Software engineering help

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචංලා කොලබින් පිට ඉන්න එකෙක්ට software ඉන්ජෙක් වෙන්න බැරිද? ඒ කිව්වේ ලංකාවේ ඔය wso2, mit, codegen, 99x වගේ ගොඩක් කම්පනි පිහිටල තියෙන්නේ කොලබනේ. මම ඉන්නේ මාතර ඉතින් අපි වගේ උන්ට කොලබ එන්නේ නැතිව මේ වගේ තැනක වැඩ කරන්න අවස්තාවක් තියෙනවද? :dull::oo:

    තව දෙයක් දැනගන්න ඕන. A/L Fail වෙච්ච මම වගේ එකෙක්ට software engineer කෙනෙක් වෙන්න යන්න ඕන පාත් එක මොකක්ද?
    අවම වියදම් යන පාත් එක සහ අවම කාලයක් යන පාත් එකයි මට දැන ගන්න ඕන? :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    A/L fail නම් foundation එකක් කරන්න.
    BIT , Open Uni ගණන් අඩුයි .
    SLIIT - 8 lakh , APIIT ,IIT - 14 lakh වගේ යනව.
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    A/L fail නම් foundation එකක් කරන්න.
    BIT , Open Uni ගණන් අඩුයි .
    SLIIT - 8 lakh , APIT ,IIT - 14 lakh වගේ යනව.

    SLITT එකේ මචං A/L නැතිව කරන්න බෑනේද? :dull:
    BIT කරන්න පුලුවන් මොන වගේ තැනකින්ද මචං? කොලබම යන්න ඕනද?
    ආසන්න වශයෙන් BIT සම්පූරණ කරන්න කීයක් විතර යනවද? මාධ්‍ය ENGLISH ද?

    මම බැලුවේ මචං මේ වගේ කොලිෆිකේෂන් එකක් හදාගන්න ගමන්ම ටිකක් හරි පිළිගත්ත තැනක වැඩ කරල එක්ස්පීරියන්ස් හදාගන්න. මට සොෆ්ට්වෙයා පැත්ත තාම බෑ. ඒත් වෙබ් පැත්ත පුලුවන් :yes:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    mama danna widuhata s2 software karanna puluwan colombo walin pita nam job hoyaaganna amaaru wey .samahara eewa wala foundation qyala karanne London A/L . ane manda BUMP .
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    SLITT එකේ මචං A/L නැතිව කරන්න බෑනේද? :dull:
    BIT කරන්න පුලුවන් මොන වගේ තැනකින්ද මචං? කොලබම යන්න ඕනද?
    ආසන්න වශයෙන් BIT සම්පූරණ කරන්න කීයක් විතර යනවද? මාධ්‍ය ENGLISH ද?

    මම බැලුවේ මචං මේ වගේ කොලිෆිකේෂන් එකක් හදාගන්න ගමන්ම ටිකක් හරි පිළිගත්ත තැනක වැඩ කරල එක්ස්පීරියන්ස් හදාගන්න. මට සොෆ්ට්වෙයා පැත්ත තාම බෑ. ඒත් වෙබ් පැත්ත පුලුවන් :yes:

    APIIT,IIT nam foundation තීනවා SLIIT එකත් තිනවා එත් එකෙන් කරන්න පුළුවන් curtin degree එක. BIT fee
    Code:
    www.bit.lk/fees
    BIT එක external degree එකක් නිසා ගොඩක් institutes වල කරන්න පුළුවන් IDM, Esoft..etc . නැත් නම් තනියෙන් උනත් පුළුවන් . කරද්දී BIT කරන අනිත් අයගෙනුත් අහල බලන්න . තව BCS එකත් BIT වගේම price යන්නේ

    Code:
    www.elakiri.com/forum/showthread.php?t=1163807
    HTML:
    Code:
    www.elakiri.com/forum/showthread.php?t=1418573
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    mama danna widuhata s2 software karanna puluwan colombo walin pita nam job hoyaaganna amaaru wey .samahara eewa wala foundation qyala karanne London A/L . ane manda BUMP .

    APIIT,IIT nam foundation තීනවා SLIIT එකත් තිනවා එත් එකෙන් කරන්න පුළුවන් curtin degree එක. BIT fee
    Code:
    www.bit.lk/fees
    BIT එක external degree එකක් නිසා ගොඩක් institutes වල කරන්න පුළුවන් IDM, Esoft..etc . නැත් නම් තනියෙන් උනත් පුළුවන් . කරද්දී BIT කරන අනිත් අයගෙනුත් අහල බලන්න . තව BCS එකත් BIT වගේම price යන්නේ

    Code:
    www.elakiri.com/forum/showthread.php?t=1163807
    HTML:
    Code:
    www.elakiri.com/forum/showthread.php?t=1418573

    තෑන්ක්ස් මචංලා :D
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    bit karaddi honda institute ekak select kara ganna

    01 මචං බිට් කරද්දී සිලබස් එකට අනුව අපිටම ඉගෙන ගෙන විභාගෙට ලියන්න පුලුවන්ද?

    02 bit වලට ලංකාවේ තියෙන පිළිගැනීම කොහොමද?

    03 විදේශයන්හීදී පිිිලිගැනීමක් තියෙනවද?

    04 අපිට සිලබස් එකේ දේවල් පුලුවන්නම් අවශ්‍ය ගාන ගෙවල ඕන වෙලාවක විභාගේ ලියන්න පුලුවන්ද?

    05 උපරිම ලියන්න පුලුවන් වාර ප්‍රමාණයක් තිබේද?

    06 bcs කියන එක Bit වලට වඩා පහල එකක්ද?

    07 රචනා ප්‍රශ්න තිබේද? බහුවරණ විතරද? මාධ්‍ය ඉංග්‍රීසිද? 

    මේ ප්‍රශ්න ටිකට පුලුවන් නම් උත්තර දෙන්න මචෝ :D
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඇයි මචං BIT මෙච්චර ලේසි? ඕන කෙනෙක්ට කරන්න පුලුවන්නේ? :baffled::baffled::dull:

    මේ වගේ කොලිෆිකේෂන් එකක් software company එකකට ජොයින් වෙද්දි ගනන් ගනීද මචංලා? :dull::dull::oo::sorry::sorry::sorry:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    01 මචං බිට් කරද්දී සිලබස් එකට අනුව අපිටම ඉගෙන ගෙන විභාගෙට ලියන්න පුලුවන්ද?

    02 bit වලට ලංකාවේ තියෙන පිළිගැනීම කොහොමද?

    03 විදේශයන්හීදී පිිිලිගැනීමක් තියෙනවද?

    04 අපිට සිලබස් එකේ දේවල් පුලුවන්නම් අවශ්‍ය ගාන ගෙවල ඕන වෙලාවක විභාගේ ලියන්න පුලුවන්ද?

    05 උපරිම ලියන්න පුලුවන් වාර ප්‍රමාණයක් තිබේද?

    06 bcs කියන එක Bit වලට වඩා පහල එකක්ද?

    07 රචනා ප්‍රශ්න තිබේද? බහුවරණ විතරද? මාධ්‍ය ඉංග්‍රීසිද? 

    මේ ප්‍රශ්න ටිකට පුලුවන් නම් උත්තර දෙන්න මචෝ :D

    මම BIT නෙවෙයි කරේ නමුත් දන්නා දේවල් වලට උත්තර දෙන්නම් අනිත් අය වැරද්දක් තියනවා නම් නිවැරදි කරයි

    1) උබට තනියම කරගන්න පුළුවන් නම් අව්ලක් නැහැ

    2) ඒ ගැන බය වෙන්න එපා හොද පිළිගැනීමක් තියනවා

    3) මං දන්නා තරමින් ඔව්

    4)ඕනේ වෙලාවක ලියන්න බැහැ semesters follow කරන්න ඕනේ

    5) දන්නා තරමින් නැහැ

    6) එහෙම එකක් නැහැ දෙකම එක වගේ සුදුසුකම් වෙනස BCS Professional Qualification එකක් BIT Academic Quelification එකක් ඒ ගැන එච්චර හිතන්න එපා

    7) දන්නා තරමින් ඉංග්‍රීසි තමයි සිංහලෙන් ඉතින් අමාරුයි නේ

    අනික් දේ ඇයි BIT ලේසි කියන්නේ?:eek: මොකක්ද එහෙම කියන්න හේතුව?:eek:
    ඕනේ කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් නිසාද?:oo:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මලයා මං පොඩි දෙයක් කියන්නම්....උඹ ඒ ලෙවල් එක සැරයක් කරල නම් ඔය හදිසි තීරණ ගන්න යන්නේ වහාම තීරණේ වෙනස් කරපං ස්ලිට් කරනවා කියලා හිතාගෙන ආපහු සැරයක් ඒ ලෙවෙල් කරපං ෆුල් උනන්දුවෙන් සහ කැපවීමෙන්....මං මේ දේවල් කියන්නේ අත්දැකීමෙන්, මාත් එක සැරයයි ඒ ලෙවෙල් කරේ එපා උනා කව්රුවත් කියපු දේවල් ඇහුවේ නෑ අන්තිමේ අයිටී කොරන්න කියලා ස්ලිට් ගියා.......ගියාට පස්සේ තමයි තේරුනේ අනේ මේ වගේ මහන්සි වෙලා ඒ ලෙවෙල් කරගත්ත නම් සල්ලිත් ඉතුරු කරගෙන මේ වැඩේම කරගන්න තිබ්බ නේද කියලා...මොකද ඔය ස්ලිට් ඇපිට් යනවා නම් සල්ලි වියදම් කරන්න බලාගෙන යන්න ඕනි....උඹල පොහොසත් නම් කමක් නෑ එහෙම නැත්නම් උඹටත් මට ඔය හිතිච්ච දේම හිතෙයි....

    අනිත් එක කම්පියුටර් එකේ වැඩ ටිකක් කරන්න පුළුවන් උනා කියල හෝ පොඩි වෙබ්සයිට් කෑල්ලක් හැදුව කියල එහෙම නැත්නම් වීබී වලින් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් හැදුව කියල අයිටී පුළුවන් කියල නම් හිතන්න එපා අයිටී ඩිග්‍රී එකක් කියන්නේ නැති දෙයක් නැති හැම මගුලෙන්ම සුට්ට සුට්ට තියෙන එකක්........ඕකේ මැත්ස් තියෙනවා ලොජික් තියෙනවා, ඉලෙක්ට්‍රොනික් කොටස් තියෙනවා නෙට්වර්කින්ග්, ඩේටාබේස්, වෙබ්, ප්‍රෝග්‍රෑමින්, ග්‍රැපික්ස්, etc... ඒක නිසා අයිටී ඩිග්‍රී කරන්න හිතනවානම් ඔය හැමදේම ඉගෙන ගන්න බලාගෙන යන්න ඕනි ගියා වගේ නෙවෙයි උපරිමයෙන්ම කරගන්නත් ඕනි නිකන් ඩිග්‍රී අරන් කිසි වැඩක් නෑ මේ කාලේ ගන්නවානම් ක්ලාස් එකක් එක්ක ඩිග්‍රී එක තියෙන්න ඕනි මොකද දැන් කාලේ පඳුරකට තට්ටුවක් දැම්මම අයිටී කාරයෝ සූ ගාල වීසිවෙනවා මොකද හැම තැනින්ම ඩිග්‍රී ගන්න පුළුවන් නිසා....ඒක නිසා අවුරුදු 4ක් සම්පූර්නෙන්ම ඩිග්‍රී එකට යොදවන්න බලාගෙන උපරිම කැපවීමෙන් කරන්න පුළුවන් නම් විතරක් ස්ලිට් වගේ ඩිග්‍රී එකකට යන්න නියම දක්ෂයන්ට අනිවාර්යෙන්ම ප්ලේස් තියෙනවා.....

    ඒ වගේම අයිටී ඩිග්‍රී වලට ජොබ්ස් තියෙන්නේ කොළඹ සහ නුවර වගේ පැති වල විතරයි මොකද ඩිග්‍රී එකක් කරලා ඔෆිස් එකක කොම්පියුටර් ඔපරේට් කරන්න ගිහින් වැඩක් නෑනේ....මමත් මාතර, ඩිග්‍රී එක ගත්තට පස්සේ අනිත් එවුන් ඔක්කොම කොළඹ සොෆ්ට්වෙයා කම්පැනි වලට පැනගත්ත මම ආව මාතර, ගෙදර ඉඳං යන්න පුළුවන් විදියේ ජොබ් හොයන්න.....මේ දවස් වල මුල්ලකට වෙලා අයිටී උගන්න උගන්න ඉන්නවා....ඒක නිසා උඹ ඔය ඩිග්‍රී කරනවානම් කොළඹම ජොබක් කරන්න බලාගෙනම තමයි යන්න ඕනි....මං මේ උඹව හෝ මේ ත්‍රෙඩ් එක බලන අනිත් එවුන්ව අධෛර්යමත් කරනවා නෙවෙයි ඇත්ත තත්වේ මොකක්ද කියන එක පෙන්නලා දුන්නේ.....මං වගේ අනාගන්නේ නැතුව හරියට වැඩේ කරගනින් කියන එක තමයි මේ කියල තියෙන්නේ....ජය වේවා!!!!
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane manda ban ubata logically hitanna puluwannan goda,math commerce karala giye okoma pass software engineering 2 module eka pass wennama beri una...man ata arala demma,pc eke ona magulak puluwan wunata degree kiyanne wenama deyak kiyala giyata passe tama ban terenne,pc eken wedka ne mole tamai one.degree karapu kello innawa ram ekak wath galawaganna danne ne.ubata hodata logic brain ekak tiyenawann hari commerce karath,matanan boru kiyanna one tamath moleta yanne ne ewa.anika 10 15 parak witara repeat karala wedakuth ne,gpa th chatr wenawa,class ekak nethuwa general pass ekak nan wedakuth ne...hodata decide karapan.puluwannan kagen hari uni notes aran balapan nikan terum hari ganna puluwanda kiyala kiyawala,
     
    තෑන්ක්ස් මචෝ. නෑ මම එහෙම කිව්වේ. මම වෙබ් සයිට් එකෙන් සිලබස් එකේ කොටස් කීපයක් අරන් බැලුව. තියෙන දේවල් ගොඩක් බේසික් දේවල් නිසයි මම එහෙම කිව්වේ. :yes::yes::yes:

    තෑන්ක්ස් මචං. බලමු බිට් කරල. අැයි අයියා දැන් ඉන්න තැන සැටිස් නැද්ද. ටීචින් කරන එකත් හරියට කරොත් නරකම නෑ :P

    ane manda ban ubata logically hitanna puluwannan goda,math commerce karala giye okoma pass software engineering 2 module eka pass wennama beri una...man ata arala demma,pc eke ona magulak puluwan wunata degree kiyanne wenama deyak kiyala giyata passe tama ban terenne,pc eken wedka ne mole tamai one.degree karapu kello innawa ram ekak wath galawaganna danne ne.ubata hodata logic brain ekak tiyenawann hari commerce karath,matanan boru kiyanna one tamath moleta yanne ne ewa.anika 10 15 parak witara repeat karala wedakuth ne,gpa th chatr wenawa,class ekak nethuwa general pass ekak nan wedakuth ne...hodata decide karapan.puluwannan kagen hari uni notes aran balapan nikan terum hari ganna puluwanda kiyala kiyawala,

    වෙලා තියෙන්නේ මම මේවට ආසයි මචං. වෙන දේවල් වලට වඩා මේව වදිනව. ලොජික් අවුලක් නෑ pseudo codes ලියල ඒක කන්වර්ට් කරනව ටිකක් ලොකු ඇල්ගො එකක් වගේ ගහන්න ආවොත්. මේ හැම රෙද්දටම a/l ඉල්ලනවනේ. biology, chem මොන මගුලකටද software එනිජනීරින් කරන එකෙක්ට. :baffled::oo::dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    තෑන්ක්ස් මචෝ. නෑ මම එහෙම කිව්වේ. මම වෙබ් සයිට් එකෙන් සිලබස් එකේ කොටස් කීපයක් අරන් බැලුව. තියෙන දේවල් ගොඩක් බේසික් දේවල් නිසයි මම එහෙම කිව්වේ. :yes::yes::yes:

    වෙලා තියෙන්නේ මම මේවට ආසයි මචං. වෙන දේවල් වලට වඩා මේව වදිනව. ලොජික් අවුලක් නෑ pseudo codes ලියල ඒක කන්වර්ට් කරනව ටිකක් ලොකු ඇල්ගො එකක් වගේ ගහන්න ආවොත්. මේ හැම රෙද්දටම a/l ඉල්ලනවනේ. biology, chem මොන මගුලකටද software එනිජනීරින් කරන එකෙක්ට. :baffled::oo::dull:

    education system eke hetine ban,management degree ekak karanna giyama eka athule accounts tiyenawa....IT diploma ekak ganna be software module ekak nethuwa,hema lab**ma karanna one..karala balapanko pinanna puluwanda kiyala balanna wathurata penalama balanna epaye...
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    education system eke hetine ban,management degree ekak karanna giyama eka athule accounts tiyenawa....IT diploma ekak ganna be software module ekak nethuwa,hema lab**ma karanna one..karala balapanko pinanna puluwanda kiyala balanna wathurata penalama balanna epaye...

    අපෝ ඔව් මචං. :D:D Bit වත් කරගන්න ඕන. :P
     
    01 මචං බිට් කරද්දී සිලබස් එකට අනුව අපිටම ඉගෙන ගෙන විභාගෙට ලියන්න පුලුවන්ද?

    02 bit වලට ලංකාවේ තියෙන පිළිගැනීම කොහොමද?

    03 විදේශයන්හීදී පිිිලිගැනීමක් තියෙනවද?

    04 අපිට සිලබස් එකේ දේවල් පුලුවන්නම් අවශ්‍ය ගාන ගෙවල ඕන වෙලාවක විභාගේ ලියන්න පුලුවන්ද?

    05 උපරිම ලියන්න පුලුවන් වාර ප්‍රමාණයක් තිබේද?

    06 bcs කියන එක Bit වලට වඩා පහල එකක්ද?

    07 රචනා ප්‍රශ්න තිබේද? බහුවරණ විතරද? මාධ්‍ය ඉංග්‍රීසිද? 

    මේ ප්‍රශ්න ටිකට පුලුවන් නම් උත්තර දෙන්න මචෝ :D

    මචං මොන දේ කලත් ලාවට ගිරවා දාල පාඩම් කරලා ගොඩ යන්න හිතන්න එපා, මොකද කරන ෆීල්ඩ් එකේ වැඩ කාරයෙක් වෙයන්.හොදට උගන්නන, හොද තැනකට පලයන් මචං.
    පාත් එක තේරුම් ගන්න කිර්යන්ස් ල උදවු කරයි, ඊට අමතරව ටොප්ජෝබ් වගේ ගිහින් උබේ ආස ෆීල්ඩ් එකේ ජොබ් ගැන කියවල ඒවා වල ඉල්ලන සුදුසු කම් සපුරා ගනින්.
    ජයෙන් ජය.
    කොලබ ඇවිත් හරි මේවා ගොඩ දාගනින්, මෙහෙ යක්කු නැහැ.