Slt 4g, Dialog 4g Sim

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    මේක ගොන් ප්‍රශ්නයක් ද දන්නේ නෑ
    මචන්ලා මට පොඩි ගැටළුවක් තියනවා, මන් ගාව SLT 4G රවුටර් එකක් තියනවා ඉතින් එකේ සිම් එක පෝන් එකට දාල මොකුත් කරගන්න බැරිද මන් කියන්නේ කරන්ට් නැති වෙලාවට ඉන්ටනෙට් යන්න තව කොහේ හරි ගමනක් යද්දී වගේ
    උබල මේක කරලා නැද්ද :eek: :( :nerd:
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    නැත්තම් බෝඩ් එකට බැටරි පාස්සගන්න පුළුවන් උනත් කමක් නෑ
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒක හදන්න මේ කලමනා ඕනෙ :P

    පරන ලැප්ටොප් බැටරියක්
    පරන ෆෝන් බැටරියක්
    3 pin connector එකක්

    :D

    පරන ලැප්ටොප් බැටරියක් අරන් කේසින් එක කඩලා ඇතුලෙ තියන cell 2ක් ගන්න ඕනෙ. 18650 Lithium ion බැටරි :yes:
    හොඳ බැටරි 2ක් ඕනෙ ඒකට මල්ටි මීටරේකින් චෙක් කරන්න voltage එක. 4v වත් තියනවනං හොඳයි. මල්ටි මීටරයක් නැත්තං LED bulb 2k series විදියට අමුනලා බැටරි terminal 2ට තියලා බලන්න පත්තු වෙනවද කියල :P

    battery-awt-18650-rechargable-yellow-front.jpg


    Ebay එකෙන් ඔය බැටරි ගන්නත් පුලුවන්. :P

    ඊලඟට ඕනෙ පරන ෆෝන් බැටරියක්. ඒකෙ Protection circuit එක ගලවල ගන්න. Terminals තියන පැත්තෙ plastic කෑල්ල ගලවල plastic කෑලි ටික අයින් කලාම ඔය circuit එක මතු කර ගන්න පුලුවන්.

    දැං අර 18650 battery දෙක parallel විදියට පාස්සගෙන (+ + එකට - - එකට) අර circuit එකේ B+ B- කියලා ගහලා තියන දෙකට පාස්සන්න.


    රවුටරේ බැටරිය ගහන පෝට් එක පල්ලෙහා බලං ඉන්න විදියට ඇල්ලුවහම වම් පැත්තෙ තියන terminal එක +, දකුනු පැත්තෙ terminal එක - මැද එක data

    අර circuit එකේ + - data (ෆෝන් බැටරිය තිබ්බ විදියටම) 3pin connector එකට පාස්සලා ගහන්න තියෙන්නෙ :yes:

    Supply_3_7V_4400mAh_18650_Rechargeable_Lithium_ion_Battery_Packs_with_protection_Circuit_7925_1.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1749766&page=44