මේක අර රුපියල් 100 ට ඩොමෙන් දෙන එකේ කේස් එකක් නේ? මම හිතුවා බන් ඕකේ මොකක් හරි කේස් එකක් ඇති කියලා. ඔච්චර ලාභෙට කොහොමත් ඩොමෙන් එකක් දෙන්න බෑ. ඔච්චරට ලාභෙට දෙන ඩොමෙන් ගන්නත් එපා, ඒවල විශ්වසනීයත්වය ගොඩක්ම අඩුයි.
ඔච්චරට ලාභෙට ඩොට් කොම් ඩොමෙන් දෙන්න බැරි හේතුව මේකයි. ඩොට් කොම් ඩොමෙන් වල අයිතිය තියෙන්නේ verisign ලටයි. ඕනම රෙජිස්ට්‍රාස් (ඩොමෙන් විකුණන උන්) කෙනෙක් එතකොට උන්ගෙන් තමයි ඩොට් කොම් ඩොමෙන් ගන්න ඕනේ අනෙක් මිනිස්සුන්ට විකුණන්න කලින්. සාමාන්‍යයෙන් රෙජිස්ට්රාස්ලා ඩොමෙන් ගන්නේ තොග ගනින්. තොග ගනන් අරගෙන සිල්ලරට විකුණනවා තමනුත් ගාණනක් තියාගෙන. verisign ලා ඩොමෙන් එකක් රෙජිස්ට්‍රාස් ලට දෙන්නේ එකක් ඩොලර් 7.85ට. ඒක ලංකාවේ මුදල් වලින් මේ මොහොත වෙනකොට රුපියල් 1200.66. https://icannwiki.org/Verisign
එතකොට කොහොමද බන් රුපියල් 100ට ඩොමෙන් විකුණන්නේ? මේකෙන් බිස්නස් එකට සෑහෙන්න පාඩුයි. මොන බිස්නස් එකද රුපියල් 1200.66 බඩු අරගෙන, ඒක රුපියල් 100ට දෙන්නේ පාඩු පිට පාඩු වෙවි.?
ගෝ ඩැඩි, 1&1 තමයි ලෝකෙන්ම ලාභෙට ඩොම් ඩොමෙන් දෙන්නේ, නමුත් උන් ඒක ලොකු පාඩුවක් නෑ. එකක් මේ කොම්පැනි දෙකම දැවැන්ත සමාගම් උන්ට මිලියන ගණන් ආදයමක් තියෙනවා, උන් ඩොමෙන් එකට අමතර ලෙස හොස්ටින්, බැකප් වගේ එක එක විකුණනවා ෂේප් එකේ තේරෙන්න නැතිවෙන්න. අනෙක උන් පාඩුව අල්ලනවා දෙවැනි අවුරුද්දේ ඉදලා ඩොමෙන් එක $14.99 ට දීලා. උන්ගේ whois එකත් ඒ වගේම ගණන් $9.99. උන්ගේ මේ වගේ ජිල්මාට් වැඩ පිරිලා. උන් ඒවලින් තමයි පොඩ්ඩ පොඩ්ඩ අදින්නේ ඒක නිසා අන්තිමට උන්ට ලොකු පාඩුවක් වෙන්නේ නෑ. මේ ජිල්මාට් සීන් නිසා ගොඩක් උන් මුන්ගෙන් ඩොමෙන් ගන්න එපා කියලයි කියන්නේ මොකද මුලදි ලාභේ වගේ පෙනුනට අන්තිමට ලොකු පාඩුවක් වෙන්නේ.
ඩොමෙන් ගන්නවා නම් මුන්ගෙන් ගනින්. https://www.namesilo.com/
උන් ඩොමෙන් එකක් දෙන්නේ ඩොලර් $8.99ටයි(රුපියල් 1374.57) . DNS, Email Forwarding, WHOIS Privacy ඔක්කොම ෆ්‍රී. ඩොමෙන් එකක් ගන්නකොට බන් හොද තැනකින් ගනින් මීට පස්සේ වත්. ලාභෙ බලලා ඩොමෙන් අරගෙන පස්සේ අඩන්න එපා. ඩොමෙන් එකක් කියන්නේ අරගෙන විසිකරන්න තියෙන එකක් නෙවෙයි. ඒක ගෙයක් වගේ දෙයක්. ඒක නිසා හොද විශ්වාසය තියෙන තැනකින් අරගනින්. රුපියල් 1374.57 දීලා ඩොමෙන් එකක් ගන්න බැරි නම් ඩොමෙන් නොගෙන ඉන්න එක වඩා හොදයි.
ඔයාගේ කතාව ඇත්ත. මම Namesilo ගැන දන්නවා මමත් එකෙන් තමයි ගන්නේ lktips.info ගත්තේ එකෙන්. Skrill වලින් ගෙවලා Domain එකක් ගන්න පුළුවන් එකම සයිට් එක Namesilo.



