දැන් ඔය විශ්ව විධ්යාල වලට විවේචන කරන උගත් මහත්වරු සහ උසස් පෙල ඉහලින් සමත් වෙලා කැම්පස් ගිය මහත්වරු සහ උසස් පෙල චාටර් උන මහත්වරු සහ රස්සාවක් කරන මහාචාර්යවරු සියලු දෙනාම මේ පෝස්ට් එක දකිනවනම් මම කැමතියි.
මම කියන්නම් ලස්සන කතාවක් හැබැයි එක් ඇත්ත කතාවක්.ඊට පස්සේ ඔයා හැම දේකටම කෑ ගහන මහත්වරු කෑ ගහන්න කලින් දෙපාරක් හිතනවනම් මම කැමතියි.
මගේ හොදම යාලුවා වගීශ. මිනිහා 5 වසර හොදටම ගොඩ දා ගත්තා.සා/පෙ ගොඩ දා ගත්තා උ/පෙ අනා ගත්ත කෙටියෙන් කතාව ඔහොමයි.දෙවෙනි පාර ගෙදර කට්ටියම එකතු වෙලා නෑදෑ ගෙදරක යැවුවාඉගෙන ගන්න.ඒත් මූ කල්ලියටම වැටිලා ඉගෙන ගත්තෙ නෑ S2ක් ගත්තා යන්තමින්.කලේ මැත්ස්.ඒත් ගෙදර උන්ට මල.බොහොම වැදගත් පවුලක්.ලොකුවට සල්ලි නෑ එත් කාටවත් කරදරයක් නැති පවුලක්.ආපහු මූව උ/පෙ කරවන්න හදනකොට මුගේ සහෝදරයා, හිටියා මූට අයියා කෙනෙක්,මෑන්ස් දන්නවා සතා කවුද කියලා අයියා කලේ මූව අරන් ආව අයියගේ බෝඩිමට.අයියා කැම්පස් එකෙක්.ඊට පස්සේ මූ ඔහොම හිටියා ටික දවසක්.ඊට පස්සේ මුගේ අයියා මූව හොදට තේරුම් අරගන හිටියේ.මූව දැම්මා ප්‍රදාන පෙලේ විශ්ව විද්‍යාලයක භාහිර උපාදිය කරන්න.මූට උ/පෙ නැති නිසා ගත්තේ නෑ. අවාසනාව තමයි කොහොම හරි. මූ ඊට පස්සේ තීරනය කලා ආපහු ගෙදරට ගිහින් මොකක් හරි බැන්කුවක ජොබ් එකක් හොයා ගන්න.ඒත් අයියා කාරයා වියදම් කරලා දැම්මා මූව පෞත්ගලික උපදිය ගන්න තැනකට.මූ ගියා අමාරුවෙන් අයිය දුන්න සල්ලිත් අරගන.පලවෙනි වසර හැම විභාගයටම හොදම ප්‍රතිඵල ගත්තා.දෙවෙනි වසර තින්වෙනි වසර ඔහොම ගත්තා.මේවා ප්රිවට්නේ වැඩක් නෑ ඔහොමයි ගොඩක් උන් කිව්වේ.මූට උ/පෙ ලියා ගන්න බැරි උනාට ඊටත් වඩා අමාරු ගනන් හිතා ගන්නවත් බැරි ඉක්මනට හිතෙන් හදන්න පුලුවන් උනා.අද වෙනකොට මේ පුත්ගලයා වෙනත් රටක ලොකූ මහත්මයෙක්.උගතෙක්.දැන් ලන්කාවේ දුවන ලොකූ ප්‍රොජෙක්ට් එකකට ලොක්කෙක්.මේ වෙනකන් කිසිම වැරදීමක් වෙලා නෑ.ගොඩක් රජයේ විශ්ව විද්‍යාලවල ලමයි මේ පුත්ගලයාගේ යටතේ වැඩ කරන්වා.ඒ වගේම අදටත් මේ පුත්ගලයා අතීතයෙ මම උ/පෙ අසමත් කියන්න ලැජ්ජා වෙන්නෙත් නෑ.බොරු හේතු ඕනි නෑ. උ/පෙ හෝ රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගත්ත පමනින් වැඩකාරයෙක් වෙන්න බෑ කියල එයාම කියන්වා.විශ්ව විද්‍යාලවලට යන සමහර අයට වඩා උසස් පෙලා අසමත් නමුත් ඊට වඩා අනිත් පැති ගැන දැනුම තියන මිනිස්සු ඉන්නවා.
මම ඉගෙන ගත්ත ගුරුවරයා කියල තියෙනවා ඒ පුත්ගලයට ලන්කවෙම එක උනාලු ඒත් එයාට එක පාඩමක් තේරුම් ගන්න සාපෙක්ශ චලිතය පාඩම තේරුම් ගන්න අවුරුදු 18ක් කියාලු කැම්පස් අවුට් වෙලත්.ඒ වගේ තමයි පොතේ දැනුමම නෙවෙයි හැමදේම. ඒ නිසා කවදාවත් කිසිම මනුස්සයෙක් යන පාරට ගල් දාන්න එපා.ඔබ පොරක් නම් තරග කරන්න ඔහුත් සමග.ජයග්‍රාහකයා සොබාදහම පෙන්වා දෙයි.
(සැ.යු. මම විශ්ව විද්යාලවලයක ඉගෙන ගන්නා පුත්ගලයෙක් නොවෙම්.මමද ඒවාට විරුද්ද උන කෙනෙක්මි.නමුත් මම දක්ශයා නම් ඇයි බය වෙන්නේ කියා තේරුම් ගත්තෙමි. )
වැරදි දෙයක් කාට හරි හිත් රිදීමක් වී ඇත්නම් කනගාටු වෙමි.