Sony සමාගමේ leadership එකේ වෙනසක් ඔන්න අද announce කරලා තියෙනවා. ඒ අනුව දැනට Sony සමාගමේ ඉන්න CEO Kazuo Hirai අව්රුදු 6 කට පස්සේ එම තනතුරෙන් සමුගන්නවා මේ මාර්තු මාසයේ දී. ඒවගේම ඒවෙනුවට දැනට Sony සමාගමේ CFO විදියට ඉන්න Kenichiro Yoshida CEO තනතුර බාරගන්නවා මාර්තු මාසේදී. මීට අමතරව හිස්වන එම CFO තනතුරට දැනට Sony mobile හි CEO Hiroki Totoki පත්වෙනවා. ඒවගේම CEO තනතුරෙන් සමුගන්න Kazuo Hirai මාර්තු මාසයේදී Sony සමාගමේ Chairman තනතුර බාරගැනීමට නියමිතයි..
ඉතිං අපි දැනට දන්නේ නැහැ Sony සමාගමේ මේ leadership එකේ වෙන වෙනස Sony mobile එකට නම් කොයි විදියට නම් බලපාවිද කියල. මොකද අපි හැමෝම දන්නවා ඉතිං දැනට Sony mobile එක profit අතර නැති බව. ඉතිං සමහරවිට මේ leadership එකේ වෙනස නිසා Sony mobile එක shutdown වෙන්නත් ඉඩක් තියෙනවා. ඉතිං අලුත් leadership එක අනුව Sony mobile එකට මොකද වෙන්නේ මොන පාරක යාවිද කියලා අපි බලමු..



