Smartphone එක විකුණන්නේ බලාගෙනයි

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Smartphone එක විකුණන්නේ බලාගෙනයි

    Best-mobiles.jpg


    දැන් ගොඩක් කස්ටිය ගාව Smartphone තියෙනවනේ. මේ යන විදිහට 2017 වෙනකොට ලෝක ජනගහනයෙන් 50%ක් ගාවම smartphone එකක් තියෙයි කියලයි කියන්නේ :yes: :yes:
    ඒ වගේම තමයි අපේ අයගේ වැඩේ අලුත් එකක් ආපු ගමන් පරන එක විකුණලා අලුත් එකකට යනවා :rolleyes::rolleyes:


    හරි දැන් අපි මාතෘකාවට බහිමුකෝ. අපි phone එක විකුණනකොට කරන්නේ ඒකේ තිබ්බ සබ්බ සකලමනාව delete කරලා දාන එකනේ. හැබැයි මෙහෙම delete කරාට කලින් තිබ්බ files අයින් වෙන්නේ නෑ :no:

    මේකෙදි වෙන්නේ අපෙ phone එකේ තිබ්බ file එකට තියෙන pointer එක අයින් වෙන එක විතරයි. අලුතින් data දානකොට පරන ඒවා overwrite වෙන එකයි වෙන්නේ. ඒකනිසයි කියන්නේ කල් ගතවෙනකොට file එකක් recover කරන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා ;)


    දැන් තේරෙනවා ඇති මම කියන්න යන්නේ මොකක් ගැනද කියලා :rolleyes:
    කස්ටියම දන්නවා ඇතිනේ Avast කියන කොම්පැනිය ගැන (අර anti virus එකක් එහෙම තියෙන්නේ) :D
    මේගොල්ලෝ ebay එකේ විකුණන්න දාලා තිබ්බ android phones 20ක් මිලදීගෙන පොඩි ප‍රීක්ෂණයක් කරලා තියෙනවා. මේ පරීක්ෂණයට මේගොල්ලෝ නොයෙකුත් data recovery softwares පාවිච්චි කරලා තියෙනවා :yes:



    sell-smartphone.jpg



    මෙන්න මේ පරීක්ෂණයෙන් මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙන දේවල් :shocked: :shocked:
    කොහොමද පික්සු කොර නේ
    :P :P


    359kcb6.jpg



    මේකෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි එක දිගටම phone එක පාවිච්චි කරන එක. නැත්තන් පස්සේ කාලෙකදී විකුණනේ නැතුව phone එක කුඩුපට්ටන් කරලා දාන එක :baffled: :baffled:

    මේක වැඩිය ප්‍රායෝගික නැති නිසා අපි බලමු ඊලඟට අපිට තියෙන හොඳම විසඳුම මොකද්ද කියලා :eek:



    Android Phones වලට


    Avast Anti-Theft එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් files recover කරන්න බැරි වෙන්න සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා

    Secure Deletion for Android (€2.20) මේකෙනුත් කරන්නේ ආයි recover කරන්න බැරි වෙන්න delete කරන එකයි

    Secure Erase with iShredder 3 මේකෙන් file එකක් delete කරනකොට overwrite algorithms උත් පාවිච්චි කරනවා ඒකනිසා ආරක්ෂාව තවත් වැඩියි

    Secure Wipe මෙකෙන් කරන්නේ තියෙන free ඉඩ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම overwrite කරන එක


    iPhone වලට


    iShredder කලින් ඇන්ඩ්‍රොයිඩ් වලට දාලා තියෙන ඇප් එක මේකෙත් තියෙනවා

    සමහර අය කියන විදිහට මේ විදිහට delete කරන එක iPhones වලට ප්‍රමාණවත්ලු.... :nerd:

    photo-v1-224x395.jpg



    මෙතන තියෙනවා Avast කොම්පැනිය data recover කරපු හැටි ගැන දීර්ඝ විසතරයක්. දිග වැඩි නිසා ඒකනන් දාන්න යන්නේ නෑ. කැමති අය ගිහින් බලන්න

    Android Forensics, Part 1: How we recovered (supposedly) erased data


    හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මින් ඉදිරියට smartphone එක විකුණනකොට ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න කියලා තමයි :yes:
    හෙන කාලෙකට පස්සේ කොටපු ත්‍රෙඩ් එක කාටත් වැදගත් වෙයි කියලා හිතනවා :)

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    නියම ලිපිය පසනෝ ,,,
    මෙතනත් ගොඩාක් අය smartphone පාවිච්චි කරාට ඔයගැන දන්නේ නැතුව ඇති ..
    බොහෝම ස්තුතියි ....

    +16
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ara recover karapu kellonge pics tika balanna widiyak nadda ??
    mata nemei mage yaaluwekta :rofl:
    ට්‍රයි කරා බන්ස් ඒත් හම්බුනේ නෑ :P
    උඹට හම්බුනොත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා :rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    eka man beluwa therenne nae :rolleyes:
    මම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලා නෑ බන්ස්. ඒකනිසා මටත් ඒ හැටි තෙරුමක් නෑ. WP වලනන් ලේසියෙන්ම වැඩේ කරන්න පුළුවන් :yes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :):):)
    නියම ලිපිය පසනෝ ,,,
    මෙතනත් ගොඩාක් අය smartphone පාවිච්චි කරාට ඔයගැන දන්නේ නැතුව ඇති ..
    බොහෝම ස්තුතියි ....

    +16
    එලකිරි වෙවා බුවා සහෝ :D