මචං උබල කොහොමද software Engineering daily task එකක් හරියට plan කරන්නේ
එකිවේ JIRA TASK එකක් වැටුඋනම කොමද ටාස්ක් එකක් Develop කරන්න plan කරන්නේ සහ හිතන්නේ
මට උපදෙස් ටිකක් දීපන්කො .
ජිරා වගේ ඒවා ඔක්කොටොම පොදුවේ කියන්නම් .අජයිල් විදිහ
1. ඔයාට ටාස්ක් එකක් වැටෙනවනේ. ඒ වැටෙන ටාස්ක් එකේ පළවෙනි දේ තම ප්රයෝරිටි එක. මේ වැඩේ කස්ටම්ර්ගේ හෝ සිස්ටම් එක පැත්තෙන් කොච්චර් වැදගත් ද කියන එක .
2. දැන් එහෙම වැටෙන ටාස්ක් ගොඩක් එක ප්රෝජෙක්ස්ට් එකක තියනවා. සාදාරන ක්රමේ නම් සදුදා උදේ මිටින් එකක් දාල අර අලුත් අයිටම් ටික ඔක්කොම අරගෙන ප්රයෝරිටි එක වැඩි එකේ ඉදන් පල්ලෙහට ලිස්ට් කරගන ඕනේ. එහෙම උනාම ඔයාගේ එකේ ප්රයෝරිටි එක තීරණය කරන්නේ එතැනදී.
3. උද එකේදී එන තව එකක් තමා හිතන්න ඔයා ASE කෙනෙක්. මේ දීපු ටාස්ක් එක මොකක්ද කියලවත් තේරෙන්නේ නැ . අන්න එක නිසා සාදාරන කම්පනියක නම මහා උන් , BA ලා ඔක්කොම සෙට් වෙලා මේ එක එක ටාස්ක් එක අරගෙන කතා කරනවා. එකේදී එනවා ඒ ස්ටෝරි එකේ සබ් ටාස්ක්.
4. හිතන්න ඔයාට දුන්න ස්ටෝරි එක (ටාස්ක් ) ටිකක් ලොකු එකක්. අන්න එක අපි පොඩි කැලි වලට කඩා ගාන්නවා. එක අර ස්ටෝරි එක යටතේ ස්ටෙප් විදිහට දාගන්න ඕනේ. එක ලේසි. දැන් ඒ සබ් ටාස්ක් එකකට අයිඩි එකකුත් තියනවා
5. දැන් හිතන්න සාදාරන නොවන කම්පැනි එකක නම් ඔයා ඉන්නේ. උඩින් කිව්වා ටික ඔයා තනියම කරගන්න ඕනේ. මොකද BA තමා මේ ස්ටෝරි එකේ වෙන්න ඕනේ දේ හරියටම දන්නේ. උබට උඩින් ඉන්න ලොක්කෝ තමා කොඩින් වෙන විදිහ සිස්ටම් architecture එකේ වෙනසක් වෙනෝ නම් ඒ ඔක්කොම දන්නේ. ඉතින් උබ ඒ සෙට් එක එක්ක කතා කරලා සබ් ටාස්ක් කදාගැනීම අනිවාර්යෙක් කරන්න ඕනේ. මොකද උබ ඕකට කම්මැලි වෙලා හිතු මතේට වැඩ කලොත් උබ දිලිවර් කරන එක කස්ටමර් ට ඕනේ එක නෙමේ. අන්න එහෙම උනාම UAT එකෙන් රිජෙක්ට් වෙලා කම්බ කුණුහරප ලොට් එකක් එක්ක උබටම එනවා.
6. BA එකියක් නැත්නම් කස්ටමර් ට කතා කරලා වෙන්න ඕනේ එක හරියටම අහගනින්. (මේක කිසිසේත්ම අනුමත කල නොහැක. මෙහෙම කරන කම්පැනි තියනවා නම් අයින් වෙන්න ප්ලැන් එකකුත් ගහන්න )
7. දැන් අර උඩ ස්ටෙප් ටික අනුව හදන්න ගන්න. මේ වෙනකොට ඔයාට අමු වතුර වගේ පැහැදිලි වෙලා තියෙන්න ඕනේ වැඩේ කරන විදිහ. හැම සබ් ටාස්ක් එකක්ම අවසානයේ GIT කමිට් එකක් ගැසීම නුවනට හුරු වැඩක් තමා ඉතින්. මොකද ඕක අස්සේ වෙන වැඩක් අවොත් ට්රැක් මිසින්ග් වෙනවා. (GIT stash එකත් ඕනේ නම් පාවිච්චි කල හැක ) (කමිට එකට ස්ටෝරි එකේ නම්බර් එක සහ සබ් ටාස්ක් නම්බර් එක Comment එකක් විදිහට දාපන්. එකෙන් වැඩ ට්රැක් කරන්න පට්ට ලේසි )
8. සබ් ටසක් ඔක්කොම ඉවර වෙලා පුල් රික්වෙස්ට් එකක් දාල කට්ටියට පෙන්නපන් කල වැඩේ. එක අක්සේප්ට් වෙලා master merge උනාම තමා dev වැඩ ඉවර වෙන්නේ. ඊට පස්සේ QA , UAT එන ඒවා බලන්න ඕනේ.
9. වඩා වැදගත් දේ තමා ඔයාට වෙන්න ඕනේ දේ පැහැදිලි නිසා QA කෙනෙක්ගේ මයින්ඩ් එකෙන් බලන්න. බලලා ඔයාගේ ටෙස්ට් කේසස් ටිකක් හිතින් ගහගෙන ඒවාට කරපු වැඩේ චෙක් කරන්න පුල් රික්වෙස්ට් එකට කලින්ම. එහෙම උනාම රිටර්න් අඩු වෙනෝ
මේකේ දැනගන්න මොනා හරි තියේ නම් අහපන් වැඩි විස්තර් අකියල දෙන්නම්