Sky 2021 - චිත්‍රපටයක පසුබිම් කතාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    YeNR78o.jpg


    ගෙවී යමින් තිබ්බේ 2015 වර්ෂය.මේ වෙද්දී රුසියන් ගුවන් හමුදාව සිරියාව ඇවිත් මෙහෙයුම් පටන් අරන් මාස දෙකක් ගෙවී යමින් තිබ්බේ.පුරුදු විදියට සිරියාවේ Khmeimim ගුවන් හමුදා කඳවුරෙන් Su-24 ප්‍රහාරක ගුවන් යානා දෙකක් පිටත් වෙනවා.ඒ තුර්කි දේශසීමා කිට්ටුව ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වලට බෝම්බ හෙළන්න.කොහොම හරි මේ යානා දෙකෙන් එකක් තුර්කි ගුවන් හමුදාවේ F-16 යානයකින් එල්ල කරන මිසයිල ප්‍රහාරයක ගොදුරක් වෙනවා.

    o9EQSaV.jpg

    Su-24 ප්‍රහාරක ගුවන් යානා


    nNA5JTi.jpg

    මිසයිල ප්‍රහාරයට ගොදුරු වුන Su-24 යානය


    TtbIcoF.jpg

    බිම පතිත වූ යානයේ කොටස්







    තුර්කිය පැත්තෙන් කිව්වේ රුසියන් ජෙට් යානා තුර්කි ගුවන් සීමාව පන්නපු නිසා ප්‍රහාරය එල්ල කලා කියලා.රුසියාව පැත්තෙන් කිව්වේ එහෙම ගුවන් සීමා උල්ලංඝනය කරලා නෑ කියලා.

    Wce3B31.jpg

    ඒ වෙද්දී සිරියාවේ තත්ත්වය.රතු පාටින් තියෙන්නේ සිරියානු ආණ්ඩුව යටතේ තිබ්බ ප්‍රදේශ


    NVsDBTr.jpg

    බිම දාපු යානය ගැන තුර්කියයි රුසියාවයි කිව්ව පරස්පරවිරෝධී කතා


    කොහොම හරි ඔය යානයේ ගිය නියමුවයි ,නැවිගේටර් කියන දෙන්නම කඩාවැටෙන යානයෙන් පැන ගන්නවා.ඒ පැරෂුට් වලින්.මුන් දෙන්නම වැටෙන්නේ සිරියාවේ ත්‍රස්තවාදීන් ගේ පාලන ප්‍රදේශයකට.පණ බේරගන්න ඔහොම ගුවන් යානයකින් පනින පැරෂූට්කරුවන්ට වෙඩි තබන්න ජාත්‍යන්තර නීතියෙන් අවසර නෑ.ඒත් තමන්ට බෝම්බ ගහලා විනාශ කරන්න ආපු රුසියන්කාරයන්ට ත්‍රස්තවාදීන් බුරුලක් දෙන්නේ නෑ.කොහොම හරි නියමුවා වෙඩි තියලා මරණවා.

    yF6I1JR.jpg

    වෙඩි කාලා මැරුණු නියමුවා - Oleg Peshkov


    නැවිගේටර් යන්තම් පණ බේරගෙන කැලේ හැංගෙනවා.මිනිහා තමන් ජීවත් වෙනවා කියලා රුසියන් හමුදාවට සිග්නල් යවනවා.යානය කඩා වැටිලා මිනිත්තු 15කින් පස්සේ නැවිගේටර් බේරගන්න රුසියාන් නාවික කමාන්ඩෝ කණ්ඩායමක් මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනවා.


    pYH9Atd.jpg

    පණ බේරගත්තු නැවිගේටර් - Konstantin Murakhtin


    මේ මෙහෙයුමට සිරියානු විශේෂ බලකා සෙබලුන් පිරිසක් සහ හිස්බුල්ලා සංවිධානයේ සටන්කරුවන් කිහිපදෙනෙක් එකතු වෙනවා.මේ මෙහෙයුමට රුසියන් Mi-8 හෙලිකොප්ටර් 3ක් පාවිච්චි කලා කියලා කියනවා.පැය 12ක මෙහෙයුමකින් පස්සේ නැවිගේටර් මුදාගෙන කඳවුරට ගේන්න මේ ගිය කණ්ඩායමට පුලුවන් කම ලැබෙනවා.මේ මුදා ගැනීමේ මෙහෙයුම ලේසි පහසු එකක් වෙන්නේ නෑ.මොකද සතුරු භූමිය ඇතුලේ සතුරෝ බර ගාණකට මුහුණ දෙන්න වෙනවා මේ සුළු පිරිසට.වෙඩි බලය හමුවේ ඔවුන් එක හෙලිකොප්ටරයක් අතහැරලා දාන්න සිද්ධ වෙනවා.එක් රුසියන් සෙබලෙකුට ජිවිතය නැති වෙනවා.

    ඔන්න ඔය සත්‍ය සිදුවීම තමයි Sky කියලා චිත්‍රපටයකට නැගෙන්නේ.තාම මේක රිලීස් වෙලා නෑ.මේ අවුරුද්දේ අගදී එලියට එයි කියලා හිතනවා.





     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    රුසියන් කෑල්ලක් නෑ වගේ පිල්ම් එකේ
    හැලප අච්චු කොයින්ද බම් මේක high intensity scene එකක්නේ
    පට්ට ඇති කතාව.....
    සැබෑ මිනිසෙකුගේ කතාවක් පොත මතක් උනේ...
    ලලිත් ජයසිංහ වීරයා මතක් වුනා