අවුරුදු 9 ක් පරණ (2007) Toyota Axio එකක් දැන් විකුණන්නේ ලක්ෂ 41 කට.
අවුරුදු 9 ක් පරණ (2007) Toyota Vitz එකක් දැන් විකුණන්නේ ලක්ෂ 30 කට.
අවුරුදු 8 ක් පරණ (2008) Toyota Premio එකක් දැන් විකුණන්නේ ලක්ෂ 47 කට.
අවුරුදු 16 ක් පරණ (2000) Toyota Carina එකක් දැන් විකුණන්නේ ලක්ෂ 27 කට.
අවුරුදු 8 ක් පරණ (2008) Toyota Passo එකක් දැන් විකුණන්නේ ලක්ෂ 26 කට.
අවුරුදු 13 ක් පරණ (2003) Honda Civic එකක් දැන් විකුණන්නේ ලක්ෂ 29 කට.
අවුරුදු 6 ක් පරණ (2010) Toyota Premio එකක් දැන් විකුණන්නේ ලක්ෂ 53 කට.
අවුරුදු 14 ක් පරණ (2002) Chevrolet Cruze එකක් දැන් විකුණන්නේ ලක්ෂ 23 කට.
අවුරුදු 12 ක් පරණ (2004) Toyota Corolla 121 එකක් දැන් විකුණන්නේ ලක්ෂ 32 කට.
අවුරුදු 17 ක් පරණ (1999) Nissan Sunny FB15 එකක් දැන් විකුණන්නේ ලක්ෂ 23 කට.
අවුරුදු 16 ක් පරණ (2000) Nissan Sunny N16 එකක් දැන් විකුණන්නේ ලක්ෂ 22 කට.
තව ඕන තරම් තියනවා ikman.lk එකේ.....
මේ හැම කාර් එකක්ම වාගේ කිලෝමීටර් 100,000 පැනලා. සමහර ඒවා කිලෝමීටර් 200,000 ත් පැනලා. දැන් ඉතින් මේ කාර්වල හොඳ කාලේ ඉවරයි. මේවා ගන්න කෙනාට කාර් එක වැඩි කාලයක් කොට උඩ තියාගෙන ඉන්න වෙයි. ඒ මදිවාට කාර් පරණ වෙන්න වෙන්න සුන්දර ශ්‍රී ලංකාවේ වායු ගෝලය දූෂණය කරන්නත් වැඩි වශයෙන් දායක වෙනවා.
බ්‍රෑන්ඩ් නිව් Renault Kwid එකකට ගෙවන මුදලින් අවුරුදු 8ක් 10ක් පරණ ජපන් ලඩියක්වත් ගන්න බෑ. ඒක බොරු කතාවක්. තව ලක්ෂ තුන හතරක් දීලා පරණ ජපන් ලඩියක් ගත්තත් අරවා මේවා දාන්නයි, repair වලටයි ඉතින් තව තවත් වියදම් තමයි.