Share Market Mega Thread

Investor

Active member
  • Aug 8, 2017
    142
    54
    28
    අපි කොටස් ගත්තට ගන්න සමාග⁣මේ ලාභය බෙදා දෙනවද ⁣

    හැම සමාගමකම ලාභාංශ දෙන්නෙ නෑ...දෙන අය කලින්ම notice එකක් දෙනවා...සමහර එක පාරක් දෙනවා අවුරුද්දට, තව ඒවා දෙපාරක් දෙන වෙලාවලුත් තියෙනවා...ලාභාංශ හා ලාභයෙදි බලන්න ඕන ගනන් නෙවෙයි....ප්‍රතිශතය..... එකෙන් තමයි අපිට වටිනාකම හොය ගන්න පුලුවන් වෙන්නෙ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    On'ally Holdings building owning and rentout karana company ekak. Last account year profit. Unity plaza aithith mekatsla. Meka up wei
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,237
    516
    113
    121495784_184254379872154_4709624740644914024_o.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දෙවන කොටස.......

    11. මම කොටස් මිලදී ගැනීමට අදහස් කරනු ලබන්නේ නම් සි.ඩි.එස් ගිණුමක් තිබීම අනිවාර්යද?

    ඔව්. මක්නිසාද යත් තවදුරටත් කොටස් සහතික නිකුත් කිරීමක් නොකරන බැවින්ය.

    12. මගේ ආයෝජන උපදේශක හට මා සදහා කාලයක් නොමැත. එම නිසා මා සිතන ආකාරයට මා හට සාධාරණ සේවාවක් නොලැබේ.

    බොහොමයක් ආයෝජන උපදේශකවරුන් කාර්ය බහුල වී ඇත්තේ පසුගිය වසර තුල කොටස් වෙළදපළ අත්දුටු වර්ධනයන් නිසාවෙනි. එම නිසා එක් ආයෝජකයෙකු වෙනුවෙන් ඇති කාලය අඩු වි ඇත. ඔබ ඔබගේ උපදේශකවරයාගෙන් සැහීමකට පත් විය හැකි කාලයක් නොලබන්නේ නම්, ඔබ ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමට පෙළඹිය යුතුය. එම නිසා නිවැරදි අවශ්‍ය තොරතුරු ලබා නොගැනීමට ඔබද යම්තාක් දුරකට වැරදිකරුවකු විය හැක.
    තව දුරටත් ඔබ ඔබගේ උපදේශකවරයාගෙන් සැහීමකට පත් නොවන්නේ නම් ඔබට වෙනත් උපදේශකවරයෙක් තැරව්කරුගෙන් ඉල්ලා සිටිය හැක. එසේ නොමැතිනම් ඔබට වෙනත් තැරව්කරුවකු වෙත යා හැක.

    13. ඉතුරුම් ගිනුමක හෝ ස්ථාවර තැම්පතුවක ආයෝජනය නොකර කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කරන්නේ ඇයි? එයින් ලැබෙන අමතර ප්‍රතිලාභ මොනවද?

    ඔබ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීමෙන් ඔබට මාසිකව පොලි අදායමක් ඉපැයිය හැක.(බැංකුව බුන්වත්භාවයට පත් නොවන්නේ නම්). කෙසේ වෙතත් ප්‍රතිලාභය ස්ථාවරය.ඔබ නිසි අවබෝධයකින් යුතුව කොටස් වෙළඳපොළ තුල ගනුදෙනු කරන්නේ නම්, ඔබගේ ප්‍රතිලාභය අසීමිතය. එහෙත් ඔබ මතකයේ තබා ගතයුතු කරුණක් වන්නේ කොටස් මිල සැමවිටකම ඉහළ පහළ යන බව සහ ඉන් ඔබට අලාභයන් සිදුවීමට අවස්ථාව ඇති බවය.ඔබ කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කල යුත්තේ ඔබට එම අවදානමට මුහුණ දීමට හැකිනම් පමණි.
    සෑම ආයෝජනයකම වාසි මෙන්ම අවාසිද ඇත.එම නිසා ඔබ මුහුණ දීමට සුදානම් අවදානම සහ කුමන ආයෝජනයක මුදල් යොදවන්නේ ද යන්න ඔබ තීරණය කල යුතු කරුණකි.("ඉහළ අවදානමට ඉහළ ප්‍රතිලාභ" සංකල්පය.)

    14. මා මිලට ගත කොටස් සඳහා ගෙවීම් කල යුත්තේ කෙසේද?

    ඔබ කොටස් මිලදී ගත දින සිට වෙළඳ දින 3ක් ඇතුලත (T+3), තැරැව්කාර සමාගම් බැංකු ගිණුමට, ඔබ මිලටගත් කොටස්වලට සමාන මුදල් ප්‍රමාණයත් එයට අදාළ කොමිස් මුදලත් තැන්පත් කල යුතුය.

    15. ඉහත කාලය ඇතුලත මට ගෙවීම කල නොහැකි නම්?

    ඔබ කොටස් මිලදී ගත් දින සිට වෙළඳ දින 3ක් (T+3) ඇතුලත මුදල් තැන්පත් නොකළහොත්, තැරැව්කාර සමාගම විසින් ගනුදෙනුවක් දින 5ක් (T+5) අදාළ කොටස් විකුණා ඔවුන්ට හිමි මුදල නැවත ලබා ගනු ඇත.

    16. තැරැව්කරුවෙකුගේ මැදිහත්වීමෙන් තොරව මට තනිව කොටස් ගනුදෙනු කල හැකිද?

    වර්තමානයේ බොහෝ තැරැව්කාර සමාගම් අන්තර්ජාල ගනුදෙනු මෘදුකාංග (Online Trading Applications) සේවා සපයයි. මෙම මෘදුකාංග ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා ඔබට තනිව කොටස් ගනුදෙනු වල නියැලීමේ අවස්ථාව ඇත.තැන්පතුවෙ ප්‍රමාණය මත Online Trading Application එක ලබා ගැනීමට හැකිවේ.මෙමගින් ආයෝජකයන්ට ස්වධීන තීරණ මත ගනුදෙනු වල නියැලීමට ඉඩ සැලසේ. එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල දක්නට පුළුවන. යහපත නම්, ආයෝජන උපදේශකයෙකු අමතා ගනුදෙනු කිරීමේදී ඇතිවන ප්‍රමාදය මගහැරීමෙන් ඔබට ක්‍ෂණික ගනුදෙනු මගින් වාසි උදාවනු ඇත. මෙහි අයහපත් ප්‍රතිඵලය නම් ඔබ ස්වාධීනව තීරණ ගන්න හෙයින් ඔබ වැරදි තීරණයකට එළඹීමේ සම්භාවිතාව ඉහල යයි. එනමුත් ආයෝජන උපදේශකයෙකුට කොටස් පිළිබඳව මනා අවබෝධයක් ඇති හෙයින් ඔබට වඩා හොඳ තීරණයක් ගැනීමට උපකාර විය හැකිය.
    එබැවින් අපගේ අවවාදය, ඔබ ස්වාධීනව ගනුදෙනු වල යෙදෙන අතරම ඔබගේ ආයෝජන උපදේශකයා සමඟ නිරතුරුව සම්බන්ධ වී වෙළෙඳපොල නවතම තොරතුරු සමඟින් දැනුවත් විය යුතුය යන්නයි.

    17. මාගේ ඉංග්‍රීසි දැනුම එතරම් හොද තත්වයක නොමැත. එය ප්‍රශ්නයක්ද?

    කොහෙත්ම නැත. කොටස් කියවීම ඉගෙන ගන්න හරිම පහසුයි. තවද තැරැව්කාර සමාගම් සියලු තොරතුරු ඉංග්‍රීසි බසින් මෙන්ම සිංහල බසින්ද ලබා දෙනු ලබයි. එමෙන්ම, ඔබට හොඳින් ඉංග්‍රීසි බස කතා කිරීමට හැකි වුවත්, ඔබගේ උපදේශකයා සමඟ ඔබ හිතවත් වෙත්ම ඔබගේ සංවාදය සිංහල බසින් කිරීමට ඔබ පෙළඹෙනු ඇත. මෙය ලංකාවේ බොහෝ ව්‍යාපාර සම්බන්ධතා වලට පොදුවූ කරුණකි.
    නැවතත්, කොටස් වෙළඳපොළ ගනුදෙනු සදහා ඔබට හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවේ.

    18. කොළඹ කොටස් වෙළඳපොළ බලවත් ආයෝජකයින් අතලොස්සකගේ වුවමනාව මත දෝලනය වන බව සත්‍යක්ද

    අපට මේ පිළිබඳ නිශ්චිත පිළිතුරක් දීමට හැකියාවක් නැත. ඔබ දැනටමත් දන්නා පරිදි කොළඹ කොටස් වෙළඳපොළ ලෝකයේ දියුණු රටවල කොටස් වෙළඳපොළවලට සාපේක්ෂව කුඩා පරිමාණයේ වෙළඳපොළකි. විශේෂයෙන්ම සැලකිය යුතු කාරණයක් නම්, මෙම මිත්‍යාව හෝ සත්‍ය ලෝකයේ බොහෝ දියුණු කොටස් වෙළඳපොළ වලටද බලපාන කරුණක් බවයි. එබැවින් කිසිවෙක් නිශ්චිත පිළිතුරක් නොදන්නා මෙම ප්‍රශ්නය සම්බන්ධව ඔබ නිකරුනේ සිතීමට කාලය ගත කිරීම ඵලදායි නැත. ඔබ සිතිය යුත්තේ කොටස් වෙළඳපොළ තුල ඔබට දියුණු වීමට අවස්ථා ඇත්ද, නැත්ද යන්න ගැන පමණි.

    Asanka Senevirathna (Biz Assist Holdings) අයියා පල කල පෝස්ටුවකින්

    Patta mcn thanks share karata :love: :love: :love:
     
    • Like
    Reactions: adowhybn

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    වඩා වැදගත් වන්නේ ගනුදෙනු කිරීමද ආයෝජනය කිරීමද? Trading or Investing

    මෙය තවත් සමහර ආයෝජකයන් හට ඇති ප්‍රශ්නයකි. ආයෝජනය කිරීම යනු දිගුකාලීනව සිතා බලා කොටස් මිලදී ගැනීමය. අයෝජනය කරන පුද්ගලයා කොටස් මිලදී ගනු ලබන්නේ නැවත පසුදින කොටස් විකිණීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඒ සඳහා ඔහු දීර්ඝ කාලීන සැලැස්මක් යොදා ගනු ලබයි. එහිදී, ඔහු සිතනු ලබන්නේ අනාගතය පිළිබඳවය. එය අනාගතය සඳහා මුදල් යෙදවීමකි. සමහර අවස්ථාවලදී එය මාස කිහිපයක් හෝ වසර කිහිපයක් විය හැකිය. නමුත්, ගනුදෙනුකරුවා විසින් සිදුකරනු ලබන්නේ ඉතා කෙටි කාල පරාසයක් තුළ කොටස් මිලදී ගෙන විකිණීමය. ලොව සියලුම කොටස් වෙළෙඳ පොළවල් තුළ ආයෝජකයන් මෙන්ම ගනුදෙනුකරුවන්ද සිටී. කොටස් වෙළෙඳ පොළක පැවැත්මට මෙම පාර්ශ්ව දෙකම අත්‍යවශ්‍ය වේ. එහිදී, කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවන්නා විසින් සිදුකළ යුතු වන්නේ, තමන් යොදවන මුදලින් කොපමණ ප්‍රතිශතයක් ආයෝජනය කිරීම සඳහා යොදාගන්නවාද, කොපමණ ප්‍රතිශතයක් ගනුදෙනු කිරීම සඳහා යොදාගන්නවාද යන්න තීරණය කිරීමය. ඔබ නවක ආයෝජකයෙකු නම්, වඩාත් වැදගත් වන්නේ ගනුදෙනු කිරීමට වඩා ආයෝජනය කිරීමට යොමු වීමය. ඔබ පළපුරුදු ආයෝජකයෙකු නම්, ඔබ හට මෙම අවස්ථා දෙකෙන්ම ප්‍රයෝජන ගත හැකිය.

    ආයෝජකයන් ලෙස අපි වඩා කැමති කුමක් සදහාද?

    ආයෝජකයන් ලෙස අපි වඩා කැමති කුමක් සදහාද? අනිවාර්යයෙන්ම
    එය අපි මිලදී ගන්නා කොටස් වැඩි මිලකට විකුනා ලාභයක් ලැබීම
    විය යුතුයි. වෙන කිසිවක් නොවෙයි. එහෙමනම් අපි මිලදී ගත යුත්තේ
    ඉදිරි කාලයෙදී වැඩි මිලකට විකුනා ගත හැකි කොටස් නේද?
    නමුත් අපට තිබෙන ගැටලුව නම් අපි තෝරා ගන්නා සමාගමක වූවත්
    ගැලපෙන මිලකට කොටසක් මිලදී ගත හැක්කේ කෙසේද යන්නයි.
    අපි සතුව දැනට තිබෙන දැනුම අනුව හොද සමාගම් තෝරා ගත හැකියි.
    නමුත් හරි මිල තීරනය කරන්නේ කොහොමද? අපිට නිතරම අසන්නට
    ලැබෙන දෙය නම් අපි කොටසක් මිලදී ගත් විට එම කොටසේ මිල
    පහල වැටෙනව. අපි අපේ කොටස් විකුනූ විට එම කොටස්වල මිල
    ඉහල යනව. .

    අපිට ක්‍රම තුනකට සමාගම් වල කොටස් මිලදී ගත හැකියි.

    1 . සුපිරි සමාගමක කොටස් සුපිරි මිලකට මිලදී ගැනීම.
    2 . සාමාන්‍ය සමාගමක කොටස් ඉතා ලාභදායී මිලකට මිලදී ගැනීම.

    හැබැයි මෙම අවස්ථා දෙකේදීම අර අපි මුලින් කතා කල ප්‍රශ්න දෙකට
    මුහුන දීමට තිබෙන හැකියාවඉතා වැඩියි.
    හැබැයි වාසනාවට අපිට තව ක්‍රමයක් ඉතුරු වෙලා තිබෙනව.

    3 . එම ක්‍රමයට කියන්නේ Warren Buffet ක්‍රමය කියලයි.

    Warren Buffet ක්‍රමයේදී කියන්නේ සුපිරි සමාගමක කොටස් ඉතා
    ලාභදායී මිලකට මිලදී ගන්නේ කෙසේද කියලයි. මෙතනෙ ලාභදායී
    මිල යන්නෙන් අදහස් කරන්නේ මිල ඉතා අඩු මිලක් වීම නෙවෙයි.
    එය සාපේක්ශ අගයක්. අපි සලකා බලන සමාගමේ මිල රු10ක්
    වෙන්නත් පුලුවන්, රු100ක් වෙන්නත් පුලුවන්, රු500ක් වෙන්නත්
    පුලුවන්. නමුත් එය සාපේක්ශ වශයෙන් ඉතා ලාභදායී මිලක් විය යුතුයි.
    අපි සාපේක්ශ කරන්නේ කුමකටද. මේ සදහා අපි යොදා ගන්නේ
    සමාගමේ මිළ ඉපයුම් අනුපාතයයි (Price Earning Ratio). ඕනෑම
    ලාභ ලබන සමාගමකට එයටම ආවේනික වූ මිල ඉපයුම් අනුපාත
    පරාසයක් තිබෙනවා. සමාගමේ කොටස් මිල පසුගිය වසරවල
    හැසිරී ඇති අකාරය අනුව අපිට එහි මිළ ඉපයුම් අනුපාතය හැසිරෙන
    හැටි අවබෝධ කර ගත හැකියි. ඒ අනුව එහි මිළ ඉපයුම් අනුපාත
    පරාසයත් අපට හදුනා ගත හැකියි.
    රහස තිබෙන්නේ අපි මිලදී ගන්නා අවස්ථවේ පවතින මිල ඉපයුම්
    අනුපාතය එම සමාගමේ පසුගිය මිළ ඉපයුම් අනුපාත පරාසයේ
    අවම මට්ටමට කිට්ටුවෙන් පැවතීමයි.වෙනත් විදියකින් පැවසුවොත්
    යම් සමාගමක ඓථිහාසික මිළ ඉපයුම් අනුපාත පරාසය 7 හා 10
    අතර නම් අපි මිලදී ගන්නා අවස්ථාව වන විට පවතින අනුපාතය 7
    හෝ ඊට කිට්ටු විය යුතුයි. එම අවස්තාවේ පවතින අනුපාතය 10ට
    ආසන්න නම් අපි මිළදී ගන්නා මිළ ඉහල මිළක් වීමට ඇති
    හැකියාව ඉතා ඉහලයි.මෙම කාරණාව මතකයේ තබා ගත යුතුම එකකි.​
     
    හැකියාව ඉතා ඉහලයි.මෙම කාරණාව මතකයේ තබා ගත යුතුම එකකි.

    Patta mcn thanks share karata bn :love: :love: :love: :love:
     
    vold3mort

    Junior member
  • Sep 29, 2019
    45
    14
    8
    patta thread ekak...meka purudu venna avama yodavanna one gana kocharak vageda machan?pratice venna avama investment eka kocharak vageda?