Selling on eBay 2

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    eBay ලංකාවේ සිට භාණ්ඩ යවන අයව දිරිමත් කරන්න පොඩි ලිපියක් තමා මන් අද දාන්න යන්නේ අපිට භාණ්ඩ පැක් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියේ එකක් ලියුම් කවර, පාර්සල් කවර, පාර්සල් බොක්ස් පොස්ට් කාර්ඩ් අපිට වැඩක් නැනේ. මන් පහලින් දෙන්නම් ලංකාවේ තැපෑලෙන් සහ EMS සේවාව මගින් තැපල් කිරීමේ මිල ගන්න දැනට තැපැල් කාර්යාලයේ භාවිත කරන්නෙත් මේ PDF එකමයි.


    https://slpost.gov.lk/…/New-Foreign-Postage-Rates-2018-1.pdf


    ඔන්න ඔකේ තියෙනව සියලුම මිල ගණන් ගුවන් සහ නැව් භාණ්ඩ ප්‍රවාහන මිල ගණන් එතකොට ඔයාලට බර අනුව මිල ගණනය කරගන්න පුළුවන් මීට අමතරව මේ යවන පාර්සල් ඒක ලියාපදිංචි සහ ලියාපදිංචි නොවන යන කාණ්ඩ දෙකෙන් ම යවන්න පුළුවන් ලියාපදිංචි කියන්නේ With Tracking No කියන එකට මේකට ගාස්තුව ඔයාගේ බර ගණනය කරලා ලියාපදිංචි නොවන ගාස්තුවට එනවා අන්න එකට තව අමතරව 200Rs එකතු වෙනවා.
    ඔයාලගේ පාර්සලය පළමුව තැපැල් කාර්යාලයේ ඇති අලවි සැල වෙත ගොස් ඔබට අවශ්‍ය ප්‍රමාණයේ කවරය හෝ බොක්ස් ඒක තෝරාගෙන ඔබගේ යවන්නාගේ ලිපිනය සඳහන් කල යුතුය පසුව පිටුපස ඔබගේ ලිපිනය විස්තර යොදා Declaration වල ඇති අඩංගු දව්‍ය ප්‍රමාණය බර වටිනාක සඳහන් කල යුතුය. පසුව දිනය ඔබගේ අත්සන යෙදිය යුතුය. ඉන්පසු ඔබගේ භාණ්ඩය මුද්‍රා තබයි. දැන් ඔබට Declaration ෆෝරමය ලබාදේ එයටද ඉහත සදහන් කල විස්තරය ලබාදිය යුතුය. (පුළුවන් තරම් බර අඩු කරන්න බලන්න.)


    දැන් ඔබගේ භාණ්ඩය සහ Declaration ෆෝරමය තැපැල් කන්තෝරුවේ ඇති පාර්සල් කවුටරය වෙත ලබාදිය යුතුය එතනදි ඔබගෙන් අසාවි නෝමල් ද ලියාපදිංචි ද කියල එහෙමත් නැත්තම් EMS ද කියලා ඊබේ කරන අය. ලියාපදිංචි හෝ EMS දානවා නම් වඩාත් හොඳයි හැබැයි EMS ගණන් වැඩියි උඩ PDF එකේ මිල ගණන් තියේ සේරම. ඊට පස්සේ ඔයාලට මිල කියනවා ඒක ගෙවන්න විතරයි තියෙන්නේ. ලියාපදිංචි හෝ EMS අයට Tracking ඒක සමඟ අදාළ කුවිතාන්සිය ලබා දෙනවා. දවස් දෙකක් වගේ යනකොට Tracking ඔන්ලයින් පෙන්නනවා.


    ඔයාලට තැපැල් කන්තෝරුවේ අලවි සැලෙන් බොක්ස් කවර ගෙදර ගෙනල්ල තියාගන්න පුළුවන් හැබැයි මුද්‍රා තබල ගෙනියන්න බැහැ ලිපිනය විතරක් සඳහන් කරන්න අනිත්වා එකක් වත් පුරවන්න එපා. තැපැල් කාර්යාලයේ අලවි සලේ දී සේරම කරලා දෙනවා ප්‍රින්ට් කරලා අලවන්න පුළුවන් EMS විතරයි ඒක නිසා අතින් පුරවන්න. පැහැදිලි අකුරු ලියන්න පුළුවන් පෑනක් භාවිතා කරන්න. අකුරු පැහැදිලිව පෙනෙන්න ලොකුවට ලියන්න. නිල් කළු පාටවල් ගැටළුවක් නැහැ.


    මේක පාර්සල් ඒක යවන්නේ රේගු දෙපාර්තමේන්තුව එහෙදි අවශ්‍ය නම් ඔයාට එහෙට එන්න කියල පාර්සල් ඒක විවෘත්ත කරලා බලන්න පුළුවන් බලය එයාලට තියෙනවා මොකද ස්කෑන් පරික්ෂාවේ සැක සහිතයි නම් එයාල කඩල බලනව.


    All credit goes to

    https://web.facebook.com/ShashithHarshana

     
    Last edited:

    Dila001

    Member
    Jul 19, 2016
    5
    0
    0
    Yevon1992 post eka hodai. hebai aduma gane post ekak copy paste karddi copy karapu kenage namawath danna mathaka thiya gaththoth thawath hodai. meka Prabamal Ranathunga post ekakne.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Tnx.

    You must spread some Reputation around before giving it to Yevon1992 again.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ලියාපදිංචි කියන්නේ With Tracking No කිවුවට USA වලට Tracking නෑනේද ?
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලංකාවේ ඊබේ වල සෙලිං කරනවා කියන්නෙ .

    අපායෙ යනවා බස් එක නෑ හැරිලා එනවා .

    ආයි යනවා. ඒත් බස් එක මගදි කැඩෙයිද නැද්ද කියලා හිතමින් :baffled: