SLT cyber attack

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ලෝක ව්‍යාප්ත තර්ජනයක් ලෙස හඳුන්වනු ලබන ‘සොඩ්නොකිබ්’ නමැති කප්පම් මෘදුකාංගය යොදා එල්ල කළ සයිබර් ප්‍රහාරයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර ජාලයට එල්ල වී ඇතැයි වාර්තාවේ.
    සයිබර් ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පාරිභෝගික සේවා ද ඇනහිට ඇත.
    මේ අනුව 1212 සහ 0112121212 යන පාරිභෝගික සේවා දුරකථන අංකයන්ද 23, 24 දෙදින ක්‍රියාත්මක නොවූ අතර මේ නිසා
    ටෙලිකොම් පාරිභෝගිකයන් ද මහත් අපහසුතාවන්ට පත්ව සිටිති.

    මෙම සයිබර් ප්‍රහාරයෙන් පසුව ටෙලිකොම් ආයතනයේ දත්ත ගබඩා පද්ධතිය (සර්වර්)කිහිපයක් ටෙලිකොම් ආයතනය විසින්ම ක්‍රියාවිරහිත කරනු ලැබීය. එසේ ක්‍රියාවිරහිත කර ඇත්තේ අභ්‍යන්තර මෘදුකාංගවලට හානි සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා බවද වාර්තා විය.


    නිවසේ සිට සේවය කරන ටෙලිකොම් ආයතනයේ නිලධාරීන්ට එහි පරිගණක ආරක්ෂණ පද්ධතියට ඇතුළු වීමට අවස්ථාව ලබාදීමත් සමග හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇතැයි කියැවේ.

    මේ හේතුවෙන් සෙනසුරාදා (23දා) සිට ටෙලිකොම් නිලධාරීන්ට පරිගණක මගින් ආයතන පරිගණක දත්ත පද්ධතියට ඇතුළු නොවන ලෙස දන්වා තිබිණි.

    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මගින් අධි අවධානම් මට්ටමේ සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු හඟවන්නේත් මෙම ප්‍රහාරය එල්ල වූ ඉකුත් 23දාමය.

    මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන හැකර්වරුන් විසින් ලිපිගොනු සහ ෆෝල්ඩර කියවිය නොහැකි ලෙස ඒවා තම ග්‍රහණයට ගෙන යථාවත් කිරීමට කප්පම් මුදලක් ඉල්ලා සිටින බව සර්ට් ආයතනය පෙන්වා දී ඇත. මෙම කප්පම් මෘදුකාංගයේ එකම අරමුණ අහඹු දිගුවකින් ලිපිගොනු සංකේතනය කර ගොනු නැවත ලබා ගැනීම සඳහා කප්පම් මුදලක් ඉල්ලා සිටීම බවද ඔවුහු පෙන්වා දෙති. සර්ට් ආයතනය පෙන්වා දෙන්නේ සොචිෆොකිබ් වෛරසය විදුලි සංදේශ සේවා සපයන ෆිති සමාගම් සහ තොරතුරු තාක්ෂණ සේවා ඇතුළු සමාගම් රැසකට පහර දී ඇති බවත්, එමගින් සේවා කඩාකප්පල් කිරීම හා තොරතුරු අහිමි කිරීමත් බවය.


    ටෙලිකොම් පාරිභෝගිකයන්ගේ අන්තර් ජාල දත්ත ඉක්මනින් කපාහැරීමක් සිදුවන බවට සයිබර් ප්‍රහාරයෙන් පසුව පාරිභෝගිකයන් දිගින් දිගටම පැමිණිලි කර ඇති බවක්ද වාර්තාවේ. නමුත් ඒ ගැන නිශ්චිත පිළිතුරක් ආයතනය සපයා නැත.

    ශ්‍රී ලංකා ටෙලිකොම් හි ගැටලුව බාහිරට පැමිණි එකක් නොවන බවත් අභ්‍යන්තර මෙහෙයුම් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවත් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ පණිවිඩයක් ටෙලිකොම් වෙබ් අඩවියට පිවිසි විගස දක්නා ලෙස පළ කර තිබේ.


    තොරතුරු - Gossip Lanka
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    https://www.slt.lk/

    Capture_slt_issue.PNG
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    අපේ කරුමෙට ඔය ඇටෑක් එක හරියටම යූසේජ් මීටර් අනං මනං රන් වෙන සර්වර් එකට ආවෙ නෑ :P :P :P

    ඒ කරුමෙ ඉතිං ඕක ඇතුලෙ ඉන්න ඇඩ්මින් ඔස්තාර්ලා නිතරම අපිට විඳින්න දෙනවනේ...
     
    • Like
    Reactions: sithija.h

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    පකලාගෙන් Hutch වලට මාරු වුනේ වෙලාවට