sinhala unicode lyrics {සින්දු}

පුන්පෝදා සෑ මළුවේ මට පිටුපා ඔබ උන්නේ..
සිටියා බලා ඔබ හිනැහෙයි කියා..
දුටුවේ නෑ පියමං කලා..
සඳ එළියේම නොපෙනී ගියා..
...
අප්පච්චී ළඟ උන්නා නැද්දෝ අයියා දුටුවේ..
හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්..
දුක ඉවසාන පිටුපා ගියා..
ඒ දුක් ගින්න හදෙහි දරා..

සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ..
දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ..
බොර ගං දියේ මල් යයි ඇදී..
අයියේ මගේ ගන්නයි ගියේ ඒ මල්..

ගංදෑල නම් නපුරුයි වගේ..
නාඩන් නගේ මං දැන් ළඟින් ඉන්නේ..
අයියා මගේ කවදත් හොඳයි..
සැමදා ළඟින් ඉන්නේ මගේ පණසේ..
 
හසක්‌ වාගෙ ඉහලින්
පොලවට වැටී අහසින්
වැටුනත් වැහි බිදු රහසින්
රිදුනෙත් නැනේ මට නම්..

...


දිලුනත් අහසෙ සද නම්
හිරුටත් ඇගේ සරදම්
දුටුවෙත් අහසේ තරු නම්
අදුරක්‌ නැනේ මට නම් //

දුන්නත් සෙනෙහේ සිතකින්
වින්දත් හදේ ගැඹුරින්
කිව්වෙත් නෑනේ මට නම්
ඉන්නෙත් නුඹ කොහෙද දැන්

දිලුනත් අහසෙ සද නම්
හිරුටත් ඇගේ සරදම්

දුටුවෙත් අහසේ තරු නම්
අදුරක්‌ නෑනේ මට නම් //
 

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    උණුහුම මදි වගෙ නම් උණු කඳුලක දැවටෙන්නම්
    හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්
    මට නිදිමත වෙනකම්තුරුලේ හැංගෙන්නම්
    දෑඟිලි නළල පුරා සිතුවම් අදිමින්

    හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
    හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
    හද ගැස්ම අද ඔබෙ නම් හොදටම වැඩි වීලා
    කුළුදුල් හැඟුමේ රස ගී....

    මට නිදිමත වෙන්නෑ කිමදෝ මම දන්නෑ
    ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ
    යන්නට දෙන්නට බෑ අද නම් තනිවෙනු බෑ
    තුරුලේ මියැදෙන්නට මට අවසර නම්
     
    නිල් නුවන් දෑසින් ආදරේ පවසන්
    මා උමතු වුණා ඔබේ ආදරෙන් වර්ෂා . . .//

    රෑ අහස පුරා දිලෙනා තරුවක් සේ
    ...මා හද පෙමින් තබා ඔබ යයිදෝ වර්ෂා

    නිල් නුවන් දෑසින් . . .

    රෑ අහස පුරා . . .

    සීත කඳුකරයේ ඔබයි මමයි තුරුලේ
    ආදරයෙන් මාගේ හදවත පිරුණා රහසේ

    ආදර හැඟුමන් ඔබමයි කුමරියේ
    මා නෙත සැළුණා ඔබ දුටුදා වර්ෂා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    congrats machan MAXPANE
    4000ta
    1190039274_congrats4.jpg

    80115,xcitefun-77011-xcitefun-congrats.gif

    keep posting
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සිනහ කෝ දැන් හීනයේ
    ගං තෙරේ මා පාළුවේ
    සොයා එන්නේදෝ
    මුළු ජීවිතේ . . .

    තනිව හඬනා පෙම් හීනයේ
    සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .

    විහඟ ගීවැල් රැව් දිදී
    දවයි මා මේ තනිකමේ
    සොයා එන්නේදෝ
    මුළු ජීවිතේ . . .

    හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ
    සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ . . .

    පැතුම මාගේ තුන්හිතේ
    මා ඔබේ මා හීනයේ
    සොයා එන්නේදෝ
    මුළු ජීවිතේ . . .

    අවදි කරව මතකය ඔබේ
    කඳුළු සලමි හැරදා මුළු ජීවිතේ . . .

    තනිව හඬනා පෙම් හීනයේ
    සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ආදරයේ උල්පත වූ අම්මා..
    මා ඔබගේ පුතු වූ..
    ඔබ මතු බුදුවන දවසේ..
    මා රාහුල කුමරුන් සේ..
    සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි,
    සුළඟිල්ලේ එල්ලී..

    සඳ දියකොට කිරි වතුරෙන්,
    ඒ දියරෙන් මුව දෝවා..
    දිව මතුරක් වන් නැළැවිලි ගීයක,
    මතකයි මා නැළැවූවා..
    ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී..
    ඒ ජීවිතයට දිරි දී පණ දී..
    මා දැඩි කල අම්මා..

    තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා,
    නිදි ගන්වා යහන් ගැබේ..
    සිහිනෙන් ගෑ මුදු සුවඳක් මෙන්,
    සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
    දවසින් දවසට සෙනෙහස ලබැඳී..
    ගෙනදී දිවියට නව පණ ලැබදී..
    මා දැඩිකල අම්මා..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
    සිය හඬින් ලොවට සිහ නද පතුරා
    ලෝ සත අතරින් ජනිත වුණා
    සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා
    මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
    දහම් සුවඳ මල් දසතම පතුරා
    සියල්ල කෙලෙස් මැඩ බුදුවූවා
    අමා දහර.....
    ජීවිතයේ ඇති නොනිමි අතිර බව
    ලොවට පැතිරූ කරුණාවේ දම ගැන
    සියළු සතුන් සදහම් රස වේ
    කරුණාබර නෙත නිවී ගියා....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්,
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්,
    හඳපානේ මද අඳුරේ..
    අත් පටලා යමු ආයේ..

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී..
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී..
    අවුදින් හෙමින් රහසින් මුමුණා..
    හඳපානේ මද අඳුරේ..
    හඳපානේ මද අඳුරේ..
    අත් පටලා යමු ආයේ..

    හිරකර හසරැල්ලෙන් හැඬුම්..
    අපි හිනැහෙමු සපුරා පැතුම්..
    මතු ආත්මයේ හමුවන පැතුමින්,
    යමු වෙන්වී හිමිදිරියේ..
    හඳපානේ මද අඳුරේ..
    අත් පටලා යමු ආයේ..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
    යහතින්දෝ කොළොම්පුරේ
    ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
    නුඹ නැති හන්දා මං තනියේ

    හැන්දෑ අවරට දැක්කද නංගෝ
    තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
    රංචු මිසක තනියෙන්ම නොයන්නේ
    ඒ නුවරට උඹ කිරිකෝඩූ

    නාමල් සුවඳක් පෙරදා වාගේ
    අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
    නාමල් සුවඳට බඹරු ඇදේදෝ
    මගතොට නුඹ යනෙනා වාරේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
    වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්

    කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
    බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
    ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
    බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්
    කල්පකාලයක්

    පරපුර දුන්නු දන් ඇතත් හිත තුළමාසෙකට වරක් ලැබෙනුයෙ
    සොච්චමක් බැවින් කන්ට ගත් ගමන් බත් පත
    කවුරුවත් එතැයි බිය වැදදොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

    දා ගැබ් මහ වැව් කලා නිකේතන
    නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
    ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
    මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ

    රජ සැප විඳිනට රජ දරුවන් හට
    නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
    ඒ නුඹලාගේ දුක දැක ගන්නට
    මොන රජ දරුවද පැලකට වැඩියේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    හිමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සියොත් සියොතුන්

    මලක් නම් එය මලක් වුව මැන
    සිනිඳූ සුකොමල රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉඳූවර දියෙන් උපදින

    නැවුම් වත්සුනු රොනින් මත් වී
    සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
    සිහින් හඬකින් මහද අමතයි
    මුදා හැරදා පවුරු සිරි යහනේ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.....
    මේ අයුරින් අපි දවසක් දා සසර මඟදි වෙන් වෙන්න ඇති

    සාලිය මාලා පෙම් බැදි දා මම සිටු කුමරෙක් වී ඉන්න ඇති
    ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති

    ආත්ම ගනනක් ඔබ පය පාමුල මගෙ කඳුලෙන් සේදෙන්න ඇති
    එදත් මගේ පෙම් ආයචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇති....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවේ තනිවූ එදා
    ඔබ මා දෙපා දෑතින් බදා
    සිපගත් එදා සිහිවෙනවා

    භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආගමන් අමතක වුවත්
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
    නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
    නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා

    ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
    එක්වී වෙළී සෙනෙහස සෙවූ ඒ
    සොඳූරු දා සිහිවෙනවා
    ඒ සොඳූරු දා සිහිවෙනවා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්

    අද ඔබ නැති බිම තනිවී සිත දවනා අදුරු හැගුම්
    විදගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්

    අද තනි යහනක වැතිරී රැය නොනිදා ගෙවන සුසුම්
    ඉවසන්නම් කවදා හෝ ඔබ ලංවේ නම්"
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සොදුරු අතීතයේ නිමල පෑතුම වී
    මගේ හද තුල ඔබ ඉන්න ඈතී...
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමු වෙන්න ඈතී...

    කදුලු සුසුම් මෑද සතුටු සිනා මෑද
    භවය පුරා ලග ඉන්න ඈතී...
    එදත් මගේ සිත අද මෙන් කෑපවී
    ඔබේ නමට පුද දෙන්න ඈතී.....

    නොසෑලී නොතෑවී බාධක හමුවේ
    ආ හින්දා ජය ගන්න ඈතී....
    ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමු වෙන්න ඈතී.....
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා..
    වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා..
    හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා..
    දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා..

    වහින්නේ.. වස්සානේ..
    ළමැද ගුලිවෙලා ඔබ දඟකළා උනුහුම හොයා..
    වරුසාවේ.. තෙමෙන්නේ..
    ළඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා..

    වැහි හලා කළු වලා අහසින් ගියා..
    තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා..
    ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා..
    දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා.
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අවපස අහසක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ

    මාවත අවහිර නිමවා දල රළ පෙළ සැතපෙනවා
    සැලමුතු සෙනෙහස මද පවනක් වී
    ගැඹරේ නිම මුමුණනවා

    දෝතක අසෙනිය ගවසා
    ඔබ පෙරමග හිනැහෙනවා
    විකසිත සිහිනේ සුබ කවියක්වී
    දෙනෙතේ සිත ලියැවෙනවා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
    අම්මා අම්මා අම්මා අම්මා

    දෙසවන් සනහා මා නැළවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියාදුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා අම්මා අම්මා අම්මා

    ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා අම්මා අම්මා අම්මා