ඔය කමල් වික්රමනයක කියන්නේ පට්ට පොරක්(ඉස්සර). Virtusa එකේ හිටපු software architecture කෙනෙක්. මෙන්න මේ පොත 97_Things Every Software Architect Should Know ලියල තියෙන්නේ ඒ කාලේ ලෝකේ හිටපු පොරවල් ටිකක්. මූත් ඒ පොතේ chapter එකක් ලියල තියෙනවා. ඒ කියන්නේ මූත් හෙන පොරක්. ඒ කාලේ නුගේගොඩ training center එකක් කරා. නියමෙට ඉගැන්නුවා. පස්සේ පොර UK ගිය. ඊට පස්සේ තමා ඔය ධර්මය ගැන කතා කරන්න ගත්තේ. අලගද්දූපම සූත්රයේ තියෙනවා ධර්මය වැරදිවට අල්ල ගත්තම වෙන විනාශය. මෙයාටත් දැන් ඒක වෙලා වගේ. ශ්රී සද්ධර්මය වගේ දෙයක් මේ ලෝකේ කොහෙවත් නෑ. ඉතින් ඒක රාග, ද්වේශ මෝහ ප්රහාණය කරන්න ගන්නවා වෙනුවට ඉගෙන ගන්න ගියාම මාන්නයක්, දාහයක් ඇතිවෙනවා මේක අනිත් අයට කියන්න. ඒ දාහය තමා දැන් එතුමා ලඟත් තියෙන්නේ. අපි හැමදේම කරන්නේ, හැමවෙලාවෙම ඉන්නේ දාහයෙන්, රහතන් වහන්සේ කෙනෙකුට විතරයි ඔය දාහය නැත්තේ. අපි පාරේ ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඔන්න දාහයක් හට ගන්නවා. ඉතින් ආයේ හැරිලා බලන්නමයි හිතෙන්නේ. එත් රහතන් වහන්සේ කෙනෙකුට ඒ දාහය නෑ.
මුලු ත්රිපිටකයම කටපාඩම් කර ගත්තත් ඒක ග්රන්ථ දූරය පිරීමක් පමනයි.දැනුම නිසාම මානය හටගෙන ඒ දැනුමම නිවන් මගට බාධාවක් වෙනව.බොහෝ දැන උගත් ස්වාමීන්වහන්සේලා පවා තමන් ලත් දැනුමෙන් මත්වී නිවන් මග දේශනා කරන්න ගොස් සතර අපාගත වෙන තැනට පත්වෙලා තියෙනව.මෙතුමත් තමා ලත් දැනුමෙන් මත්වීම නිසාම අමාරුවේ වැටිල තියෙන බවයි පේන්නෙ.


