ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දීයේ - සුරකිමු ඔබ ලංකා
බලි තරු රාවන ගැමුනු විජයබා - නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු - පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරකුම් කිවිසුරු - කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට - සීත ගඟුලි ලංකා
ඔබ හට අත පොවනට උන් මුන් හට - ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු - මුහුද හොවමු ලංකා
ගොඩදිය අහසේ හැම තැන ඔබගේ - නම කියවමු ලංකා
අවසන ඔබ හට පොහොරට මේ කය - මෙහිම හොවමු ලංකා