වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්‍ය කවුන්සලයයි (SLMC)
රජයේ වෛද්‍ය නිළධාරී සංගමය (GMOA), ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය (SLMA) හා වෛද්‍ය කවුන්සලය (SLMC) යනු එකිනෙකින් ස්වාධීන ආයතන වේ. පළමුවැන්න වෘත්තීය සමිතියක් වන අතර, දෙවැන්න වෘත්තීය එකමුතුවකි. තෙවැන්න රජයෙන් පත් කල ව්‍යවස්ථාපිත ආයතනයකි
සයිටම් ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)
සයිටම් සිය සිසුන්ට පොරොන්දු වූ පරිදි න්ෂ්නි නිග්රෝඩ් විශ්ව විද්‍යාලය සමග සම්බන්ධයක් නැත
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පුහුණුවට ඇති තරම් රෝගීන් නොමැත.
රජයේ රෝහල් වල වෛද්‍යවරුන් වෛද්‍ය ශිෂ්‍යයින් පුහුණු කරන්නේ ගරු / ස්වේච්ඡා සේවයක් ලෙසය. සයිටම් සිසුන්ට ඉගැන්වීමට ඔවුන් නීතියෙන් බැඳී නැත.
සයිටම් ආයතනය වෛද්‍ය කවුන්සලය (SLMC) මගින් පිළිගෙන නැත
සයිටම් ආයතනයට ගුනාත්මක භාවය දියුණු කිරීමට 2010 සිට දුන් සියළු අවස්ථා ඔවුන් විසින් මඟහැර ඇත.