මෝටර් රථවාහන වේරහැර පමණක් නොවේ හැම තැනම ඉන්නේ සල්ලි කන සෙට් එකක්. ගේට්ටුවේ මුර කාරයාට ඉස්සරහ ඉන්න කාක්කෝ සෙට් එකත් එක්කම පියන් සහ සියලුම නිලධාරියෝ ඒ ටීම් එකේ ඉන්නවා. කොමසාරිස් වරයා, නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු සහ වරියක අනෙකුත් සියලමු නිලයන් මේ කටයුත්තේ ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් යෙදී සිටිනවා. මා වරක් හදිසි කටයුත්තක් සඳහා පිළිගැනීමේ නිලධාරියාගේ අවසරය මත නියෝජ්‍ය කොමසාරිස් වරියගේ කාමරයට ඇතුළු වන විට ඇය යමෙකුගෙන් ලිපි කවරයක බහා මුදල් ලබා ගන්නවා දෑසින්ම දුටුවා. ඇය මා එය දුටු බව දැනී ඉතා පහත් ආකාරයෙන් මා හට බැන වැදුනා.