මෙහෙමයි මචන් මගෙත් තිබ්බේ
Core i3 4th gen
10GB ram
128 GB ssd
320 GB HDD
250 GB HDD
onbord Graphic 1GB
මට ගේම් ගහන්න හෙන අමාරුවක් තිබ්බට ග්‍රැෆික් කාඩ් එකක් ගන්න බැරි උනා .
ඊට පස්සේ පුළුවන් තරම් ඔන්බෝඩ් ග්‍රැෆික් වලින් ගේම් ගැහුවා .
මොඩන් වෝ ෆෙයා
call Of DUty ඔක්කොම ගැහුවා
ක්‍රයිසිස් 3 වල FPS එක 15
GTA IV වල FPS එක 22
NFS RUN වල FPS එක 12-16 අතර
තව ඒ වගේ ඒවා ගැහුවා .
මෙන්න ඒ කාලේ එක
View attachment 111650
ඊට පස්සේ බබා හම්බුනානේ ඕවට වෙලාව තිබ්බේ නැ .ඊට පස්සේ වයිෆ් කිව්වා පොඩි එකාව අරන් අම්මලාගේ ගෙදර මාසයක් ඉන්න යනවා කියල .
මන් ඊට පස්සේ එක අප්ග්‍රේඩ් කළා .වැඩක් උනේ නෑ මචන්ලා වයිෆ් දවස් 5යි හිටියේ ආපහු ආවා .උබල විශ්වාස කරනවානම් විස්වාස කරහන් අපේ කම්පැනි එකේ කුණු බක්කියක තිබිල මට කිංග්ස්ටන් 500GB SSD එකක් හම්බුනා.එතන පිසි එකක් දාලා එකේ රැම් ප්රෝසා ඔක්කොම ගලවන් ගිහින් හාඩ් එක තියල ගිහින් .
බෝඩ් එකයි පවර් සප්ලයි එකයි දාල .
මොකද පරන බෝඩ් එකේ පවර් එක පින් 16
ග්‍රැෆික් කාඩ් එක යුස් එකක් බැලුවේ යුනිටි ප්ලාසා එකට ගියාට පස්සේ ආස හිතිලා 1030 එකක් ගත්තා RS 18500
ගත්තා .ඔක්කොම බජට් එකකට කලේ .
ඊට පස්සේ ගෙදර ගෙනල්ල බලනකොට තිබ්බ PC එකේ කෙසින් එක ඉඩ මදී
දැන් මෙසේ දාලා මෙහෙම තියල තමා කරන දෙයක් කරන්නේ .
View attachment 111651
අප්‍රේල් වෙනකොට හොද කෙසින් එකක් ගන්නවා .
මේ මාසේ කෙසින් එකක් ගන්න බැරි ඒ සල්ලි වලින් මන් ක්‍රෝම් කාස්ට් එකක් ගත්තා .