SEO වලදී ගන්න ඕන එකම තියරි එක තමයි හැම වෙලාවේම search engine එකක් update වෙන්නේ එය භාවිතා කරන අයට හොඳම කන්ටෙන්ට් දෙන්න.
මුල්ම කාලේ meta tags තමයි SEO එත් page එකේ නැති දේවල් පවා meta tags වල දාලා ඒ කාලේ SEO පණ්ඩිතයෝ search engine නොමග යවන්න ගත්තා. ඒ එක්කම meta tags නොසලකා page එකේ තියෙන keywords extract කරන්න search engine update වුනා එත් content quality එක මනින්න ක්‍රම මුල් කාලේ search engine වල තිබුනේ නැහැ.
content quality එක මනින්න AI නැති කාලේ තමයි backlinks මගින් content එක හොඳද නැද්ද කියලා සොයන ක්‍රම හැදුනේ. එක තමයි google පොඩි එකා කාලේ කලේ ඒ එක්කම google බබා කරන්න SEO කරන අය්යලා backlinks ගැහුවා පස්සේ google කලේ backlinks වල quality එක සොයන්න ක්‍රම හදාගත්තා ඒ ක්‍රමයක් තමයි page එකකට තියෙන backlinks එයට related ද කියල guess කිරීම සහ වෙනත් ක්‍රම හදාගත්තා.
දැනට වසර කිහිපයක සිට google content quality එක මනින්න AI භාවිතා කළා. එතනදී සයිට් එකක් up කරන්න කෙලින්ම දායක වන්නේ content quality එක විතරයි ප්‍රධාන වශයෙන්. නමුත් මොන AI එකට වුනත් අපේ කන්ටෙන්ට් එක අඳුනා ගන්න සහ එයට ගැලපෙන සහ හිට් කරන්න ඕන keywords ගැන අපි හිතන්න ඕන. ඒ හැර search engine නොමග යවන දේවල් ගැන කියන SEO පණ්ඩිතයෝ කරන්නේ තනිකර බොරුවක්.
මේ ටික හිතේ තියෙන IQ එක හොඳ මිනිහෙකුට තමයි SEO වලින් සාර්ථක වෙන්න පුළුවන්.
නොමිලේ දිය හැක්කේ මෙපමණයි