දෙවන කොටස.......
11. මම කොටස් මිලදී ගැනීමට අදහස් කරනු ලබන්නේ නම් සි.ඩි.එස් ගිණුමක් තිබීම අනිවාර්යද?
ඔව්. මක්නිසාද යත් තවදුරටත් කොටස් සහතික නිකුත් කිරීමක් නොකරන බැවින්ය.
12. මගේ ආයෝජන උපදේශක හට මා සදහා කාලයක් නොමැත. එම නිසා මා සිතන ආකාරයට මා හට සාධාරණ සේවාවක් නොලැබේ.
බොහොමයක් ආයෝජන උපදේශකවරුන් කාර්ය බහුල වී ඇත්තේ පසුගිය වසර තුල කොටස් වෙළදපළ අත්දුටු වර්ධනයන් නිසාවෙනි. එම නිසා එක් ආයෝජකයෙකු වෙනුවෙන් ඇති කාලය අඩු වි ඇත. ඔබ ඔබගේ උපදේශකවරයාගෙන් සැහීමකට පත් විය හැකි කාලයක් නොලබන්නේ නම්, ඔබ ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමට පෙළඹිය යුතුය. එම නිසා නිවැරදි අවශ්‍ය තොරතුරු ලබා නොගැනීමට ඔබද යම්තාක් දුරකට වැරදිකරුවකු විය හැක.
තව දුරටත් ඔබ ඔබගේ උපදේශකවරයාගෙන් සැහීමකට පත් නොවන්නේ නම් ඔබට වෙනත් උපදේශකවරයෙක් තැරව්කරුගෙන් ඉල්ලා සිටිය හැක. එසේ නොමැතිනම් ඔබට වෙනත් තැරව්කරුවකු වෙත යා හැක.
13. ඉතුරුම් ගිනුමක හෝ ස්ථාවර තැම්පතුවක ආයෝජනය නොකර කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කරන්නේ ඇයි? එයින් ලැබෙන අමතර ප්රතිලාභ මොනවද?
ඔබ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීමෙන් ඔබට මාසිකව පොලි අදායමක් ඉපැයිය හැක.(බැංකුව බුන්වත්භාවයට පත් නොවන්නේ නම්). කෙසේ වෙතත් ප්‍රතිලාභය ස්ථාවරය.ඔබ නිසි අවබෝධයකින් යුතුව කොටස් වෙළඳපොළ තුල ගනුදෙනු කරන්නේ නම්, ඔබගේ ප්‍රතිලාභය අසීමිතය. එහෙත් ඔබ මතකයේ තබා ගතයුතු කරුණක් වන්නේ කොටස් මිල සැමවිටකම ඉහළ පහළ යන බව සහ ඉන් ඔබට අලාභයන් සිදුවීමට අවස්ථාව ඇති බවය.ඔබ කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කල යුත්තේ ඔබට එම අවදානමට මුහුණ දීමට හැකිනම් පමණි.
සෑම ආයෝජනයකම වාසි මෙන්ම අවාසිද ඇත.එම නිසා ඔබ මුහුණ දීමට සුදානම් අවදානම සහ කුමන ආයෝජනයක මුදල් යොදවන්නේ ද යන්න ඔබ තීරණය කල යුතු කරුණකි.("ඉහළ අවදානමට ඉහළ ප්රතිලාභ" සංකල්පය.)
14. මා මිලට ගත කොටස් සඳහා ගෙවීම් කල යුත්තේ කෙසේද?
ඔබ කොටස් මිලදී ගත දින සිට වෙළඳ දින 3ක් ඇතුලත (T+3), තැරැව්කාර සමාගම් බැංකු ගිණුමට, ඔබ මිලටගත් කොටස්වලට සමාන මුදල් ප්‍රමාණයත් එයට අදාළ කොමිස් මුදලත් තැන්පත් කල යුතුය.
15. ඉහත කාලය ඇතුලත මට ගෙවීම කල නොහැකි නම්?
ඔබ කොටස් මිලදී ගත් දින සිට වෙළඳ දින 3ක් (T+3) ඇතුලත මුදල් තැන්පත් නොකළහොත්, තැරැව්කාර සමාගම විසින් ගනුදෙනුවක් දින 5ක් (T+5) අදාළ කොටස් විකුණා ඔවුන්ට හිමි මුදල නැවත ලබා ගනු ඇත.
16. තැරැව්කරුවෙකුගේ මැදිහත්වීමෙන් තොරව මට තනිව කොටස් ගනුදෙනු කල හැකිද?
වර්තමානයේ බොහෝ තැරැව්කාර සමාගම් අන්තර්ජාල ගනුදෙනු මෘදුකාංග (Online Trading Applications) සේවා සපයයි. මෙම මෘදුකාංග ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා ඔබට තනිව කොටස් ගනුදෙනු වල නියැලීමේ අවස්ථාව ඇත.තැන්පතුවෙ ප්‍රමාණය මත Online Trading Application එක ලබා ගැනීමට හැකිවේ.මෙමගින් ආයෝජකයන්ට ස්වධීන තීරණ මත ගනුදෙනු වල නියැලීමට ඉඩ සැලසේ. එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල දක්නට පුළුවන. යහපත නම්, ආයෝජන උපදේශකයෙකු අමතා ගනුදෙනු කිරීමේදී ඇතිවන ප්‍රමාදය මගහැරීමෙන් ඔබට ක්ෂණික ගනුදෙනු මගින් වාසි උදාවනු ඇත. මෙහි අයහපත් ප්‍රතිඵලය නම් ඔබ ස්වාධීනව තීරණ ගන්න හෙයින් ඔබ වැරදි තීරණයකට එළඹීමේ සම්භාවිතාව ඉහල යයි. එනමුත් ආයෝජන උපදේශකයෙකුට කොටස් පිළිබඳව මනා අවබෝධයක් ඇති හෙයින් ඔබට වඩා හොඳ තීරණයක් ගැනීමට උපකාර විය හැකිය.
එබැවින් අපගේ අවවාදය, ඔබ ස්වාධීනව ගනුදෙනු වල යෙදෙන අතරම ඔබගේ ආයෝජන උපදේශකයා සමඟ නිරතුරුව සම්බන්ධ වී වෙළෙඳපොල නවතම තොරතුරු සමඟින් දැනුවත් විය යුතුය යන්නයි.
17. මාගේ ඉංග්‍රීසි දැනුම එතරම් හොද තත්වයක නොමැත. එය ප්‍රශ්නයක්ද?
කොහෙත්ම නැත. කොටස් කියවීම ඉගෙන ගන්න හරිම පහසුයි. තවද තැරැව්කාර සමාගම් සියලු තොරතුරු ඉංග්‍රීසි බසින් මෙන්ම සිංහල බසින්ද ලබා දෙනු ලබයි. එමෙන්ම, ඔබට හොඳින් ඉංග්‍රීසි බස කතා කිරීමට හැකි වුවත්, ඔබගේ උපදේශකයා සමඟ ඔබ හිතවත් වෙත්ම ඔබගේ සංවාදය සිංහල බසින් කිරීමට ඔබ පෙළඹෙනු ඇත. මෙය ලංකාවේ බොහෝ ව්‍යාපාර සම්බන්ධතා වලට පොදුවූ කරුණකි.
නැවතත්, කොටස් වෙළඳපොළ ගනුදෙනු සදහා ඔබට හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවේ.
18. කොළඹ කොටස් වෙළඳපොළ බලවත් ආයෝජකයින් අතලොස්සකගේ වුවමනාව මත දෝලනය වන බව සත්‍යක්ද
අපට මේ පිළිබඳ නිශ්චිත පිළිතුරක් දීමට හැකියාවක් නැත. ඔබ දැනටමත් දන්නා පරිදි කොළඹ කොටස් වෙළඳපොළ ලෝකයේ දියුණු රටවල කොටස් වෙළඳපොළවලට සාපේක්ෂව කුඩා පරිමාණයේ වෙළඳපොළකි. විශේෂයෙන්ම සැලකිය යුතු කාරණයක් නම්, මෙම මිත්‍යාව හෝ සත්‍ය ලෝකයේ බොහෝ දියුණු කොටස් වෙළඳපොළ වලටද බලපාන කරුණක් බවයි. එබැවින් කිසිවෙක් නිශ්චිත පිළිතුරක් නොදන්නා මෙම ප්රශ්නය සම්බන්ධව ඔබ නිකරුනේ සිතීමට කාලය ගත කිරීම ඵලදායි නැත. ඔබ සිතිය යුත්තේ කොටස් වෙළඳපොළ තුල ඔබට දියුණු වීමට අවස්ථා ඇත්ද, නැත්ද යන්න ගැන පමණි.
Asanka Senevirathna (
Biz Assist Holdings) අයියා පල කල පෝස්ටුවකින්