SAITM වෙන පාරක යයි..?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113


    SAITM වෙන පාරක යයි..?
    2017-02-24 http://nethnews.lk/
    මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කළ සිසුන් රුසියානු විශ්ව විද්‍යාලයක් වෙත යොමු කිරීමේ සූදානමක් ඇත

    මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

    මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර රේණුක සේනාරත්න වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ.

    ඒ පිළිබද අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ පැවසුවේ වෛද්‍ය සමීර සේනාරත්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විභාගය 9වරක් අසමත්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

    සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර රේණුක සේනාරත්න ඉකුත්දා විදේශගත වුණා. ඔහු මෙතෙක් දිවයිනට පැමිණ නැහැ.
    :lol::lol::lol:
    http://nethnews.lk/