Self Study කරල IT Jobs ගත්ත උන් වරෙන්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මුලින්ම මම ගියෙ රත්නපුර ටෙක්නිකල් කොලේජ්. nvq level 4 කරලා ඒකෙ VB.Net තමා ඔය ප්‍රොග්‍රැමින් ඇම්ම හැදුනෙ. පස්සෙ තමා ඩිග්‍රි එකක් කලේ.

    බැජ් එකේ පලවෙනි 10 අතර හිටියෙ, (ලොකු කමට කිව්වා නෙමෙයි. මම වගේ තව උන් ඇති මේ සීන් එක වෙන, ඒ නිසයි කියන්නෙ :) )
    ඒත් intern එකකට යන්න මාර ගේමක් දෙන්න උනේ, හේතුව කඩ්ඩ. දන්න දේ කියාගන්න බැරි උනා. ඒ වගේම තමා ඉස් ඉස්සෙලම intern interview ගිය තැන. වර්චුසා ගියෙ, ඉන්ටර්විව් එක පැය 2යි විනාඩි 40යි. මාර දේවල් ටිකක් ඇහුවෙ. අඩුම ගානෙ මම ඊට පස්සෙ SSE interview යද්දිවත් ඇහුවෙ නෑ එහෙම දේවල්. මට මන් ගැනම එපා උනා. ජීවිතේට ජොබකට යන්න බැරිවෙයි හිතුවා. උබලා දන්නෙ නෑ මම ඔරුගොඩවත්තෙ බෝක්කුවක් උඩ වාඩිවෙලා කල්පනා කරපු තරමක්. මාර දුක හිතුනා එදානම් මට.

    පස්සෙ තමා තේරුනෙ ඌ මගෙන් ආතල් එකක් අරන් තියෙන්නෙ කියලා. :lol:
    ඒ වගේ සක්කිලි ඩයල් ඉන්නවා බන්. දැන් කියන්න එපා ඌ ඉතින් හොඳ එකෙක් හොයලා තියෙන්නෙ කියලා. මට කලින් කැලනි කැම්පස් එකේ කොල්ලා ඇතුලට ගිහින් විනාඩි 10න් ආවා. ඇහුවෙ ෆොර්ම් එකක් html වලින් ලියලා පෙන්න්නන කිව්වලු :lol:

    මේ වගේ ඒවා අනාගතේ උබලට වෙයි, සැලෙන්න එපා අලුතෙන් එන කොල්ලො කෙල්ලො :)

    හරි මුලින්ම ගිය ප්ලේස් එකේ ඉඳලා මේ වෙනකන්ම තමා කරන්නෙ බැක් එන්ඩ් with .Net Technologies.

    කඩ්ඩ පොඩ්ඩක් දන්න දේ කියාගන්න පුලුවන් ගානට ගොඩ දාගත්තා. තනියම තමා ඉගෙන ගන්නෙ ඉතින් ටෙක්නොලොජීස් නම්. SE ඉද්දි තනියම ප්‍රොජෙක්ට් එකක් ඇදගෙන යන්න උනා.ටිකක් පරන ටෙක්නොලොජීස් තිබ්බෙ. උන් මාව ඒ ප්‍රොජෙක්ට් එකෙන් ගැලෙව්වෙ නෑ කොච්චර රික්ස්වෙස්ට් කලත් , මොකද ongoing feature developments තිබ්බා. ටීම් එකෙ අනිත් සෙට් එක ඒ අස්සෙ කලේ Domain-Driven Design එකට මේකම rewrite කරපු එක. පස්සෙ අවුරුද්දක් විතර ගිහින් මාවත් දැම්මා ඒකට, හැමිනේශන් කරකවලා අතඇරියා වගේ. :lol: ඒවා ඉගෙන ගත්තෙනම් තනියම රෑට රෑට විඩියෝස් / documentations බලලා. ඊට පස්සෙ පැන්නා වෙන තැනකට SSE. ඒකෙ අලුතෙන් සෙට් උනේ docker & K8sතමා. ඒ ටික ඉගෙන ගනිමින් කරගෙන යනවා. :)

    සේර්ම ගත්තොත් අවුරුදු 3.5යි experience එක.

    ඉතින් ඔහොම තමා, මටනම් කියන්න තියෙන්නෙ ජොබ් එපා කරවන බැල්ලිගෙ පුතාලා ඉන්න තැන් වල ඉන්න එපා කියලා තමා. එහෙම උනා මාර විදිහට field එක එපා වෙන්නෙ. ටෙක්නොලොජීස් ඉගෙන ගන්න පුලුවන්. ඒක නෙමෙයි ගේම අර වගේ උන් එක්ක වසන එක. මේ ලඟදිත් අර FB software engineer group එකේ කොල්ලෙක් මාර විදිහට වැටිලා පෝස්ට් එකක් දාලා තිබ්බා. මම ඉතින් සීන් එක පැහැදිලි කරලා කමෙන්ට් එකක් දැම්මා. මට දැනට 10+ කොල්ලො private මැසේජ් කරලා උන්ට වෙලා තියෙන දේවල් වලින් ගොඩ එන විදිහ අහන්නෙ. මම පුලුවන් විදිහට උන්ගෙ මොරාල් අප් කලා. පව් ගොඩක් උන්ට වැඩ පුලුවන් ඒ උනාට පෙලක් පකයි උන්ව කාලා downgrade කරලම. එහෙම වෙන්න එපා!!! උබලත් ඒ දේ කරනවනම් අලුත් එන පොඩි කොල්ලන්ට, දැන්වත් නතර කරපන්. උන් එන්නෙ කීයක් හරි හොයන්න මිසක් තෝපෙ ගැනු එක්ක බුදියන්න නෙමේ :)
    සමහර lectures ලත් ඉන්නවා එපා කරවන
    උඹල කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ මං මුලින්ම html, css ඉගෙන ගත්තෙ 2010 විතර ඒ කාලෙ තිබ්බ පත චයිනීස් ෆෝන් එකකින්. ඒ දවස්වල තිබ්බ wapka.mobi, xtgem.com(දැනටත් තියනව) වගේ WAP site building tools. ඒවගෙන් ඒකාලෙ තිබ්බ facebook mobile site, arawap.net එක clone කරන්න ට්‍රයි කරා. 😀 මාරම ආතල් ඒ දවස්වල. පස්සෙ after A/L මං ගත්ත ගොබ්බ තීරණ ගොඩක් නිසා අවුරුදු ගානක් ඒ දේවල්වලින් ඈත් වෙලා හිටියෙ. පස්සෙ ආපහු IT ෆීල්ඩ් එකට යන්න තීරණය කරල සෑහෙන්න self study කරා. udemy and youtube තමයි ඉතින් දෙයියො වගේ හිටියෙ. පස්සෙ කොල්ලෙක්ගෙ final project එකකට android app එකක් ගහල දුන්න. තව reactjsවලින් පොඩි webapp එකක් හැදුව. ඒ අතරෙ internshipවලට apply කරා. ගොඩක් ඒවගෙන් reply එකක්වත් ආවෙ නෑ. linkedin එකෙන් hr managerslata private message දැම්ම. එහෙම දාපු එකකට තමයි පලවෙනි වතාවට ඉන්ටව් කෝල් කරේ. වාසනාවකට වගේ පලවෙනි ඉන්ටව් එකෙන්ම සෙලෙක්ට් උනා. දැන් මං 6 month internship එක ඉවර කරල ඒ company එකේම 6 month contract එකකට ASE ඉන්නෙ.

    මට හම්බුන සුපිරිම ඔන්ලයින් කෝස් 2.
    https://cs50.harvard.edu/x/2022/
    https://fa22.datastructur.es/
    උඹේ වයස කීයද බං?
    ගොඩක් උන් කම්පියුටර් එක පරිහරණය කරන්නෙ ඔය වගෙ ඩිග්‍රි ප්‍රොග්‍රැම් වලට සිලෙක්ට් උනහම .
    ගෙදර කම්පියුටරයක් තිබ්බ උන් මොකක් හරි ගේමක් ගහන්න දන්නවා.
    අර ඒ ගොල්ලො දන්නෙ අයිඩී ඊ ටිකයි කෝඩින් ටිකයි කන්සෙප්ට්ස් කිහිපයකුයි විතරයි .ඒකත් ප්‍රඩක්ට් එකට අනුව වෙනස් වෙනවා .ටෙක්නිකල් ස්කිල් එක ගොඩක් ක්ශෙස්ත්‍ර වල අඩුයි.
    ඒ වගෙම තියොරැටිකලො ගත්තොත් ගණිතයත් ස්ට්‍රොන්ග් තියෙන්න ඔනි ප්‍රොග්‍රැමින් වල .ඒකත් ගොඩක් උන්ට නැහැ.
    හැබැයි ඉතින් මේ එක දෙයක්වත් රස්සවක් කරගන්න ප්‍රශ්නයක් නෙමෙ
    Maths මොන වගේ ඒවද බං ඕන වෙන්නේ..? අපට nibm එකේ කරේ.. matrix, equations, probability , වගේ ඒව නේ..