SAITM and IT

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    මචං මිනිහෙක් මුලදී ඕනි දෙයක් දන්නේ නැති වෙන්න පුළුවන් එත් මිනිහට බුද්දිය තියනවනම් එක ඉගන ගන්නවා. බුද්දියයි මනින්නේ විබාග වලින් හැබැයි අවාසනාවට ලංකාවේ ඒලෙවල් වලින් මනින්නේ වැඩිම කට්ටක් කන්න පුළුවන් එකා. එකයි වැරැද්ද

    මුලදී නොදන්නා දේවල් පස්සේ බුද්දිය තියන එක ඉගන ගන්නවා. එක දැනන් හිටපු දෙය නෙමයි වැදගත් එඋය කරන්න පුළුවන් දෙය
    ඔව් මචං කිසිම මිනිහෙක් කිසි දෙයක් දැනන් නෙමේ මේ ලොකෙට එන්නේ. දේවල් දකිද්දි මිනිස්සු ආශ්‍රය කරද්දි සමාජෙට වැටෙද්දි තමා අළුත් දේවල් ඉගෙන ගන්නේ දැනගන්නේ. ඒත් මේ ඒ ලෙවල් වලින් මිනිස්සු මැනලා බෙදන එක අවුල් කියලා කියන්නේ ඇයි කියන එකට උදාහරණයක් දුන්නේ මම .ඒ ලෙවල් වල දැනුම පොඩ්ඩක් වත් ඔය කැම්පස් එකට ගියහම අදාල වෙන්නේ නැහැ .අදාළ උනත් එව්වා අදාල කරගන්න මතක නැහැ .මොකද කැම්පස් යන්නෙ අවුරුද්දකට පස්සෙ නේ ?? කැම්පස් වැරදිත් නැහැ යන එවුන් වැරදිත් නැහැ නමුත් එව්වට තොරාගැනීමෙ වෙන වැරැද්දක් තමා මම මේ කියන්නේ .
     
    jampappa

    Member
    Jan 16, 2013
    44
    2
    0
    මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු 😂😂😂😂😂(සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)

    :oo::oo:Nut burul wenne ekama pattatada? mechanical engineering kiyanne Nut witharak newei ....O/L pass nethi ekekta puluwanda Thermo...Fluids wage subjects therum ganna? Mechanical engineer kenek kiyanne Mechanic kenek newei....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    UGC eken approve karala, Government university wala inna lecturers lama godak ugannala, SLMC members inna ayath lectures deela lankawe dena degree eka approve naha kiyanne kawda? :D
    Malli quality prashna thiyanawa nam UGC eka thama bala ganna ona prashna thiyanawa nam egollanta thama report karanna ona.
    Nathuwa pita association walata kisima aithiyak naha lankawe inna doctors lawa palanaya karanna. Oya mafia association nisa thama lankawe doctors la set eka pitin strike karana minissunge jeewitha ballata daala thamanta ona dewal witharak kara ganne. Lankawe pita palath wala dokek hoyanna naththe. Channel karanna kiyala minissu gasa kanne. Doctor mudalalila bihi wenne, waradi karana ewun association ekenma hanganne, katawath wiruddawa katha karanna baha katha kaloth ratema doctors la strike.

    Mata nam kawru doctors la unath kamak naha eth lankawe thiyana doctors la hingaya nathi wenna ona ewagema eka eka council walata lankawe ahinsaka minissu, government eka blackmail karala thamanta ona de kara ganna denna baha.

    Aiya, mama qwe SAITM specific ekak gana newei.

    oyage yata tyena katawe TIKAK HARI KAMAK NAHA kiyala liyala thibba nisa eekata thamayi mama reply kale (Mage adahasa ) :yes:...

    "Exam ekak thiyanwa nam hamotama thiyenna ona. Eka pirisak witharak kappadu karanna exam thiyanna baha. Pitarata uni degree walata exam thiyana eka tikak hari kamak naha kiyamu "

    yata tyena adahasata comment ekath dan mama daannam. (Mage adahasa misak meka hariy kiyala neethiyak nehe. :baffled:)

    " lankawe university grant commission eken approve karala lankawe thawath university ekakin dena degree ekak SLMC eken check karanne mokatada? "

    1. Aiye, Education kiyanne right ekak thamai. Occupation and eeke promotion labenne Education + Experience nisane. Itin api katath ayitiyak tyenna oone kemati oonema deyak igena ganna. Habai apita job eka karanna nam education tyenna oonene.

    2. SAITM kiyanne medicine igenaganna puluwan paudgalika aayathanayak. UGC kiyanne e igena gathdeyata degreeyak legalize karawana thanak. (Politics nisa ho kohoma hari Degree eka gazette karala tyenne dan lankawe)

    3. SLMC kiyanne mama danuwath widiyata degreeya gaththata JOB ekak karanna license dena thanak. eeke council rajaye liyapadinchi unu. sahena kaalayak mama hithanne. itin, pahadiliwama MONOPOLIYAK tyenawa thamai.

    4. Itin SLMC eken kerenne Lankawe govt University ekakin Lankawata awasya standards walata hadapu syllabus/practical pass karapu ayawa, medical practice ekakata yomu karawala sartaka wenawa nam Licence deela JOB ekak karanna awastawa deema

    5. itin pitarata degreeyak karala aapu aya unath SLMC test eka karanne ihatha anka 04n kiyawena sri lankan COMPATIBILITY:P eka aran jobak karanna

    06. Aiye, pitarata gihin medicine degeree gannakota lankawe mulika results balanna nea wage SAITM ekatath ehema balanne neane. Itin aththatama SAITM kiyanne lankawa atule tyena UK wage university ekaka procedures follow krana ekak wage neda :rolleyes:. Aththatama SAITM eken lankawe salli lankawema randawanawa.

    07. SAITM eken degree gattata SLMC karaliyata enne neethiya nisa misak, SLMC kiyanne UNION ekak nisa neweine. :rolleyes::rolleyes:

    08. Mehema tarakayak enna puluwan kenekuta. UK private university wala degreeyak denawanam, ehe license ganna puluwan nam ayi SAITM ekata e awastawa lankwen nodenne kiyala. SAITM ekata yanneth lankawema lamaine kiyala.

    Mama hithanne ehema wenawa nam aththatama hondai. ehema nam aththatama karanna oone MAMA MULIN KIWWA WAGE govt uni degreeyedi follow karapu procedures (lankawa thula hama universityakatama podu unu procedures) follow karana eka.

    ex:-
    Lankawe lamai grade karanne Z-score eken nisath, eeka lankawatama podu nisath, eeken lamai bandawa ganeema,

    sayanika puhunuwa ehema standards anuwa karanna oone.

    Oya nevil fernando hospital eka haduwe sayanika puhunuwatane. itin eeken wadak ganne netuwa 50000 k deela rajaye ewata yannna hetuwa mata terenne menna mehemai.

    Leddu beheth ganna yanawa nevil fernanda ekatath aduwen aya kalanam ho nomile leddu baluwanam. etakota oya SLMC kiyana standards nea kiyana kathawata uttara enawane. leddu inna adan adui kiyanna beane.

    Dr. nevil fernando mahata lamayekgen aya karana kota full package ekama porondu una nisa oya ituru tikath karanna wagakeemak tyenawa.

    Govt Campus Lectureslama ugannanawa kiyana eke nam pudumayak nea itin. Honda gaanak denawa nam uganwana thana adalama nea.

    Anith eka SAITM yanneth lankawema minis sampatha. e aya kochchara pressure ekakada athhe. Salli wiyadam karala, kaalaya wiyadama karala.... me gataluwa aniwaryen ikmanin wisandiya yutui.:angry:
    :angry::angry:

    Onna mage long answer eka :cool::cool::yes:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    :oo::oo:Nut burul wenne ekama pattatada? mechanical engineering kiyanne Nut witharak newei ....O/L pass nethi ekekta puluwanda Thermo...Fluids wage subjects therum ganna? Mechanical engineer kenek kiyanne Mechanic kenek newei....
    ඒත් ඔව්වට සිලෙක්ට් වෙන්නෙ මැකැනික් කෙනෙක්ගෙවත් දැනුමක් තියෙන උන් ද ??
    …ඒ ලෙවල් වල මැත්ස් සබ්ජෙක්ට් හොඳටම පාස් එකෙක් නෙහ් ඕකට යන්නේ ??
    ඒ ලෙවල් සබ්ජෙක්ට් දැනුමෙන් විතරක් මැකැනිකල් ඉංජිනියරින් වල මූලික දෙයක්වත් කරන්න පුළුවන්ද ?? බැහැ නේ ?? අන්න ඒකයි මචං කියන්නේ .
    අනික ඒ ලෙවල් වල තර්මො ඩයනමික්ස් අත ඇරලා හොඳටම පාස් වෙච්ච එකෙක්ටත් ඉසෙඩ් පදනම යටතෙ ඉංජිනියරින්ග් ඇවිල්ලා මැකැනිලක් සිලෙක්ට් වෙන්න බැයිද ??

    ඒ ලෙවල් වල ඉලෙක්ට්‍රොනික්ස් ගාණ අත ඇරපු එකා වෙන ප්‍රශ්න වලට ලකුණු අරන් හොඳටම පාස් වෙලා ඉසෙඩ් එකෙන් ඉංජිනියරින්ග් සිලෙක්ට් වෙලා ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල් සිලෙක්ට් වෙන්න බැරිද ??
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    එකෙන්ම මචං. උඹට කියන්න අපෙ ඉස්කොලේ පන්තියෙ හිටියා එකෙක් ඌට ඔ ලෙවල් ayi ටී වලට A මට ඕ ලෙවල් අයි ටී තොරගන්න සිද්ධ උනේ නැහැ. හේතුව අපෙ ඉස්කොලේ නීතියක් දැම්මා ඕල්වල් අයි ටී කරන්න පුළුවන් ඉංග්‍රීසි වලටයි ගණිතයටයි ලකුණු 80 ට වැඩි උන්ට කියලා.
    ඉතිං අර ඔ ලෙවල් අයි ටී වලට අර කිව්ව සාමාර්ථය ගත්ත එකා ෆේස්බුක් එකවුන්ට් එක හදාගත්තේ මට කියලා. ඒකට ඌ ෆොන් කෝල්ස් 10 කට වැඩිය දුන්නා මචං .මන් මේ අවුරුදු 5 කට කලින් සිද්ධියක් කියන්නේ. උගෙ මැශින් එකේ සමහරක් අවුලක් උනොත් මට කියලා හදාගත්තේ .අද ඌ කම්පියුටර් සයන්ස් ස්පෙෂල් ජපුරේ .මොකද ඌට එ ලෙවල් තිබ්බ නිසා. ඉතිං ඕකයි මචං බහුතරේක තත්වේ .ඒත් ගොඩක් උන් ඕක කියන්නේ නැහැ උන්ගෙ මාර්කට් එක ඩිමාන්ඩ් එක බහින නිසා .මැෂින් එක ෆොර්මැට් කරගන්න දන්නේ නැති මොරටුවෙ කම්පියුටර් ඉංජිනීයරින්ග් සිලෙක්ට් වෙච්ච උන් මන් දන්නවා. ඊ මේල් එකවුන්ට් එකක් හදාගන්න නැති අයි ටී ඩිග්‍රි වලට සිලෙක්ට් වෙච්ච අය මම දන්නවා. මේ සේරටම එකම හේතුව ඒ ලෙවල් වලින් ඔය කිව්ව පාඨමාලාවන් වලට තෝරාගැනීම .අනික කැම්පස් ගියහම ඒ ලෙවල් හොඳටම පාස් වෙච්ච එකාටවත් කරේ එ ලෙවල් වල කරපු විෂය කරුණු ගොඩාක් මතක නැහැ. යම් කිසි විෂයකින් ටියුෂන් පාරක් දුන්නොත් අන්න ඌට මතක තියේවි .ඒත් ඒ ලෙවල් වල විෂය කරුණු කැම්පස් එකෙ ඉගෙන ගද්දි කොහෙත්ම වැඩක් වෙන්නේ නැහැ .

    ඕක තමා ගොඩක් තැන්වල වෙන්නෙ මචං....ශුවර් එකටම උබේ යාලුව කම්පියුටර් සයන්ස් තෝරගන්න ඇත්තෙ උට ඉන්ජිනියරිං වලට ලකුණු මදි උන හින්ද මිසක් ඌ ඒකට ආස හින්ද නෙවෙයි..ඒත් සිරාවටම කම්පියුටර් සයඩ් එකට ආස එකා ඉන්ජිනියරිං සිලෙක්ට් උනත් කම්පියුටර් තෝරගන්නව...ඒත් එහෙමයි කියල උබත් අත අරින්න එපා ප්‍රයිවට් ඩිග්‍රියක් බැයිනම් ඕපන් උනියෙ හරි ඩිග්‍රියක් කරපන් computer science ඒකරල බැහැපන් ෆීල්ඩ් එකට ඊටපස්සෙ තමයි රියල් තරගෙ පටන්ගන්නෙ....good luck මචං
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    0.............

    Mata nam kawru doctors la unath kamak naha eth lankawe thiyana doctors la hingaya nathi wenna ona ewagema eka eka council walata lankawe ahinsaka minissu, government eka blackmail karala thamanta ona de kara ganna denna baha.

    me tikata reply karanna beri unane.

    docslage hingaya tyenne me pradhana town wala newei aiye. Samahara specialistslanam adui thama hondatama. buddi galanaya.

    SAITM eken ena ayagen gam walata gihin gara waticchi hospital wala beheth denna enawa nam hondai aiye. aiya hithanawda ehema? mama nm hithanne nea aiye.

    Mokada thamange gedara langa tyenawa nam gam walata lan wela beheth dei :D
    Balaya wadi danaya wadi aya takas gaala transfer wenawa connection walin. mona kshetrayeth ehemai. itin gamaka indan ena podi minihageth HONDA ekek witarai gamata ituru wenne. hingayata uttara denne... :baffled:

    BLACKMAIL karana eka nam uparimai. pau ahinsaka minissu. un waliyak giyath leddu pali
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    :oo::oo:Nut burul wenne ekama pattatada? mechanical engineering kiyanne Nut witharak newei ....O/L pass nethi ekekta puluwanda Thermo...Fluids wage subjects therum ganna? Mechanical engineer kenek kiyanne Mechanic kenek newei....

    මම කියන්නෑ ඔක්කොම ගරාජ් බාස්ලට මැකෑනිකල් ඉන්ජො වෙන්න පුලුවන් කියල ඒත් මචං ඉන්ජෙක් කියන්නෙ තියරිය විතරක් දන්න එකෙක්ට නෙවෙයි අනිව උට ඌ ඉගෙනගන්න ෆීල්ඩ් එක ගැන ප්‍රායෝගික දැනුමක් වගේම ආසාවකුත් තියෙන්න ඕනෙ...හැබැයි මට හම්බෙල තියනව සමහර මැකෑනික්ල සර්විස් ඇඩ්වයිසර්ල පට්ටම බුලට් උන් ඉන්ඩ ඕන එතන නෙවෙයි..ඒවගේ උන් මැකෑනිකල් ඉන්ජො උනානම් අපේ රටටත් තව පේටන්ට් 10ක් 12ක් හම්බවෙයි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කියන්නෑ ඔක්කොම ගරාජ් බාස්ලට මැකෑනිකල් ඉන්ජො වෙන්න පුලුවන් කියල ඒත් මචං ඉන්ජෙක් කියන්නෙ තියරිය විතරක් දන්න එකෙක්ට නෙවෙයි අනිව උට ඌ ඉගෙනගන්න ෆීල්ඩ් එක ගැන ප්‍රායෝගික දැනුමක් වගේම ආසාවකුත් තියෙන්න ඕනෙ...හැබැයි මට හම්බෙල තියනව සමහර මැකෑනික්ල සර්විස් ඇඩ්වයිසර්ල පට්ටම බුලට් උන් ඉන්ඩ ඕන එතන නෙවෙයි..ඒවගේ උන් මැකෑනිකල් ඉන්ජො උනානම් අපේ රටටත් තව පේටන්ට් 10ක් 12ක් හම්බවෙයි...

    1. eyala ethanin udata noyanne organaized system ekak nethi nisa. Habayi patent ganna hamoma system eken udata aapu aya newei. uthsahaya wagema environment ekath hadenna oone.
    2. ara podi revolver ekak hadapu kolla hireth giye :baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    boss oya 100% kma niwaradi nea :no:

    danuma kiyana eka maninne standards walin thamai. ewa international or local wenna puluwan. Rate standards walata compatible wenna kramawedayakata rata atule system ekak hadala eyin thoragatta pirisakata degree denawa. Rajaye niyamanaya nounu/ rajaye control eken thorawa namuth internationally piliganna degreeyak gaththa kenekuwa RATE STANDARDS walata compatibleda check karala AWARD kireeme athi gataluwak neahe neda ?:D

    මචන්, මෙහෙමයි, ලංකාවේ නියාමනය වුනු නැති පිටරට ක්වලිෆිකේෂන් ලංකාවේ ඒවට සමානද කියලා බලන්න ලෝකෙම පිලිගත්ත ක්‍රමවේද තියෙනවා. රට රටවල් අතර උපාධිවල තත්වය මනින්න ලංකාවේ යූ.ජී.සී එක පාවිච්චි කරන මිනුම්දන්ඩ වෙන්නේ ඒ උපාධිය, ඒ රටේ උපාධි ප්‍රධානය කරන ආයතන නියාමනය කරන ආයතනය මගින් පිලිගන්නවාද කියන එක. ඒ කියන්නේ එන්ගලන්තෙ විශ්වවිද්‍යාලයකින් දෙන උපාධිය ඒ රටේ රජයේ උසස් අධ්‍යාපන නියාමන ආයතනය පිලිගන්නවානම් ඒක ලංකාවේ යූ.ජී.සී එකත් පිලිගන්නවා. එහෙම නැතිනම් එක රටක උපාධියක් තව රටක පිලිගන්නේ නැති ගැටලු එන්ඩ පුලුවන්.
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මචං කොහෙවත් Medical Students ල ලංකාවේ සියලුම උපාදි ආයතන වහන්න කියල කෑගහන්නේ නෑ.. එහෙම කෑගහනවා කියල හිතල ගොඩක් මිනිස්සු අපිට බනිනවා. අපි "SAITM" ජනසතු කරන්න හරි වහන්න හරි කියල කෑගහල පෙළලපාලි යනකොට අන්තරෙන් එනවා බෝඅර්ඩ් උස්සගෙන "උපාධි කඩ ඔක්කොම වහපියවූ" කියල.. අන්තිමට රෑට news පෙන්නන්නේ ඔය බෝර්ඩ් ටික.. අන්තිමේදී අපි ඔක්කොම උපාදි කඩ වලට විරුද්ධයි කියල මිනිස්සු බොරුවට බනිනවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒත් ඔව්වට සිලෙක්ට් වෙන්නෙ මැකැනික් කෙනෙක්ගෙවත් දැනුමක් තියෙන උන් ද ??
    …ඒ ලෙවල් වල මැත්ස් සබ්ජෙක්ට් හොඳටම පාස් එකෙක් නෙහ් ඕකට යන්නේ ??
    ඒ ලෙවල් සබ්ජෙක්ට් දැනුමෙන් විතරක් මැකැනිකල් ඉංජිනියරින් වල මූලික දෙයක්වත් කරන්න පුළුවන්ද ?? බැහැ නේ ?? අන්න ඒකයි මචං කියන්නේ .
    අනික ඒ ලෙවල් වල තර්මො ඩයනමික්ස් අත ඇරලා හොඳටම පාස් වෙච්ච එකෙක්ටත් ඉසෙඩ් පදනම යටතෙ ඉංජිනියරින්ග් ඇවිල්ලා මැකැනිලක් සිලෙක්ට් වෙන්න බැයිද ??

    ඒ ලෙවල් වල ඉලෙක්ට්‍රොනික්ස් ගාණ අත ඇරපු එකා වෙන ප්‍රශ්න වලට ලකුණු අරන් හොඳටම පාස් වෙලා ඉසෙඩ් එකෙන් ඉංජිනියරින්ග් සිලෙක්ට් වෙලා ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල් සිලෙක්ට් වෙන්න බැරිද ??

    buddiya maninna lnkawe use wenne exam kiyana de. ekak atarala hari thawa ekak karala hari anik ihalama lakunu gatta aya thama E PATh eke udata yanne.

    EEKEN terenne nea anik ayata path ekak nea kiyala. O/L fail kenekuta unath NVQ system eken Level 07 - Degree ganna puluwan. Eakath eka path ekak pamanai. Sahathika kola kali nathuwath rate neethiyata/standards walata comply nam oonema deyak kaleki.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්, මෙහෙමයි, ලංකාවේ නියාමනය වුනු නැති පිටරට ක්වලිෆිකේෂන් ලංකාවේ ඒවට සමානද කියලා බලන්න ලෝකෙම පිලිගත්ත ක්‍රමවේද තියෙනවා. රට රටවල් අතර උපාධිවල තත්වය මනින්න ලංකාවේ යූ.ජී.සී එක පාවිච්චි කරන මිනුම්දන්ඩ වෙන්නේ ඒ උපාධිය, ඒ රටේ උපාධි ප්‍රධානය කරන ආයතන නියාමනය කරන ආයතනය මගින් පිලිගන්නවාද කියන එක. ඒ කියන්නේ එන්ගලන්තෙ විශ්වවිද්‍යාලයකින් දෙන උපාධිය ඒ රටේ රජයේ උසස් අධ්‍යාපන නියාමන ආයතනය පිලිගන්නවානම් ඒක ලංකාවේ යූ.ජී.සී එකත් පිලිගන්නවා. එහෙම නැතිනම් එක රටක උපාධියක් තව රටක පිලිගන්නේ නැති ගැටලු එන්ඩ පුලුවන්.
    .

    machan, upadiya gana kisi kathawak nea piligannama oone internationally recognized list eke nam.
    Methana wenne machan lankawa thula license ekakata JOB ekak kireema gana neda machan. eekata compatible karaganna test ekak tyenna puluwnne? degree kiyanne JOB neweine.:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං කොහෙවත් Medical Students ල ලංකාවේ සියලුම උපාදි ආයතන වහන්න කියල කෑගහන්නේ නෑ.. එහෙම කෑගහනවා කියල හිතල ගොඩක් මිනිස්සු අපිට බනිනවා. අපි "SAITM" ජනසතු කරන්න හරි වහන්න හරි කියල කෑගහල පෙළලපාලි යනකොට අන්තරෙන් එනවා බෝඅර්ඩ් උස්සගෙන "උපාධි කඩ ඔක්කොම වහපියවූ" කියල.. අන්තිමට රෑට news පෙන්නන්නේ ඔය බෝර්ඩ් ටික.. අන්තිමේදී අපි ඔක්කොම උපාදි කඩ වලට විරුද්ධයි කියල මිනිස්සු බොරුවට බනිනවා..

    :baffled::baffled::baffled: eeka nam nowenna bari kamak nea. desapalaka kallinta puluwan oowa thama.
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    මචං ලංකාවේ වෛද්‍යවරුන් පාලනය වන, ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියා කරන රජයට අයත් එකම ආයතනය තමයි SLMC කියන්නේ. එකේ බලපත්‍ර නැතිව කාටවත් වෛද්‍යවරයෙක් විදියට බෙහෙත් දෙන්න බෑ.. SLMC එක පවසනවා SAITM ආයතනය වෛද්‍ය වෘත්තීය සඳහා ශිෂ්‍යන්ව පුහුණු කරන්න අවශ්‍ය සුදුසුකම් සපුරාල නැහැ කියල. එහෙවූ එකේ කොහොමද එකට අවසර දෙන්නේ දිගටම පවත්වාගෙන යන්න..?

    ඕක ජනසතු කරලා රජයට අයිති කරලා රජය මඟින් පාලනය කරනවානම් තව තව AL වලින් හැලෙන ළමයි ගොඩකට MEDICINE කරන්න පුළුවන්. ඇයි ඔයාල එකට විරුද්ධ?
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    ඔයාල SAITM එකේ ළමයින්ගේ දැනුමයි එකේ උගන්නවන හැටිය ගැන හරි ලොකුවට හිතන් ඉන්නව.. හැම අවුරුද්දකම සියලුම වෛද්‍ය විද්‍යාල වල ශිෂ්‍යයන් සහභාගී කරගෙන විවිධ දැනුම් මිනුම් තරග පවත්වනවා.. ඕකට ගිය පාර ආව කොතලාවල ආරක්ෂක විය පිටයේ ළමයි ටිකකුත්. ඒකත් සල්ලි දීල කරන එකක්නේ.. නමුත් SAITM වලට පිළිගැනීමක් තියෙනවා.. තව රජයේ පරිකශාවට ඒක ලක් වෙනවා..

    ප්‍රථම ස්ථානය කොළඹට හරි රාගමට හරි.. මට මතක නෑ කාට ගියාද කියල.. නමුත් අන්තිම PLACE එකට අවේ කොතලාවල උන් ටික... SAITM ළමයි ටික ඕව පැත්ත පළාතක එන්නේ නැහැ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔයාල SAITM එකේ ළමයින්ගේ දැනුමයි එකේ උගන්නවන හැටිය ගැන හරි ලොකුවට හිතන් ඉන්නව.. හැම අවුරුද්දකම සියලුම වෛද්‍ය විද්‍යාල වල ශිෂ්‍යයන් සහභාගී කරගෙන විවිධ දැනුම් මිනුම් තරග පවත්වනවා.. ඕකට ගිය පාර ආව කොතලාවල ආරක්ෂක විය පිටයේ ළමයි ටිකකුත්. ඒකත් සල්ලි දීල කරන එකක්නේ.. නමුත් SAITM වලට පිළිගැනීමක් තියෙනවා.. තව රජයේ පරිකශාවට ඒක ලක් වෙනවා..

    ප්‍රථම ස්ථානය කොළඹට හරි රාගමට හරි.. මට මතක නෑ කාට ගියාද කියල.. නමුත් අන්තිම PLACE එකට අවේ කොතලාවල උන් ටික... SAITM ළමයි ටික ඕව පැත්ත පළාතක එන්නේ නැහැ.

    KDU එකේ Medicine Degree එක සල්ලිවලට දෙන එකක් නෙමෙයි නේද? මම දන්නා තරමින් Medicine එක KDU එකේ සල්ලි වලට දෙන්නේ නැහැ..

    මචන් උඹ medicine කරන එකෙක්ද?
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    Malli government university walin ena aya SLMC exam ekak liyanne nahane neda? Anik eka SLMC eka lankawe medical examination thiyanna ona government body ekak nemei ne. Ewage wena ekak thawa council ekak kattiyakata open karanna puluwan.

    Oya kiyana widiyata MIT USA walin ena engineer kenek unath lankawe wada karanawa nam IESL exam karanna ona wage kathwak thama. Exam ekak thiyanwa nam hamotama thiyenna ona. Eka pirisak witharak kappadu karanna exam thiyanna baha. Pitarata uni degree walata exam thiyana eka tikak hari kamak naha kiyamu eth lankawe university grant commission eken approve karala lankawe thawath university ekakin dena degree ekak SLMC eken check karanne mokatada? Egollanta aithiyak nahane. Ehenam lankawe okoma university wala SLMC exam thiyenna ona. Prashnayak thiyenawa nam UGC eka thama action ganna ona. Wena aya exam thiyanna giyama eka quality check kireemata wadaaa thaman witharak market eke indala market monopoly ekak athi karala thamanta ona widiyata lankawe minissu gasa kanna thamange members lata ida salasana kuta wiyaparayak thama sidda wenne.

    ඕක වෙන්නේ මෙහෙමයි Medical Faculty එකක් ඒ රටේ වෛද්‍ය සභාව අනුමත කරාට පස්සේ තමා වලංගු වෙන්නේ. (University Grants commission නෙවෙයි) ලෝකේ හම රටකම එහෙමයි. එතකොට ඒ වෛද්‍ය සභාව පිළිගත්තා විශ්ව විද්යාලයකින් පිටවෙන අයෙකුට එම රටේ වැඩකරන්ට තව විභාගයක් කිරීම අනවශ්‍යයි. හැබැයි අපි වෙනත් රටකට යනවානම් එමරටේ තියෙන විභාග කිරීම අවශ්‍යයි. SAITM එකේ ප්‍රශ්නය වෛද්‍ය විද්‍යාලයක මුලික සුදුසුකම් සපුරා නොමැති කම. වම නිසා එයට වෛද්‍ය සභා අනුමැතිය නොමැත. එම නිසා වෛද්‍ය සිසුන් ලෙස බඳවා උපාධි ලබැදී ලංකාවේ වෛද්‍ය සභා ලියාපදිංචිය ඉල්ලුම් කල නොහැක. එය රටේ පවත්නා නීතියට පටහැනිව යාමක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුද නැතිද යන්න වෙනම ප්‍රශ්නයක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං ලංකාවේ වෛද්‍යවරුන් පාලනය වන, ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියා කරන රජයට අයත් එකම ආයතනය තමයි SLMC කියන්නේ. එකේ බලපත්‍ර නැතිව කාටවත් වෛද්‍යවරයෙක් විදියට බෙහෙත් දෙන්න බෑ.. SLMC එක පවසනවා SAITM ආයතනය වෛද්‍ය වෘත්තීය සඳහා ශිෂ්‍යන්ව පුහුණු කරන්න අවශ්‍ය සුදුසුකම් සපුරාල නැහැ කියල. එහෙවූ එකේ කොහොමද එකට අවසර දෙන්නේ දිගටම පවත්වාගෙන යන්න..?

    ඕක ජනසතු කරලා රජයට අයිති කරලා රජය මඟින් පාලනය කරනවානම් තව තව AL වලින් හැලෙන ළමයි ගොඩකට MEDICINE කරන්න පුළුවන්. ඇයි ඔයාල එකට විරුද්ධ?

    පුද්ගලික අංශය සතු දේපල එහෙම හිතුමතේ රජයට පවරගන්න එක හොඳ දෙයක් වෙන්නේ කොහොමද? එහෙනම් තව කෙනෙක්ට කියන්න පුළුවන් පුද්ගලික රෝහල් වලත් ගොඩක් පහසුකම් තියනවා ඒවා රජයට අරන් සල්ලි තියන මිනිස්සුන්ට නෙවෙයි ප්‍රතිකාර අවශ්‍යම අයට බෙහෙත් දෙමුද කියල......මෙහෙම බැලුවොත් රටේ මුළු පෞද්ගලික අංශයම රජයට අරන් තමයි නතර වෙන්නේ