Ayeth eyalage event ekakata katha karala thiyanavada?ඕක අස්සට ගිය ගමන් කතා කරන්න එන පලවෙනි එකා හෑයි හූයි හෙලෝ නෙවෙයි මොනව කිව්වත් උඹ ආයුබෝවන් කියපන්..කියල ඌ කියන්න කලින් උඹ මොනව හරි අහපං සිංහලෙන්... එතන ඉඳල ඔක්කොම සිංහලෙන් කතා කරන්නෙ,..![]()
![]()
සිංහල නොදන්න උන් නෙවෙයිනෙ ඕකෙ ඉන්නෙ...අනික උඹ සිංහලෙන් කතා කරන්න ලැජ්ජ ඇයි.. මේක ලංකාවනෙ...දවසක් මම ඉවෙන්ට් එකකට ගියා... කේටරිං කරල තිබ්බෙ ශ්‍රීලංකන් කේටරිං එකෙන් වගේ මතක.. බුෆේ එකෙන් දාගත්තෙ ලංකාවෙ කෑම... බතුයි එලවලුයි.. මේසෙට අරන් ගිහිල්ලා වේටර් කෙනෙක්ට කතා කරලා ෆින්ගර් බෝල් එකක් ඉල්ලුවා..ඌ කිව්වා ෆින්ගර් බෝල්ස් දෙන්නෙ නෑ කට්ලරි යූස් කරන්න කිව්වා.. මම කිව්වා කන විදිය තීරණය කරන්නෙ මම මට ෆින්ගර් බෝල් එකක් එවන්න නැත්තන් මම මැනේජ්මන්ට් එකට කියනව කියලා...ටික වෙලාවකින් ෆින්ගර් බෝල් එකක් එව්වා උණු වතුරට දෙහි ලෙල්ලකුත් දාලම... උඹ උඹට කම්ෆර්ටබල් විදියට කතා කරලා හොඳට කාල වරෙන් බන්....