You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
නපුරු අය සමඟ කිසිදාක මිතුරු නොවන්න. විෂඝොර සර්පයන් මෙන් ඔවුන් ඇසුරු නොකර දුරින්ම දුරු කරන්න.
තමන්ගේ ගෙදරට පැමිණි හැමදෙනාම හොඳින් පිළිගෙන කරුණාවෙන් කතා බස් කොට ආගිය තොරතුරු විමසන්න.
ඇනුම් පද, බැණුම් බස්, හිස් වචන නොකියන්න. තමන්ගේ තරමට පමණක් කතා කරන්න.
හිසකේ කැපීම, නියපොතු විකීම සිටින තැන කෙළ ගැසීම අසුබ සිරිත්ය. ඒ නිසා එයින් වලකින්න.
කිසි දවසක සිනාසී කතා නොකරන්න. උතුමන් ළඟ කවට බස් නොකියන්න.
කතා බස් කරමින් සිටින දෙදෙනෙක් අතරින් ගමන් නොකරන්න.
උරුවන් බාමින්, සීපද කියමින්, සින්දු කියමින් ගෙවල් අසලින් නොයන්න.
යමෙක් යන එන විට කිසි දවසක සිනා නොවන්න. ගෙදරට පැමිණි තැනැත්තා ගැන එබී නොබලන්න.
යම් දෙයක් නො අසන ලද්දේ නම් උත්තර නොදෙන්න. ඇසු දේට පමණක් හොඳින් උත්තර දෙන්න.
ගුරුවරු, දෙමව්පියන්, වැඩිහිටි අය යම් කතාවක් කළොත් නැගිට උත්තර දෙන්න.
මව්, පිය, ගුරුවරු ඔබේ යම් වරදක් ඇසුවොත් එය නොසඟවා කියන්න.
අපගේ පෙර දෙවිවරු වුද, අප රකින්නාවුද, උතුම් වු මව් පියන් දෙදෙන අපි නිරතුරුව වඳිමු.
සියලු යස ඉසුරු ලබා ගැනීමට මඟ පෙන්වු පියාණන් සැමදා වඳිමු.
දුර බැහැර ගම් වල ගියත්, අප කෙරෙහි සිතේ දුක් ඇති, දරු සෙනෙහසින් පිරි පියාණන් සැමදා වඳිමු.
නොයෙකුත් දුක් කරදර විඳ, සැපක් කිසිදා නොවිඳ, අප හැදු වැඩු මැණියන් මෙන් කිසිවෙක් මෙලොව නැත.