මලයා මං පොඩි දෙයක් කියන්නම්....උඹ ඒ ලෙවල් එක සැරයක් කරල නම් ඔය හදිසි තීරණ ගන්න යන්නේ වහාම තීරණේ වෙනස් කරපං ස්ලිට් කරනවා කියලා හිතාගෙන ආපහු සැරයක් ඒ ලෙවෙල් කරපං ෆුල් උනන්දුවෙන් සහ කැපවීමෙන්....මං මේ දේවල් කියන්නේ අත්දැකීමෙන්, මාත් එක සැරයයි ඒ ලෙවෙල් කරේ එපා උනා කව්රුවත් කියපු දේවල් ඇහුවේ නෑ අන්තිමේ අයිටී කොරන්න කියලා ස්ලිට් ගියා.......ගියාට පස්සේ තමයි තේරුනේ අනේ මේ වගේ මහන්සි වෙලා ඒ ලෙවෙල් කරගත්ත නම් සල්ලිත් ඉතුරු කරගෙන මේ වැඩේම කරගන්න තිබ්බ නේද කියලා...මොකද ඔය ස්ලිට් ඇපිට් යනවා නම් සල්ලි වියදම් කරන්න බලාගෙන යන්න ඕනි....උඹල පොහොසත් නම් කමක් නෑ එහෙම නැත්නම් උඹටත් මට ඔය හිතිච්ච දේම හිතෙයි....
අනිත් එක කම්පියුටර් එකේ වැඩ ටිකක් කරන්න පුළුවන් උනා කියල හෝ පොඩි වෙබ්සයිට් කෑල්ලක් හැදුව කියල එහෙම නැත්නම් වීබී වලින් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් හැදුව කියල අයිටී පුළුවන් කියල නම් හිතන්න එපා අයිටී ඩිග්‍රී එකක් කියන්නේ නැති දෙයක් නැති හැම මගුලෙන්ම සුට්ට සුට්ට තියෙන එකක්........ඕකේ මැත්ස් තියෙනවා ලොජික් තියෙනවා, ඉලෙක්ට්‍රොනික් කොටස් තියෙනවා නෙට්වර්කින්ග්, ඩේටාබේස්, වෙබ්, ප්‍රෝග්‍රෑමින්, ග්‍රැපික්ස්, etc... ඒක නිසා අයිටී ඩිග්‍රී කරන්න හිතනවානම් ඔය හැමදේම ඉගෙන ගන්න බලාගෙන යන්න ඕනි ගියා වගේ නෙවෙයි උපරිමයෙන්ම කරගන්නත් ඕනි නිකන් ඩිග්‍රී අරන් කිසි වැඩක් නෑ මේ කාලේ ගන්නවානම් ක්ලාස් එකක් එක්ක ඩිග්‍රී එක තියෙන්න ඕනි මොකද දැන් කාලේ පඳුරකට තට්ටුවක් දැම්මම අයිටී කාරයෝ සූ ගාල වීසිවෙනවා මොකද හැම තැනින්ම ඩිග්‍රී ගන්න පුළුවන් නිසා....ඒක නිසා අවුරුදු 4ක් සම්පූර්නෙන්ම ඩිග්‍රී එකට යොදවන්න බලාගෙන උපරිම කැපවීමෙන් කරන්න පුළුවන් නම් විතරක් ස්ලිට් වගේ ඩිග්‍රී එකකට යන්න නියම දක්ෂයන්ට අනිවාර්යෙන්ම ප්ලේස් තියෙනවා.....
ඒ වගේම අයිටී ඩිග්‍රී වලට ජොබ්ස් තියෙන්නේ කොළඹ සහ නුවර වගේ පැති වල විතරයි මොකද ඩිග්‍රී එකක් කරලා ඔෆිස් එකක කොම්පියුටර් ඔපරේට් කරන්න ගිහින් වැඩක් නෑනේ....මමත් මාතර, ඩිග්‍රී එක ගත්තට පස්සේ අනිත් එවුන් ඔක්කොම කොළඹ සොෆ්ට්වෙයා කම්පැනි වලට පැනගත්ත මම ආව මාතර, ගෙදර ඉඳං යන්න පුළුවන් විදියේ ජොබ් හොයන්න.....මේ දවස් වල මුල්ලකට වෙලා අයිටී උගන්න උගන්න ඉන්නවා....ඒක නිසා උඹ ඔය ඩිග්‍රී කරනවානම් කොළඹම ජොබක් කරන්න බලාගෙනම තමයි යන්න ඕනි....මං මේ උඹව හෝ මේ ත්‍රෙඩ් එක බලන අනිත් එවුන්ව අධෛර්යමත් කරනවා නෙවෙයි ඇත්ත තත්වේ මොකක්ද කියන එක පෙන්නලා දුන්නේ.....මං වගේ අනාගන්නේ නැතුව හරියට වැඩේ කරගනින් කියන එක තමයි මේ කියල තියෙන්නේ....ජය වේවා!!!!