වරලත් උවදෙසු මැවිසුරු ඊලියන් ද සිල්වා මහතාගේ "සිංහලයා ගේ සිප්ලකුව" දෙසුම.
This is a lecture By chartered Engineer Aelian de Silva on "Sinhalese Technology". The event was organized by "Wild Greens" in Kandy.
වරලත් උවදෙසු මැවිසුරැ ඊලියන් ද සිල්වා මහතා විසිනි.
මුලසුනෙන් කියවුනා දැන් අපගේ ශිල්පය නිසා අප යොදන ශිල්පය නිසා අපගේ පරිසරය කෙලෙසෙන්නට ඉඩ තිබෙනවා කියන කියමන. එසේ කෙළෙසුනේ නැත කියලා අපේ පැරණියන් අතින්. එම නිසා අපේ පැරණියන්ගේ ශිල්පය කිමෙක්දැයි ඔවුනට ශිල්පය තිබුණාද? එසේ තිබුණා නම් එයින් වැඩක් ගන්නට පිළිවන් වුනාද? අප කිනම් තත්ත්වයක හිටියාද? ඒ ශිල්ප යෙදීමෙන් යන විදිහේ අදහස් ඔබ ඉදිරියේ තබන්නට මට මේ ඉඩක් සලසා දුන් මේ සමිතියට මා පින් දෙනවා. මුලසුනෙන් කියවුනා මේ සිංහලයගෙ තාක්ෂණය කියලා මා ඒ වදන යොදන්නට ඉතා මැලියි. තාක්ෂණය කියලා වදනක් සංස්කෘත භාෂාවෙත් වියරණෙහි හෝ නෑ එහෙම යොදන එක. ඒ ඇරත් තක්ෂණය කියලා කියන්නෙ සකුවෙන් ලී වඩුවාට මිසක් වෙන කෙනෙකුට නෙවෙයි. ඉතින් ශිල්පය යනුවෙන් මේ ලී වඩුකමට පමණක් සීමා කරන්නේ නැහැ මාගේ දෙසුම එයින් හැම ශිල්පයක්ම අලලන නිසායි මා මේ දෙසුමේ මැය සිංහලයාගේ සිප්ලකුව ලෙසින් හැඳින්වූයේ ඉතින් ඒ මැය ටිකක් විග්ර හ කරන්නට තොරා දෙන්නට උවමනායි. එහෙම නැත්නම් මගෙ මේ දෙසුම ඒ මා පැතූ අයුරින්ම වටහාගන්නට අමාරුවිය හැකියි. මේ සිංහලයා කියලා කියනවා අපගේ දැන් ඉන්න අයටත් සමහරුන්ගේ මතයක් තියෙනවා ඒ සිංහලයා අර විජය කියන තැනැත්තාගෙන් පස්සෙයි ආවේ කියලා. මා ඒ මතයට එකඟ නෑ. ඒ ගැන විස්තරයක් කරන්නට අද බෑ. මහාවංශය කියෙව්වත් එකේ කියවෙනවා මේ විජය කියන තැනැත්තා දරුවන් දෙදෙනෙකු සිටියා අර කුවේණිය කියන යක් කුමරියගෙන් ඒ දෙදෙනාගෙන් තමයි අර වැද්දන් ආවෙ කියලා මහා වංශයෙ කියනවා. මා නෙවෙයි කියන්නෙ මහා වංශයෙ. ඊට පස්සේ ඉන්දියාවෙන් ගැහැණියෙකු කසාද බැඳගත්තාට විජය හට දරු සම්පතක් නම් ලැබුනේ නැහැ. ඒ නිසා උන්නැහේගෙන් යම් කෙනෙකුන් ආවා නම් ...... ඉතිරිය අහන්න වීඩියෝ පටය නරඹන්න. මන් පටන් ගත්තෙ මුලු කතාවම ලියා දෙන්නයි. වේලාවක් නැහැ.
REP 6+අවතාරේ නැතුව පෙන්නෙත් නැ නොවැ අයියන්ඩි![]()
