Salary issues

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,968
    4,649
    113
    Loading...
    කම්පැණියක වැඩ කරන මිනිස්සුන්ට සැලරි වෙලාවට හිතාමතාම නොදා ඉන්න එක සහ සැලරි දාන්න ඕනි කියන එක ගැන කිසිම අවධානයක් නැතුව, එන සල්ලි අනිත් වැඩ වලට වියදම් කරගෙන, ආයතනය කරගෙන යනවා. ඒ වගේ පෞද්ගලික ආයතනයකට විරුද්ධව කරන්න පුලුවන් දේ මොකක් ද?

    කතාව මේකයි, අපේ මල්ලි (නැන්දගෙ පුතෙක්) වැඩ කරන කම්පැණි එකේ බොසා මුන්ට සැලරි දෙන්නෙ නැහැලු වෙලාවට. අර පොරට හිතුනොත් වගේ ලු දෙන්නෙ. ගිය මාසෙ සැලරිය තාම දාළා නැහැලු. වැඩ නම් ඕනිලු තිතට. Field එක කන්ස්ට්‍රක්ෂන්. බයිලා ගහනවලු පාඩුයි කියලා ඇහුවහම.

    වෙන වෙන වැඩ වලට, නැති සල්ලි ලු එන්නෙ. උදා - බොසාගෙ හරි, කම්පැණියෙ හරි වාහනයක් කැඩුනොත්, කීයක් ගියත් හදනවලු ඉක්මන්ට. බොසාගෙ පෞද්ගලික වැඩ වලටත් මාර වියදම් කිරිල්ලක් ලු තියෙන්නෙ. ඒවට ඔක්කොටම කම්පැණියෙන් ලු සල්ලි අදින්නෙ. අනිත්මට ඒකෙ Output එක වැඩ කරන මිනිස්සු වෙලාවට සැලරි එකවත් වැටෙන්නෙ නැතුව පරිප්පු කන්න ඕනි එකලු.

    පොරගෙ මැනේජ්මන්ට් අවුල් නිසා මිනිස්සුන්ගෙ පඩිය දාන්නෙ, ගිය මාසෙ පඩිය, මේ මාසෙ විසි ගණන් වගේලු. ආහ් තව දෙයක් Basic 10000/= ලු. Pay slip එකක්වත් දෙන්නෙ නැහැලු. EPF ETF අවුරුදු 4 කින් වගේ දාළා නැහැලු. බර ගාණක් ගෙවන්න තියෙනවලු. අර EPF ETF දැම්මහම එන කොළවත් හම්බවෙලා නැහැලු අවුරුදු 03 ක් වගේ සර්විස් තියෙන අයට. ඇහුවහම බොරු බයිලා ගහනවලු එක අවුරුද්දක් දාන්න තියෙනවා කියලා. ෂේප් කරනවලු මොනව හරි කියලා බබා පාට් දාළා. ගොට්ට අල්ලන උන්ට සැලරි හොඳයිලු. More than 5 years වැඩි අයට ග්‍රැටිවිටියවත් දෙන්නෙ නැහැලු අයින් වෙනකොට. 8.30am - 6pm. Saturday and Sunday නිවාඩුලු. සරලව කිව්වොත් කපටිකමෙන්, කැ* කමෙන්ලු කම්පැණිය කරගෙන යන්නෙ.

    මන් නම් කිව්වෙ වෙන එකක් හොයාගන්න කියලා. තේරුමක් නැහැනෙ බන්. උඹලගෙ අදහසුත් කියන්න.
     
    Last edited:

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    අදාල ප්‍රදේශයේ කම්කරු කාර්යාලෙට ගිහින් ,කම්කරු නිලදාරියෙක් හම්බවෙලා කාරනාව කියන්න , එ වගෙම නාමිකව හරි ,නිර්නාමිකව හරි පැමිනිලි කරන්නත් පුලුවන්, හැම මාසෙකම 10 වෙනිද හෝ ඊට පෙර ඊට කලින් මාසෙ පඩිය සේවකයන්ට ගෙවන්න ඔනි, ග්‍රැටිවිටි අවසාන දවසෙ ඉඳන් දවස් 30ක් ඇතුලත ගෙවන්න ඔනි.