Skylark අනතුර හා නිරුවත

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Skylark අනතුර හා නිරුවත





    මම කාලයක් එළකිරියේ inactive වෙලා හිටියේ වෙලාව මදි කම නිසා. හැබැයි ලඟදි දැක්ක, එළකිරියේ හැංගිලා තියන ලොකු අනතුරක් නිසා තාවකාලිකව active වෙන්න උනා පහුගිය දවස් ටිකේ.

    ඒ තමයි Skylark කියන account එක හා ඔහු දමන thread.

    මේ ඔක්කොම පටන් ගත්තේ මට අහම්බෙන් මේ thread එක අහු වීමෙන්.
    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    එතනින් Skylarkeගෙ පුද්ගලික blog එකකට යොමු කරනව. ඒකට ගියාම තමයි මට තේරුනේ එතන වැඩිපුර වෙන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ භික්ෂුන්ව ඉතා පහත විදිහට විවේචනය කරන එක. ඊට පස්සෙ එයාගෙ elakiri post history එක බැලුවම දාල තියන threads වල titles බැලුවම හිරිකිත හිතුන.

    දොඩන්ගොඩ හැංගිමුත්තා හිමිගේ දේශනා එකතුව
    මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
    අපාය මඟ වූ රාජගිරියේ අරියඥාන හිමියන්ගේ මඟ​

    මේ මාතෘකා උදාහරණ තුනක් විතරයි. ඇතුල මීට වඩා හිරිකිතයි.

    පස්සෙ තව ටිකක් මෙයාගෙ blog එක ගැන හොයල බැලුවම, තවත් පුදුම දෙයක් දැක්ක. මේ Skylark තමන් සෝවාන් වෙලා කියල කියනව. හැබැයි සංඝයාට කතා කරන විදිහ දැක්කම දේවදත්ත මතක් උනා.

    මෙයා විවේචනය කරන සමහර දේවල් ඇත්ත තමයි, හැබැයි බොහොමයක් කරුණු මෙයාට අවබෝධ කරගන්න බැරි උනාම ත්‍රිපිටකයේ එහෙම දෙයක් නෑ කියල බනිනව. මේවා විවේචනය කරන විදිහක් තියනවා. ඒත් මෙයා ඒ භික්ෂුන්ව බොහොම පහත විදිහට විවේචනය කරන්නේ. මේ සංඝයා වහන්සේලා රහත් වෙලා නෑ. ඉතින් ඉඳල හිටල වැරදි දෙයක් කියන්න අවස්ථාවක් තියනව. මෙතන වැදගත්ම දේ ඒ හාමුදුරුවරු සිල්වත්ද කියන එක. ඒ හාමුදුරුවරු සිල්වත්නම්, ඒ හමුදුරුවරුන්ව පහත විදිහට විවේචනය කිරීමෙන් ඇති වෙන්නේ ලොකු පාපයක්.

    මෙතන අනතුර තියෙන්නෙ මෙයා මේ දේවල් කරන්නෙ තමන් සෝවාන් වෙලා කියා ගනිමින් හා තමන්ගෙ ධර්මය 100%ක් නිවැරදියි කියමින්. දැන් කාලෙදි සෝවාන් ඵලය බොහොම දුර්ලභ දෙයක් බෞද්ධයොන්ට. ඒක නිසා මිනිස්සු මෙයාට රැවටෙන්න තියන chance එක වැඩියි. මිනිස්සු ස්වභාවයෙන් තව කෙනෙක්ට බනින්න කැමතියි. ඒක නිසා, සෝවාන් වේසයෙන් ඉන්න Skylark ලොකු ලොකු භික්ෂුන් පහත් කරල බනිනකොට, මෙය සෝවාන් කියල රැවටිලා, මෙයාගෙ මාර්ගයේ ගිහින්, අනෙක් අයත් සිල්වත් භික්ෂුන්ට අවමන් කරන්න පටන් ගන්නව. මෙතැනදී මේ අය ලොකු පවක් කරගන්නව වගේම, සමාජයේ සාසනයට තියන ගෞරවය අඩු කරනව.

    මේ මම අර thread එකට දාපු පළවෙනි reply එක.(මේ quote කරන posts වල නමට දකුණින් තියන නිල් කොටුව click කරල original post එක තියන තැනට යන්න පුළුවන්.)

    1. භික්ෂුවකගේ දේශනාවක වැරද්දක් පෙන්වීම එකක්. ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්.

    2. කරුණු දෙකකට විතරයි ඒව වැරදි වෙන්න හේතුව පෙන්නල තිබ්බෙ. ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව. ත්‍රිපිටකයේ තියන වචන එහෙම්මම කිව්වෙ නැති උනත්, ගැඹුරු අදහස එතන තියනව. හරියට හෝ වැරදියට තේරුම් ගන්න එක ඒ අහන කෙනා මත රැඳෙනවා.(ගැඹුරු ධර්ම දේශනා කරන කොට තියන එක අවධානමක් තමයි මේක.)

    3.මේ කමල් වික්රනමනායක කියන පුද්ගලය තමන් සෝවාන් වෙච්ච, මාර්ගඵල ලබපු කෙනෙක් විදිහට හඳුන්වගන්නව.

    "මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්රෙඒතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි."

    ඒක දැක්කම, මෙයාගෙ මානසික සමබරතාවය ගැනත් ප්‍රශ්නයක් ඇති වෙනව.


    මොනව උනත් මේ වැඩේ පිළිකුල් සහගතයි. සෝවාන් උන කෙනෙක්ට මෙච්චර ලොකු සෙයිය මානයක් තියෙන්න බෑ.:no:

    මෙයාගෙ පරණ thread දැක්කම මට පෙනුන සෑහෙන දෙනෙක් මෙයාගෙ වැඩේ වැරදියි කියල කියල තියනව. හැබැයි, කවුරු හරි කරුණු එක්ක මෙයාගෙ වැරැද්ද පෙන්නුවම, නිතර වෙන දේවල් 2ක් දැක්ක.

    1.මෙයාගෙ blog එකට හරි ඒකෙ තියන ත්රි පිටකයට link එකක් දාල උත්තරය එතන තියනව කියනව. දැන් අර මිනිස්සු මෙයාගෙ පටලැවිලි සහගත් හෑල්ලක් වගේ post එකක් කියවන්න ඕන, නැත්නම් සුත්‍රයක් කියවන්න ඕන.

    2. මෙයාගෙ, ජිංතක ජිල්ලබකිට හා Harvard-Bio කියන පරිවාරක account දෙකක්, වැඩිය ප්‍රශ්න අහන අයට පහත් විදිහට කතා කරල, උසුළු විසුළු කරල, ගේම ඉල්ලල එතනින් එලවනවා.(සමහර වෙලාවට අර account දෙක එක්ක එකතු වෙලා, ප්‍රශ්න අහන කෙනාට හිනාවෙන්නත් Skylark අමතක කරන්නේ නෑ.)



    මේ තියෙන්නෙ එයාල භික්ෂුන් ගැන කතා කරන level එක ගැන පොඩි උදාහරණ දෙකක්.
    ජිංතක ජිල්ලබකිට;20504441 said:
    අර ජාති සෝතාපන්න කියා ගන්න හොර මහණා- මීවන පලානේ, බර්මියුඩා ත්‍රිකෝනෙට පැනල නාවලු. උඹත් නානවා වගෙයි. ඉඳා මගේ ගානේ සබන් කෑල්ලක්.:lol::lol:
    ජිංතක ජිල්ලබකිට;20604964 said:


    මේ වහරක කියන චීවරදාරියාගේ ගොං කතාවලට මුල biology නොදැනීම යයි යමෙක් (mmaxx) කියනවානම් ඒ කියන එකා biology යන්න නොදන්නා අමු හරකෙක් වියයුතුයි. මේ වහරක ගේ ගොං අමන කතා වලින් පෙන්වන්නේ පද නිරුක්තියෙන් සියල්ල සොයා ගත හැකි යන අඥාන, තර්කයයි. වහරක හිමි, ඇසුපිරූ තැන් නැති, බහුශ්රැනත බවක් නැති, අන්තිම බාලයෙක් බව තමයි මේ අමන කතා වලින් පෙනෙන්නේ.
    මේකේ භයානක කම නම් මේ වගේ ගොං, අඥාන හමුදුරු වරු මේවා කියන්නේ "බුදු බණ" ලෙස අර්ත දක්වාගෙනයි.


    ඔන්න මෙයාලගේ level එක.


    ඉතින් මට හිතුන Skylark, එහෙම නැත්නම් මේ කමල් වික්‍රමනායක කියන පුද්ගලය ඇත්තටම සෝවාන් වෙලාද කියල බලන්න.
    පොඩ්ඩක් එහෙන් මෙහෙන් අවුස්සල, ප්ර්ශ්න කිහිපයක් අහනකොට මෙන්න අර පරිවාරක account දෙක සුපුරුදු attack එක පටන් ගත්ත. මේක දැකල තව අය ප්ර්ශ්න අහන්න පටන් ගන්න කොට මේ තුන්දෙනාම ඇවිස්සුන. Skylarkට තමන් සෝවාන් වෙලා කියලත් අමතක උනා. 6 වෙනි page එක පහු වෙනකොට එයාගෙ පරිවාරක account වල level එකට වැටිල මුඩුක්කු භාෂාව එලියට එන්න ගත්ත. මෙයාලට තරහ ගියාම වෙන තව වැඩක් තමයි මේ තුන්දෙනාම හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් කියන්නෙ නෑ. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව.

    මෙයාල භික්ෂුන්ට බනින්නෙ අකුරට ත්‍රිපිටකයට අනුව බණ නෑ කියල. හැබැයි ප්‍රශ්නයක් ඇහුවම හැසිරෙන්නෙ පොඩි එවුන් වගේ.

    ඒ අතර තව member කෙනෙක් මෙයා අඩු තරමින් හරියට ධර්මය දන්නවද බලන්න ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඇහුව.

    පින්වත් ස්ක්යිලාක්,

    දහම් කරුනක් පැහැදිලිකරගතයුතුව අඇත.. කරුනාකර කවුරුන්හෝ(ජින්තකටත් පුලුවන්) පහැදිලි කරදෙන්නේනම් පින්.


    දිට්ඨේ දිට්ඨ මත්තන් භවිස්සති..
    සුතේව සුතමත්තන් භවිස්සති..යැයි බුදුන්වහන්සේ ,දාරුචීරියට වදාලේ සතර සතිපට්ඨානයමද?

    කෙටියෙන් පැහැදිලි කරන්නේනම් අගනේය..

    මාත් දැනගත්ත මෙයා මේ පරීක්ෂාවක් කරන්නේ කියල. දවසක් බලන් හිටිය, හැබැයි Skylark උසුළු විසුලු කර කර ඉන්නව මිසක් උත්තරයක් දෙන්නෙ නෑ, දෙන පාටකුත් නෑ. මොනව උනත් හොඳ ප්‍රශ්නයක් නිසා මම උත්තරයක් දුන්න.

    මම උත්තරෙ දීල සුළු වෙලාවකින් Skylark මෙහෙම දානව.

    සමබරතාවයක් නෑ සමහරු ගාවා
    ඇති සමහරුන් ගැන නැති දොස් ගෙන පෑවා
    විස්තර කරන්නට තම බස බැරි වූවා
    බැරි මුත් දෙසයි අභිධර්මය හැකි සේමා

    ඔන්න ඔහොමයි Skylark බෝම්බෙ අතේ පත්තු කරගත්තේ. අන්තිමට කවි කාරයෙකුත් උනා.

    මට මේක දැක්කම ඇත්තටම අනුකම්පාවක් ඇති උනා. මොකද අර සිල්වත් මුණක් පෙන්නන් හිටපු Skylark වියරු වෙලා හැසිරෙන්න ගත්ත. පස්සෙ thread එකෙනුත් ගියා මිනිහව බයිට් කර කර ඉන්නෙ නැතුව. මේක මෙහෙම කියල පැහැදිලි කරන්න අමාරුයි, හැබැයි ඒ thread එක කියෙව්වොත් තේරෙයි.

    ඊට පස්සෙ දවස් කිහිපයක් මේ තුන්දෙනා වියරුවෙන් හැමෝටම බනින්න ගත්ත. මම දැක්ක Skylark එයාගෙ blog එකෙත් මට බනිනව. ඒත් මම ගණන් ගත්තේ නෑ, මොකද මානසික ප්‍රශ්නයක් තියන කෙනෙක් එක්ක පැටලිල වැඩක් නැති නිසා.

    පස්සෙ බැරි තැන, මම reply දානව දැකල Skylark එයාගෙ ගෝලයොත් එක්ක ░░▒▒අභිධර්ම සංගමය.▒▒░░ thread එකට ඇවිත් පිස්සු නටන්න ගත්ත. ඒ thread එක මම පටන් ගත්තත්, එක ගෙනියන්නේ අභිධර්මය ගැන සාකච්චා කරන අනික් අය. මම ඉඳල හිටල යන්නෙ එතනට. මම හොඳින් කිව්ව ඒක රණ්ඩු වෙන්න සුදුසු thread එකක් නෙමෙයි කියල.

    skylark, ඔයා මේ ත්‍රෙඩ් එකට ඇවිත් අහපු නිසා මම පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. මොකද ඒ එකකට අභිධර්මයෙන් සරල පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්.

    "ඵස්සය නිත්ය; වශයෙන් ගැනීම නිසා වේදනාව සකස් වන බව පැවසීම" වැරදියි කියල ඔයා කියල තිබ්බනෙ.

    බුදු දහමේ සියල්ල අනිත්‍යයි කියල ත්‍රිලක්ෂණයෙ කියල තියනවනෙ. එතකොට ඵස්ස අනිත්‍ය වෙන්න පුළුවන් කියන එක ගැන ප්‍රශ්නයක් නෑ නේද?

    බුදු හාමුදුරුවොම සියල්ල අනිත්‍ය ලෙස දකින්න කිව්වනෙ. එතකොට කෙනෙක් පරමාර්ථ ධර්මයක් අනිත්‍ය විදිහට දකින එක වැරදිද?

    මචන් එක එක අය තමන්ගෙ ප්‍රඥාව අනුව ධර්මය අල්ලන්නෙ වෙනස් විදිහට.

    සුත්‍ර පිටකය කියන්නෙ බුදුන් එක එක අවස්ථා වල එතන ඉන්න අයගේ ප්‍රඥාවට හරියන්න දේශනා කරපු බණ වල සාරාංශයක්.

    ඵස්සය නිත්‍ය වශයෙන් ගැනීම නිසා වේදනාව සකස් වන බව කියනව ඇහුනාම ඔයාට ද්වේශයක් හටගන්නකොට, තවකෙනෙක් පරමාර්ථ ධර්ම අනිත්‍යයක ලෙස දකිනව.
    ඒක හරියට බුදුහාමුදුරුවො මුදල් මල්ලක් පෙන්නලා ආනන්ද ස්වාමින් වහන්සේට එය සර්පයෙක් කිව්ව වගේ. මම එදා එතන හිටියනම් දකින්නෙ සල්ලි මල්ලක් විතරයි. ආනන්ද හාමුදුරුවෝ සර්පයෙක් දැක්ක.

    ඒක නිසා ඵස්සය නිත්ය වශයෙන් ගැනීම නිසා වේදනාව සකස් වන බව දකින එක නිවන් දකින්න බාධාවක් විදිහට දකින එක ටිකක් විතර යෝග්‍ය මදි. ඒ අදහස ත්‍රිලක්ෂණයට විරුද්ද නැත්නම්, ඒ කරුණෙන් කෙනෙක්ට නිවන් දකින්න පුලුවන්ද, බැරිද බව ඔයාටවත් මටවත් තීරණය කරන්න බෑ. ත්‍රිපිටකයේ නැත්නම්, කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වොත්, "ඔය මොනවත් ඕන නෑ, සුදු රෙද්දක් අරගෙන අත ගගා හිටියත් නිවන් දකින්න පුළුවන් කියල," ඔයා මේ වගේම ඒක වැරදියි කියයි නේද? ඔයා විතරක් නෙමෙයි, මමත් එක වැරදියි කියයි.

    ඒක නිසා ඔය බණ විවේචනය කරනකොට පොඩ්ඩක් පරිස්සමින් මචන්. බණ වල ඕන තරම් මම එකඟ නැති දේවල් මටත් ඇහිල තියනව. ඒව එක්ක ගැටෙන්න යන්න එපා. සමහර දේවල් අපිට කුණුහරපයක් වගේ ඇහුනත්, ඒක කාට හරි නිවනට හේතුවෙන්න පුළුවන්.

    අනික මචන් විවේචනය කලත් ඒක යම් ගෞරවයක් ඇතුව කරන්න. දැන් බලන්න මම ඔයාට මේ කියපු විදිහේ ගෞරවයවත් ඔයා අර සිවුරක් දරාගෙන ඉන්න භික්ෂුන්ට කරල තියනවද? ඒක වැරදියි. මම විතරක් නෙමෙයි, ගොඩක් අය ඔයාට කියන්නෙ ඒක.

    අනික මචන් ඔයා වැඩිහිටි කෙනෙක්නෙ. ඒක නිසා චෝදනා අපවාද ඔච්චර කම්පා වෙන්න එපා. ඔයා භික්ෂුන්ට කරන දේවල් වලින් පොඩ්ඩක්වත් ඔයාට වෙනකොට ඒක දරාගන්න බැරිනම්, ඇයි ඔයා කරන දේ වැරදියි කියල ඔයාට තේරුම් ගන්න බැරි?

    කමක් නෑ, මට රණ්ඩු කරන්න ඕන නෑ. අභිධර්මය ගැන දන්නා, එකතු කරන්න ටිකක් තියනවනම්, ඔයාගෙ blog වලට Link දාන්නෙ නැතුව, අනෙක් හැමෝම වගේ මෙතනට එකතු කරන්න. මේ thread එකේදි අපි ඔක්කොම සමයි. මේ thread එක මගේ නෙමෙයි, මෙතනට දැනුම එකතු කරන අයගේ.

    ඒත් වැඩක් නෑ. සුපුරුදු පරිදි, හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් නොකියා. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව. ඒක නිසා මෙයාලත් එක්ක කතා කරල වැඩක් උනේ නෑ. කතාවක් තියනවනෙ මොලේ තියන එවුන් 100ක් එක්ක වාද කරන එක ලේසියි කියල එක මෝඩයෙක් එක්ක වාද කරන එකට වඩා.

    ඔයාලටත් පුළුවන් මෙයාලගේ වාද කරන ක්‍රමය බලන්න.http://www.elakiri.com/forum/showthread.php?t=1675434&page=35

    තව අය මෙයාලට විරුද්ධව කතා කරන කොට, මෙයාල හිනා වෙන gif දදා thread එක hijack කලා. එතකොට තමයි මම තීරණය කලේ Skylarkට එයාගෙම බෙහෙත් පොවලා පෙන්නනව ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ කියල.

    පලවෙනි chance එක ආවෙ Skylark ජිංතක ජිල්ලබකිට ලවා thread එකක් දාගෙන ත්‍රිලක්ෂණය වරද්දගත්තම.
    http://www.elakiri.com/forum/showthread.php?t=1663502&page=5

    හැබැයි ඒ thread එක මම දකිනකොට, අනික් බුද්ධිමත් membersල එයා වැරදියි කියල ඔප්පු කරල තිබ්බ. ඒක නිසා මම ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නෑ.

    දෙවෙනියට, වෙන member කෙනෙක් අහපු ප්‍රශ්නයකට Skylark උත්තර දීල, ලොකු ධර්ම ව්කෘතියක් කරල තිබ්බ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1759229

    මේ තියෙන්නෙ මම ඉස්සෙල්ලම දුන්නු උත්තරය.

    :lol::lol::yes::yes:

    පදපරම කරගත්ත කෙනත් මෙතැනදී පදවරද්දාගෙන තියනව.
    "පින්වත් thalia,
    පෙර දක්වන ලද තථාගත සූත්‍රයට අනුව උසස්ම කුසලය ලෙස සලකන්න වෙන්නේ අප්‍රමාදය."

    අප්රදමාදය කියන්නෙ කුසල් සිතක් කියල ඇහුවමයි මේ.:lol:
    එහෙනම් අප්‍රමාදව පවු කලත් කුසල් සිත් ඇති වෙනව ඇති නේද?:lol:
    අප්රමාදය මෙනෙහි කරල නිවන් දකින්න පුළුවන් ඇති නේද?:lol:
    නිකම්ම නිකන් කුසලයකුත් නෙමෙයි, අප්රමාදය පරම කුසලය කරල, අපේ මේ Skylark.:lol:

    Skylark ම දාපු සුත්රෙ කොටස මේ.

    "මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්රමාදය මුල් කොට ඇතියහ. අප්රමමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍රම යයි කියනු ලැබේ. ..."

    මෙතනින් අප්රමාදය කුසලයක් කියල කියවෙනවද?
    මෙතන කියන්නෙ අප්රමාදව කුසල් දහම් කරගන්න ඕන කියල.
    ඒක නිසා කුසලය අප්ර්මාදය සමග එක්ව වෙන්න ඕන කියල.
    ඒක නිසා කුසලයට පෙර අප්රමාදය විය යුතුයි කියල.



    පද වලට කොටු උනාම, කොච්චර පණ්ඩිතයෙක් උනත් මෙහෙම වැරදි වැටහීම් ගන්නව.:(



    මෙච්චර කල්, ත්‍රිපිටකයෙ අකුරට අනුව බණ කියන්නෙ නෑ කියල සංඝයාට නිග්‍රහ කරපු Skylarkට මේ පාර තමන්ගේම බෙහෙත් දිරවන්නේ නැතුව ගියා.
    තමන්ගෙ මානේ බේරගන්න ත්රිපිටකයේ තියන දේවල් තමන්ට ඕන විදිහට අර්තදක්වලා විකෘති කරන්න පටන් ගත්ත.
    පරිවාරක accounts විලාප දීගෙන එන්න ගත්ත මම පළිගන්නවා කියාගෙන.
    ජිංතක ජිල්ලබකිට;20613497 said:
    පිංවත් ස්කයිලාක්,

    බුදුන්ගේ කාලයේත් බාලයන් සිටියා. දැනුත් සිටිනවා. මම උපුටා දක්වපු අප්පමාද අග්ගක්ඛාන සූත්රවයේත් පැහැදිලිව, උදාහරන සහිතව, සසදන්න පුලුවන්, එකම "කුලයට" "Class " එකට වැටෙන ඒවා සසඳා එකක් අග්රඋ බව අප මහ බුදු රජුන් දේශනා කරනවා.

    උදා: කුඩා ජනපද වල රජවරුන්ට වඩා සක්විති රජු ශ්රේකෂ්ඨ සේම, සියලු කුශල් ධර්මයන්ට වඩා අප්රCමාදයම ශ්රේනෂ්ඨයි, අග්ර යි.

    මේක තේරුම් ගන්න බැරුව "ද්වේශයෙන් මත් වෙලා" පොල් බුරුවෙක් මර ලතෝනි දෙනවා!.

    මෙච්චරකල් අකුරට ත්රිපිටකයට අනුව කරුණු තියෙන්න ඕන කිව්ව අය දැන් එයාලගෙ අරුත් දිදී, ළඟින් යන පාඨ highlight කරනව. අනෙක් අය කරනකොට වැරදි උන දේ දැන් එයාලට හරි වෙලා.

    Skylark ගෙ බොරුව ඔප්පු කරගන්න බැරුව, මට අපහාස කරන්නත් ගත්ත. මගේ ඉංග්රීීසි හැසිරවීම ඊට වැඩිය ලොකු ප්රශ්නයකුත් උනා.

    ජිංතක ජිල්ලබකිට;20613022 said:
    පිංවත් Harvard-Bio

    මම මේ බැලුවේ Evidence කියන වචනය Uncountable noun එකක් නේද? අතිපූජ්යR වහරකා ස්වාමිපාදයන් වහන්සේ ගේ පද නිරුක්තියෙන් ආව වචනයක්ද ඒ Evidences ? ;)

    පිංවත් Harvard-Bio , හාවර්ඩ් යන වචනය ලියන්නේ මෙසේද Harverd? ඒකත් අතිපූජ්යක වහරක හාමුදුරුවන් වහන්සේගේ පද නිරුක්තියෙන් ආවක්ද? අහන්නේ නොදන්නා නිසයි. ඈ බං ඇමරිකාවේ ඉන්නවායි කියන සමහරු සුද්දො එක්ක කතා කරන්නේ ඇඟිලි බාසාවෙන්ද? :baffled:

    P.S.
    "පිංවත්" කියල ලිව්වා නිසා තවත් එවිඩන්සස් එකක් දුන්නාද බං මම? :rolleyes:


    මම අන්තිම ඇනේ ගහන්න කලින් පොඩ්ඩක් බලාගෙන හිටියෙ මෙයාලගේ හැසිරීම කොහොමද කියල. පස්සෙ බොරුව වහන්න මිනිස්සු තවත් ඔටුවා කරන්න දඟලන බව පෙනුන නිසා මම මෙහෙම දැම්ම.

    උඹට හිත ගැස්සුන පාරට සිංහලත් අමතක වෙලාද කොහෙද.

    හිටහන්කෝ එහෙනම් උඹලට තේරෙන සිංහලයකින් කියන්න.

    ඔය සුත්‍ර පාඨයේ තියෙන්නෙ මේ වගේ තේරුමක්.

    ඉස්කෝලෙ විද්‍යාව සර් පන්තියේ ළමයින්ට විභාගේ ලං වෙලා මෙහෙම කියනව.

    "හොඳට පාඩම් කරන්න. හැබැයි මතක ඇතුව වෙලාවට විභාග ශාලාවට යන්න. මොකද කොච්චර පාඩම් කරල තිබ්බත්, වෙලාවට විභාග ශාලාවට ගියේ නැත්නම්, විද්‍යාව විභාගේ අසමත් වෙනව. ඒකනිසා, විද්යාාව විෂයේ කොටස් ඔක්කොම පාඩම් කරල තිබ්බත්, ප්‍රධානම දේ 'වෙලාවට විභාග ශාලාවට යන එක'."

    දැන් ඔය පන්තියේ මේ අසරණ Skylark ඉන්නව. මෙයා අනික් දවසේ ළමයින්ට කියනව.

    "සර් කිව්වනේ 'වෙලාවට විභාග ශාලාවට යන එක' තමයි ප්‍රධාන දේ කියල. ඒක නිසා විද්‍යාව විෂයේ ප්‍රධානම කොටස තමයි 'වෙලාවට විභාග ශාලාවට යන එක'."


    දැන්වත් තේරෙනවද Skylark කරල තියන ධර්ම විකෘතිය ගැන?:confused:

    එයාගේ තර්කය අනුව, ගණිත විභාගය දවසෙත් වෙලාවට විභාග ශාලාවට ගියොත්, ඒක ගණිත විභාගයක් නෙමෙයි, විද්යාුව විභාගයක් වෙනව.:rolleyes:

    ඒ කියන්නෙ අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙනව Skylarkට අනුව.:baffled:


    ඔයාලට කුසලය ගැන හරි අවබෝධයක් නැති නිසානෙ මෙහෙම විකාර ඇත්ත කියන්නෙ. ඒක නිසා පොඩි දෙයක් කියල දෙන්නම්.

    අපේ හිතෙ ඇති විය හැකි ඕනෑම කුසල් සිතක, කුසලයට අදාල, ඇති විය හැකි උපරිම චෛතසික ගණන 25යි. ඒ

    ශෝභන සාධාරණ චෛතසික 19
    සම්මා වාචා
    සම්මා කම්මන්ත
    සම්මා ආජිව
    කරුණා
    මුදිතා
    ප්‍රඥා

    මේ 25 හේ අප්පමාදෝ හෝ ඒ ලඟින් යන කිසි එකක් නෑ.

    ප්‍රඥා තමයි මේ 25න් ප්‍රභලම චෛතසිකය. ඒ කියන්නෙ ඒකෙන් තමයි ප්‍රභලම කුසල් සිත් ඇති කරන්නෙ. ප්‍රඥා චෛතසිකය ප්‍රභලම වෙන්නෙ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන කොට. උදා:- අනිත්‍යය මෙනෙහි කිරීම.

    මේ මම හදපුවා නෙමෙයි. පිරිසිදු බුද්ධ දේශනාව.

    Skylarkගෙ මේ ගැන නොදැනුවත්කමට "අප්‍රමාදය ලොකුම කුසලය" කියල කිව්ව.
    ඉතින් ඒක දැක්කම මේ ගැන දන්න ඕන කෙනෙක්ට හිනා නොවී ඉන්න පුලුවන්ද?:rofl:
    ඔයාල මුළු ත්රිපිටකෙම අරගෙන ලඟින් යන තැන් වලට ඉරි ගගහ පෙන්නුවත්, මම කිව්ව ඔය කරුණ කඩන්න බෑ. මොකද ඒ පැහැදිලි බුද්ධ වචනය.

    නම්බු ඇතුව, වැරදීමක් උනා කියල දැන්වත් පිළිගන්න.;)

    මට ඔටුවා කිව්වත්, මෝඩයා කිව්වත් Skylark ගෙ නව කුසල් සිතක් සොයාගැනීම ඇත්ත කරන්න බෑ.

    දැන් අර සංඝයාට මෙහෙම කතා කරපු ජිංතක ජිල්ලබකිට,
    ජිංතක ජිල්ලබකිට;20504441 said:
    අර ජාති සෝතාපන්න කියා ගන්න හොර මහණා- මීවන පලානේ, බර්මියුඩා ත්රිකෝනෙට පැනල නාවලු. උඹත් නානවා වගෙයි. ඉඳා මගේ ගානේ සබන් කෑල්ලක්.:lol::lol:

    ධර්මය විකෘති කලා කියල ඔප්පු උන ගිහියෙක් වෙනුවෙන් කතා කරන්නේ මෙහෙම

    ජිංතක ජිල්ලබකිට;20620303 said:
    සාධු සාධු සාධු!

    ඔබ සංසුන්ව නොයෙක් කරුනු සූත්‍ර ගෙනහැර පාමින්, ඉවසීමෙන්, නොසැලී, විවිධ කෝනයන්ගෙන් මේ ධර්ම කරුණ දීර්ඝව විස්තර කරනවා, වෙහෙසට පත් නොවී. තවත් කෙනෙක් වෛරෙයෙන් මත් වෙලා, මේ පෙන්නලා තියෙන උදාහරණ, උපමා -උපමේය තේරුම් නොගෙන, පිස්සු බල්ලෙක් වගේ තේරුමක් නැතුව, එකම දේ රිපීට් කරමින් බුරා පනිනවා. ඔවුන් අන් අය ඉදිරියේ මහත් පිලිකුළට, හාස්යරට ලක්වෙනවා.

    සාධු සාධු සාධු! බුද්ධ ධර්මය බැබලේවා!

    දැන් මිනිස්සු මේවට කොහෙන්ද හිනාවෙන්න ඕන? ජිංතක ජිල්ලබකිට හා Harvard_Bio යන පරිවාරකයෝන්ට ධර්මය කෙරේ තිබ්බ අසීමිත ආදරය, Skylark වෙනුවෙන් හීන උනාද?

    අන්තිම මෙහෙම දාලත් තිබ්බ.

    ජිංතක ජිල්ලබකිට;20627691 said:
    "තම, තම නැණ පමණ" යනුවෙන් කියමනක් තිබේ. සමහර පුද්ගලයෝ ඉන්නවා ධර්මය වැඩි වැඩියෙන්, නොයෙක් සූත්‍ර පරිශීලනයෙන් ඉගෙනගෙන අන් අයත් සමඟ ඒක බෙදාගන්න, නිවැරැදි ධර්මයම ඔප් නංවන්න කටයුතු කරන, නිවුනු, සංවර, බුද්ධිමත් මහත්වරු.
    තවත් සමහරෙක් ඉන්නවා අර "උපාසක අම්මා-වට්ටි අම්මා" ලෙවල් එකේ, පොඩ්ඩක් අභිධර්මය කටගාගෙන, ඔහේ කටමැත දොඩවන, තියෙන දැනුම බුද්ධියෙන් විමසා බලන්න තරම් හැකියාවක් නැති උන්. අර "ආත්මය කියන්නෙ ආශාව කියන චිත්තබලයෙන් උපන් ශක්ති ගුලියක්" වගේ බයිලා ගහන උන්.

    මේ ත්‍රෙඩ් එක බලන අය "සැබෑ කළණ මිතුරා" කවුද "ගොබ්බයා" කවුද කියලා හඳුනා ගනී. සැබෑ ධර්මය කුමක්ද, ධර්මය වෙසින් එන අධර්මය කුමක්ද කියා හඳුනා ගනී.

    මේ තියෙන්නෙ ඒකට තව කෙනෙක් දාල තිබ්බ reply එක.

    ඔව්, ඒක හරි..
    දර්මය කතාකරන තැනදීවත් කටේ සන්වර කමක් නැති ,අනිත් මිනිස්සුන්ට වැදිබන කියන උබවගේ "ගොබ්බයෝත්" ඉන්නව....

    "තම, තම නැණ පමණ" කියන කතාව විශ්වාස නොකරපු, යමක් සත්‍ය වීමට ත්‍රිපිටකයේ ඒ ලෙසින්ම තිබිය යුතුයි යන මතයේ හිටපු අයම තමයි මේ වගේ කතා දැන් කියන්නෙ.:lol:


    මම මේ thread එක දැම්මෙ මඩ ගැසීමේ අරමුණින් නෙමෙයි. තවත් එළකිරියේ අය මේ වගේ දේවල් වලට රැවටීම අඩු කරගන්න. මම කියපු අර තුන්කට්ටුව ඇත්තටම තුන් දෙනෙක් අතින් මෙහෙයවෙන දෙයක්ද, නැත්නම් ඊට අඩු ගණනකින් මෙහෙයවෙන දෙයක්ද කියන එක තීරණය කරන එක ඔයාලට භාර කරන්නම්. Skylark ගොඩ ගැනීමට තරම් හැකියාවක් මට නෑ. හැබැයි තව අය එයත් එක්ක වලට වැටීම නවත්වන්න මට පුළුවන් කමක් තියනව. ඒකයි මගේ පුද්ගලික වැඩ අතපසු කරගෙන පහු ගිය දවස් ටිකේ මම active උනේ.

    අවුරුදු 10කට ආසන්න වෙන්න මෙතන හිටපු මට, මෙතන මේ වගේ අය ධාර්මික වේශයෙන් අධර්මය පතුරනව දැක්කම ද්වේශයක් ඇති වෙන එක ඇත්ත. ඒකයි මම Skylarkගෙම කරුනු අරගෙන, එයාගෙ ක්‍රමයටම එයාව විවේචනය කරල පෙන්නුවේ.

    විවේචනය කරන එක ලේසියි. ඒකයි Skylark ඒක කරන්නේ. හැබැයි එයාට විවේචනයක් ආවම දරාගන්න බැරි එක හා තමන්ගෙ වරදක් පිළිගැනීමට නොහැකියාව එයාගෙම අඩුව පෙන්නනවා.

    මට කියන්න තියෙන්නෙ ඔබලාත් තමන්ගෙ මහන්සියෙන් ධර්මයේ මුලික් කරුණු ඉගෙන ගන්න. එතකොට මේ වගේ රැවටීම වලට අහුවෙන්න අමාරුයි.


    මේක ඉවර කරන්න කලින්, තව member කෙනෙක් කියපු මේ කතාවත් දාන්නම්. මොකද මටත් මේ වගේ සංක්ෂිප්ත පිළිතුරක් දෙන්න අමාරුයි.:)

    මාතෘකාවට අදාල නැතත් මේ ටිකත් කියන්න ඕනෙ:

    ඔබ සංඝයාවහන්සේ නමකට බැණවැදුනේ නම් පිරිහෙන්නේ ඔබමයි, උන්වහන්සේ නෙවෙයි. සංඝයා වහන්සේගේ ශීලය, දැනුම, පිළිවෙත ගැන විවෙචනය කරන්නට පෙර ඔබ දෙසම බලන්න. උන්වහන්සේට නොබැණ, ඔබේ එක වරදක් හදාගන්න. දෙලොවටම යහපත පිණිස වනු ඇත.

    බුදුසරණයි!


     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙතනට මේ තුන්කට්ටුව මම "ආත්මය කියන්නෙ ආශාව කියන චිත්තබලයෙන් උපන් ශක්ති ගුලියක්" කියල එතන දාල තිබ්බ එක්ක අල්ලාගෙන එයි Skylarkගෙ වැරදි වහගන්න. මම සෝවාන් වෙලාවත්, 100%ක් හරි කියලවත් කවදාවත් කිසි තැනක කියල නෑ. ඒක නිසා මම හරි උනත් වැරදි උනත් වැඩක් නෑ. හැබැයි මම ඒකට දුන්න උත්තරෙත් මෙතනම දාන්නම්. මොකද මම කලින් කිව්ව වගේ, මෙයාලට අවාසි දේවල් දැක්කෙ නෑ වගේ ඒ අය රඟපාන නිසා.



    This is how I understand the Buddhism. If its wrong pls correct me.
    According to the current scientific theories. Energy cannot be create & cannot be destroyed.
    So the only person who discovered how to create and and destroy energy is LORD BUDDHA. Inside our body we have the operating system called soul. This is the thing going around the SANSARAYA. That's why lord buddha told "Me shariraya winasha wena sului kiyala. But our soul never dies. To destroy this soul we have to go to nirvanaya. In old days buddhas teached collect PIN and dont do PAW. These are the ways how to increase our energy. Every animal have a energy for his soul. Ex-: Human has a energy around 50 - 60/ Animals has 50-40/ Yaksha 40-0/ Deviyan 60-80/ - When we doing paw our energy will reduced. If we doing PIN our energy will rise. End of the life. There will be a balance energy. According to this our soul will go to the right place.

    If im wrong pls correct me

    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)




    කිහිපදෙනෙක්ට මේ පිළිතුර ප්‍රශ්නයක් වෙලා තියන නිසා මේක දාන්නම්.
    කාටත් පේනවනේ මේ ප්‍රශ්නේ අහපු කෙනා දරන අදහසයි, එයා හිතන විදිහයි.
    එයාට කර්මය, විඤ්ඤානය, භවය කියන වචන වලින් කීවාට වැඩක් නෑ.
    එයාට හරියන විදිහට තමයි මම විද්‍යාත්මක වචන ආදේශ කරල උත්තරේ දුන්නේ.
    ඒක නිසා හැම කෙනාටම ගැලපෙන්නේ නෑ.
    හැබැයි බුද්ධාගමේ මුලය අවබෝධ අයට මේ උත්තරේ ප්‍රශනයක් වෙන්නේ නෑ. මොකද එයාල ඒකෙ නියම අදහස, නියම තේරුම දකිනවා.
    බුද්ධාගම කටපාඩම් කරපු අයට තමයි තමන්ට හුරු වචන ටික නැති උනාම, තමන් නොකියවපු දෙයක් උනාම ඒක ධර්මය නොවෙන්නෙ.
    මට හැබැයි දැන් හිතෙනව ඔය අවුරුද්දකටත් කලින් මම ඔය උත්තරෙ නොදී හිටියනම් හොඳයි කියල. මොකද ඕක ගැඹුරු කරුණු ගොඩක් සරල කිරීමක් නිසා වැරදි විදිහට තේරුම් ගන්න තියන අවස්ථාව වැඩියි.

    මේක තේරුණේ නැති අයට මට කරන්න පුළුවන් උදව්ව තමයි, අභිධර්මයේ විඤ්ඤානය ගැන ඉගෙන ගන්නකොට භවාංග සිත කියල එකක් ගැන ඉගෙන ගන්නවා. ඒ භවාංග සිතේ ස්වභාවය, හැසිරීම හා පැවතීම ගැන ඉගෙන ගන්නකොට අර මම කිව්ව ටික ගැන විස්තර වෙනව.
    ඒ ටික බලල, වෙලාව තිබ්බොත්, පුලුවන්නම් මටත් වැඩිය හොඳ විස්තරයක් දාන්න.


    :rofl: මම මේ ත්රෙ ඩ් එකේ කොතනකවත් අභිධර්මය උගන්නනව කියල තියෙන්නෙ කොහෙද බන්? මම මේක පටන් ගත්තෙම මට අභිධර්මය උගන්නන බෑ කියල. අනික ඔය quote කරපු එකෙක්වත් ඒ කෑල්ල නෙමෙයිනෙ highlight කරල තිබ්බේ. උඹ ඇර උන් එකෙක්වත් ඕක දැක්කෙ නෑ.
    උඹ මම කියපු දේක වැරදි තැනක් පෙන්නුවම, මම ඒක වැරදියි කියල දැක්කම, ඒක පිලිගත්තම, කොහොමද බන් එක පොර talks වෙන්නෙ? දැන් උඹ ඔය අහන්නේ මම 05-09-2015 දාපු comment එකක් ගැන. ඒ වගේ සරල, නමුත් ලොකු වැරද්දක් මමත් දැක්කෙ නැති එක මගේ ලොකු අඩුවක්. මම කොයි වෙලාවකවත් කියල තියනවද මම දාන දේ 100%ක් හරි කියල? මම පුළුවන් හැමවෙලාවෙම කියන්නෙ මම කියන දේ අඩුවක් ඒක දැක්කොත් පෙන්නන්න කියල. උඹ මේ ත්රෙඅඩ් එක හරියට මුල ඉඳල කියවල නෑ නේද?

    උඹ මාව කොහොම හරි බයිට් කරන්න හිතාගෙනනේ දත කන්නෙ.:P කමක් නෑ, ඒක ඉතින් කොල්ලො උනාම කරන්න ආස දෙයක්නෙ.;) මාත් ඔහොම කලා. ඒත් උඹ අර අඩුව පෙන්නපු එක සිරාවට ගොඩක් වටිනව. ඒකට මම ඇත්තටම උඹට ස්තුතිවන්ත වෙනව. ඒක නිසා මට පුළුවන් විදිහට අර කියන්න හදල තියනව දේ පැහැදිලි කරන්නම්.

    මම එතන කියලම තියනවනෙ බන් "නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි" කියල. ඒ ප්රකශ්ණය අහපු කෙනා කියල තිබ්බේ"To destroy this soul we have to go to nirvanaya."
    එකයි මම ඒ විදිහට කියල තියෙන්නෙ.
    ඔයාට තේරෙන භාෂාවෙන් කියනවනම්, මම කියල තියෙන්නෙ, රහත් උනාම විඤ්ඤානය නැති වෙන්නේ නැති නිසා තමයි එවෙලේ මැරිල නොවැටෙන්නේ. රහත් උනාම චුති සිතේදී, ඒ ඇති වෙන චිත්ත පරම්පරාවේදී

    උදා:-

    1)අතීත භවාංග,
    2)භවාංග චලන,
    3)භවාංග උපච්ඡේද
    4)පංචද්වාර ආවර්ජන,
    5)චක්ඛු විඤ්ඤාණ
    6)සම්පටිච්චන,
    7)සන්තීරණ,
    8)වොත්තපන ,
    9)ජවන
    10)ජවන
    11)ජවන
    12)ජවන
    13)ජවන
    14)චුති,
    15)පටිසන්ධි,
    16)භවාංග,
    17)භවාංග

    පටිසන්ධි කියන සිත ඇති වෙන එක නවත්තන එක තමයි නිවන් දකිනව කියන්නෙ.

    ඒ කියන්නෙ, විඤ්ඤානයට ඉන්න, භවාංග සිතක්(මම අර කියල තිබ්බ සිතට ඉන්න ශරීරයක්) ඇතී වීම නැවත්වීම. එතකොට අපේ අර කර්මය විසින් එකතු කරල බැඳගෙන හිටපු විඤ්ඤානය(ශක්ති ගුලිය) තියන්න තැනක් නැති වෙලා විසිරිලා යනව. ඒ කියන්නෙ, නිවන කියන්නෙ විඤ්ඤානය විනාස කිරීමක් නෙමෙයි, විසුරවා යැවීමක්.

    අර ලාමක කරල කියල තියන දෙයින් අදහස් වෙන්නේ ඕක.

    :rofl::rofl: උඹත් වචනෙට කොටු වෙනවනේ.
    මම හිතුව උඹල ඕක ප්‍රශ්නයක් කරගනියි කියල.:rofl::rofl:
    ඒක තමයි මම මුලින්ම කිව්වේ,



    විඤ්ඤානය ආත්මය නොවෙන බව මාත් දන්නවා. ඒත් අරූගෙ 'soul' වචනෙට සමාන වෙන, විඤ්ඤානය නොවන, වෙන වචනයක් මම දන්නේ නෑ. ප්‍රශ්නය අහපු එකාට තේරෙන විදිහටනේ උත්තර දෙන්න ඕන. ඒත් උඹට පැහැදිලි කරන කොට, මම හරි වචනය වෙන විඤ්ඤානය පාවිච්චි කළා. ඔයාට දුන්න උත්තරෙත් මම සමහර වචන සරල කරල තියෙන්නේ.

    ඔයා බබා වගේ ඇහුවට, උඹත් ඕක දැන දැනම අහන බවත් මම දන්නව. මොකද 'සෝවාන්' කියල තිබ්බ තැනට' රහත්' එන්න ඕන කියල දැක්ක කෙනාට, ඕක නොතේරෙන්න විදිහක් නෑ.
    දැන් මේක කිව්වත්, තවත් තැනක පොඩි මොකක් හරි අල්ලන් එකත් ප්‍රශ්නයක් කරගන්න බවත් මම දන්නවා. උඹට ඒකෙ ආතල් එකක් තියනවනම් ඉතින් මට මොකද නේද?:rofl:

    "ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්."

    මේකත් ඔයාට තේරෙන භාෂාවෙන් කියන්නම්කො,

    "විඤ්ඤානය කියන්නේ, තණ්හා හේතු ප්‍රත්‍යයෙන් ඇති වන කර්මයෙන් සකස් කරගත්, අරමුණු ගන්නා ස්වභාවය ඇති පරමාර්ථ ධර්මයක්."

    අභිධර්ම පිටකයේ තියන තැනක් මම දන්නේ නෑ. කෙලින්ම අභිධර්ම පිටකය කියවල අභිධර්මය ඉගෙනගන්න තරම් දක්ෂතාවක් මට නෑ.
    රේරුකානේ හාමුදුරුවන්ගේ, අභිධර්මයේ මුලික කරුණු පොතේත් හොඳ විස්තරයක් තිබ්බ මතකයි ඔය ගැන. ගොඩක් බණ අහල, කියවල එකතු කරගත්ත දැනුමෙ පොඩි සාරාංශයක් ඔය. ඒක නිසා මට මෙතැනයි කියල ඇඟිල්ල තියල පෙන්නන්න හැකියාවක් නෑ. සමහර විට එහෙම පුලුවන් කෙනෙක් හරියට තැනක් කියයි.


    මේකත් මෙතනටම එකතු කරන්නම්
    මේ තියෙන්නෙ මෙයාම ලියාගත්ත සෝවාන් සර්ටිෆිකට් එක



    කමල් වික්‍රමනායක

    kamal-80x83.jpg


    ("මම ක්ෂය වූ නිරය ඇත්තෙමි, ක්ෂය වූ තිරිසන් යොනි ඇත්තෙමි, ක්ෂය වූ ප්‍රෙතවිෂය ඇත්තෙමි, ක්ෂය වූ අපාය දුගති තැන්හි පහළවීම ඇත්තෙමි, සෝතාපන්නවෙමි, නපුරු තැන්හි පහළවීම් ඇති නොකරණ ධර්මයන්ගෙන් යුතුව නියත වූ සම්බෝධිය පිහිට කොට ඇත්තෙමි.")

    කමල් වික්‍රමනායක යනු ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු සසුනේ ශ්‍රාවක උපාසකයෙකි. ඔහු සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්‍රහාණය කරන ලද මාර්ග ඵල ලාභියෙකි. ඔහු සෝවාන් ඵලයට අනුරූප වූ බුදුන්, දහම්, සඟුන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාවෙන්ද, ආර්යකාන්ත සීලයෙන්ද හෙබි පුද්ගලයෙකි. ආර්ය වූ ඔහු සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර යැයි ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් යම් පුද්ගලයින් දැක්වූවාද ඒ කිනම් ස්වභාවයේ අය දැයි සහ කිනම් කරුණු නිසා පැවසීදැයි ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම දනී. ඔහු එම අවබෝධයට අනුරූප සත්පුරුෂ සහ කල්යාන මිත්‍ර ධර්මතාවයන්ගෙන්ද යුක්ත වේ.

    ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි.එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ.

    කොහොමද මෙයාව විවේචනය කරන්න එපා කියල කරල තියන තර්ජනය?:lol::lol:

    මෙයා හිතන් ඉන්නෙ සෝවාන් වෙස්මුණට මුවා වෙලා, අනෙක් අය පහත විදිහට විවේචනය කරල, මෙයාට සුදන වගේ ඉන්න පුළුවන් කියල. විශේෂයෙන්, සංඝයා විවේචනය කරනවානම්, තමන් අනෙක් පැත්තට විවේචන බලාපොරොත්තු වෙන්න ඕන. ඒවාට මුහුණ දෙන්න බැරි නිසා තමයි මෙහෙම තර්ජන කරන්නේ.

    "මේ නිසා සද්ධර්මය පිළිබද ඇති අපැහැදිලිකම් මතද ආර්යයන් හා අකාරනව වාද කිරීම, අකාරනව ඔවුන්ට දොස් නැගීම නුසුදුසුම ක්‍රියාවකි. සෝතාපන්න පුද්ගලයෙකු යනු නිවන් මඟ සෑම කරුණක්ම පැහැදිලි ලෙස අවබෝධ කල අයෙක් නොවේ. මේ නිසා යම් හෝ කරුණක් නිවැරදි ලෙසින් නොපැවසීනම් හෝ මද ලෙස පැහැදිලි කලේ නම් හෝ වඩා නිවැරදි බවින් පැහැදිලි කල හැකිව තිබුනි නම් එවන් කරුණු නිවැරදි බව පිනිස ඔහුට දැක්වීම ප්‍රශස්ත, අර්ථ සහිත, හැම දෙනාගේ හිත සුව පිනිස පවතින කරුණකි. එයත් කල යුත්තේ ගැටීමෙන් නොවේ, සකාරණව කරන සාකච්චාවෙනි, සකාරණව කරන කරුණු දැක්වීමෙනි."

    කමල් තමන්ගෙ සෝවාන් සහතිකයේ ලියාගත්ත දේ එයාම පිළිපදින්නේ නැති එක තමයි දුක.:lol::lol:
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    matath maan wa mulin poddak saka hithuna prashna ahana widihata?
    eya inne maragaye thanaka atharaman wela, oka aniwaryayen gaman karana kenekuta wenawa, ethandi thama guru asuara oni, thaniyen owa karanna giyama wena deyakoka, kawda hari eya okaterun gannawa waradda tika kaalayak yay itpasse nishshabdawa idi,
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    matath maan wa mulin poddak saka hithuna prashna ahana widihata?
    eya inne maragaye thanaka atharaman wela, oka aniwaryayen gaman karana kenekuta wenawa, ethandi thama guru asuara oni, thaniyen owa karanna giyama wena deyakoka, kawda hari eya okaterun gannawa waradda tika kaalayak yay itpasse nishshabdawa idi,

    :yes::yes:
    මටත් හිතෙන්නෙ එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නෙ.
    මේ මම ඒ ගැන එයාට දාපු reply එකක්.


    මචන් කමල්. උඹට පොඩ්ඩක් පැටලිල වගේ. මම කවුරුවත් හාමුදුරු කෙනෙක්ගේ පැත්ත අරගෙන නෑ. ඔයා අන්තයේ ඉන්න නිසා ඔයාගෙ අදහසට විරුද්ධ අය අනිවාර්යයෙන් අරියඥාණ හාමුදුරුවො මුල් කරගෙන ඉන්නව කියල හිතාගෙන ඇති. ඒත් මම මීට කලින් මේ හාමුදුරුවන්ගේ බණ අහල තියෙන්නෙත් එක පාරයි. මම කියන්නෙ ඔයා ගිහියෙක් හැටියට ගෞරවාන්විත විදිහට බණක වැරද්දක් පෙන්නනවට වඩා ඒකට මඩ ගහන එක වැරදියි කියල. මට ඕන තරම් බණ වලදි වැරදි දේවල් ඇහිලා තියනව. මම ඒවත් එක්ක ගැටෙන්නේ නෑ. හොඳ ටික අරගෙන නරක දේ අයින් කරනව. භික්ෂුවකට තවත් භික්ෂුවක් විවේචනය කරන්න අයිතියක් තියනව ගිහියෙක්ට වැඩිය. උඹ සිවුරක් දාගෙන ඔය ටික කිව්වනම්, තත්වෙ ගොඩක් වෙනස්. මෙතන ප්‍රශ්නෙ පටන් අරන් තියෙන්නෙ ඔයා සෝවාන් වෙලා කියල හිතාගන්න නිසා ඔයා හිතනව ඔයා හිතනව ඔයා සාසනයට උඩින් ඉන්නෙ කියල. (දැන් ඉතින් ඔයා සෝවාන් වෙලා නෑ කියල හැමෝටම ඔයාම පෙන්නුවනෙ, ඉතින් එක ගැන කතා කරන්න දෙයක් මට ඉතුරු වෙලා නෑ.) සුත්‍රපිටකය ගැන හොඳ දැනුමක් තියන නිසා ඔයාම දන්නව ඇතිනෙ කොච්චර මාර්ගඵල ලබාගෙන හිටියත්, බෞද්ධයෙක් එදා සිවුරු පෙරවගත්ත භික්ෂුවකට උනත් වඳින්න ඕන කියල. මම ඇත්තටම හිතනව මට වැඩිය උඹ නිවනට ලඟයි කියල. ඒක නිසා කල්‍යාණ' මිත්‍රයෙක් විදිහට මේ කියන්නෙ, උඹේ මානය බින්දගත්ත දාකට උඹ සමහර විට ඇත්තටම සෝවාන් වෙයි.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පැවිදි උතුමෙකුට තමන්ගේ උපරිම මුඩුක්කු බාෂාව පාවිච්චි කරන උන්දලගෙන් මොන ගුණයක් දකින්නද? තමන්ව උලුප්පා ගන්න මේ කරන අසික්කිත වැඩේ රැල්ලක් උනොත් කගේ අතින්ද වැඩි හානියක් වෙන්නේ?

    පරණ කට්ටියට මතක ඇති දමිත් කාරියවසම් එහෙම? මුලින් මේ විදිහම තමා. අන්තිමට තමා එලියට ආවේ මොන වගේ සතෙක්ද කියලා. තව විහිළුවක් වෙන්නේ පැවිදි උතුමෙකුට උඩ තැනකින් ඔය කියන පුද්ගලයාව තියලා වියන්ගයෙන් සාදුකාර දෙනවා. මම එදත් කිවුවේ, තුන් කල් ප්ප්‍රත්යක්ෂේන් දැකපු බුදුරජාණන් වහන්සේටත් සඟ පරපුරේ පුරුක් පහත් කරලා කතා කරන්න පුළුවන් අතරමැදි ගිහි පිරිසක් අනාගතයේ පහල වෙන බවත් උන් ධර්මය මහා සන්ගරත්නයටත් වඩා හොදින් රකින බවත් මගහැරුනේ කොහොමද කියල. මේවට සම්මාදම් වෙන එකත් ජාති පවු.
     
    • Like
    Reactions: ctooi

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ගේම් කාරයෝ හැමතැනම. . :baffled:

    චූදිතයන් වර දැන් තොපේ නිදහසට කරුනු ඉදිරිපත් කරව. . :growl:

    ටැග් ටික දැක්කනම් උබලට තේරෙයි මේ කාගේ වැඩක්ද කියලා. . ටැග් දාලා මාරුවෙලා :rofl:

    ප.ලි

    ටැග් වලින් මාට්ටු නිසා ටැග් ටික අයින් කරාට ස්ක්‍රීන් ශොට් එකක් තියෙනවා. .



    255.jpg
     
    Last edited:

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ගේම් කාරයෝ හැමතැනම. . :baffled:

    චූදිතයන් වර දැන් තොපේ නිදහසට කරුනු ඉදිරිපත් කරව. . :growl:

    ටැග් ටික දැක්කනම් උබලට තේරෙයි මේ කාගේ වැඩක්ද කියලා. . ටැග් දාලා මාරුවෙලා :rofl:
    ටැග් එක වැඩක් නැනේ.. බඩුත් එක්ක කට පුරා මාට්ටුනේ..

    http://www.elakiri.com/forum/showthread.php?p=20635760#post20635760
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ටැග් ටික දැක්කම නම් පේනවා කාටද රිදිල තියෙන්නෙ, කාගෙ වැඩක්ද මේක කියලා.
    මොන ටැග්ද ඔයි. තමුසේ බීලද? කියවපිය හරියට. තොපේම වැඩ.
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ටැග් ටික දැක්කම නම් පේනවා කාටද රිදිල තියෙන්නෙ, කාගෙ වැඩක්ද මේක කියලා.
    දැන් ඉතින් පුක හපාගෙන පොස්ට් එක ඩිලීට් කරපිය ගල් හිවලා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොන ටැග්ද ඔයි. තමුසේ බීලද? කියවපිය හරියට. තොපේම වැඩ.

    දැන් ඉතින් පුක හපාගෙන පොස්ට් එක ඩිලීට් කරපිය ගල් හිවලා

    විනාඩි දහයකට කලින් තිබුනා ටැග් ටික. තෝයි තොගෙ පොන්න ෆේකියො ටිකයි ටැග් දාල ඩිලිට් කරල :lol:
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    විනාඩි දහයකට කලින් තිබුනා ටැග් ටික. තෝයි තොගෙ පොන්න ෆේකියො ටිකයි ටැග් දාල ඩිලිට් කරල :lol:
    තමුසේ මොනවද ගැහුවේ.. කසිප්පුද ගන්ජද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මොන ටැග්ද ඔයි. තමුසේ බීලද? කියවපිය හරියට. තොපේම වැඩ.

    හිරිකිතයි නේද මහත්තයෝ. . ඔබතුමාට ෆේක් කීයක්ද? නැත්තන් කට්ටිය සෙට් වෙලා නැමෙනවද?
    අමතක වුනා වාසි ගන්න රෙද්ද උස්සපු ජාන වලින් ආපු එකෙක්නේ නේද. .


    255.jpg