යාලුවේ එලකිරි එක කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට පණිවිඩ ගෙනියන්න පුලුවන් තැනක්. මොකද ඒ තරම්ම ජනකායක් මේ එලියේ ඉදන් වගේම members ලා විදියටත් පාවිච්චි කරනවා. මගේ අරමුණ ලංකාවේ මිනිස්සු හිතන කාලකණ්ණි විදිය වෙනස් කරවන්න පොඩි හරි උත්සාහයක් දරන එක. අඩුම තරමේ මම ඒ උත්සාහය හරි අරගන්නවා.
මම ත්‍රෙඩ් සිංහලෙන්ම type කරලා දාන්නේ ලංකාවේ ඉන්න මේ ෆෝරම් එකට එන යන අයට යම් දැනුමක් දෙන්න විතරයි යාලුවේ. මේක කරනවාද නැද්ද ඒවා මට අදාලම නැහැ. මම දාන ත්‍රෙඩ් වලින් මොනවාහරි විදියක හිතට යම් දෙයක් දැනිලා මමත් මෙහෙම කාලකන්නි විදියට හිටියා ඇති. මොනවාහරි දෙයක් උත්සාහ කරන්න ඕන කියලා හිතලා වැඩ කරන්න පටන් ගත්තා නම්, මම කියන්නේ මොනවාහරි තමන්ගේ අනාගතයට වැඩ දායක වෙන දෙයක්, ( අඩුම ඉංග්‍රීසි ටිකක් හරි හදාගෙන තනියම සයිට්ස් වල තියන දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන් තරමටවත්) අන්න ඒකයි මගෙ සතුට වෙන්නෙ.
ඒ වගේම මගේ බලාපොරොත්තුවක් තියනවා ඊලග 2018 අවුරුද්දේ මුල් මාස කීපය ඇතුලත ලොකු plan එකක් ඇතුව ලංකාවේ ඔක්කොම අන්තර්ජාල රැකියාවල නිරත වෙන අයව එක තැනකට ගෙනල්ලා ලොකු event එකක් කරන්න. ආවාට ගියාට නෙවෙයි. හොදට plan කරලා, ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙලේ අන්තර්ජාල රැකියා කරන්නන්, ආයෝජකයින්, ව්‍යාපාරිකයින් එතකොට යම් යම් ක්ශේත්‍ර වල ප්‍රවීණයන් පිට රටවල් වලින් හරි ගෙන්නලා ඒ සමුළුව පවත්වන්න මගේ plan එක තියෙන්නේ. ඒ වගේම එදාට මාවත් expose වේවි.
මට ඕන ලංකාවෙ ඉන්න තරුණ පරපුර school වලින් out වෙනකොටම වැටෙන කාලකන්නි සමාජ ක්‍රමය වෙනස් කරලා අලුත් අරමුණු වලට ඔවුන්ව යොමු කරවන විදියේ දැක්මක් විතරයි.
එතකොට අපේ අනාගත පරම්පරාවවත් බලු දේශපාලකයින්ට කඩේ නොගිහින් මේ රටේ දියුනුව වෙනුවෙන් මහන්සි වෙන වැඩ කරන සහ රටට වැඩ දායක මිනිස්සු වෙවි කියන එක මට විශ්වාසයි.
ලිදේ ඉන්න මැඩියෝ වගේ අපිට බෑ අපිට බෑනේ ඔවා කිය කිය හිටියා නම් මමත් අද මෙතනට එන්නේ නැහැ යාලුවේ.
මගේ ජීවිතේ වෙනුවෙන් මහන්සි වුන නිසායි අද මෙතන ඉන්නේ මම.
මට ඕන ඒ විදියට තව මිනිස්සු 100ක් වත් හදන්න විතරයි.

