SFගේ දියණියගෙන් හැඟුම්බර සංදේශයක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
SFගේ දියණියගෙන් හැඟුම්බර සංදේශයක්

ඔවුන් අපට හිරිහැර කරන්නේ ඇයි? ජනරාල් දියණියගෙන් හැඟුම්බර සංදේශයක් විශේෂාංග ලිපි 2010 මාර්තු 07 වෙනි ඉරිදා, 16:17
SarathFonseka_family.jpg
මෙවැන්නක් ලියන අදහසින් සූදානම් වුවත් ටිකවෙලාවක් කල්පනා කරමින් සිටියෙමි. යම් කාලයකින් ලිවීමේ කටයුත්තක යෙදී නැති නිසාත් මගේ ජිවිතයට දිනපතා එකතුවන බලාපොරොත්තු නැති පුදුම සහගත අත්දැකීම් නිසාත් කොතැනින් ආරම්භ කර කොතැනින් අවසන් කළයුතුදැයි නොතේරේ. කවුරුන් හෝ සමඟ බෙදාගෙන හිතේ බර සැහැල්ලූ කරගතයුතු කාරණා ගොඩක් මා වෙත එකතු වී ඇත. හැම උදයකම මා අවදිවන්නේ අද මගේ පවුලේ සාමාජිකයන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ මොකක්ද, දවස ගෙවී යන විට අපේ ඉරණම කොහොම වේදැ යනාදී දහසකුත් දේ සිතමින්ය. අද මා මෙසේ ලිවිය යුතුයැයි සිතුවේ ද මේ තත්වය නිසාමය.


ඔබට පිළිතුරු ලබාගතයුතු ප‍්‍රශ්න දහසක් ඇතිවා වන්නට පුළුවන. ඔබ වික්ෂිප්ත වී සිටින බව මම දනිමි. සැබෑ තොරතුරක් තෝරා බේරා ගන්නට නොහැකි තරමට ම වැරදි තොරතුරු වැසි වස්සවමින් ආණ්ඩුවේ මාධ්‍යයන් විසින් වැරදි තොරතුරු වැසි වස්සවමින් මහා බොරු සාගරයක රට ගිල්වා දමමින් තිබේ. බියපත්ව සිටිනවුන් වෙනුවෙන් සහ ජීවිත අවදානමින් සිටිනවුන් වෙනුවෙන් මම දන්නා සියල්ලක්ම ලියමි.

මගේ බ්ලොග් අඩවියට ඔබ එවු අදහස් හා ප‍්‍රතිචාර කියවීමෙන් පසු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් පැහැදිළි කළ යුතු බව කල්පනා කළෙමි. මගේ පියා අහිංසක සිවිල් ජනතාව ඝාතනය කළේ නැත. මා දන්නා ආකාරයට අවසාන මොහොත දක්වා ඔහුගේ සටන තිබුණේ අහිංසක සාමාන්‍ය ජනතාව වෙනුවෙනි. කිසිම දවසක ඔහු ඔහුගේ මිනිසුන් පාවාදුන්නේ ද නැත. අපේ සොල්දාදුවන් වෙත අන්‍යයන් එල්ල කළ අවලාද ඔහු තමන් වෙත පවරා ගත්තේය. ඔහු අපේ රටේ ප‍්‍රචණ්ඩත්වය තුරන් කිරීමට කටයුතු කළ යුද හමුදා ජෙනරාල්වරයාය. ඔහු පමණක්ද? අපි ජාතියක් වශයෙන් ඊට දායක වූයෙමු.

මා එසේ කියන්නේ ප‍්‍රචණ්ඩත්වයට කැමැති නිසා නොවේ. ප‍්‍රචණ්ඩ ලෙස කටයුතු කිරීමෙන් කිසිවක් යුක්ති සහගත කර ගත හැකි බව මා සිතන්නේ නැත. ඒත් මා තීරණ ගන්නා මට්ටමේ කෙනෙකුද නොවේ. ඔහු මගේ පියා වගේම මගේ රටේ අසහාය යුද සෙන්පතියා වේ. ඔබගෙන් සමහර දෙනා මුහුණ දුන් පීඩාව මට රහසක් නොවේ. යුද්ධ කාලයේදී එය සිතන්නට නොහැකි තරම් වේදනාකාරී වූ බවත් මට මතකය. උතුරේ සිට දකුණට අම්මාවරු හැඬූ කඳුළින් කල්ගත කළහැටි මට මතකය. ඒ කාලයේ අපේ රටේ සෑම තැනකම ජීවත් වූ සහෝදර සහෝදරියන්, සහ සමහරවිට පවුල් පිටින් ම මිය ගිය මතකයන් ඉතිරි වී තිබේ. සිංහලයන්, දෙමළුන් හෝ මුස්ලිමුන් වුවත් අපි හැමදෙනා ශ‍්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතුය. අප කිසිම අවස්ථාවක උනුන් කෙරෙහි වෛර සහගත සිතිවිලිවලට යටත් විය යුතු නැත. අපට එකාවන්ව සමඟිවී හොඳින් ජීවත් විය හැකිව තිබියදී බෙදී වෙන් විය යුතු නැත.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Continued...............

මේ සියළු වේදනාවන් හා පීඩාවන් මැද අප විසින්ම සොයා ගත යුතු වන්නේ අපේ බොහෝදෙනා මරණයට තල්ලූ කළ බෙදීම් යා කළ හැකි පාලමකි. ඇත්ත වශයෙන්ම දැන් යුද්ධය අවසන්ය. අප බලාපොරොත්තුවන ආකාරයට රට දියුණු කිරීමට කාලය දැන් උදාවී තිබේ. අපව බෙදා වෙන්කරන, මිනිසුන් වශයෙන් එකිනෙකාගෙන් ඈත් කරන ලේබල් ඉවත් කළ යුතුය. අපි සිංහල, දෙමළ මුස්ලිම් වැනි ජන කණ්ඩායමකට අයත් වුවත්, ආගම් හෝ ජනවාර්ගික වෙනස්කම්වලින් යුක්ත වුවත් අපේ හදවතේ ගැඹුරු පත්ලේම ඇත්තේ ශ‍්‍රී ලාංකිකකමයි. අපේ ඇතුළාන්තයේ ඇත්තේ මනුස්සකමයි. රිදීම්, වේදනාවන් සහ ශෝකජනක දේ සියල්ල තිබියදී අප ශ‍්‍රී ලාංකිකයන්බව අමතක කළ යුතු නැත. අප නිතර නිතර එකිනෙකා සමඟ සටන් වැදීමෙන් ලබාගන්නේ කුමක්ද?

අපි අපට ඇති ප‍්‍රශ්න හඳුනාගෙන ඒවාට පිළිතුරු සෙවීම සඳහා එක්වී වැඩ කළ යුතුව ඇත. එක්ව වැඩ කිරීමෙන් රටට යම් හෝ යහපතක් ළඟාකරගත හැකි බව මේ ආකාරයෙන් බ්ලොග් අඩවියේ කළ අදහස් හුවමාරු කරගැනීමේදී මට තේරුම් ගත හැකි විය. වංචාව දූෂණය නැති කරන්නට හැකියාවක් තිබේද? දුප්පත්කම නැතිකරන්නට හැකිවේද? ආණ්ඩුව පරාජය කරමින් සෑම පුරවැසියන්ට ම සමාන අයිතිවාසිකම් දිය හැකිද? මේ වැනි සුන්දර රටක ජිවත්වීමට හැකි තරමටම අප වාසනාවන්තය. ඒත් ඒ සියල්ල අපි සදාකාලික කරගන්නට උත්සාහ කිරීම වරදකි. නරක නායකයන් පවා සදාකාලික කරන්නට අපි කටයුතු කරමු. අපට එක්වී යහපත් අනාගතයක් වෙනුවෙන් වැඩ කරන්නට අවස්ථාවක් තිබේද? සිංගප්පූරුව උදාහරණයකට ගනිමු. ඔවුන් තමරට දියුණු කිරීමට උදාහරණයක් ලෙස යොදා ගත්තේත් අපේ රටමය. ඔවුන් කළ පළමු දෙය නම් ඉහළ සිට පටන්ගෙන දූෂණය නැවැත්වීමයි. දිගු කාලයක් පැවැති යුද්ධය පෙන්වමින් රට දියුණු කිරීමට නොහැකිවීම ගැන හේතු කියමින් සිටි අපට දැන් තවත් නම් නිදහසට කාරණා ඉතිරිවී නැත.

යුද්ධය අවසන්ව ඇත. එහෙත් රට තවමත් අගාධය කරා ගෙනයමින් තිබේ. යුද තත්වය මැද වුවද අපට නිදහසේ කතාකරන්නට හැකියාවක් තිබිණි. අපට නිතරම දකින්නට ලැබුණේ රාජපක්ෂ නාමය පමණකි. අසන්නට ලැබුණේ එම කටහඬ පමණකි. එහෙත් දැන් එය වෙනස්විය යුතුය. ජාතියක් වශයෙන් අපට මීට වඩා නිදහසක් හිමි විය යුතුය.

මේ ලියන අවස්ථාව වන විට මගේ පියා නීති විරෝධී ආකාරයෙන් රැඳවුම්භාරයට ගෙන දින විසිහතරක් ඉක්ම ගොස් තිබේ. ඒ කුමන හේතුවක් නිසාද? කවුරුවත් එය නොදනී. ඔබ ද මම ද පමණක් නොව ආණ්ඩුවවත් එය නොදනී. මෙය උමතුවක් නොවේද? ඔවුන් ලෝකයට පවසන්නේ මගේ පියා සුඛෝපභෝගී හෝටල් කාමරයක දිවි ගෙවන බවයි. ඔවුන් ඔහු රඳවා ඇත්තේ කෙබඳු තැනකදැයි මම ඔබට පැහැදිළි කරන්නම්. පෙබරවාරි 8වැනිදා ඔවුන් ඔහු රැගෙන ගියේ නාවික හමුදා මූලස්ථානය වෙතටයි.

ඔහු යුද හමුදා කඳවුරක රැඳවීමට ඔවුන් කටයුතු නොකළේත් සිදුවන අසාධාරණය දැකීමෙන් ඔහු මුදාගන්නට හමුදා නිලධාරින් හා සෙබළුන් කටයුතු කරනු ඇති බවට වන සැකය නිසාය. ඒ පළමුවැනි දවසේ මගේ පියාට ආහාරයක් පවා නොවීය. රඳවනු ලැබ සිටි කාමරයේ ජනේල සහ කවුළු ලෑලි ගසා ආවරණය කර තිබිණි. කාමරයට පිරිසිදු වාතාශ‍්‍රය නොලැබෙන තත්වයක් විය. කාමරය පිටත සිට මුර කාර්යයේ යෙදුණු නාවික භටයන්ට හා යුදහමුදා පොලිස් භටයන්ට වාතාශ‍්‍රය ලබා ගත හැකි ජංගම උපකරණ ලබාදී තිබිණි. එහෙත් ඔවුන් මගේ පියාට පිරිසිදු වාතය හෝ හිරුඑළිය නොලැබෙන තැනට කටයුතු යොදා තිබිණි.

පසුගිය කාලයේ එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරය හා වෙනත් ප‍්‍රහාරයන් නිසා මගේ පියාගේ පෙනහළු ක‍්‍රියාකාරීත්වය දුර්වල වී තිබිණි. ඔහුට විශේෂයෙන් පිරිසිදු වාතාශ‍්‍රය ලබාදෙන පහසුකම් අවශ්‍ය වේ. කිහිප වතාවක් පැමිණිලි කිරීමෙන් පසුව ඔවුන් විසින් එක් කවුළුවක් විවෘත කර යකඩ දැලක් සවිකර තිබේ. මගේ අම්මා විසින් ඔහුට වාතාශ‍්‍රය සැපයිය හැකි යාන්ත‍්‍රික උපකරණයක් ලබාදෙන්නට විමසූ විට ඔවුන් එය ප‍්‍රතික්ෂේප කර තිබිණි. පසුගිය කාලයේ ත‍්‍රස්තවාදී නායකයන්ව සිටියවුන් සුඛෝපභෝගී නිවෙස්වල වාසය කරද්දී වීරයකු වන මගේ පියා කුඩා කාමරයක අගුළු දමා සිරගතකර සිටී.

පෙබරවාරි 23වැනිදා මගේ පියා විසින් යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට නීතිඥවරුන් හමුවීමට අවසර දෙන ලෙස නියෝග කරන ලදී. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් නොතකා කටයුතු කළ පුද්ගලයන් විසින් ඒ සඳහා අවසරය ලබා දුන්නේ මාර්තු මුල් සතියේදීය. ඔහුට කියවන්නට හැකිවන්නේ ආණ්ඩුවට පක්ෂපාතව පළ කෙරෙන දිනමිණ හා ඩේලිනිවුස් පුවත්පත් දෙක පමණි. මගේ පියාට සියළු සැප පහසුකම් දෙන බව පවසමින් ජනතාව මුලාකරන්නට ආණ්ඩුව හැකි සෑම දෙයක්ම කරමින් සිටී.

පියාට එල්ල වෙන ප‍්‍රහාර එයින් අවසන් වන්නේ ද නැත. ආණ්ඩුව විසින් මගේ පියා අත්අඩංගුවට ගත්තද ඊට අදාළ චෝදනා ඉදිරිපත් කර නැත. එහෙත් මගේ අම්මා පිළිබඳවද ඔවුන් විමසිලිමත්ව සිටින්නේ ඇයට විරුද්ධව යම් චෝදනා ඉදිරිපත් කිරීමටය. ඇය කරණ ප‍්‍රකාශ ඇසුරින් චෝදනා කිරීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව ඇගේ ප‍්‍රකාශ සියල්ල පටිගත කරයි. ඔවුහු දැන් මගේ සහෝදරියට චෝදනා නගමින් සිටිති. ඔවුන් පවසන ආකාරයට මගේ සහෝදරිය කළු සල්ලි ජාවාරමක නියැළෙන බවටද, මගේ ඥාති සොහොයුරා යුද අවි ජාවාරම්කාරයකු බවටද චෝදනා කරනු ලැබ තිබේ. ඉතිරිව සිටින්නේ මා පමණි. මීළඟට ඔවුන් අපට විරුද්ධව ගෙන එන්නේ කුමක්දැයි මා දන්නේ නැත.

ඔවුන් අපට හිරිහැර කරන්නේ ඇයි?

ජනාධිපතිවරණය සාධාරණ වූවායැයි ඔවුන් සිතනවා නම්, අප වරදකරුවන් බව පෙන්වමින් අපට ආධාර කළවුන්ට පවා හිරිහැර කරන්නේ ඇයි?

ඔබට ආරක්ෂාව ලබන්නට ක‍්‍රමයක් නැතිව තිබියදී ඔවුන් පහරදෙන්නේ ඇයි?

මේ රටේ විරුද්ධවාදී දේශපාලන පක්ෂයක් පැවැතීම අපරාධයක්ද?

අප විසින් සාමය උදාකරගෙන එසේත් නැතිනම් සාමය උදා වූ බව නිගමනය කර වසරක් ගෙවී ඇත. දැන් සිදුවන්නේ කුමක්දැයි මට වැටහීමක් නැත. එය කාලය විසින් තීරණය කරනු ඇත. එසේම ඉක්මනින් ම සත්‍යය හෙළිවනු ඇත. අද හෝ හෙට එය ඉටු නොවනවා විය හැකිය. එහෙත් ඒ දිනය ඉක්මනින් උදාවනු ඇත.

එතෙක්, ඉවසා සිටීමට අපට ධෛර්යය අවශ්‍ය වේ.

අපර්ණා ෆොන්සේකා
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

යුද්ධය අවසන්ව ඇත.
එහෙත් රට තවමත් අගාධය කරා ගෙනයමින් තිබේ.
යුද තත්වය මැද වුවද අපට නිදහසේ කතාකරන්නට හැකියාවක් තිබිණි. අපට නිතරම දකින්නට ලැබුණේ රාජපක්ෂ නාමය පමණකි.
අසන්නට ලැබුණේ එම කටහඬ පමණකි.
එහෙත් දැන් එය වෙනස්විය යුතුය.
ජාතියක් වශයෙන් අපට
මීට වඩා නිදහසක් හිමි විය යුතුය.

:yes::yes::yes:
 

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    sf been promoted as the Chief of Defence and and he will be the cheif of all 3 forces now im asking all the mr supporters who played a major part on this war navy commander?? airforce commander?? or sf(army commander)....coz all 3 forces would be under sf....so even govt gave the credit for sf...nobody but sf...he's been treated as our war hero back then which the same govt now arrested him over nothing but for a personal revenge...

    mr supporters are retarded pansy buffalos...who does knw ntng but goes kade for mr...
     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    sf been promoted as the Chief of Defence and and he will be the cheif of all 3 forces now im asking all the mr supporters who played a major part on this war navy commander?? airforce commander?? or sf(army commander)....coz all 3 forces would be under sf....so even govt gave the credit for sf...nobody but sf...he's been treated as our war hero back then which the same govt now arrested him over nothing but for a personal revenge...

    mr supporters are retarded pansy buffalos...who does knw ntng but goes kade for mr...

    මහින්දගෙ හීන මානය නිසයි
    මහින්ද SFට වද දෙන්නෙ.
    ඉස්කෝලෙ යනකාලෙත් මහින්ද
    පන්තියෙ ඉන්න දක්ෂ ළමයින්ට රැග් දෙන්න ඇති.


    :D
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මහින්දගෙ හීන මානය නිසයි
    මහින්ද SFට වද දෙන්නෙ.
    ඉස්කෝලෙ යනකාලෙත් මහින්ද
    පන්තියෙ ඉන්න දක්ෂ ළමයින්ට රැග් දෙන්න ඇති.


    :D

    janmeta wada purudda lokui kiyanne ekane
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    danuth karanne ekamane :lol::lol::lol:

    :yes::yes::yes:

    අඩු ගාණෙ ඒ ලමයි ලැට් යනකන් ඉඳල එලියෙන් දොර වහලවත් ඇති.
    පොර පොතක් පතක් වත් කියවන්නෙ නැතෙයි කියල සෝමවංශ කිව්වෙ.
    සහෝදර සමාගමම එහෙමලු.


    :D