Software හොරුන්ගෙන් බේරෙමු....

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Software හොරුන්ගෙන් බේරෙමු....

මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් කට්ටිය නොදන්නා හා ගොඩක් කට්ටිය දන්නවා කියල හිතන් ඉන්න මාතෘකාවක් ගැන , ඒ තම මෘදුකාංග හොරෙන් පාවිච්චි කීරීම ගැන . මොකද දන්නවද ? මේ හොරෙන් මෘදුකාංග පාවිචිය නිසා එම මෘදුකාංග අයත් සමාගමට වසරකට මිලියන ගනන් මුදල් පාඩු වෙනවා . ඒ විතරක් නෙමේ, අලුත් මෘදුකාංග හදන්න ඒ අයගේ තියෙන්න උනන්දුවත් අඩු වෙනවා . ලංකාවේ වගේ ආසියාවේ මිනිසුන්ට මෘදුකාංග සල්ලි ගෙවලා නියම ආකාරයෙන් ගන්න හැකියාවක් නැති බවත් අපි දැනටමත් දන්නා කාරණයක් නේ . ඒවා මොනවා වුනත් මෘදුකාංග හොරෙන් පාවිච්චි කීරීම හිරේට වුනත් නියම වෙන්න පුළුවන් කාරණයක් නේ .
පසු ගියද අපේ රටට ලෝකයේ 2 වෙනි තැන හම්බුනා . ඒ මෘදුකාංග හොරෙන් පාවිච්චි කරන පිරිසක් සිටින ලෝකයේ 2 වැනි රට කියල . ලෝකයේ හැමදෙයකින්ම 1 වෙනි තැන හම්බවෙන අපේ රටට 2 වෙනි තැන හම්බුනා එකනම් ලෝක ප්රැශ්නයක් .

දැන් ගොඩක් කට්ටිය හිතනවා ඇති මොකද්ද මේ මෘදුකාංග හොරෙන් පාවිච්චි කරනවා කියන්නේ කියල. පිටකොටුවේ වගේ පොඩි සෙවිල්ලක් දැම්මොත් එහෙම windows , adobe සමාගම් වල මෘදුකාංග විතරක් නෙමේ, ලෝකයේ තියෙන ඕනෑම මෘදුකාංගයක් රුපියල් 100 යක් හෝ උපරිම වුනොත් 200 වගේ ගානකට හොයා ගන්න පුළුවන්. ඒ තරම් අපේ රට පරිගණක වලින් ඉදිරියට ගිහිල්ලා. අපි සාමානනයෙන් මෘදුකාංග ගන්නේ කොහෙහරි තියෙන Internet Café එකකකින් . ඒ හින්ද අපි වැඩිය ඔය Genuine Software පස්සේ පන්නන්නේ නැහැනේ .
එත් ලෝකයේ හදන ඕනෑම මෘදුකාංගයකට අදාල සමාගමක් හෝ පුද්ගලයෙක් ඉන්නවා . අපි මෘදුකාංග නියමාකාරයෙන් ගන්නවා කියන්නේ ඒ අදාල සමාගමෙන් හෝ පුද්ගලයාගෙන් මුදල් දීලා ඒ අදාල මෘදුකාංගය ගැනීම . පුතෝ එතකොට නම් ඔය මෘදුකාංග රුපියල් 100 ට 200 ට ගන්න හම්බුවෙන්නේ නැහැ . මොකද ඒ අය ඔය මෘදුකාංගයක් හදන්න රුපියල් කොටි ගණන් වියදම් කරනවා. ඒ විතරක් නෙමේ ඒ අයගේ මහන්සිය, වියදම් කරපු මුදල් ඒ සියල්ලම තුට්ටු දෙකකටවත් ගණන්ගන්නේ නැතුව පිටකොටුවෙන් රුපියල් 100 ලෝකයේ තියෙන මෘදුකාංග අරන් එනව . මෙහෙම ගත්තහම මේ මෘදුකාංගය හදන්න මහන්සි වෙච්ච සමාගමට තමා පාඩු . ඒ හින්ද මේ සමාගම් එකතුවෙලා පොඩි ආයතනයක් පටන් ගත්තා . ඒ තමා Business Software Alliance ( BSA ) කියන්නේ . මේ ආයතනය හැමවෙලාවෙම , හැමතිස්සෙම වෙහෙසෙන්නේ මේ හොරෙන් මෘදුකාංග පාවිච්චි කරන මහජනයා හරි මගට ගෙන එන්න .මොකාද දන්නේ නැහැ මේ මෘදුකාංග හොරෙන් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන්නේ . මේ කට්ටියට කියන්නේ Crackers ලා කියල . මේ කට්ටියට software ගැන හා Programming ගැන හොඳ දැනුමක් තියෙන කට්ටිය . මේ කට්ටිය කරන්නේ මෘදුකාංග Decompile කරලා එකේ තියෙන Serial Number තියෙන කොටස ඉවත් කරලා , මෘදුකාංගය ඉදිරියට යවන්න පුළුවන් විදියට හදන එක . තව වැඩක් තියෙනවා , මෘදුකාංගයට දෙන්න ඕන Serial Number එක වෙනුවට එකට ගැලපෙන number එකක් හදල මෘදුකාංගය ඉදිරියට යැවීම . මේවා කරන්න තහනම් ඒ විතරක් නෙමේ මේ මෘදුකාංග Crack කරලා මේ කට්ටිය නිකම් අපිට මේ මෘදුකාංග දෙන්නේ නැහැ . මොකද ඒ අය මේ සදහා මහන්සිවෙන්නේ යටි අදහස් ඇතුවයි.

මේ මෘදුකාංග වලට Virus, Botnet Applications, වගේ ඔත්තු බලන , අපේ වැදගත් දත්ත හොරකම් කරන මෘදුකාංග ඇතුලත් කරලා තමා දෙන්නේ . දන්නේ නැතුවම අපේ පරිගණකය වෙනත් කෙනෙකුගේ ග්‍රහණයට ලක් වෙනව. මේලෙස ඉවුන් කරන්නේ ඔබේ පරිගනකය යොදාගෙන ස්පෑම් යැවීමට, hacking වැඩ කිරීමට වගේම පරිගනක bot-net සාදා වැඩි මිලකට විකිනීමට. යම්කිසි අඩවිය හැක් කිරීම ඔබේ පරිගනකය් මෙල්ස යොදාගත්තොත් ඔබත් අමාරුවේ. ගොඩක් key generator හා crack දෙන අය කියනවා ඒවා බොරුවට වයිරස් ස්කෑනර් වලින් වයිරස් ලෙස පෙන්න නිසා තම පරිගනකයේ වයිරස් ස්කෑනරය disable කරන්න කියා, අපි විසිම මොදැනී එම වැඩසටහන් වල එන වයිරස් එක දාගන්නවා. මේකත් ඒ අය අපේ පරිගනක වලට වයිරස් ඇතුලත් කරන්න එක උපක්‍රමයක්. ගොඩක්ම මේ මෘදුකාංග වෙනස් කරන්නේ චීනයේ හා ඉන්දියාවේ, එත් ඒ අයනම් පාවිච්චි කරන්නේ , නියම ආකාරයෙන් මීල දී ගත් මෘදුකාංග. මොකද ඒ අය කැමති නැහැ අනුන්ගේ පරිගනකයක ග්‍රහණය වෙන්න.
දැනට හැමෝටම තියෙන ගැටලුචක් මොන වයිරස් ස්කෑනයරය දැම්මත් පරිගනකට වයිරස් එන එක නවත්වන්න බැරි එක. මේකට එක හේතුවත් තමයි, වයිරස් පැතිරෙන්නේ පරිගනකයේ OS (Operation System) එක වන Windows වල පවතින ගැටලු (bugs) නිසා. එම ගැටලුවලට විසදුම් ලෙස තමයි Software update (Windows Update) හා Service Pack එන්නේ. ඒ කියනේ OS කේ තියෙන මෙම වැරදි නිවැරදි කිරීමට. මෙම වැරදි නිවැරදි උනහම වයිරස් එකක් පැමිණියත් එහ වයිරස් එක පැතිරෙන්න එම OS එක ගැටලුව නැති නිසා පරිගනකයට වෙන හානිය නැතිවෙනවා. වයිරස් ස්කෑනර් කොපමණ තිබුනත් ඒවාගේන් මේම වයිරස් රිංගා යන්න ගොඩක් දක්ෂයි. ඒක නිසා තමයි කොපමණ වයිරස් ස්කෑනර් දැම්මත් වයිරස් පැතියෙන්නේ. මේ update ගන්න නම් අදාල පරිගනකට Genuine software තිබිය යුතුයි.
මේ තියෙන්නේ ලෝකයේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මෘදුකාංග වල නියම මිල ගණන් , අපේ යාලුවෝ කැමති නම් නියම මෘදුකාංග පාවිච්චි කරන්න මේ තියෙන්නේ නියම මිල ගනන්.
Microsoft Office 2010 – Rs. 14,000
Kaspersky Internet Security – Rs. 1790
Windows 7 Starter – Rs.6500
ඔයලට පේනවා ඇති මේවා ගොඩක් ගනන් බව . එත් මේ software එකක් කැමති අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්. එත් එහෙමත් මේ software ගන්න අකමැති නම් තව එක ක්රුමයක් තියෙන්නවා . මොකක් ද දන්නවද ? Open Source Software පාවිච්චි කරන එක . මේ Open Source Software ලෝකයේ Commericial Licenced Software හෙවත් අර ඉස්සෙල්ල කියපු Software වලට වඩා ආරක්ෂාව , වේගය අතින් හොඳ තැනක ඉන්නවා . මොකද මේ මෘදුකාංග ලෝකයේ සිටින හැම කෙනෙකුටම තව දුරටත් සංවර්දනය කරන්න පුලුවන්. මොකද දන්නවද ? මේ මෘදුකාංගයේ Source Code එක මෘදුකාංගය මුල්වරට හදපු සාමාගම මගින් නොමිලේ බාගත ( Download ) කරගන්න ඉඩ දෙන නිසා . කිසිම වෙලාවක මේ source code එක විකිණීම සපුරාම තහනම් .
Commericial Licenced Software වලට ආදේශක ඊටත් වඩා හොදට ඔයාගේ වැඩ හොදට කරගත හැකි Open Source Software හා නොමිලේ දෙන. මේ තියෙන්නේ ඒවාට උදාහරණ !
Audio, Video, Mobile Converters – Format Factory
Microsoft Office – Open Office, Google Docs
Web Surfing – Google Chrome , Mozilla Firefox
Torrent – uTorrent , BitTorrent
Multimedia Players – K-Lite Codec Pack , VLC media Player
තව පොඩි අවුලක් තියෙන්නවා කියන්න , අපේ කට්ටිය Open Source Software බාන්නේත් Torrent එකකින් , එතකොට මේ softwares වලටත් Virus වගේ දල තියෙන්න පුලුවන් . ඒ හින්ද , Open Source Software බාන්න ඕන නම් ඒ අදාල site එකෙන් නොමිලේම අදාල මෘදුකාංගය බාගන්න පුලුවන්. මේක OpenSource අදහා පමණ නොව ඕනෑම Software එකක් download කරනකොට අදාල සමාගමේ වෙබ් අඩවියන් ගන්න, නැතිනම් ගොඩක් වෙලාවට අනිත් අඩවි වලිම් මේවා ගන්නකොට ඒවාට වයිරස්, ඇඩ් වෙයා ඇතුලත් කරලයි බෙදාහරින්නේ.
ගොඩක් අපි බාවිතාකරන මුදල් ගෙවිය යුතු Software සදහා ආදේෂක නොමිලේ හා Open Source Software හොයාගන්න alternativeto.net අඩවිය බාවිතා කරන්න පුලුවන්.

Ubuntu – www.ubuntu.com
Format Factory – www.formatfactory.org
Kbuntu – www.kubuntu.org
මම දැන් කියන්නේ Commercial Software පාවිච්චි කරන්න එපා කියල නෙමේ . මේ මෘදුකාංග පාවිච්චි කරනවා නම් නියම ආකාරයෙන් මීලදීගෙන පාවිච්චි කරන්න කියල . මොකද , මේ software, torrent වලින් බාන්න ගියහම සමහර විට ඔයාගේ පරිගණකය Virus ගුහාවක් වෙන්න බැරිත් නැහැ .

උපුටා ගැනීම = Techkatha


වැදගත් වුනානම් comment , rep එහෙම දීල ගියාට අවුලක් නැහැ .. ඕන නැත්නම් නිකන් හැරිලා යන්නේ නැතුව බුම්ප් එකක් වත් දල යන්න තව කෙනෙක්ට මේක බලන්න හරි ...

 

chuky

Active member
  • Mar 7, 2011
    348
    54
    28
    Thred එකනම් වෑදගත්. ඒත් අපේ ආර්ථිකයේ හෑටියට Original Software මිලදීගන්න අමාරුයි.
    REP +
     
    • Like
    Reactions: HashanR

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඔ කියන දේ ඇත්ත
    එත් තාම අපේ රටේ හුගක් අයගේ කොම්පුයිටර් ඔය ‍
    Microsoft Office 2010 – Rs. 14,000
    Kaspersky Internet Security – Rs. 1790
    Windows 7 Starter – Rs.6500
    22290 tharam vatinne nehe

    magenuth ahanava avilla
    10000kata pc ekak aran denna berida podi ekata purudu venna kiyala
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    good thread
    softw ekak hadanda kochchara mahansi wenda oneda kiyala danne softw ekak hadapu kenek witharai
    so a mahansiyata respect ekak hatiyatawath puluwan tharam original ganda barinam freewares use karamu...