහත්තයා නමින් සුදු වේටිය රෙද්දත් කෝට් එකත් අඳින ගැමියකු විසිනි. ඔහු සුදු ටුවිට් රෙද්දත් කර වැසූ කබායත් අඳින මූහුණට ගාම්භීර බවක් පෙන්වූ උඩු රැවුළක් ඇති උසේ හැටියට මහත ඇති හතර රියන් පුරුෂයකු විය. මෙයින් දශක අට නවයකට පෙර ලංකාවේ තේවතු රබර් වතු වැඩි බිම් ප්‍රමාණයක් තිබූ සමාගමක් නොවන පුදුගලයකු නම් ඒ යටියන මහත්තයා පමණි. ඔහුට ඉඩම් ධනය හිමි වූ වාසනාව මතු වූ කතාව ඉතාමත් රසවත් සිද්ධියකි. යටියන මහත්තයා එකළ පදිංචිව සිටියේ යටියන දැනට ඔහු තැනූ නිවස තිබූ ඉඩමේ ඉහළම කඳු ගැටය මත වූ කුඩා නිවසකය. එවකට ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ජලය ගෙන් යන්නේ දැනට යටියන කැකණදුර පාරේ සමීපයේ ඉඩමේ පල්ලමේ ඇති ළිඳකිනි.

    31948745_1685092768210751_4277807510083076096_n.jpg


    31919368_1685092868210741_253230176555499520_n.jpg

    දිනක් යටියන මහත්තයාගේ බිරිය කඹුරුපිටිය හාමිනේ සුපුරුදු පරිදි රෙද්දත් හැට්ටයත් හැඳ ගෙදර පහල ළිඳෙන් වතුර කළයක් පුරවාගෙන ඉනේ තබා ගෙන කන්ද උඩ ඇති තම ගෙදරට ගෙනයන්නීය. කන්ද පහල සිට කන්ද නැග කඳු ගැටේ අඩක් පමණ ඉහළට නගින විට ඇය හැඳ සිටි චීත්ත රෙද්ද බුරුල් විය. ඇය ඉන තබා ගෙන සිටි වතුර කළය වහා බිම තබා රෙද්ද හැඳ ගැනීමට සැරසුනාය. වතුර කළය බිම තබා රෙද්ද තද කර අඳින කඹුරුපිටිය හාමිනේ ඇස් අදහාගත නොහැකි අරුම පුදුම දෙයක් සිදු වන්නට විය. ඇය මහා හඬින් කෑගසා ගෙදර සිටින සැමියාට අඩ ගැසුවාය. යටියන් මහත්තයාද ඇඳ සිටි සරම තද කොට ඇඳ වහාම කඹුරුපිටිය හාමිනේ සිටි තැනට දුව ආවාය. සිය බිරිය වතුර කළය බිම තබාගෙන සිටින තැනට පැමිනෙන විට ඔහුට ඇස් අදහා ගත නොහිකි විය. සිය බිරිය බිම තැබූ වතුර කළය බුබුළු දමමින් උතුරා යමින් තිබුණි. වහා ගෙදර දුව ගොස් ලොකු රෙද්දක් ගෙනවිත් උතුරන වතුර කළය කිසිවෙකුට නොපෙනෙන සේ කෝටු හතරක් සිටුවා ඒ වටා සුදු රෙද්දෙන් ආවරණය කලේය. එයින් පස නිමිති කරුවෙකු හමුවී
    සිද්ධිය පැවසූ විට ඔවුන්ගේ උපදෙස් වූයේ කළය උතුරා ගිය ස්ථානය මැදිවන සේ නිවසක් තනා පදිංචි වන ලෙසය. යටිටන මහත්තයා එම ස්ථානයේ තැනූ නිවස සිසිරගිරි වළව්ව ලෙස හඳුන්වයි.

    31934782_1685092911544070_7001710481131962368_n.jpg

    31898520_1685092948210733_4005958637414514688_n.jpg

    යටියන ලක්දිව පමණක් නොව එතෙර රටවල පවා පතල නමක් ඇති වූයේ යටියන මහත්තයා නිසා බව මාතර සැවොම දනී. මහනුවර ක්වීන්ස්(රැජින) හෝටළය ඔහු මිළදී ගත් කතාවද රසවත්ය. මහනුවර ක්වීන්ස් හෝටල මිළදී ගන්නා අවස්ථාවේ යටියන මහත්තයා ටුවිට් රෙද්දත් හඳ සුපුරුදු සුදු කබාය ද හැඳ පසෙකට වූ බලා සිටියේය. ක්වීන්ස් හෝටල විකිණිමට වෙන්දේසි කරන සුද්දා ලංසුව තියන විට යටියන ලංසුව වැඩිකර ඉල්ලුවේය. මේ රෙදි කෝට්කාරයාට ක්වීන්ස් හෝටල මිළදී ගත හැකිදැය සුද්දා උපහාසය සිනාසුණි. වෙන්දේසියේදී වැඩිම මිල ගෙවා යටියන මහත්තයා ක්වීන්ස් හෝටලය මිළදී ගෙන උපහාසයට සිනාසුනු සුද්දාගෙන් ඇසුවේ උඹට සල්ලි ඕන මොන රටේ බැංකුවකින් ද කියාය. ඒ වන විට එංගලන්තය ආදී රටවල බැංකුවල මුදල් තැන්පත් කර තිබූ යටියන මහත්තයාගේ තත්වය හරිහැටි දැනගත් සුද්දාට උපහාසයෙන් සිනාසීමට නොව පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවට පත් විය. ඒවන විට ඔහුට රටේ මාතර හැටන්, නුවර එලිය ආදී බොහෝ ප්‍රෙද්ශවල තේ, රබර් වගාවන් අක්කර දස දහසකට වඩාතනි අයිතියක් යටතේ තිබුණු බව කියවේ. මේ සැමට වාසනාව පෑදුනේ යටියන සිසිරගිරි වළව්වේ භූමි වාසනා බලයෙන් බව කියවේ.

    31531483_1685092988210729_3203370841978961920_n.jpg


    31956287_1685093094877385_5440974762253746176_n.jpg

    දිනක් යටියන මහතාට ආරංචියක් ලැබුණි ලංකාවට අළුත්ම වර්ගයේ බෙන්ස් රත තොගයක් ගෙන්වා ඇති බවට. ඔහු එම බෙන්ස් රත ගෙන්වා ඇති කොම්පැනිය වෙත ගොස් වාහන අතපත ගාමින් බලමින් සිටියේය. මේම නවීනම වර්ගයේ බෙන්ස් රථ එම කොම්පැනිය ගෙන්වා තිබුනේ තුනක් පමණි. එතන ජැන්ඩියට ඇඳ පැළඳ ටයි කෝට් දමා සිටි කළමනාකරුගෙන් මෙම බෙන්ස් එකක් කීයදැයි විමසවේය. රෙද්ද බැනියම හැඳ සිටි යටියන මහතා දෙස බැලූ කළමනාකරු පැවසුවේ අනේ තමුසෙ ගන්න බෙන්ස් යනුවෙනි. එකළ තිබූ මිළ අදිකම වාහනය වූ මෙම බෙන්ස් රථ තුනම එවලේම සල්ලි දී මිළදී ගත යටියන මහතා එය මාතර යටියන නිවසට රැගෙන ආවේය.

    ඔහුගේ පුත් ඩොනල් රණවීර මහතා පසුව නුවර එලිය මස්කෙළිය පාර්ලිමේන්තු මන්ත්‍රී විය. පසුව ටයිම්ස් පුවත්පත් ආයතනයේ සභාපති විය. යටියන මහතාගේ මුනුපුරන් කිහිප දෙනෙකු අකාලයේ ඇමරිකාවේදී හදිසි අනතුරකින් මිය ගියේය. යටියන මහතාගේ හා ඔහුගේ බිරිය කඹුරුපිටිය හාමිනේගේද ඔහුගේ පුත් ඩොනල් රණවීර මහතාගේද මුණුපුරන්ගේද සෙහොන් කොත් යටියන නිවස ඉදිරිපිට සාදා ඇත. 1989 භීෂණ සමයේ මේ සුවිසල් සිසිරගිරි වළව්වට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් ගිනි තැබූවේය. ඒ වන විට මහා වැස්සක් පැමින ඒ ගිින්න නිවා දැමූ බව ගැමියෝ කියති. අද මේ සිසිර ගිරි වළව්ව පාව ස්ථානයකි. වසර තිහකට ආසන්න කාලයකින් කිසිවකු පදිංචියට පැමිණ නැත. දවල්ට පමණක් මුරකරුවෙකු සිටී. අඟුව දැමූ නිවසේ ප්‍රධාන ගේට්ටුවේ ඉබ්බා වසර 25කින් පමණ විවෘත කර නැත. වත්ත වටේටම වසර සීයයකට වඩා පැරණි අරලියා මල් ගස්ය. වත්තේ දුර්ලභ මූර්ති නිර්මාණයන්ගෙන්ද අලංකාරය . යටියන ගමේ කිසිවකු මෙම නිවසට හෝ වත්තට ඇතුළු නොවේ. ප්‍රතාපවත් තාප්පයකින් වටවී ඇති මේ වළව්ව හුදකලාව පවතී. ඇතමුන් පවසනුයේ මෙහි හොල්මන් ඇති බවකි. කඹුරුපිටිය හාමිනේ වතුර කළය බිම තැබූ විට බුබුළු දමමින් උතුරපු ස්ථානය හි ඇති වලව්වේ කාමරය අදද ආවරණය කර වසා දමා ඇති බව පැවසේ.

    නන්දික බැද්දේගම
    චායාරූප L Sameera
     
    • Like
    Reactions: Lejayange

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    17883927_1300808699974961_975843189586797828_n.jpg


    මම හිතනවා ඔයාලගෙන් හුගක් අය (කොල්ලෝ) Supernatural TV Series එක බලලා ඇති..
    එ අයට නං Cross Road Demons ලා ගැන වැටහීමක් ඇති... මම පොඩි කතාවක් කියන්න හිතුණා එ ගැන ඇත්ත ලෝකයේ වුණ දෙයක් ගැන..

    කවුද මේ Cross Road Demon කියන්නේ ?

    මේ Cross Road Demon හෙවත් හතරමං හන්දි වල යක්ශයන් මිනිසුන් සමග ගණුදෙනු කරන බව පැවසෙනවා. මේ අය පුද්ගලයන් ඉල්ලන දේ දී එ අයගේ ආත්මය ලබා ගන්නවා. එ කියන්නේ යක්ශයාට ආත්මය විකුණනවා. යම් කිසි කාල සිමාවකින් යක්ශයා මෙ පුද්ගලයන් කොහේ සිටියත් පැමිණ තම අය කිරිම එකතු කර ගන්නවා.එ කියන්නේ මරලා ආත්මය ගන්නවා කියන එක.

    හතරමං හන්දියේ යක්ශයන් Cross Road Demon ලා ගෙන්වා ගන්න නම් ?

    පලමුව හතරමං හන්දියක් හොයාගන්න ඔන. පාළු එකක්
    සොහොනක පස්
    කළු පුසෙක්ගේ ඇට කට්ටක්
    කහ මලක්
    ඔයාගේ පින්තුරයක්
    අනික නං කියන්නෙම නෑ..(එක සුපර්නැචුරල් එකෙ කියන්නෙත් නෑ.. පොඩිම දෙයක් ඔන)

    ඊට පස්සේ ලතින් වලින්
    Inferiorum facere homo scelestus Animal ex mors Flamma velle capere tuus Admodum spiritus.... කියලා තව ටිකක් තියෙනවා මෙ මන්ත්‍රය අර උඩ කිව අයිටම් එක්ක පොඩි පෙට්ටියක දාලා හතරමන් හන්දියක වලලන්න ඔන..හරි මැද...

    භයානක වැඩක්...

    දැන් කට්ටිය හිනාවෙයි මෙන්න මු ටිවි ශෝ එකක් මෙතන ඇවිත් පඩියා වගේ කියවනවා කියලා.. එහෙන හිතන්න කලින් යට තියෙන ඉතුරු ටිකත් කියවන්න.

    1911 මැයි 8 වැනිදා Hazlehurst, Mississippi, U.S හිදි කළු ජාතික ලමයෙක් උපත ලබනවා.මේ ලමයාගේ නම Robert Leroy Johnson. මේ ලමයා ටික ටික ලොකු වෙනකොට ආසාවක් ඇති වෙනවා ඇමරිකාවේ බ්ලු ( පොප් සංගිතය වැනි සංගිතයක්) ගායකයෙක් වෙන්න. වැඩේ තියෙන්නේ මේකට ගීටාර් ප්ලේ කර කර ගීත ගයන්න පුලුවන් වෙන්න ඔන අනිවාර්යයෙන් .
    වැඩේ තියෙන්නේ මෙයාට ඔය දෙකම හරියට කරන්න බෑ.
    1929 මේ කෙනා හදිස්සියේම ප්‍රසිද්ධ වෙන්න ගන්නවා. ගීටාර් වාදකයෙක් , ගායකයෙක් පමණක් නොව සංගිත නිර්මාණ කරන්නෙක් ලෙස. August 16, 1938 මොහු මරණයට පත් වෙනවා. යම් යම් අදහස් පල වුවත් (වස ශරිර ගත වුවා කියා)එ මත ඔප්පු වෙන්නේ නෑ. අන්තිමේදි මේ මරණය හදුනා නොගත් හේතු මත කියා සදහන් වෙනවා.මේ දක්වාත් එහෙමයි.
    අන්තිමේදි හුගක් අය කිය , ලගින්ම සිටි අය කියනවා මොහු තම ආත්මය යක්ශයාට විකිණු බව සාර්කත්වය ලබා ගැනිමට..දක්ශතා නොමැති ඔහුට තම නාමය පැවතිමට යමක් කිරිමට අවශ්‍ය වුයේ ලු.කෙසේ නමුත් මොහු තමා American blue music වල අග්‍රගණ්‍ය නාමය.. එක හරියට බෝබ් මාලේ , මයිකල් ජැක්සන් වගේ පොරක් . අපි දන්නේ නැත්තේ අපි එ සංගිතයට හුරු නැති නිසා. අපුර්වත්වය නම් ඔහු කිසිදු දක්ශතාවයකින් තොරව සිට එක් වරම කරලියට බැස අදාළ ක්ශේත්‍රයේ කුඩා කලකින් මුදුන් මල්කඩ විමයි.

    Martin Scorsese කියනවා

    The thing about Robert Johnson was that he only existed on his records. He was pure legend.

    The journalist Marc Myers මෙසේ ලියා තිබේ..

    "To the uninitiated, Johnson's recordings may sound like just another dusty Delta blues musician wailing away. But a careful listen reveals that Johnson was a revisionist in his time... Johnson's tortured soul vocals and anxiety-ridden guitar playing aren't found in the cotton-field blues of his contemporaries."

    පුදුමයි නේද ? ඔහු ඇමරිකානු සංගිතයේ Legend එකක්...

    මෙයාගේ සිංදු වල තේරුමත් එයාගේ හිත මිතුරන් කියපුවා සනාථ කරනවා.. බලමු මේ සිංදු මොනාද කියලා ටිකක්..

    Cross Road Blues
    Terraplane Blues
    Come On In My Kitchen
    Walkin' Blues
    Last Fair Deal Gone Down
    Blues
    Kind Hearted Woman Blues
    If I Had Possession Over Judgement
    Preachin' Blues (Up Jumped The Devil)
    When You Got A Good Friend
    Ramblin' On My Mind
    Stones In My Passway
    Traveling Riverside Blues
    Milkcow's Calf Blues
    Me And The Devil Blues
    Hell Hound On My Trail

    මෙන්න සිංදු ටිකක් එයාගේ ප්‍රසිද්ධ . Hell Hound On My Trail ( යම බල්ලන් මා පස්සෙන්) , Me And The Devil Blues ( මා සහ යක්ශයා ) , Last Fair Deal Gone Down ( අවසන් සාධාරණ ගිවිසුම අවසන්ව ) , Cross Road Blues ( හතමං හන්දිය ) වගේ සිංදු ඔහුම රචනා කොට ගායන ලද එවා වන අතර මේ සංගිතයන්ද අප සිත් තුළද චකිතයක් ඇති කරයි.

    ඔහු ඔහුගේ ලගම මිතුරන්ට පැවසු පරිදි මිසිසිපි හයිවේ හතරමං හන්දියකදි ඔහු මේ ගිවිසුම කර ඇති අතර එදා සිට ඔහුට මේ හැකියාව ලැබුණ බවයි.

    මම නං තව මුකුත් කියන්නේ නෑ.. හිතන එක ඔයාගේ වැඩක්... හොල්මන් අවතාර ගැන දැන ගන්න ආස නං මේවා දැනං ඉන්න ඔන ... එකයි පොස්ට් එකක් හැදුවේ...

    සටහන
    ෂේන් ස්මිත් ගමගේ
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    * * ලන්තෑරුමක් ගත් ලදැරිය**

    උදෑසන පතිත් වූ මීදුම් පටල තවමත් කදු ශිඛරයන් වසා ගෙන ඇත.කුරුවට වැඩුනු ගනකම් පත්‍ර සහිතතුරු වියන් මත පතිත වූ ආලෝකය ඉන් පරාවර්තනය වූයේ ඇසට අමුතු චමත්කාරයක් මවමිනි .එක් පසකින් පෙනුන ඉමක් නොපෙනෙන මහා බෑවුම කි.මීදුමේ න් වැසුණු පතුල නොපෙනෙන මෙය ලෝකාන්තය සිහි කරෛ.අනෙක් පසින් එකා පරයා එකා නැගෙන කදු පතාකයන් ය."හපුතලේ නගරය ට පිවිසෙන ඔබ සාදරයෙන් පිලිගනිමු."ඒ පාර අසල වූ පුවරුවකි.
    මා ඔරලෝසුව දෙස බැලුවෙමි .දෙක පසුවී විනඩි දහයක් ගත වී ඇත.සිතුවා ට වඩා ප්‍රමද වී ඇත.පිටත වැටෙමින් තිබූ පොද වැස්ස නිසා වන්ගු සහිත මාර්ගයෙ වාහන ගමන් කලේ සීරාවටයි.මෙතෙක් වේලා සිහිල් සුලන් පහස ලබා දුන් පැති ජනේලය වසා දැම්මේ සීතල හිරිකඩ ඇග කිලි පොලා ගිය බැවිනි."අනතුරු දායක වන්ගුව ඉදිරියෙන් "මෝටට් රතයේ වේගය තව දුරත් අවම කලෙමි.ජන්ගම දුරකතනයෙ බැටරි බැස තිබීම ගැන මා හට සිතින් බැන වැදුනේ මාගේ නොසැලකිලිමත් කමටයි.
    ප්‍රදාන පාරෙන් අතුරු මාර්ග යකට හැරවූ මා ඩැන් ධවනය කරනේ තරමක් පටු පාරක් ඔස්සෙය.මාර්ග ය දෙපස සරුවට වැඩුනු තේ යායන්‍ ය.තේ දලු නෙලන්නියන් කූඩ පිටේ බැදගෙන පල්ලම් බහින්නේ තම දෛනික රාජකාරි ය ඉටුකර උද්දාමයකිනි.ඇග වටා ඔතා ගත් රත් පැහැ සාරි ඔවුන්ගේ කාල වර්න ශරීරයට එක් කලේ අමුතු අලන්කාරයකි.මින් පසු මාර්ගය තරමක් පටු හා අදුරු වූයේ දෙපස පිහිටි මහ විශාල පයිනස් ගස් යායන් නිසාය.දවසේ වේලාවට වඩා පැය කීපයක් ඉදිරියෙන් මෙහි වේලාව ගය්ත වන්නා සේ අදුරු ය.ඊටත් වඩා පාලුය.එය මහා ගුප්ත රහස් සගවා ගෙන බලා සිටින්නා සේ නිශ්චල ය.මාර්ගයට ඉහලින් වැටෙන දිය ඇල්ලේ හඩ දැන් හොදින් ඇසේ.කුඩා කල පැමිනියාට පසුව මා මේ පැමිනියේ වසර ගනනාවකට පසුය.එකල මේ ඇල්ලේ දිය නෑම අපට තහනම් කර තිබුනේ කිහිප දෙනෙකු දියේ ගිලී මියයාම හේතුවෙනි.දිය කැරැල්ල ලෙස හැදින්වුණු මෙය පසුව මරු කැරැල්ල වූයේ ජීවිත කීපයක් බිලි ගත් පසුව යි.ඈතින් පෙනුන දිය ඇල්ල දෙස බලමින් ගමන් ගත් මා හදිසියේ තිරිංග තද කලේ පාර හරහා පැන්න යමක් නෙත ගැටුන නිසාවෙනි.මෝටර් රථය මද දුරක් ලිස්සා ගොස් නතර වූයේ මා ගේ මුලු ඇගම සීතල කරමිනි.දුබුරු පැහැ නරියකු පයිනස් ගස් අතරි නොපනී යනු දුටු මාගේ හද ගැස්ම අඩු විය.ඩිය ඇල්ලේ ජලය බොර පැහැයෙන් කඩා හැලේ.ගල් පර අතරින් වැටෙන ජල කදේ ශබ්දය අවට කදුවලින් පරාවර්තනය වී ඇසෙන්නේ දිය රකුසා බිලිගත් ආත්මයන්ගේ වැලපීමක් ලෙසිනි.මේ අවට පරිසරයේ ඒ ආත්මයන් සැරිසරනවාද?මොහොතකට මා සිතුවිලි සයුරේ ගිලුනෙමි.මද අදුර දැන් පරිසරය අතික්‍රමණය කරයි.මා තවමත් තිරින්ග පාගා ගත් ගමන්‍ ය.රිය පන ගැන්වූ මා ඉදිරිපයට ඇදුනෙමි.
    මා ඉදිරියේ දිස් වන්නේ දිය ඇල්ල හරහා වැටුන යකඩ පාලමයි.පාලම මත වසා සිටි කලු පොල්කිච්චකු ඉගිලී ගියේ පාලමේ යකඩ තහඩු එකට ඇතිල්ලීමෙන් නැගුන කිරි කිරි හඩ නිසාවෙනි.තනි පොල්කිච්චකු ඩැකීම අසුබ සලකුනක් යැයි මා අසා ඇත්තෙමි.මෙතෙක් මා හැරුනු කොට මාගේ තනියට සිටියේ අදුරේ නැගී සිට මා දෙස බලා සිටි දැවැන්ත පයිනස් ගස් සමූහය හා ඉන් පිලිබිඹු වූ ගුප්ත බවත් පමනි.මදකට මාගේ නෙත් දිය ඇල්ල දෙසට යොමු විය.උසින් අඩි 10ක් පමන් වූ ගල් පර්වතයක් මතින් කඩා හැලුන ජල කද බුබුලු නන්වමින් ගලා බසී.කෙතරම් චමත්කාර වුවද ඒ තුල සැගවුනු බයන්කාරත්වය ද්න්නේ ඊට බිලි වූ ආත්මයන් පමනකි.මා ගේ සිතුවිලි බිද දැමුවේ දිය ඇල්ලේ ගල් කුලු අතරින් සැනකින් නොපෙනී ගිය ජායවකි.කුදු ගන්වුන මහලු මිනිසකු වැනි එය මාගේ මනෝ රෑපයක්ද?නැත්නම් සැරිසරන ඈත්මයක්ද?.චන්චල සිතින් මා රිය ඉදිරියට පැදවූ යෙමි.
    ඉදිරියෙන් පාරෙන් මදක් ඔබ්බෙහි පිහිටි ගරා වැටුන ගොඩනැගිල්ල ක් දිස් වේ.වහලයේ ඉහල වූ ගෝපුර කැටයම් නිසා එය කෝවිලක් බැව් මා අනුමාන කලෙමි.මේ මූසල පරිසරයෙන් විඩාවට පත් වූ මට මෙය අස්වැසිල්ලකි .කෝවිල ලන්වත්ම එය ගරා වැටෙමින් තිබූ බැව් තැනින් තන කටුමැටි පෑදුනු සිමෙන්ති බදාම ගැලවී ගිය බිත්තිවලි.මම මෝටර් රතයෙන් බැස කෝවිල දෙසට පිය මැන්නෙමි.අවට සීතල සුලග ගත විනිවිද යන සුලුය.දිය ඇල්ලේ මූසල හඩ ඈතින් ඇසේ.කෝවිල තුලින් පිටතට ගලා ආවේ සුහු පැහැති දුමාරයකි.එය මා වෙලා ගන්නට ගත වූයේ මොහොත්කි.එය කට්ටකුමන්ජල් දැල්වීමෙන් හට ගන්නා සුවදකි.කෝවිල තුල මලානික ආලෝකයක් විහිදුවන පහනක් දල්වෙමින් පවතී.ඒ හැරුන විට එය එකම අදුරු ගුහාවකි.මා වටපිට බැලුවේ කවෘන්හෝ සිටීදැයි කියාය.පේනමානයක මිනිස් පුලුටක් වත් නැත.පරිසරය නිශ්ශබ්ද හවයේ ගිලී ගියේ මා හද ගැස්ම මටම ඇසෙන තරම් වන්නටය.මා කෝවිලේ ද්වාරය තුලින් ඇතුලු වත්ම මා එලියට විසිවී ගියේ කෝවිලේ එල්ලා තිබූ ගාන්ටාරයක් මහ හඩ දී නාද වූ නිසාවෙනි.ඒ සමගම මා මුහුනේ හැපී නොහැපී ගියේ විශාල කලු වවුලෙකි.තිගැස්සුනු මා නත්‍ර වූයේ මෝටර් රතය අස්ලය.
    "මාතියා බය උනාඩ?" ඒ හඩ මාගේ පසුපසිනි.මා හැරී බැලුවෙමි.උඩුබ්කය නිරුවත් මහලු මිනිසකු ජල බදුනක් අතතිව බලා සිටී.
    "මාතියා මන් මේකේ පූසාරි තමා.ව්තුර ගේන්න ඇල්ලට තම ගියා."
    එසේ නම් මා දිය ඇල්ල ලග දුටුවේ මොහුය.එය අස්වැසිල්ලකි .
    "මාතියා කොඉබ තමා යනවා"ඔහු අසෛ.මා ටවම නිහඩය.
    "ඇලකන්ද බන්ගලාවට"මා පිලිතුරු දුනෙමි.
    ඇලකන්ද බන්ගලාවට ඔහු විමසුවේ ඇස් ලොකු කරගනිමිනි.
    "ඇයි පූසරී?"මා විමසීමි.
    "නෑ මාතියා මුකුත් නෑ දෙයියෝ වැදලා යමු. ආරක්ශවට හොදයිනේ.
    මා ඔහු පසුපස ගියෙමි.පූසාරි මාවෙත අලු බදුනක් රැගෙන විත් තිලකයක් තබා කහ පැහැති නූලක් බැද ඈශිර්වාද කලේය.මේක මාතියාව අරක්ශා කරයි.
    හෙතෙම කුදු ගැන්වී කෝවිල තුලට යනු ඉදිරියට දාවනය වූ මොටෝ රියේ පැති කන්නඩිය තුලි මා දිටුවෙමි.
    "ඇලකන්ද බන්ගලාව"මනින් වූ පුවරුව අසලින් කන්ද දෙසට මොටො රිය හැරවූ මා ඉදිරියට දාවනය කලෙමි.
    දැන්මා ගමන් කර න්නේ ප්‍යිනස් ගස් අතරින් වැටුන පටු පාරක් දිගේය.මීදුම් පතිත වෙමින් පවතින පිනස් ගස් යාය සිතට ගුප්ත හැගීමක් එක් කරයි.මා ඉදිරියෙන් පෙනෙනේ අලකන්ද බන්ගලාවේ චිමිනියේ ඉහ්ල කොට්සයි.කෙමෙන් කෙමෙන් මාර්ගය පහල බැස්මක් ඇතිව ගමන් කරයි.බන්ගලාවේ වහලය හා ඉහල මාලයේ කොටසක් දිස්වේ.එය කාලයකින් පිරියම් කර නැත.කලු පැහැති ගඩොලින් බැදි බිත්තී ඒ ලෙසම පවතී.එය මාකුඩා කල දුටුවාට වඩා වැඩි වෙනසක් නැත.දැන් මා පිවිසෙන්නේ ඇලකන්ද බන්ගලාව පිහිටි උද්‍යානයටයි.නෙක වර්න වලින් යුතු රෝස කානේශන් මල්සීතල ධෙශගුනඅය නිසා සරුවට වැඩී ඇත.උද්‍යානය මනාව පිරියම්බ්කල තණ් පිට්ටනියකි.ඒ මැද බන්ගලාව පිහිටා ඇත.පැරනි පෘතුගීසි පන්නයට නිමවූ ආරුක්කු සහිත ජනෙල් වලින් හා විශාල කනු සහිත ඉස්තෝප්පුවකින් හා බැල්කනියක් සහිත පෝටිකෝවකින් නිමවූ බන්ගලාව සිත් ගනී.
    මිදුලේ වාහනය නැවැත්වූ මාගේ සිත ඇදී ගියේ මිදුලේ එක් කෙලවරක වූ යකඩ ඔන්චිල්ලාවක් වෙතය.එය ඒ මේ අත පැද්දෙමින් තිබුනේ හැමූ සීතල සුලග නිසා විය යුතුය.මෙය දුටු මාගේ සිතේ කිසියම් මතකයක් හොල්මන් කරයි.නමුත් ඒ කුමක් දැයි මා හට නොවැටහේ.
    "පුන්චි මහත්තය දැන්ද ආවේ? කල්පනාවේ නිමග්න වූ මාගේ සිත ගැස්සීගියේ පිටුපසින් ඇසුන හඩිනි.පිටුපස බැලූ මා දුටුවේ ඔහුය.ඒ අප්පු මාමාය.වියඔඅත්ව සිටියද ඔහුගේ මුහුන එදා ලෙසම පෙනුනි.
    "ඔව් දැන් ආවේ"
    "හොදා යමු ඇතුලට"
    මා ඔහු පසුපස ගාමන් කලෙමි.පලල් ඉස්තෝප්පුව රතු පැහැයෙන් දිලිසෙන තරම් ඔප දමා ඇත.එහි තැන තැන ඉපැරනි හාන්සි පුටු තබා ඇත.බිත්තියේ එල්ලා තිබුනේ පැරනි ආණ්ඩුකාර වරුන්ගේ හා ආර්‍යාවන්ගේ ජාජා රෑඔඅ සමූහයකි.ඉන් එකක් දෙස මාගේ නෙත් යොමු විය.ඒ බටහිර පන්නයට ඇදි කාන්තා රුවකි.එහි මුහුනින් පිලිබිඹු වූයේ අප්‍රසාදජනක සිනාවකි.මුහුනට නොගැලපෙන විශාල ඇස් ද්වේශයන් බලා සිටී.
    "මොන එහෙකට මේව එල්ලන් ඉනවද මන්දා? මා කීවෙමි.
    "ඕව මහත්තය බන්ගලාව ගනිද්දී තිබ්බ ඒව නෙව" ඒ අප්පුය.
    මා පිවිසියේ විශාල විසිත්ත කාමරයකටය.එහි එක් කෙලවරක කරුවල ලීයෙන් තැනූ පඩිපෙළ කි.අනෙක් පස නිදන කාමර කරා දිවෙන කොරිඩෝව්කි.
    විසිත්ත කාමරය පුරා නවීන හා පැරනි ගෘහභාණ්ඩ රාශියකි.ඒ අතර තැබූ පිත්තල මල් බදුන් හා පෙට්ටගම් මත තැබූ ගෙඩි ලාම්පූ මා ගේ සිත් ගනී.
    බිත්තිවල එල්ලූ සමහරක් සිතුවම් කිසිඅරිතක් නැති බහුබූත සේ දිස් වුනි
    අසල වූ සෝෆාවක් මතට බර වුනෙමි.
    බාප්පා මේ බන්ගලාව මිලදී ගත්තේ වසර 20කට පමන පෙරදීය.එකල මාගේ පියා හපුතලේ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කලෙන් මාද හැදී වැඩුනේ මෙහිය.පසුව අප සියලු දෙනා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය පසූ ලන්කාවට පැමිනියේ මෑතකදීය.ඉන්පසු මා මෙහි පැමිනි පලමු අවස්තාව මෙයයි.
    "කෝ අප්පු බාප්පා"
    "ආ මහත්‍තයට කියන්න බැරිඋනානේ ලොකු නෝනට අසනීපයි කියලා නුවර ගියා.මහත්තයගේ ටැලිපෝන් එක වෙඩ කරනේනෑ කියනවා මන් අහගෙන"
    "දැන් මට අද මෙහේ තනියමද ඉන්න වෙන්නේ"මා අසීය.
    "මොන තනියක්ද මේ මෛ ඉන්නේ අනික නුපුරුදු තැනක්‍ යෑ" අප්පු පැවසීය.
    ඔහු පවසන්නේ සැබෑවකි.මෙය මා හඋරුපුරුදු තෑනකි.කුමට බිය වන්නද
    "මගේ කාමරේ ලෑස්තිද?"
    මා තරප්පු පෙල නැග ඉහල මහලේ පිහිටි මාගේ ප්‍රියතම කාමරයට ගියෙමි.එය කදිමට සැකසූ කඩා කාමරයකි.පෝටිකෝව මත වූ බැල්කනියට පිවිසීමට හැකි බැවින් මා මෙයට ඇලුම් කලෙමි.මා කුඩා කල බාවිතා කල කුඩා ඇද වෙනුවට තැබූ විශාල ඇද හැරුනු කොට කාමරය කුඩාකල වූ ලෙසම පවතී.මා ඇද මත ඇල වුනෙමි.
    'ඩොක් ඩොක් ඩොක්'මා තිගැස්සී ඇහැරුනේ කවුරුන් හෝ දොරට තට්ටු කල හඩිනි.මා දොර විවෘත කලෙමි.තේ බදුනක් අතැතිව සිටියේ අප්පුය.
    "පුන්චි මහත්තය තෙ බොන්න"
    "ඔහොම තියන්න අප්පු මන් බොන්නම්"
    අප්පු පිටව ගිය පසු ඇදුම් උනා දමා තුවාය පටලා ගත් මා නාන කාමරය තුලට වී දිය නෑවෙමි.සීත්ල වතුර මාගේ නග්න සිරුර ඉදිකටු මෙන් ස්පර්ශ කරයි.දිය නා අවසානයේ තුවාය පිටින්ම තේ බදුන ගත් මා බැල්කනියට පිවිස ඈත බැලුවෙමි.හිරු බැස යමින් පවතී.අවට පරිසරය මද අදුරේ ගිකෙමින් පවතී.දිය ඇල්ලේ මූසල හඩ ඈතින් ඇසේ.උද්‍යායේ කෙලවර වූ යකඩ ඔන්චිල්ලාව ඒ මේ අත පැද්දෙයි.කුමක් හෝ මතකයක් මා තුල හොල්මන් කරයි.ව්‍යාකූල සිතින් මා කාමරයට පැමිනියෙමි.
    ඇදුම් මාරු කර ගත්මා තරප්පු පෙල බැස කොරිඩෝව දිගේ ඇවිද ගියේ කෑම කාමරය වෙතය.කොරිඩොව කෙලවරේ වූ කුඩා කාමරයේ දොර වෙත මාගේ නෙත් යොමු වූයේ අහම්බෙනි.එහි දොරමත පැස්ටල් කූරුවලින් වර්න දෙකකින් දරුවකු ඇදි බලි කුරුටු සමූහයකි.ඔන්චිල්ලව දෙස බලදී ඇතිවූ සිතුවිලි ණැවතත් සිතේ හොල්මන් කරෛ.මා දොර ඇරීමට තල්ලු කරන්නට අත තබද්දීම
    "පුන්චි මහත්තය කෑම ලෑස්ති"ඒ අප්පුය.මා කිසිත් නොකියා කෑම මේසයේ ඉද ගත්තේ දැනුන අධික කුසගින්න නිසාවෙනි.
    "පුන්චි මහත්තය රෑටඑලියට එහෙම යන්න එපා.වල් ඌරෝ නරි හක්කලන් කරනව රෑට.මන් ඉස්සරා කාමරේ ඉන්නේ වුවමනාවක් උනොත් කතා කොරන්ට"
    මා පිටව යද්දී අප්පු පැවසීය.තරප්පු පෙල නැග කාමරයට පිවිසී මා ඇද මත පෙරලුනේ දැඩි මහන්සිය හේතුවෙනි.මට බොහෝ වේලා හොඩින් නින්ද යන්නට ඇත.
    මා හදිසියේ ඇහැරුනේ දැඩි පිපාසයක් සමගයි.මේසය ලග අදුරේ අත පත ගෑවද මා ජල බදුනක් රැගෙන විත් නැති බව සිහියට නැගුනි.මේස ලාම්පුවක් අ කීප වරක් ක්‍රියාත්මක කලද නොදැල්විනි.මා අදෙන් නැගිට බිත්තිය අතගාමින් යන්තම් විදුලි බුබුල ක්‍රියාත්මක කලද එයද නොදැල්වේ.විදුලිය ඇණ සිට ඇත.සුදු පැහැ ජනෙල් රෙදි අතරුන් මෝදු වූ සද එලිය යන්තම් කාමරය ආලෝකමත් කරයි.අදුරේම මේස ලාච්චව ඇර බැලූ මා ඉටිපන්දමක් හා ගිනිපෙට්ටියක් සොයා ගතිමි.පලමු ගිනිකූර දැල්වුවද එය සැණ්කින් නිවී ගියේ කිසිවකු නිවා දැමුවා සේය.අතින් ආවරණය කරගනිමින් දෙවන වරා ඉටිපන්දම දල්වා ගත් මාදොර ඇර තරප්පු පෙල බැස්සේ මුලුතැන් ගේ කරා යාමටයි.
    දුටු දෙයින් මා බියවී ගියේ නොසිතූ ආකාරයටයි.තරප්පු පෙල බසින මා දෙස දත් විලිස්සා ගෙන දිව එලියට දමා ගෙන බලා සිටියේ විරූපී යක්ශ මුහුනකි.මා ඉටිපන්දම ඒ දෙසට යොමු කලෙමි.ඉටි පන්දමේ එලියෙන් එහි ඇස් දිස්නේ දෙයි.ඒ ආලේපිත වාර්නිශ් නිසාවෙනි.මේ බිත්තියේ එල්ලූ වෙස් මුහුනකි.මාගේ මුවගට සින්නවක්ද නැගුනි.මන් බය වුන තරමක්.
    මා දැන් තරප්පු පෙල එකින් එක පහල බසියි.විශාල වූ විසිත්ත කාමරයේ ජනෙල් අතුරින් සද එලිය වැටී ඇත.තිර රෙදි සුලගට සෙලවෙයි.විශාල බට්ටා ඔරලෝසුව ටික් ටික් හඩින් ක්‍රියාත්මක වෙයි.මා දැන් සිටින්නේ තරප්පු පෙලේ අවසන් පඩිය මතයි.සීතල යමක් මා අත ගැටී ගියේ මා ඇග කිලිපොලා යවමිනි.මා විගස තරප්පුවෙන් බිමට පැන්නෙමි.ඒ සමගම මා ඇග මතට මහ හඩින් කඩා වැටුනේ සීතල බර දෙයකි.මා නොවැටී බේරුනේ අනූ නවයෙනී.ඒ පඩි පෙල මත තබා තිබූ පිත්තල මල් බදුනකි.මා සැනසුම් සුසුමක් හෙලුවෙමි.
    මා දකුනත වූ කොරිඩෝව දෙසට ගමන් කලෙමි.මෙහි කෙලවර මුලුතැන්ගෙය වෙයි.එය අදුරේ ගිලී ඇත.දෙපසින් විවෘත වන්නේ නිදන කාමර වල දොරවල්‍ ය.ඒවට දමා ඇති තිර රෙදී අදුරෙ ඒමේ අත පැද්දෙයි .මා දල්වා ගති ඉටිපන්දම රැගෙන ඉදිරියට ගියෙමි.කිසිවකු මා පසුපස එන හඩ ඇසේ.එය ලග ලග කුඩා අඩි තැබීම නිසා නැගෙන හඩකි.කුඩා දරුවකු ඇවිදින්නා සේය.එය මා ලග ලගම ඇසේ.මා හුස්ම ගැනීම නතර කලෙමි.ඔව් නිසැකවම කවෘන් හෝ පැමිනේ.මා හැරී බැලුවෙමි.අදුරු පාලු කොරිඩෝව හැරෙන්නට කිසිවකු නැත.මා නැවත ගමන් ඇරබුවෙමි.නැවතත් ඒ හඩ ඇසේ.එය මේ වන විට ඉතා ආසන්නයේ ඇසේ.මා දැන් කොරිඩෝව අවසානයේය.එක් වරම කොරිඩෝවේ සියලු බිත්ති පහන් දැල්වී ගියේ මා තිගැස්සවමිනි.විදුලිය පැමිනියා විය යුතුය.මම දෙවියන්ට ස්තූති කලෙමි.මා ඉදිරියෙන් දකුනත පිහිටි කාමරයේ පහන් දැල්වී ඇත.මා මේ පෙර දුටු කාමරය නොවේද මා ඒ දෙසට පියමන් කලෙමි.එසේය එහි දොරෙහි වූ බලි කුරුටු එසේම ඇත.අඩවල් කර තිබූ දොර මා අතින් තල්ලු කල විට කිරිකිරි හදක් නන්වමින් විවෘත විය.මා එතුලට ගමන් කලෙමි.එය කුඩා කාමරයකි.බිත්ති පුරා බලි කුරුටු ඇද ඇත.තැනින් තැන මකුලු දැල් බැදුනු සෙල්ලම් බඩුය.කලකින් කිසිවකු පැමිනි නැති සේය.මා ඉදිරියට ගියෙමි.එහි වූයේ දැඩි පුස් ගදකි.එහි බිත්තිය ක සටහන් කර තිබූ දෙයක් දුටු මා නෙත් අදහා ගත නොහැකි විය.පැස්ටල් කූරු දෙකකින් එහිලියා තිබුනේ 'චාරු' හා 'ගිහාන්' ලෙසයි.ගිහාන් ඒ මාගේ නමයි.එසේනම් කව්ද මේ චාරු?සිතුවිලි දාමයක් අතර සිරවූ මා සිතේ චාරු යන වචනය දෝන්කාර දෙයි.නොපැහැදිලි මතකයන්ගේ සේයාරූ සිතේ ඇදී නොපෙනී යයි.
    ටික් ටික් හඩක්මා පසු පසින් ඇසේ.මා පිටුපස හැරී බැලුවෙමි.අසල වූ සෙල්ලම් අශ්වයකු දෙපසට පැද්දෙන්නේ කිසිවකු ඒ මත සිටින්නා සේය.මා ඇග ලේ සීතල වී ගියෙය.මා විගස දොර දෙසට්ද් දිව්වෙමි.මා අය කුමක හෝ පැටලී ඇද වැටුනි.මාත් සමගම ඉදිරියට විසිවී වැටුනේ පරන රෙදි බෝනික්කෙකි.එය දුර්වර්ණ වී තිබුනි.එහි එක් ඇසක් නොමැත .එක් අතක් හා කකුලක් පිලිස්සී ගිය සේය.බෝනික්කා මා දෙස වියරු බැල්මකින් බලා සිටී.මා තවමත් බිම වැටුන ලෙසය.මා හට දැන් ඇසෙන්නෙ පෙර ඇසුන අඩි ශබ්දය යි.එය කෙමෙන් කෙමෙන් ලන් වේ.එය මා ආසන්නයටම පැමිනෙමින් පවතී.මා හදවත නැවතුන සෙයකි.කාමරයෙන් කොරිඩෝව මතට වැටුන ආලෝකය මත දැන් දිස්වන්නේ කුඩා සෙවනැල්ලකි.එය කෙමෙන් කෙමෙන් ලන් වෙයි.එය කුඩා දැරියකගේ බදුය.මේ මොහොතේ මා දෙනෙත් අදහා ගත නොහැක.මේ මා ප්සුකර යන්නේ කුඩා දැරියකි.ඇය මා පසුකර ගමන් කරයි.ඇයගේ කෙස් කඩා දමා ඇත.ඒව තැනින් තැන අඩු වී ඇත්තේ පිලිසී යාමක් නිසාවෙනි.ඇද තිබූ ගවුම ද පිලිස්සී ගොස් ඇත.ඈ අත දැල්වෙන ලන්තෑරුමකි.ඇයගේ ගමන් විලාශය අන්ශබාග රෝගියෙකු එක් කකුලක් නොනමා ගමන් කරන ලෙසය.පැත්තෙන් දුටු ඇයගේ රුව මා මතකයන් අවදි කරයි.'චාරු' මන් එක්වරම කෑගැසුවෙමි.ඇය මා දෙස නොබලා ගමන් කරයි.මා විගස නැගිට ඇය පසුපස ගමන් කලෙමි.
    ඇය මුලුතැන්ගෙයින් උද්‍යාන යට පිවිසියාය.මා ඇය පසු පස ගමන් කලෙමි.ඇය මා කැදවන්නාක් මෙන් මා සිතට දැනේ.අවට පරිසරය ගන අදුරේය.ඈත පයිනස් ගස් අතුරින් සද බැසයනු පෙනේ.සීතල සුලග ඇට මිදුලු ඩක්වා කිදා බසී.දැන් ඈ පසුපස පිහිටි පඩිපෙළ බැස අඩි පාරක් වෙත පිවිසියාය.ඈතින් ඇසුනු නරින්ගේ හු හඩත් බකමූනන්ගේ හ්ම් හ්ම් හඩත් ඇරෙන්නට පරිසරය නිහඩය.මා නැවතත් චාරු ලෙස අමතීමි.ඈ නෑසුනාක් මෙන් ලන්තෑරුමක රැගෙන ගමන් කරයි.අඩි පාර ගල් බොරලු සහිතය .මා කීප වරක් පය ලිස්සා වැටෙන්නට ගියද ඇය කිසි අපහසු තවක් නොමැතිව ගමන් කරයි.ඇය හා මා අතර පරතරය අඩි10ක් තරම්‍ ය.යාර කීපයක් ඈතින් ගරා වැටුන ගොඩනැගිල්ලක් දිස් වේ.ඇය ඒ දෙසට ගමන් කරයි.එය අත හැර දැමූ නිවසකි.නිවසෙ වහල කොටස් කැඩී බිදී ඇත.බිත්ති පුරා වල් බිහිවී ඇත.ඇය නිවසේ ඉදිරි දොරටුවෙන් ඇතුලු වී නොපෙනී ගියාය.මා ඇය පසුපස ගමන් කලෙමි.මා නිවසේ ඉස්තෝප්පුව ට ගිඩ වුනෙමි.එහි බිමට ඇතිරූ ලෑලි දිරා ගොස් ඇත.වහලයේ කඩතොලු අතරින් සද එලිය වැටේ.ප්‍රධාන දොරටුව විවෘත ව ඇත.ඒ තුලින් නිවස තුල තබා ඇති ලන්තෑරුමක එලිය දිස්වේ.එය දැරිය ගෙනා ලන්තෑරුමයි.මා නිවස තුලට ඇතුලු වීමි.එහි වූයේ දරා ගත නොහැකි පුස් ගදකි.විසිත්ත කාමරයේ කනප්පුවක් මත ලන්තෑරුම තබා ඇත.ඊට යාබදව ඇත්තේ පැරනි කැබිනට්ටුවකි.ඒ හැරුන විට වෙනත් කිසිවක් නැත.ලන්තෑරුම් එලියෙන් මා දුටුවේ බිතියක් මත එල්ල තිබූ ජායාරුවකි.එහි වූයේ මවක් හා දියනියකි.ඩෙවියනේ නන්දනී නැන්දයි චාරුයි.මට ඉබේටමකියවිනි.ඒ සමගම මා දෙපා මුලට යමක් කඩා වැටුනි.මා පහතට නැමී බැලුවෙමි.එය දින පොතකි.දුර්වර්න වූ එහි මුල් පිටුවේ 1990 ලෙස සටහන් වී තිබුනි.මා එය අහුලා කබා සාක්කුවේ දාගෙන නැගිටීමට උත්සාහ කලෙමි.නමුත් කවුරුන් හෝ මාගේ පිටමත සිටගෙන සිටින්නා සේ බරක් දැනේ.මා වහා ඉදිරියට පැන්නේ කිසිත් සිතා ගත නොහැකිවය.ලන්තෑරුම් එලියෙන් මා දුටුවේ බියෙන් ලොමු ඩැහැ ගැන්වෙන දර්ශනයකි.වහලයේ බාල්කයේ සිට පහලට වැටුන ලනු පොටක් අග එල්ලී සිටියේ ගෙල පසෙකට කඩා වැටුනු දිගු ගවුම කින් සැරසුනු ගැහැනියකි.එහි මුහුනක් නොතිබූ අතර හිස් කබල පමනක් ඉතුරු වී තිබුනි.එය සෙමෙන් පැද්දෙයි.මා නිවසේ සිට බන්ගලාවට දිව්වේ යටිගිරියෙන් කෑගසමිනි.
    **********************:********
    පසුදා උඩෑසන මා අවදි වූයේ දැඩි හිසේ රුදවක් සමගයි.මා ඇදෙන් නැගිට ගොස් සෙව්වේ කබායයී.එහි සාක්කුවේ වූයේ මා රැගෙන ආ දින පොතයි.එහි පිටු පෙරලත්ම ඉන් බිමට වැටුනේ දුර්වර්ණ වූ ලියුම් කවරයකි.ලිපිනයක් නොවූ එය මා විවෘත කලෙමි.එහි වූයේ නන්දනී නැන්දා විසින් තම සොහොයුරියට ලියන කද ලිපියකි.එහි වූයේ තමාට තව දුරටත් බන්ගකාවේ සේවය කල නොහැකි බවත් අනුර මහත්තයා හා තම අතර රහසිගත ඇසුරක් පැවති බවත් ඉන් තමට දරුවකු ලැබෙන්නට සිටින බවත් අනුර මහතයා දරුවා නැති කිරීමට යෝජනා කරන බවත් එයට තමා අකමැති වූයෙන් ඔහු තමාට මරනතර්ජන කරන බවත්‍ ය.එනිසා ඇය සිය දියනිය සමග සොහොයුරියගේ නිවසට අලුයම දුම්‍රියෙන් පැමිනෙන වග දන්වා ඇත.නමුත් කෙසේ හෝ ඇයට ලියුම තැපැල් කිරීමට නොහැකි වී ඇත.
    නන්දනි අප බන්ගලවේ සේවය කල කාන්තාවකි.මනා රූ සපුවක් හිමි ඇය සිය ස්වාමියාගේ අබාවයෙන් පසුව සිය දියනිය සමග බන්ගලාවට අයත් නිවසේ පදින්චිව සිටියාය.චාරු එකල මා හා සම වයසේ සිටි ඇයගේ දියනියයි.අප දෙදෙනා එකට සෙල්ලම් කලේ කලින් මා දුටු කාමරයේය.අනුර නම් අපගේ බාප්පගේ වතුපිටි බලකියාගත් පුද්ගලයායි.ඔහු බන්ගලාවේම ඔඅදින්චිව සිටි අයෙකි.මා විදේශ ගතවූ පසු ඔවුනට කුමක් වීදැඉ මා නොදනී.
    මා කාමරයෙන් පිටවී ගියේ අප්පු සොයාය.ඔහු මුලුතැන්ගෙයි සිටී.
    "අප්පු නන්දනී නැන්දට මොකද් වුනේ"
    ඔහු අත වූ දිය බදුන පෙරලී ගියේය මා දෙස පුදුමයෙන් බැලූ ඔහු
    "ඒකි එල්ලිලා මලා බඩදරු වුන එකේ ලැජ්ජවට.පොඩි එකී ආගිය අතක් නෑ."
    ඒ අප්පුය.
    "බොරු කියනෙපා අප්පු මන් සේරම දන්නවා අනුර මහත්තය එයාව මැරුවා නේද?අප්පු අසල පුටුවකට බර වූයේ අපහසුවෙනි.
    "මට ඇත්ත කියන්න මෛ ගාව සාක්කි තීනව"
    "ඕව මොකට අවුස්සනවද මහත්තයයෝ ඕව කල උන්ට වෙන්න ඔන්න දේවල් උන කොට" අප්පු ගොත ගසමින් කියයි.
    "නන්දනි කෙල්ල අනුර මහතය හන්ද බඩදරු වෙලා හිටියේ.ඉතින් ඕකට දෙන්නා නිතරම සන්ඩු සරුවල් කොලා.නන්දනී මේ ගැන අනුර මහත්තය බදින්න ඉන්න නෝනට කියනවා කියලා තර්ජනෙ කොලා.ඩවසක් නන්දනී පොඩි එකීවත් අරන් ස්ටේසමට යනව පන්දර මේක දැකලා තීනව.ඉතින් හීන් සීරුවේ ගිහින් මේකිගේ බෙල්ල මිරිකලා මරා දාලා ඒකිගෙ ගෙදර බාල්කෙම එල්ලලා.පොඩි එකී ලන්තෑරුමක් අරන් බන්ගලාව පැත්ත්ට දුවලා කාට හරි කියන්න එකිව පය ලිස්සල වැටිලා ලන්තෑරුමක් එක්ක පිචිලා මැරිලා. ඔය ටික අනුර මහත්‍ ය මෑතකී මට කිව්වේ උන්දැට දැන් ඒව පරිසන් දීල හන්දා හිත සැහැල්ලු කර ගන්න මා එක්ක කිව්ව."
    "කෝ දැන් ඒකා?"
    "උන්දෑ වාහනේ හැප්පිලා මොලේට ලේ බැහැලා එක තැන් වෙලා දැන් අවුරුදු ගානක්.විදෝනව හෙට අනිද මැරෙයිද කියන්න බෑ.හැබැයි මහත්තයො ඔය නන්දනීගේ කෙල්ල තාමත් ලන්තෑරුමක් අරන් මේ බන්ගලා වත්තේ හකකලන් කරනවා එකිගේ අම්මට උන අසදරනේ කියන්න සුදුසු එනෙක් හම්බෙනකන් මයෙ හිතේ"
    *********


    Gihan Ayesh
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    Anneliese Michel


    17884226_1302189869836844_2327521887250685320_n.jpg

    උපත - 21 September 1952

    ස්ථානය - Leiblfing, Bavaria, West Germany

    වෛද්‍ය විද්‍යාව පවා පුදුමයට පත කල මෙම කතා පුවත ඔබ අසා නැතුව ඇති. මෙය භුත විද්‍යාවට ඇලුම් කරන ඔබ දැන සිටිය යුතු කතාවකි..

    මේ ඇයගේ කතාව


    Leiblfing, Bavaria, West Germany උපත ලද ගැහැණු ලමයෙකු වු ඇනීලිසේ මිචෙල් උපත ලැබුවේ 21 September 1952 දින වන අතර අවුරුදු 16 වන තෙක් ඇය ඇගේ ජීවිතය සතුටින් පිරි ව අන්‍ අයට කාරුණිකව ත්‍යාගය ශිලී ව ජිවත් වු අතර මේ දරුවාට ඇලුම් කල ආදරය නොකල කිසිවෙක් නොවිය.. කතෝලික දෙව් මවු ඇදහු ඇය භක්තිමත් විය.

    17904154_1302189736503524_3024438949083154016_n.jpg

    17884111_1302189786503519_2343344368494586152_n.jpg

    කතාව පටන් ගන්නේ මෙහෙමයි.. සුපුරුදු විදියට දෙව මෙහෙයට සහාභාගි වන ඇය දේව මාතාවට යාඤ්ඤා කරන විටම ඇද වැටෙන්නට විය. මෙය ඇයට කිසිම ලෙසක පාලනය කර ගත නොහැකි විය. මාස තුනක් පමණ යනවිට ඇගේ අත් ඉදිමෙන්නට වු අතර කිසිම ලෙසකට නිදා ගැනිමට අසීරු විය. ඇයට නින්ද යන එකම තැන වුයේ පොලව මතයි. මෙසේ කල් ගත වන විට ඇයට බිත්ති තුළින් යක්ශ මුහුණක් පෙනෙන්නට විය.ඇය එ බව පියා සමග පැවසු විට ඇගේ පියා ඇය වෛද්‍යවරු හමුවට ඉදිරිපත් කෙරිණ.නමුත් සහනයක් නම් ලැබුණේ නැත.මේ වන ව්ට ඇගේ පියා රයන්ස් ට තම දුවට අමනුශ්‍ය බලාවේගයක් නිසා මෙසේ වෙතැයි සිතු නිසා පල්ලියට පැවසු නිසා මානසික හා ශාරිරික වෛද්‍යවරු හමුවට යවන ලෙස පවසා තිබිණි.වෛද්‍යවරු කුමන අදහස් පලකරමින් ප්‍රතිකාර කලත් ඇය සුව වුවා නොව තව තවත් අසාධ්‍ය වුවා පමණි.
    දිනක් තම දියනිය දෙස බලා සිට ඉවසිම් නැතිව උස් හඩින් " උබ කවුද ? මගේ දුවගෙ ඇගෙන් යන්න " ලෙස පවසා තිබේ.පලමු වතාවට ඇය එ මොහොතේ ආවේශ වු ලක්ශන පෙන්වමින් ඇය අසල වු පියාගේ කොන්තයක් විනාශකොට ඇත්තේ ඇගේ ශරිර ශක්තිය පෙන්වමිනි. පසුව මෙය කනවැකුණ බිශොප් වරයෙකු (Bishop Josef Stangl )ඇය Exorcism භුත අපහරණයකට ලක් කලද එය සාර්ථක නොවිය.
    17990895_1302189823170182_3617132225513417383_n.jpg

    මේ වන විට ඇය තම ඇදුම් ඉරා ගැනිමටද , තම මුත්‍රා පානයටද , රළු ලෙස හැසිරිමටද පටන්ගෙන ඇත. මේ වන විට ඇයට අවුරුදු 21ක් පමණ වන්නට ඇත. ඇගේ මුහුණ යක්ශයෙකු මෙන් විය(පින්තුර පහල ඇති ). කටහඩ පිටසක්වල ජිවියෙකු වැනි ගෙරවුම් සහිත විය. නිතරම යක්ශ මුහුණක් ගැන කියන ඇය එය කෙදිරුමක් ලෙස අඛණ්ඩව පවසන්නට විය.
    මේවන විටත් වෛද්‍යවරු ප්‍රතිකාර කලත් ඔවුන් පවා කුමකට බෙහෙත් කරනවාදැයි නොදැන සිට ඇත.කෙසේ නමුත් පල්ලියේ අනුග්‍රහය මත Exorcism අපහරණ 67 ක් සිදු කොට තිබිණි..
    අවසානයේ ඇය 1 July 1976 (වයස 23) දි Klingenberg am Main, Bavaria, West Germany හිදි ඇගේ නිවසේම මරණයට පත් වුයේ 67 වන අපහරණය සිදු කරන විටය.මෙ නිසා ඇගේ පියා හා තවත් පියතුමන්ලා දෙදෙනෙකු අත්තඩංගුවට පත්වෙන්නේ මිනිමැරුම් චෝදනාවටයි. නමුත් මරණ පරික්ශණයේ සදහන් වුයේ අධික විඩාව හා ආහාර නොගැනිම නිසා වු මරණයක් වශයෙනි.
    අරුමයනම් කොතරම් වෛද්‍යවරු ප්‍රතිකාර කලද ආහාර ලබා නොගැනිමවත් ඔවුන්ට පිලියමක් නොවිමයි.පසුව අත්තඩංගුවට පත් අය නිදහස් විය.මරණයෙන් පසුව වෛද්‍යවරු නොයෙක් ලෙස මෙය මානසික ලෙඩක් වශයෙන් පැවසුවද පුරා වසර ගණනාවක් ප්‍රතිකාර කලත් ඔවුන්ට කිසිදු දෙයක් කිරිමට නොහැකි වුයේ මන්දැයි ඇසු විට ඔවුන් මුනිවත රකින්නට විය.
    සමහරු The Exorcism of Emily Rose චිත්‍රපටය බලලා ඇති.. එකට මුල් වුනේ මේ කතාව.මේක පාදක කරගෙන තමා එ ෆිල්ම් එක හැදුවේ .ජර්මන් පොත් , ෆිල්ම් නං හුගක් තියෙනවා මේ ගැන.

    අමනුශ්‍ය කොටස් නෑ..මම දැක්කේ නැති නිසා නෑ කියන අය මෙවාට උත්තර දෙන්න දන්නේ නෑ. ඉතිං විවෘත මනසකින් ඉන්න....


    සටහන
    ෂේන් ස්මිත් ගමගේ
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    මෝහිනී හා කළු කුමාර දෝශය

    සැසදිය..

    මේම මෝහිනී හා කළු කුමාර දෝශය යෞවන යෞවනියන් නම ඇසු සැනින් යම් චකිතයට පත් වන නාමයන් දෙකකි.මේ ගැන ගැඹුරට සොයන විට මට මතයන් දෙකක් හමුවුණ අතර එම මත දෙක අතර මම නතර විමට සිදු විය.

    නුතන සමාජ මතය..

    මේ සමාජයේ විවිධ තරාතිරම් වල එක එක විදියේ වෙනස් චරිත ජිවත් වෙනවා.එත් මේඅයගෙන් අතිබහුතරයට පොදු කරුණු 3ක් ඇත. එවානම් ආදරය , ආලය හා ලිංගික ආකර්ශණය වේ. මේ මෝහිනි හා කළු කුමාර දෝශය ගැන එක් මතයක් මෙසේය.එයට කරුණු සාධක ද ඇත.
    මෙම මෝහිනි හා කළු කුමාර දෝශය ඇතිවන්නේ විවාහ ජිවිතයක පය නොතැබු , ආදර සම්බන්ධයක් නැති (ඔව් මේක කියනවන හුගක් අය වගේ 😂😂) විවහා වන වයස හා එම වයස පසුවන ආසන්න අයයි.
    කෙල්ලෙක් / ගැටිස්සියක් / යෞවනියක් ආදරයක් හෝ විවාහය නොලැබ තම සමවයසැති යෙහෙළියන් සිය දරුවන් සමග යන විට දැනෙන හැගිම කේසේ විය හැකිද ? (කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නං කමෙන්ට් එකක් දාන්න)
    සමවයසැති යහළුවන් විවාහා වී සුන්දර යුග දිවියක් ගෙවන විට තරුණයෙකුට දැනෙන හැගිම කෙසේ විය හැකිද ?
    (කොල්ලොනං දැනෙන හැගිම කියන්න එපා,,ඩිලිට් කරනවා කමෙන්ට් 😂😂)
    මේ හැගිම කල් ගත වන විට , තමන්ගේ හැගිම් පිඩනයට පත් වන විට , හිත හඩාවැලපෙන විට ආතති තත්ත්වයන් ,හීන මානය මානසික අවපාතයන් ඇති වේ. මේ හේතුව කරණ කොටගෙන යටි හිතේ තැන්පත් වෙන මෙම කරුණ නිසාවෙන් පිරිමින් "මෝහිනිය" ද තරුණියන් " කළු කුමරා"ද දකින ලෙසින් තම හැගිම අන්‍යන්ට පෙන්විමට දරණ තැත මෙම දොශ ලෙස ඇතෑම් ලාංකිය කට්ටඩියන්ද දරණ මතයක් වේ. මේ මතය නිවරදි යයි කිමට හරි යැයි කිමට නොහැකි වුවත් මේම දෝශයට ලක්වන්නන්ගේ හා දෝශයේ ගති ස්වාභාවය අනුව ගැලපෙන බවක් වැඩි දුර සිතන විට පෙනි යයි. මම මේ මතය ගෑන කිවේ දැනගැනිමට විතරයි. මේක හොල්මන් ගැන නේ කියවන්න එන්නේ, එ නිසා ගුප්තමය කරුණු ගැන මම කතා කරන්නම් දැන්.

    බැදලා හරි , ලව් එකක් තියෙන හරි අය මේ පැත්තට යන්න 👉👉👉👉👉👉👉👉
    තනිකඩ අය මේ පැත්තේ ඉදන් කියවන්න. 👈👈👈👈👈👈👈👈👈මේක වැදගත් ඔයාල

    කොල්ලන් බය කරන මෝහීනී ...👱👱

    මෝහීනි කිවම දැන් ගාණක් නැති වුණාට රෑ ජාමේ තනියම කලුවරේ සොහොනක් ගාවදි එහෙම මතක් වුණොත් , මාරම ෆීලින් එකක් නේද එන්නේ. මොහීනීගේ ප්‍රසිද්ධ කතාව නේ රෑ ජාමේ සුදු සාරියක් ඇදන් ඇවිත් , සාරිය හදාගන්න කං පොඩ්ඩක් ලමයා අල්ල ගන්න කියන එක. ඉතිං බබා ගත්තොත් කොල්ලට බබා හම්බෙනවාලු.. හම්මේ ඉතිං .. මෝහිනිගේ ප්‍රසිද්ධම සිරිත එහෙම නැත්නම් හුගක් අය දන්න සිරිත තමා එක. එත් මෝහීනී බටනලා සංගීතයට හුගක් ආසයි ලු.. පාළු තැන් වල ඉදන් බටනලා පිඹිනකොට (ලස්සනට) මෝහිනී එනවලූ හවස් ජාමේ හැබැයි.
    කෝම කෝම හරි මේ දෝශයට ලක් වුණ අයගේ නිදි යහනට මෝහිනි එනවලු වසග කරගන්න.එක දවසක් නෙමෙයි හැමදාම වගේ. මේ හේතුවෙන් තරුණයන් කෙට්ටු විම , සුදුමැලි විම් , ආහාර අරුචිය , සිහිසුන් විම , නින්දෙන් තරල පිටවිම වගේ ලක්ශණ පහල වෙනවාලු.තත්ත්වය දරුණු වෙනකොට තරුණයාට පමණක් ඇසේන්ට කතා කරලා නිවසෙන් පිටට ගෙන්වාගෙන නියම යක්ශ රුවෙන් පෙනි සිට බිය කිරිම් , විවිධ අනතුරු වලට ලක් කිරිම් (ගංගාවලට ඇද දැමිම් වැනි) දේ සිදු කරනවාලු. සමහර විට බෙල්ල අබරනවාලු..මෝහිනිත් සෙල්ලම් නෑ නේද ? 🙊
    ගුප්ත විද්‍යාවට අනුව මේ මොහිනි අයත් වෙන්නේ යක්ශ කියන කුලයට අයත් ආත්මයක් ලෙසට.මෝහිනි කියන එකේ තේරුම රවට්ටන තැනැත්තිය කියන එක. තව ඉන්දියාවේ තිබ්බනේ වෛදික බ්‍රාහ්මණ වගේ යුග , එ වෛදික යුගයේ පොත් වල කියන විදියට මෝහිනි විශ්ණුගේ එක් අවතාරයක් ලු. එකෙත් පොඩි ලස්සන කතාවක් තියෙනවා. එත් එක වැදගත් නැති නිසා අත අරින්නම්.
    ඔන්න අපේ රටේ සැමියෙකුයි බිරිඳකුයි හිටියලු. ඒ බිරිඳ පුදුම ලස්සන කාන්තාවක් ලු. මෙයාට පුංචි දරුවෙක් ලැබෙන්න ඉඳලා තියෙනවා. හැබැයි මේ කාන්තාවගේ ස්වාමිපුරුෂයාට තවත් අනියම් සම්බන්ධ කමක් තිබිලා තියෙනවා. ඉතින් දවසක් මේ සැමියා මේ කාන්තාවව පාලු පැත්තකට අරන් ගිහින් මරලා දාලා තියෙනවා. අන්න එදා ඉඳන් දැඩි කාමාආශාවෙන් පෙලෙන පිරිමි අය ඉස්සරහට ඇවිත් ඒ අයට කරදර හිරිහැර කරන්න මේ කාන්තාවගේ ආත්මය පෙළඹිලා තියෙනවලු. ඔය අතේ ඉන්නේ අර බිහිවෙන්න හිටිය දරුවලු. ඔන්න ඕක තමයි මෑත කාලීනව මොහීනි චරිතයේ ආරම්භය ගැන කියවෙන කතාව විදියට සමාජ ගතවෙලා තියෙන්නේ.ඔන්න ඔකයි සමහරු කියන මෝහිනිගේ පුනරාගමනය.
    කොහොම වුණත් මේ දෝශයට ලක් වුවහොත් පිරිත් නුලක් බැදිම , සෙත් ශාන්තියක් කලාම ඇති ලු.කොහොම වුණත් නිදන ඇද උඩින් කන්නාඩියක් තැබිම , යකඩයක් කොට්ටය යට තබා ගැනිම , වෙනත් ස්ත්‍රියක් (අම්මා ,සහෝදරියක්) භාවිතා කල රෙදිකඩක් අසල තබා ගැනිම මේ දෝශයෙන් මිදෙන්න පුලුවන් ලු..
    මේ දෝශය ආදර සම්බන්ධයක් එකියන්නේ ලව් එකක් තියෙන හරි බැදපු අයට හරි බලපාන්නේ නෑ. තනිකඩ අයට විතරයි.

    කළු කුමාර යක්‌ෂ සංකල්පය අපේ රටේ වැඩි දුර ප්‍රචලිතව ඇත්තේ දකුණු පළාත තුළය. එහෙත් උඩරට පහත රට සබරගමු යන තුන් සම්ප්‍රදාය තුළම අඩු වැඩි වශයෙන් කළු කුමාරයාට සම්බන්ධ පුරාවෘත්ත ජනප්‍රවාදයේ පවතින බවට ලිඛිත සාක්‍ෂි ගණනාවකි.

    කළු කුමාරයා යනු "දේව පුරාණයට" අනුව දෙවියකු බව පැහැදිලිය. එනමින් එක්‌ දෙවියකු නොව දෙවිවරු සත් කට්‌ටුවක්‌ම අතීතයේ විසූ බවට සාක්‍ෂි දනවන දේව පුරාණය ඒ සත්කට්‌ටුව මෙසේ හඳුන්වා දෙනු ලබයි.

    1. වෙල්ලස්‌සේ බණ්‌ඩාර කළුකුමාර

    2. උඩුගම්පොල මැණික්‌සාමි කළුකුමාර

    3. සෙන්කඩගල කළුකුමාර

    4. අනුරාධපුර කළුකුමාර

    5. හෙට්‌ටිනයිදේ කළුකුමාර

    6. බින්තැන්නේ කළු කුමාර

    7. කම්බිලි කළු කුමාර

    මේ දෙවිවරු සත්දෙනා ගැන දේව පුරාණය කියතත් අපේ රටේ තොවිල් පවිල් කරන යකැදුරු පරම්පරාවන් මුඛ පරම්පරාගතව රැගෙන එන සාහිත්‍යයට අනුව කළු කුමාරයා යනු යක්‍ෂයෙකි. එක්‌ යක්‌ෂයෙක්‌ නොව යක්‌ෂයෝ 5 දෙනෙක්‌ ගැන පුරාවෘත්ත ඔවුන්ගේ මුඛ පරම්පරාගතව පැවත එන බව අපට කියන්නේ මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ ලියන ලද "කළු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත්" යන ග්‍රන්ථයෙනි. එයට අනුව කළු කුමාරවරු පස්‌දෙනකු ගැන කතාන්දර 5 ක්‌ තුළින් විස්‌තර කර ඇත.

    1. සෙංකඩගල පුවත

    2. උඩුගම්පොල පුවත

    3. මහ කළු රජ (මාතාවුළු) පුවත

    4. නීල දමන කළු කුමාර පුවත

    5. සිද්ධත්ත කළු කුමාර (බොකසැල්) පුවත.

    කෙසේ වෙතත් සමාජයේ පවතින සාමාන්‍ය මතයට අනුව කළු කුමාරයා දේවත්වයට වඩා ළං වන්නේ යක්‌ෂාත්මයට බව පැහැදිලිය. මේ අතර අපේ රටේ වැදි ජනතාවගේ විශ්වාසයට අනුව කළු කුමාරයා යනු ඔවුන්ගේ බිළිඳු යකාගේ විකාශනයකි. තවත් පැහැදිලි කළහොත් කුවේණියගේ ආත්මය ලෙස සැලකෙන කකුළාපොළ කිරිඅම්මාගේ පුත්‍රයා වූ බිළිඳු යකා හෙවත් කළු දැකඩ කුමාරයා හෙවත් ඉලන්දාරි යකාය.

    එහෙත් එක්‌ එක්‌ යකැදුරු පරම්පරාවලට අනුව පැවත එන අනෙකුත් කතා 5 විමසා බලන විට ලැබෙන්නේ එක එක විදියේ කතාය.

    සෙංකඩගල පුවතට අනුව කළු කුමාරයා දෙවියෙකි. සෙංකඩගල රජ කළ පළමුවන විමලධර්මසූරිය රජුගේ වැඩිමහල් පුත් රාජසූරිය අස්‌ථාන කුමාරයා මරුමුවට පත් වූයේ දඬුවමක්‌ වශයෙනි. රජුට අයත් සුරතල් කොණ්‌ඩ කුරුල්ලෙකු දියේ ගිල්ලවා මරා දැමීමේ වරදට රජු තම පුත්‍රයා දියේ ගිල්ලවා මරවන ලදී. මෙසේ මියගිය අස්‌ථාන කුමාරයා පසුකලෙක දේවත්වයට පැමිණ ඊටත් පසු කලෙක කළු කුමාරයා ලෙස නාන තොටවල අරක්‌ගෙන සිටින බව කියයි.

    උඩුගම්පොල පුවතෙහි දැක්‌වෙන අයුරින් බලනවිට කළු කුමාරයා යනු කෝට්‌ටේ යුගයේදී උඩුගම්පොල ප්‍රදේශයේ රජ කළ යුවරාජ සකල කලා වල්ලභගේ රජක කුලයේ බිරිඳකගේ පුත්‍රයාය. ඔහු වරෙක තම පියා හමුවී රාජ්‍යත්වය ඉල්ලා සිටියේය. එය නොලැබුණ තැන රජු හා උරණ වී ඔහු මරා දමන්නට උගුලක්‌ ඇටවීය. රජු නාන පොකුණේ වතුරට යටින් උල් රැසක්‌ සවිකළ මේ කුමරු බලා සිටියේ රජු පැමිණ පොකුණට පනින විට උල් ඇනී මැරේය කියාය.

    රජු පැමිණ නාන්නට සැරසෙනවිට දිය මත මැස්‌සෙකු වසා සිටිනු දුටුවේය. දිය මත මැස්‌සෙකු සිටින්නේ කෙසේදැයි හේ විමසා බැලීය. මැස්‌සා සිටියේ සිටවන ලද උලක තුඩ මතය. රහස හෙළිවිය. කුමරා බියට පත්ව සිරිපා අඩවියට පලාගොස්‌ පර්වතයකින් පහළට පැන මියගියේය. මියගිය කුමරු ජලස්‌නානය කරන තැන්හි කළු කුමාරයා වී ඉපිද සිටීලූ.

    මානාවළු පුවතට අනුව කළු කුමාරයා වී ඇත්තේ විල්ලෝඩි දේශයේ සිට මෙරටට ආ කළු මහ රජුය. ඔහු බිසවුන් සත්දෙනකු හා විවාහ වී මානාවළු නුවර රජකරමින් සිටියේය. ඔහුට මහා යුද්ධයකට යැමට අවශ්‍ය විය. රජු යුද්ධයට ගියේ බිසෝවරුන්ට උපදෙසක්‌ දීය. මම යුද්ධයෙන් දිනුවොත් සුදු කොඩියක්‌ ඔසවා පෙනෙන්නට සලස්‌වනවා. පැරදුණොත් කළු කොඩියක්‌ ඔසවා පෙන්වනවා. කළු කොඩියක්‌ දුටුවෝතින් පණ බේරාගෙන හැංගෙන්න.

    මෙසේ කී රජු යුද්ධයට ගියේය. යුද්ධයෙන් ජයගත් ඔහු ආපසු එන ගමනේදී බිසෝවරුන්ට විහිළුවක්‌ කරන්නට සිතුවේය. ඔහු බොරුවට කළු කොඩියක්‌ එසවූ අතර ඉන් විස්‌සෝපයට පත් බිසෝවරු යාබද ඇල්ලකින් පහළට පැන දිවි තොර කර ගත්හ. මෙම සිද්ධිය දැනගත් රජු බිසෝවරුන්ට තිබූ අධික පෙම නිසා එම ඇල්ලෙන්ම පහළට පැන මිය ගියේය. මියගිය රජු කළු කුමාරයාව ඉපිද ජලස්‌නානය කරන තැන්හි සිට කාන්තාවන්ට පෙම් බඳින බව මානාවළු පුරාවත පවසයි.

    කළු කුමාරයා කාන්තාවන්ට (යුවතියන්ට) මේ තරම් වෛර කරන්නේ ඇයිදැයි කියන කතාන්දරය අපට ගෙන එන්නේ නීල මදන කළු කුමාර පුවතයි. ඒ පුවතට අනුව කළු කුමාරයා යනු ගජබා රජුට රෙදි පිරුවට සපයන රෙදි නැන්දාගේ පුත්‍රයා වූ නීල මහා යෝධයාය. මේ රෙදි නැන්දා රජුගේ අනියම් බිරිඳ ලෙසද නීල යෝධයා රජුගේ පුතකු ලෙසද සමහර තැනෙක කියවේ. ගජබා රජු පසුකලෙක නීල යෝධයා තම සේනාධිපති බවට පත් කළේය. ඔහු සොලී රට යටත් කරන යුද්ධය සඳහා භාරතයට ගියේ නීල යෝධයා සමගය.
    ගජබාගේ යුද සේනාව සොලී රට යටත් කර ගත්තේය. එරට ස්‌ත්‍රී පුරුය නම් පුරයක්‌ තිබිණි. එහි සිටි රූමත් ජවසම්පන්න ස්‌ත්‍රීන් කිසිදිනක පුරුෂයකුගේ පහසක්‌ ලබා නැත. සොලී රට යටත් කරගත් නීල යෝධයා ස්‌ත්‍රී පුරයෙහි නතර වූයේය. අධික කාමාශාවෙන් පෙලි පෙලී එහි දුක්‌ විඳි රූමත් ස්‌ත්‍රීන් නීලගේ හැඩි දැඩි රූපකාය අතගාන්නටත් ඔහු ලවා සිය ආශාවන් ඉටුකොට ගන්නටත් පටන් ගත්හ. අධික මෛථුනය නිසා වෙහෙසට පත් නීල එහිදී මියගොස්‌ ඇත්තේ රූමත් ස්‌ත්‍රීන් පිළිබඳ පහළ වූ බලවත් වෛරයකින් යුතුවය. මේ නිසා මරණින් පසු ඔහු නීල මදන කළු කුමාර ලෙස උපත ලබා රූමත් කතුන්ට වින කරන්නට පටන් ගත්තේලු.

    සිද්ධත්ත කළු කුමාර පුවතට අනුව කළු කුමාරයා තෙරුන් වහන්සේ නමකි. සත් මහල් ප්‍රාසාදයකින් බිමට වැටී මියගිය ඔහු පසු කලෙක කළු කුමාරයා වුණේලු.

    මේ කතාන්දර එක එක පළාත්වල එක්‌ එක්‌ ආකාරයට කියවුණත් සමස්‌තයක්‌ ලෙස ගත් කල කළු කුමාරයා මේ සියල්ලෙහි සම්පිණ්‌ඩනයෙන් සැදුම් ලත් යක්‍ෂයෙකි. වෛර කිරීම, ආදරය කිරීම කාන්තාවන්ට ලොබ බැඳීම නාන තොටවලට අරක්‌ ගෙන සිටීම ස්‌ත්‍රීන්ට දැඩි ලෙස ආදරය කිරීම මේ සෑම කතාවකටම පොදු ලක්‍ෂණය ලෙස සැලකිය හැකිය. මේ සියල්ල කැටිකර එක ඡේදයකින් කියන මහාචාර්ය කෝට්‌ටගොඩ සිය ග්‍රන්ථයේ තැනක මෙසේ සඳහන් කරයි.

    කළු කුමාර දිෂ්ටිය බොහෝ දුරට ඇති වන්නේ නිසි කලට විවාපත් නොවන ස්‌ත්‍රීන්ටය. කළු කුමාර දිෂ්ටිය තුළින් කාන්තාවන්ගේ කාම ආශාව මූර්තිමත් කරන බැව් කියන්නට හොඳම නිදසුන එයයි. එවන් රෝගාතුරයින් කළු කුමාරයා සිහිනෙන් දැක ඔහු හා නිදි යහනෙහි රමණයෙහි යෙදෙනු දැකීමත්, ඒ හේතුව නිසාම ඔවුන් කෘෂ බවට පත්වීමක්‌ සිදුවන බව යකැදුරෝ පවසති. මේ අයටත් පෙර මෝහිනි ගේ දොශ ලක්ශන දැකිය හැක.විවාහයෙන් පසුව කළු කුමාර දිෂ්ටිය නැති වන බව පවසන යකැදුරු පක්‍ෂය එවැනි ආතුරයන්ගේ දෙමව්පියන්ට දෙනු ලබන එකම උපදේශය වන්නේ ඔවුන් හැකි ඉක්‌මනට විවාහ කරදෙන ලෙසය.

    ඉතිං මේ මොන දෝශය වුණත් වෙන්නේ තනිකඩ කෙල්ලන්නට කොල්ලන්ට කියලා පැහැදීලිනේ.ඉතිං කලවයස හරි නං වේලි වෙලි ඉන්න එපා. ඉක්මණ් කරන්න නැත්නම් මෝහිනි / කළු කුමාරයා ඉස්සර වුණොත් මම නං නෑ ඔං.. 😂😂

    ඉතිං මම අමනුශ්‍ය කොටස් විශ්වාස කලත් මේ මෝහිනී හා කළු කුමාරයා ගැන නං තියෙන්නේ වැට උඩ මතයක්. කවදා හරි මම දකිනකං මටනං සැක සහිතයි මේ යක්කු දෙන්නා නම්.

    සටහන හා උපුටා ගැනිම
    ෂේන් ස්මිත් ගමගේ