මෙහෙමයි ඕක බලන්නේ
ටැංකියට දාන බල්බ් වල වොට් ගාන අනුව පැනල්, බැටරි වෙනස් වේ.
ups බැටරියක් 7Ah
බල්බ් වලට 1A ගන්නවා නම් පැය 5-7 වගේ තමයි පුළුවන් බැටරියෙන්
1w led 3 ක් සිරිස් කරලා 12v වලින් දැම්මොත් ටැංකියකට හොඳටම ඇති ඒ එලිය
එතකොට 300mA ගන්නේ
7/0.3 = 23 hours බැටරියෙන් පුළුවන්
10w සෝල පැනල එකකින් 600mA වගේ ධාරාවක් ගන්න පුළුවන්
7AH බැටරිය චාර්ජ් වෙන්න 700mA x 10~12 hours යනව
ඒ නිසා 20w සෝල පැනල එකක් ගට්ට නම් හරි.
බල්බ් දවසෙම දාල තියන්න පුළුවන්. රෑට බැටරියෙන් එළිවෙනකන් පුළුවන්
1w බල්බ් 3ක් සිරිස් කරල දානකොට 15ඕම් 5w රෙසිස්ටර් එකක් එක්ක දාන්න.
බැටරි එක චාජ් වෙන්න වෙනම සකිට් එකක් ඕනෙද?
"1w බල්බ් 3ක් සිරිස් කරල දානකොට 15ඕම් 5w රෙසිස්ටර් එකක් එක්ක දාන්න."
මේකට හේතුව මොකක්ද බන් ?
පුළුවන් නම් ධයග්රම් එක ඇදලා දීපන්කො...

