RMV පගා_මරුවා මූ නේද

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    RMV පගා_මරුවා මූ නේද

    Gotabaya Rajapaksa ජනාධිපතිතුමා හිටගෙන ඉන්න මේ කවුළු අංක 5 හරිම ජනප්‍රියයි නේද? මේ වාඩිවෙලා ඉන්න නිලධාරියාගේ නම මන්සූර් වගේ මතක ගේට්ටුවෙ ඉන්න සිකුරිටි රුපියල් 6750 වගේ ගානක් අරගෙන එවන්නෙ මෙයා ගාවට (රු.2750 රජයේ ගාන දඩත් සමග, රු.4000ක් පගාව)

    1zKsih0.jpg

    * මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන්නේ දෙවියන්ගෙ නීති, රියදුරුබලපත්‍රය කලිකුත්වෙන දිනය පහු වෙනකන් අලුත් කරන්න දෙන්නේ නෑ. හැබැයි ඉකුත්වෙන දවසට පස්සෙ දවසෙ ගිහින් අලුත් කලාම දවසක් පරක්කු උනා කියලා දඩ ගහනවා. හරි නම් grace period එකක් දෙන්න එපැයි.

    * මට ජාතිකහැඳුනුම් පත නැතුව රියදුරුබලපත්‍රය අලුත් කරගන්න බෑ කිව්වා. එතකොට තියෙන අවුල තමයි අනිත් ඕනෑම තැනකදී ජාතිකහැඳුනුම්පත වෙනුවට රියදුරුබලපත්‍රය පාවිච්චි කරන්න පුලුවන් නම් ජාතිකහැඳුනුම්පත වෙනුවට ඇයි ඒක එතනදි වලංගූ නොවෙන්නේ? අනික මගේ විස්තර ඔක්කොම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තියනවා. එහෙම බෑ කියලා හැරිලා එනකොට තමයි පගා කාරයො හිමීට මහත්තයා, කියලා හිමීට පැත්තකට කථා කරලා වැඩෙ කරගන්න පුළුවන් කියලා කියන්නේ...

    * අනිත් රස්තියාදුව සහ පගා ගුහාව තමයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය - නුගේගොඩ, මෙතනින වෛද්‍ය සහතිකය ගන්න ඕනි රියදුරුබලපත්‍රය ගන්න අයදුම් කරන්න කලින්. ඔතන බොරුවට දිග පෝලිමක් හදනවා. මිනිස්සු නිවාඩු දාගෙන ඇවිල්ලා අව්වෙ කර වෙවී ඉන්නවා. හැමදාම ලොකු සෙනගක් එන නිසා කරන්න ඕනි නිලධාරී ප්‍රමාණය සහ උපාංග ප්‍රමාණය වැඩි කරන එක. බර කිරන්න තියෙන්නේ එක තරාදියයි. එතනින් තමයි මිනිස්සුන්ව පෝලිම් ගස්සලා රස්තියාදු කරන්නේ. ගේට්ටුව ලඟ ඉන්න ත්‍රීවීල් කාරයො තමයි පගාව අරගෙන පොලිමෙන් පන්නලා බර කිරලා ඇතුලට දාන්නේ. එහෙම කරන්න රුපියල් 2000ක් ගන්නවා. ඔතන ඉන්න නිලධාරින්ට දවසකට තමන්ගෙ එක්කෙනෙක්ව දාගන්න පුළුවන් අන්න ඒක තමයි කට්ටිය එකතුවෙලා විකුනන්නේ. මුලින්ම ඒක නැති කලා නම් හරි. ඊට පස්සෙ අර ත්‍රීවීල් කාරයො ගානක් අරගෙන වේරහැරටත් ගිහින් දානවා රුපියල් 150යි වගේ මතක.

    * මේ වගේ අත්දැකපු අමිහිරි අත්දැකීම් කොටාගෙන යන්න මේ පගා වසංගතය අතුගාලා දාල හොඳ සේවයක් ලබා ගන්න. නිවාඩු දාගෙන, රස්තියාදු වෙලා, සල්ලි+බදු ගෙවලා මේ සේවා ලබා ගන්නෙ පිනට නෙමෙයිනෙ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කෝ සිස්ටම් ජේන්ජ් කරන්න කථා කරපු අය ඵන්නකෝ..:lol:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,158
    113
    oka social media valtath dala shapre parak dapan.thatiya rath vechcha velave rotiya puchcha ganna ona
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න දැක්කද ලග තියෙන බටන් එක ඔබපුවාම ඔක්කොම වෙනව කියල හිතපු පරයොයි,

    ලගටම ගිහින් බැලුවෙ නැත්තන් කිසිම වෙනසක් වෙන්නෙ නැ කියල දන්න නායකයන්ගෙයි වෙනස...අපේ චන්දෙට ගරුත්වයක් එක් කරන අපේම ජනාධිපති..:):)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෝ සිස්ටම් ජේන්ජ් කරන්න කථා කරපු අය ඵන්නකෝ..:lol:

    අපි JVP හරිද..සිස්ටම් ජේන්ජ් වෙලා රටට කිරි උතුරන්නෙ JVP බලයට අාවොත් විතරයි.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    Puthano president una nam owata thawa unge unwa purawanawa..
    me manussaya ekin ekata gihin ewa hadnawa

    ehe wage gonek , me manussayata wiwadekata enna kiwwa mathakada ekaparak ? :lol:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ආන්න දැක්කද ලග තියෙන බටන් එක ඔබපුවාම ඔක්කොම වෙනව කියල හිතපු පරයොයි,

    ලගටම ගිහින් බැලුවෙ නැත්තන් කිසිම වෙනසක් වෙන්නෙ නැ කියල දන්න නායකයන්ගෙයි වෙනස...අපේ චන්දෙට ගරුත්වයක් එක් කරන අපේම ජනාධිපති..:):)

    ගෝඨා සති දෙකෙන් ඵනව කිව්වට ඵන්නෙ නෑ..ගෝඨා ඔහොම උනාට අයිය තාම ඵහෙමයි.රාජපක්ෂ පවුල සැප ගන්නවා..:oo:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,935
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Gotabaya Rajapaksa ජනාධිපතිතුමා හිටගෙන ඉන්න මේ කවුළු අංක 5 හරිම ජනප්‍රියයි නේද? මේ වාඩිවෙලා ඉන්න නිලධාරියාගේ නම මන්සූර් වගේ මතක ගේට්ටුවෙ ඉන්න සිකුරිටි රුපියල් 6750 වගේ ගානක් අරගෙන එවන්නෙ මෙයා ගාවට (රු.2750 රජයේ ගාන දඩත් සමග, රු.4000ක් පගාව)

    1zKsih0.jpg

    * මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන්නේ දෙවියන්ගෙ නීති, රියදුරුබලපත්‍රය කලිකුත්වෙන දිනය පහු වෙනකන් අලුත් කරන්න දෙන්නේ නෑ. හැබැයි ඉකුත්වෙන දවසට පස්සෙ දවසෙ ගිහින් අලුත් කලාම දවසක් පරක්කු උනා කියලා දඩ ගහනවා. හරි නම් grace period එකක් දෙන්න එපැයි.

    * මට ජාතිකහැඳුනුම් පත නැතුව රියදුරුබලපත්‍රය අලුත් කරගන්න බෑ කිව්වා. එතකොට තියෙන අවුල තමයි අනිත් ඕනෑම තැනකදී ජාතිකහැඳුනුම්පත වෙනුවට රියදුරුබලපත්‍රය පාවිච්චි කරන්න පුලුවන් නම් ජාතිකහැඳුනුම්පත වෙනුවට ඇයි ඒක එතනදි වලංගූ නොවෙන්නේ? අනික මගේ විස්තර ඔක්කොම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තියනවා. එහෙම බෑ කියලා හැරිලා එනකොට තමයි පගා කාරයො හිමීට මහත්තයා, කියලා හිමීට පැත්තකට කථා කරලා වැඩෙ කරගන්න පුළුවන් කියලා කියන්නේ...

    * අනිත් රස්තියාදුව සහ පගා ගුහාව තමයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය - නුගේගොඩ, මෙතනින වෛද්‍ය සහතිකය ගන්න ඕනි රියදුරුබලපත්‍රය ගන්න අයදුම් කරන්න කලින්. ඔතන බොරුවට දිග පෝලිමක් හදනවා. මිනිස්සු නිවාඩු දාගෙන ඇවිල්ලා අව්වෙ කර වෙවී ඉන්නවා. හැමදාම ලොකු සෙනගක් එන නිසා කරන්න ඕනි නිලධාරී ප්‍රමාණය සහ උපාංග ප්‍රමාණය වැඩි කරන එක. බර කිරන්න තියෙන්නේ එක තරාදියයි. එතනින් තමයි මිනිස්සුන්ව පෝලිම් ගස්සලා රස්තියාදු කරන්නේ. ගේට්ටුව ලඟ ඉන්න ත්‍රීවීල් කාරයො තමයි පගාව අරගෙන පොලිමෙන් පන්නලා බර කිරලා ඇතුලට දාන්නේ. එහෙම කරන්න රුපියල් 2000ක් ගන්නවා. ඔතන ඉන්න නිලධාරින්ට දවසකට තමන්ගෙ එක්කෙනෙක්ව දාගන්න පුළුවන් අන්න ඒක තමයි කට්ටිය එකතුවෙලා විකුනන්නේ. මුලින්ම ඒක නැති කලා නම් හරි. ඊට පස්සෙ අර ත්‍රීවීල් කාරයො ගානක් අරගෙන වේරහැරටත් ගිහින් දානවා රුපියල් 150යි වගේ මතක.

    * මේ වගේ අත්දැකපු අමිහිරි අත්දැකීම් කොටාගෙන යන්න මේ පගා වසංගතය අතුගාලා දාල හොඳ සේවයක් ලබා ගන්න. නිවාඩු දාගෙන, රස්තියාදු වෙලා, සල්ලි+බදු ගෙවලා මේ සේවා ලබා ගන්නෙ පිනට නෙමෙයිනෙ.

    :yes::(

    දවස් දෙකක් රස්තියාදු උනා රිනිවල් එක කරගන්න. තාම බැරි උනා. පලවෙනි දවසේ 700ක් විතර ඉන්න පෝලිම දැකල බයවෙලා ගියා. දෙවනි දවසේ 7ට කලින් ඇවිත් මුල අංකයක් (200+) ගත්තා.
    11ට කිට්ටුවෙන්න ඇතුලට ගත්තා. බර කිරල උස මැනල ඊට පස්සෙ අයිඩී එක කැඩිල කියල ඒක හදාගෙන එන්න කියල එලියට දැම්මා.

    අයිඩී එක හදාගන්න උප්පැන්න සහතිකයේ මාස6ක් ඇතුලත ගත්ත කොපියක් ඕනෙ. ඒක ගන්න නාරාහේන්පිට ගියා.

    පොටෝ ගහන්න ස්ටුඩියෝ එකක් හොයාගෙන යන්න උනා. දැන් පොටෝ අතට දෙන්නෙ නෑලු.

    ඊට පස්සෙ ග්‍රාමනිලධාරිය හම්බ වෙන්න උගෙ මහජන දිනය වෙනකල් ඉන්න උනා. පෝලිමේ ඉඳල ග්‍රාමනිලධාරිය ගාවට ගියාම ලොකු ලියුම් කවරයක් හොයන් එන්න කිව්වා. එක අරන් ඇවිත් ග්‍රාමනිලධාරියගෙ වැඩේ ඉවර කරගත්ත.

    ඒක අරන් ප්‍රාදේශීය ලේකම්ගාවට යන්න ඕනෙ අනු අත්සනක් ගන්න.

    ඊලඟ දවසෙ අයිඩී එක හදාගන්න බත්තරමුල්ලෙ ගියා. උදේ 7ට ගියේ. 500+ අංකයක් අරන් දවසම වාත වෙලා හවස 5ට අයිඩී එක ගත්තා.

    දැන් තියෙන්නෙ වේරහැර ගිහින් ආයෙත් රස්තියාදු වෙන්න.:(

    ----
    වේරහැර වාහන පාක් කරන්න රු100ක් ගන්නවා. ඇතුලෙ ඉඳන් එලියට එද්දි ආමිකාරයො සෙට් එකක් කාක්කො වගේ ඉන්නව. උන් රු100ක සංගීත සන්දර්ශන ටිකට් ඇඟේ ගහනවා.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    DMT

    වැඩක් නෑ කතා කරලා ඒ ගැන කාලකන්නි සෙට් එකක් ඉන්නේ. දන්නෙ නැති එකෙක් ආවොත් උගෙන් ගලවනවා අම්බානෙට. දැන් ඉන්නෙත් එතන බං අක්කත් එක්ක ආවා. උප්පැන්ය කොපියක් නිසා සහතික කර ගන්න c කාමරයට ආවා දැන් පැයක් විතර ඉන්නවා. මුන් වැඩ පටන් ගන්නේ කීයටද. අන්තිමයි මේ තැනනම්. ලංකාවේ හතර පැත්තෙන්ම එනවා මුන් දැන ගන්න ඕන ඒ දෙවල් පුලුවන් අයුරින් කරලා දෙන්න. කාලකන්නි කරන්නෙ නැතිව.
     
    පුළුවන්නම් ශේප් ඵකේ වීඩියෝ කරගනින් වෙන දේවල්.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇත්තටම මෙතන ඉන්න පොඩිම සේවකයාගේ ඉදන් ඉහලම සේවකයා වෙනකම් ඉන්නේ පට්ට හොරු ... කාන්තාවන්ද ඇතුළුව... මේකේ වැඩ කරන මම දන්න එකෙක් ඉන්නවා ඒකා ජාරාව කනවා කියලා හිතන්නවත් බෑ ඒ උනාට ඒකා ජාරාව ගන්නවා .... මිනිහා පොඩි එකා පන්ති දාලා පැය 3ක් කාර් එක ඒසී දාගෙන ඉන්නේ සතියට දවස් දෙකක් එහෙම ඉන්න ආණ්ඩුවේ රස්සාවක් කරන මිනිහෙකුට අමාරුයි.. අනිවා ජාරාවෙන් දුවන මිනිස්සු
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :yes::(

    දවස් දෙකක් රස්තියාදු උනා රිනිවල් එක කරගන්න. තාම බැරි උනා. පලවෙනි දවසේ 700ක් විතර ඉන්න පෝලිම දැකල බයවෙලා ගියා. දෙවනි දවසේ 7ට කලින් ඇවිත් මුල අංකයක් (200+) ගත්තා.
    11ට කිට්ටුවෙන්න ඇතුලට ගත්තා. බර කිරල උස මැනල ඊට පස්සෙ අයිඩී එක කැඩිල කියල ඒක හදාගෙන එන්න කියල එලියට දැම්මා.

    අයිඩී එක හදාගන්න උප්පැන්න සහතිකයේ මාස6ක් ඇතුලත ගත්ත කොපියක් ඕනෙ. ඒක ගන්න නාරාහේන්පිට ගියා.

    පොටෝ ගහන්න ස්ටුඩියෝ එකක් හොයාගෙන යන්න උනා. දැන් පොටෝ අතට දෙන්නෙ නෑලු.

    ඊට පස්සෙ ග්‍රාමනිලධාරිය හම්බ වෙන්න උගෙ මහජන දිනය වෙනකල් ඉන්න උනා. පෝලිමේ ඉඳල ග්‍රාමනිලධාරිය ගාවට ගියාම ලොකු ලියුම් කවරයක් හොයන් එන්න කිව්වා. එක අරන් ඇවිත් ග්‍රාමනිලධාරියගෙ වැඩේ ඉවර කරගත්ත.

    ඒක අරන් ප්‍රාදේශීය ලේකම්ගාවට යන්න ඕනෙ අනු අත්සනක් ගන්න.

    ඊලඟ දවසෙ අයිඩී එක හදාගන්න බත්තරමුල්ලෙ ගියා. උදේ 7ට ගියේ. 500+ අංකයක් අරන් දවසම වාත වෙලා හවස 5ට අයිඩී එක ගත්තා.

    දැන් තියෙන්නෙ වේරහැර ගිහින් ආයෙත් රස්තියාදු වෙන්න.:(

    ----
    වේරහැර වාහන පාක් කරන්න රු100ක් ගන්නවා. ඇතුලෙ ඉඳන් එලියට එද්දි ආමිකාරයො සෙට් එකක් කාක්කො වගේ ඉන්නව. උන් රු100ක සංගීත සන්දර්ශන ටිකට් ඇඟේ ගහනවා.

    වාහනේ පාක් කරන්න දීලා සල්ලි ගත්තට කමක් නෑ. ඔතන ඉන්න ආමි එකේ ළමයි ටිකට් බලෙන් දෙන්නේ නෑ. කෑමති නම් ගත්තා නෑත්නම් නෑ... ඈතුලේ වෑඩ ගෑන නම් කියලා වෑඩක් නෑ.. ෆුල් සාටර්.. මට ලයිසන් එකේ කොල බාර දෙන්න පෑයක් ගියා. ලයිසන් එක ප්‍රින්ට් කරනකම් පෑය හතරක් ඉන්න උනා.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මාව දවස් හතරක් රස්තියාදු කෙරෙව්ව කාලකන්නි. මම ගියේ පරණ ලයිසම රිනිව් කරන් මොටර් බයික් කාන්ඩෙ ඇඩ් කරගන්න, වැඩ වැඩි නිසා සෙනසුරාද ගියේ, 8ට වගෙ ගියත් ඇතුලට ගියේ 11 ට විතර. ලයිසම රිනිව් කලාට මොටර් බයික් ඇඩ් කරන්න උප්පැන්නේ ඔනේලු, NIC තිබ්බත්, පරණ ලයිසම තිබ්බත් බැහැලු, 12 ට වහන නිසා ආයෙ ගෙදර ඇවිත් යන්නත් වෙලාවක් නැති නිසා ලොක්කට කාතා කළා, ආයේ රස්තියාදු නොවී වැඩේ කරගන්න, කියන්න සතුටුයි, කුණු බැණුමක් අහගෙන එළියට ආවා. 1750 ද කොහෙද ගෙවල ලයිසම රිනිව් කරන් ආවා.
    දෙවෙනි දවසෙ 11 ට විතර ගියෙ, මම ආවා පරක්කුයි කියල ආයෙ හැරිල ගියා.
    තුන්වෙනි දවසෙ උදේම ගියා, මාසෙකට වගේ පස්සෙ, ඒනිව් කරපු ලයිසම ඒ වෙද්දි ඇවිත් තිබ්බෙ නැති නිසා මුලින් 1 ඩේ එකට සල්ලි ගෙවල ලයිසම අරන් ආයේ මට කොලයක් දුන්න ට්‍රැල් වලට. (දවසම ඉවරයි )
    හතර වෙනි දවසෙ බයිසිකලෙ අරන් ආවම ඒකෙ ට්‍රැල් බැහැලු, එතන එකක් ගන්න ඔනෙලු, එතන එකා 1500 ගත්ත, කලින් වගේ පොලිම් නැහැ, call එකෙන් ට්‍රැල් නම්බර් දාල 11 වෙද්දි ට්‍රැල් කරලත් ගියා.
    අලුත් ලයිසම එන්න මාස 4ක් ගියා.
    ඔන්න ඕකයි තත්වේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය වගේ උන්ව ෆ්‍රේම් කර කර අයින් කරන්න ඕනේ කොනක ඉඳන්. 5-6 ක් අයින් කලාම නිකම්ම අනික් උන් හැදෙනවා. අනික Government ජොබ් වලට ඕන තරන් පුරප්පාඩු ඉන්නවා එළියේ සුදුසුකම් තියෙන.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔය වගේ උන්ව ෆ්‍රේම් කර කර අයින් කරන්න ඕනේ කොනක ඉඳන්. 5-6 ක් අයින් කලාම නිකම්ම අනික් උන් හැදෙනවා. අනික Government ජොබ් වලට ඕන තරන් පුරප්පාඩු ඉන්නවා එළියේ සුදුසුකම් තියෙන.

    :yes:ඒත් බං ඵහෙම කරොත් දේශපාලන පලිගැනීම් කරා කියයි නේද..
     
    Last edited: