SLT එකෙන් කෝල් කරලා ෆයිබර් දෙන්න ඇහුවා. 2000යි කිව්වා ප්‍රමෝෂන් එක නිසා. කලින් ෆ්‍රී දෙනවා කියල කෝල් කලා, පස්සේ ෆ්‍රී එක ඉවර වුනාම මම කෝල් කරලා ඉල්ලන්න අහද්දී 7000යි කිව්වා. දැන් කිව්වා 2000ට තියෙනවා කියල. මම ඉතින් හා කිව්වා. වැස්ස වෙලාවටත් කොපර් ලයින් එක ඩ්‍රොප් වෙන නිසයි, හෙන ගහද්දි රවුටර් ටීවී පිටින් පිච්චෙන නිසයි හා කිවේ. නැත්තන් ස්පීඩ් එක නම් එච්චර ඕනත් නෑ. 

