SFගේ දියණියගෙන් හැඟුම්බර සංදේශයක්
ඔවුන් අපට හිරිහැර කරන්නේ ඇයි? ජනරාල් දියණියගෙන් හැඟුම්බර සංදේශයක්
විශේෂාංග ලිපි 2010 මාර්තු 07 වෙනි ඉරිදා, 16:17
මෙවැන්නක් ලියන අදහසින් සූදානම් වුවත් ටිකවෙලාවක් කල්පනා කරමින් සිටියෙමි. යම් කාලයකින් ලිවීමේ කටයුත්තක යෙදී නැති නිසාත් මගේ ජිවිතයට දිනපතා එකතුවන බලාපොරොත්තු නැති පුදුම සහගත අත්දැකීම් නිසාත් කොතැනින් ආරම්භ කර කොතැනින් අවසන් කළයුතුදැයි නොතේරේ. කවුරුන් හෝ සමඟ බෙදාගෙන හිතේ බර සැහැල්ලූ කරගතයුතු කාරණා ගොඩක් මා වෙත එකතු වී ඇත. හැම උදයකම මා අවදිවන්නේ අද මගේ පවුලේ සාමාජිකයන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ මොකක්ද, දවස ගෙවී යන විට අපේ ඉරණම කොහොම වේදැ යනාදී දහසකුත් දේ සිතමින්ය. අද මා මෙසේ ලිවිය යුතුයැයි සිතුවේ ද මේ තත්වය නිසාමය.
ඔබට පිළිතුරු ලබාගතයුතු ප්‍රශ්න දහසක් ඇතිවා වන්නට පුළුවන. ඔබ වික්ෂිප්ත වී සිටින බව මම දනිමි. සැබෑ තොරතුරක් තෝරා බේරා ගන්නට නොහැකි තරමට ම වැරදි තොරතුරු වැසි වස්සවමින් ආණ්ඩුවේ මාධ්‍යයන් විසින් වැරදි තොරතුරු වැසි වස්සවමින් මහා බොරු සාගරයක රට ගිල්වා දමමින් තිබේ. බියපත්ව සිටිනවුන් වෙනුවෙන් සහ ජීවිත අවදානමින් සිටිනවුන් වෙනුවෙන් මම දන්නා සියල්ලක්ම ලියමි.
මගේ බ්ලොග් අඩවියට ඔබ එවු අදහස් හා ප්‍රතිචාර කියවීමෙන් පසු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් පැහැදිළි කළ යුතු බව කල්පනා කළෙමි. මගේ පියා අහිංසක සිවිල් ජනතාව ඝාතනය කළේ නැත. මා දන්නා ආකාරයට අවසාන මොහොත දක්වා ඔහුගේ සටන තිබුණේ අහිංසක සාමාන්‍ය ජනතාව වෙනුවෙනි. කිසිම දවසක ඔහු ඔහුගේ මිනිසුන් පාවාදුන්නේ ද නැත. අපේ සොල්දාදුවන් වෙත අන්‍යයන් එල්ල කළ අවලාද ඔහු තමන් වෙත පවරා ගත්තේය. ඔහු අපේ රටේ ප්රචණ්ඩත්වය තුරන් කිරීමට කටයුතු කළ යුද හමුදා ජෙනරාල්වරයාය. ඔහු පමණක්ද? අපි ජාතියක් වශයෙන් ඊට දායක වූයෙමු.
මා එසේ කියන්නේ ප්‍රචණ්ඩත්වයට කැමැති නිසා නොවේ. ප්රචණ්ඩ ලෙස කටයුතු කිරීමෙන් කිසිවක් යුක්ති සහගත කර ගත හැකි බව මා සිතන්නේ නැත. ඒත් මා තීරණ ගන්නා මට්ටමේ කෙනෙකුද නොවේ. ඔහු මගේ පියා වගේම මගේ රටේ අසහාය යුද සෙන්පතියා වේ. ඔබගෙන් සමහර දෙනා මුහුණ දුන් පීඩාව මට රහසක් නොවේ. යුද්ධ කාලයේදී එය සිතන්නට නොහැකි තරම් වේදනාකාරී වූ බවත් මට මතකය. උතුරේ සිට දකුණට අම්මාවරු හැඬූ කඳුළින් කල්ගත කළහැටි මට මතකය. ඒ කාලයේ අපේ රටේ සෑම තැනකම ජීවත් වූ සහෝදර සහෝදරියන්, සහ සමහරවිට පවුල් පිටින් ම මිය ගිය මතකයන් ඉතිරි වී තිබේ. සිංහලයන්, දෙමළුන් හෝ මුස්ලිමුන් වුවත් අපි හැමදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතුය. අප කිසිම අවස්ථාවක උනුන් කෙරෙහි වෛර සහගත සිතිවිලිවලට යටත් විය යුතු නැත. අපට එකාවන්ව සමඟිවී හොඳින් ජීවත් විය හැකිව තිබියදී බෙදී වෙන් විය යුතු නැත.